Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පිළිකා කල් ඇතිව හඳුනා ගැනීමට සමත් සුනඛයින්

සුනඛයන් යන වචනය ඇසෙනවත් සමඟ ඔබ සුනඛයන්ට ප්‍රිය කරන ඇලුම් කරන පුද්ගලයෙක් නම් ඔබ පාසලෙන් හෝ කාර්යාලයෙන් නැවත නිවසට පැමිණෙන විට ඔබගේ ආදරණිය සුනඛයා ඔබ වෙත දුව විත් ආදරණිය ලෙස පිළිගන්නා අයුරු මතක් වන බව වනු නියතය. සුනඛයන් සතුව ආදරණිය ගති ගුණ පවතී. නමුත් මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ සුනඛයන් සතු හැකියාවක් නිසා මිනිසුන් මරණයෙන් ගලවා ගැනීමට ඇති හැකියාව පිළිබඳවය​. ඔබ මේ ලිපිය කියවන අවස්ථාව​ වන විටත් සුනඛයන්ව මිනිසුන් පිළිකාවෙන් ගලවා ගැනීම සඳහා පුරුදු පුහුණු කරනු ලැබේ.

kingvalley.files.wordpress.com

ඇත්තටම සුනඛයන්ට මෙවැනි හැකියාවක් තිබෙනවාද? සුනඛයන් යොදාගෙන මත් ද්‍රව්‍යය ,පුපුරණ ද්‍රව්‍යය හදුනාගැනීම සිදු කරනු ලබයි. එමෙන්ම අපරාධයකට අදාළ පුද්ගලයන් සහ අපරාධය සිදු කරන ලද ආයුධ හදුනා ගැනීමේ හැකියාව නිසි පරිදි පුහුණු කරනු ලබන සුනඛයන්ට පවතී. නමුත් මෙම පුපුරණ ද්‍රව්‍යය ,ආයුධ සහ පුද්ගලයන් බාහිර ලෝකයට විවෘත භෞතික වස්තුන් ලෙස හදුනා ගත හැකිය. නමුත් මිනිස් ශරීරය තුළ වැඩෙන පිළිකා සෛල හදුනාගැනීමේ හැකියාව තිබෙනවද? මේ සම්බන්ධ පරීක්ෂණවලදී හදුනාගෙන ඇති පරිදි සුනඛයන්ට පිළිකාවක් මිනිස් ශරීරය තුළ වර්ධනය වන මුල්ම අවධීන් වන 0-2 අවධිවලදී සාර්ථකව හදුනාගැනීමේ විස්මිත හැකියාවක් පවතී.

kimballstock

සුනඛයන්ගේ “ඉව”

සුනඛයන්ගේ “ඉව” යන්න විස්මිත දෙයකි. එය අපගේ මිනිස් නාසයට ගඳ සුවඳ දැනෙනවට වඩා වෙනස් ලෙස ක්‍රියා කරයි. උදාහරණ ලෙස ඔබ මේ වන විට ඇතුළු නොවී සිටි නිවසකට ඔබ ඇතුළු වන විටදී ඔබට එම නිවස තුළ තිබෙන ගෘහ භාණ්ඩ, බිත්තිවල අලංකරණයට එල්ලා ඇති පින්තුර, මල් බදුන් වැනි දේ පහසුවෙන් හදුනාගැනීමේ හැකියාව පවතී. එයට හේතුව වන්නේ අප දකින දෙය අපගේ මොළය හරහා හදුනා ගැනීමයි. නමුත් එම නිවස තුළ මනුෂ්‍ය ඝාතනයක් සිදුකොට සියලු ලේ පැල්ලම් මකා දමා, අපරාධයට යොදා ගත් ආයුධ එම ස්ථානයෙන් ඉවත්කර ඇත් නම් කිසිදු සලකුණක් ද සොයාගත නොහැකි නම් මිනිසුන් වන අපගේ ඇස් දෙකට ඒ ස්ථානයේ අපරාධයක් සිදු වි ඇති බව හදුනාගත නොහැක. නමුත් සුනඛයෙක් මෙම නිවසට පිවිසෙනවාත් සමඟම එම නිවාස තුළ සිදු වි ඇති අපරාධය පිළිබදව හදුනාගනී. සුනඛයා සතු සුක්ෂම ඉව ඔස්සේ මෘත දේහය සහ අපරාධය සිදුකිරීමට යොදාගත් ආයුධ හදුනාගැනීමට හැක. ඉහතින් සදහන් කල නිවසට පිවිසෙන විටම මිනිසුන් ගෘහ භාණ්ඩ දකිනවා මෙන් සුනඛයා විසින් අපට හදුනාගත නොහැකි සිද්ධියක් හදුනාගනී. මිනිසුන් වන අපට අවට පවතින වස්තුන් දැක ගත හැකි අතර ඒ ආකාරයෙන්ම ඔවුන්ග්ගේ ඉව ක්‍රියාකරනු ලබයි.

අප  නිවෙස් හි ඇති කරන සුරතල් සුනඛයන්ට අප යම් අසනීපයකින් පසු වේ නම් එය ඔවුනට දැනේ. එමෙන්ම මිනිස් ශරීරයේ පවතින සාමාන්‍යය රසායනික තත්ත්වයන් වෙනස් වන විටදී එය හදුනාගැනීමේ හැකියාව පවතී. සුනඛයන්ට ජීව විද්‍යාත්මකව අධි සංවේදී නාසයක් ලැබී ඇති අතර ඒ හැකියාව යොදාගෙන පිළිකා පරාද කිරීමට හැක.

Emma Jeffery

මුල් අවධීන් තුළදී හදුනාගැනීමේ හැකියාව

බොහෝ අවස්ථාවන්හිදී පිළිකාව හදුනාගනු ලබන්නේ එය සුව කල හැකි මුල් අවධීන් කිහිපය අවසන් වූ පසුය. එවිට ප්‍රතිකාර හරහා පිළීකා සුව කිරීමේ හැකියාව අඩු අතර,බොහෝ රෝගීන් ඒ හේතුවෙන් පිළිකා නිසා මිය යයි. මුල් අවධීන් තුළදී පිළිකාව හදුනාගැනීමේ හැකියාව සුනඛයන්ට පවතින නිසා බොහෝ රෝගීන් පිළිකාව පරාජය කරනු ලැබීම සතුටට කරුණකි.

පිළිකා රෝගීන්ගේ ස්වසනය, මුත්‍ර සාම්පල් මගින් පිළිකා හදුනාගන්නා අතර රුධිර සාම්පල මගින් පිළිකා හදුනා ගැනීමට වඩා සුනඛයන් මගින් පිළීකා හදුනා ගැනීම සාර්ථක බව පරීක්ෂණයන්ගෙන් හෙළිවී ඇත. එමෙන්ම මෙහි ප්‍රතිපල 100%ක් සාර්ථක බව ද හදුනාගෙන ඇත. සුනඛයන්ගේ මේ හැකියාව මුලින්ම හදුනා ගනු ලබන්නේ එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍යය සේවය මගිනි. ඔවුන් මේ සදහා අවශ්‍ය කරනු ලබන සුනඛයන් පුරුදු පුහුණු කරනු ලබයි.

BBC

මාස 6ක කාලයක් එක සුනඛයෙක් පුරුදු පුහුණු කරනු ලබන අතර එක පුහුණු කරුවෙක් සුනඛයන් 4ත් 5ත් අතර ප්‍රමානයක් පුරුදු පුහුණු කරයි. සුනඛයන් පුහුණු මධ්‍යස්ථාන තුළ පුරුදු පුහුණු කරනු ලබන්නේ දවසට පැයක් පමණි. පැය 60ක පුහුණුවකින් පසු හදුනාගැනීමේ ක්‍රියාවලිය සදහා යොමුකරනු ලබයි.

මෙහිදී රෝගීන්ගෙන් ලබාගත් සාම්පල තැටි අටක් එක වර පරීක්ෂාකිරීමට යොමුකරනු ලබන අතර, පුහුණු සුනඛයා පිළිවෙලින් එක එක සාම්පල් තැටි පරික්ෂාකරනු ලබන අතර,පිළිකා සෛල හදුනාගනු ලැබූ විට ඉදිරියට තිබෙන සාම්පල් තැටි පරික්ෂා කිරීම නතර කරමින් අදාළ පිළීකා සෛල අඩංගු තැටිය පිළිබදව අනතුරු අගවනු ලබයි.තැටි 8ම පරික්ෂාකල පසු පිළිකා සෛල අඩංගු සෛල සොයාගත නොහැකි නම්,තම කාර්යය අවසන් බව අගවමින් තම පුහුණුකරු වෙත දිව යයි.මෙහිදී පිළිකා සෛල අඩංගු තැටි පිළිබදව අනතුරු අගවන ආකාරය සුනඛයාගෙන් සුනඛයාට ආවේණික වේ. ඇතැම් සුනඛයන් තම කාර්යය නවතා දැමීමෙන්, ඇතැම් සුනඛයන් පරික්ෂාකිරීම නවතා තම පුහුණුකරු දෙස බලාසිටීමෙන්, තම පාද මගින් පෙන්වා ඉඟි කිරීම ඇතැම් සුනඛයන් සිදුකරන අතර  පැය භාගයක් එක තැටි 8 පරික්ෂාකරනු ලබයි.

ඩේසි චාල්ස් කුමරු සහ පැමෙලා ආර්යාව මුණගැසුණු අවස්ථාව (SWNS)

PH

ඩේසි නම් සුනඛයා දැනට පිළිකා 550ක් හදුනාගෙන ඇති අතර,ඇයගේ දක්ෂතාවය හේතුවෙන් තම අයිතිකරුගේ ජීවිතයත් පිළිකාවකින් ආරක්ෂා කල අතර ඇයගේ දක්ෂතාවය නිසා බ්ලු ක්‍රොස් නම් පදක්කමක් ඇයට පිරිනැමිණි.

ඩේසි බ්ලු ක්‍රොස් පදක්කම පැළද තම හිමිකාරිය සමඟ (MyPetonline)

ගල් යුගයටත් පෙර සිටම​ මිනිසාගේ හොදම මිතුරා ලෙස සුනඛයා සැලකු අතර 21 වන ශතවර්ෂය වන විටත් ඒ ආදරණිය මිතුදම රැකී ඇත.පිළිකා හදුනාගැනීමට අමතරව දියවැඩියාව හදුනාගැනීමේ හැකියාවත් මේ අපුරු මිතුරන් සතුව තිබෙනවා.ඔටිසම් රෝගය සහිත රෝගීන්, අබාධිත තැනැත්තන්, අන්ධ තැනැත්තන් රැක බලාගැනීම මෙන්ම,මිනිසුන් හදිසි අනතුරුවලින් බේරාගැනීමට ගලවාගැනීමේ සුනඛයන් ලෙස ද ඔවුන් මිනිසුන්ට උපකාර කරන අතර ඉහත සදහන් කල කිසිදු හැකියාවක් නැතත් උතුම් ගති ගුණ,මිනිසුන් වෙත දක්වන ආදරණිය සැලකිල්ල නිසාවෙන් විශ්වය පවතින තුරු සුනඛයා මිනිසාගේ හොදම මිතුරා වන බවට සැකයක් නොමැත.

Shannen Doherty වෘත්තීමය වශයෙන් නිළියක් ඇයගේ පිළිකාව මුලින්ම හදුනා ගත්තේ Bowie නැමැති ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ ඇයගේම සුරතලා (ETonline)

Cover Image: Medical Detection Dogs/Facebook

මුලාශ්‍ර

1.dogsdetectcancer.org/

2.www.dogsnaturallymagazine.com

3.www.medicaldetectiondogs.org.uk

Related Articles