Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සිව්පාවුන් අතර ගොළුවා: ජිරාෆ්

ජිරාෆ් කියපු නම ඇසුන සැණින්ම මේ සත්ත්වයා ගැන කවුද නොදන්නේ? ලෝකයේ උසම සත්වය වන ජිරාෆ් ගැන තරමක් අහන්නට දකින්නට නොලැබෙන දුර්ලභ කරුණු කිහිපයකුයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සරලවම කියනවා නම් ජිරාෆ්ගේ උප වර්ග, විද්‍යාත්මක නාමය, සුවිශේෂී අවයව, ආහාර රටා, සුවිශේෂී හැකියාවන් හා වඳ වීමේ තර්ජනයට මුහුණ දීම් සම්බන්ධයෙන් මේ ලිපියෙන් ඔබව දැනුවත් කරනවා.

ජිරාෆ්ගේ විශේෂත්වයන්

fotawildlife.ie(ජිරාෆ් දුවමින් සිටින අවස්ථාවක්).

ජිරාෆ් කියන්නේ සැවානා වනාන්තර වල වැඩි වශයෙන් ජිවත් වන සත්වයෙක්. එමෙන්ම විද්‍යාත්මක නාමය වන්නේ ජිරාෆ් කැමෙලාපාඩලිස්. මෙම සතුන්ගේ උප විශේෂ කිහිපයක් ගැන වාර්තා වනවා. එනම් නුබින්, මසායි, රොත් වයිල්ඩ්, රෙටිකියුලෙටඩ්, සම්බින් හා කේප් යනුවෙන් හැඳින් වනවා.

උස සම්බන්ධයෙන් කතා කිරීමේදී අඩි 15 – 18 දක්වා වන බව දැක්වෙනවා. එමෙන්ම බර සම්බන්ධයෙන් කතා කිරීමේදී පිරිමි සතෙකු රාත්තල් 2600-3000 දක්වාද ගැහැණු සතෙකු රාත්තල් 2000 – 2500 ත් අතර වන බව දැක්වෙනවා. එමෙන්ම කෙටි දුර, අශ්වයෙකුට වඩා වේගයෙන් දිව යා හැකියි.

සුවිශේෂී අවයව

ජිරාෆ්ගේ දිගු දිව(zooatlanta.org)

ජිරෆ්ගේ බෙල්ල කාගේත් අවධානයට යොමු වන දෙයක්. ගසක අත්තක කෙළවරට පවා බෙල්ල දිග බව සඳහන් වනවා. එමෙන්ම දිග බෙල්ල මගින් සැතපුමක අෑතින් සිටින කෙනෙක් පවා හඳුනා ගැනීමට හැකි වනවා. දිග බෙල්ලක් හිමි උනත් අනික් සතුන්ට හිමිවන ඇටකටු සංඛ්‍යාවම හිමි වන බව දැක්වෙනවා. හිස ඔටුවාගේ හිසට තරමක් සමාන බව සඳහන් වනවා. එමෙන්ම හිසෙහි පිහිටීම ගැන කතා කිරීමේදී හෘදයට මීටර් තුනක් පමණ පහළින් පිහිටා තිබෙන බවද සඳහන්. මෙමගින් මොළයට ලේ සැපයීමේ භාරදූර කාර්යක් හිමිවෙනවා.  මොල්ලි හමෙන් හා රෝම වලින් ආවරණය වී තිබෙන අඟල් 2 -12 දිගින් යුත් අං දෙකක් තිබෙනවා. මී හරකෙකු තරමටම හුස්ම ගන්නා අතර වාතය තුන් වතාවක් ශ්වාසනාලයේ හා දිග බෙල්ලේ පුරවා ගනු ලබනවා. හදවත මිනිස් හදවතට වඩා පස් ගුණයක් විශාල බවක් දැක්වෙන අතරම හද ගැස්මේ වේගය විනාඩියකට 150 වාරයක් වනවා.

එමෙන්ම ජිරෆ්ගේ තිබෙන තවත් විශේෂත්වයක් වන්නේ යමක් ග්‍රහණයට හැකි දිග දිවක් තිබීමයි. මෙය අඟල් 18ක් දිග බවත් වාර්තා වනවා. රළු ගොරෝසු හමකින් ආවරණය වී තිබෙන දිව මගින් කටු සහිත ආහාර පහසුවෙන් ගැනීමේ හැකියාවක් තිබෙනවා. මේ හේතුවෙන් අනතුරු සංඥා සැපයීමට හැකි අතර බොහෝ සතුන් ජිරාෆ් අසලින් සිට ආහාර ගැනීමට පුරුදු වී සිටින්නේ මේ නිසාය.

ජිරාෆ්ට හොඳින් ශබ්ද කළ නොහැකි බවට හේතුව දක්වන්නේ ආශ්වාස කළ වාතය සෑහෙන දුරක් ස්වාස නාලය වෙතට ගමන් කළ යුතු නිසාවෙනි. එමෙන්ම මෙම සත්ත්වයාට විමසිලිමත් දෑසක් මෙන්ම ඉතා හොඳ පෙනීමක් තිබෙන බවත් සඳහන් වනවා. එමගින් ලැබෙන ප්‍රයෝජනය වන්නේ සතුරු ප්‍රහාරයකින් වුවත් වැළකී සිටීමට හැකි වීමයි. එමෙන්ම වලිගය බෙල්ලේ සමබරතාවය පවත්වා ගැනීමට උපයෝගී වන බවද දැක්වෙනවා.

හපා වමාරා කන සත්ත්වයෙක් වන ජිරාෆ්ට උදර 4ක් තිබෙනවා. ජිරාෆ් ආහාර වමාරා හපන්නට කැමැත්තක් දක්වන අතර ඒ සඳහා දිනකට පැය තුන හතරක් ගත කරන බවත් සඳහන් වනවා. හැපීම සඳහා ඇත්තේ යටි හක්කේ තිබෙන දත් පමණයි. මෙම ලොකු දත් වලින් අතු රිකිලි පොඩි කැබලි වලට කඩා ගැනීමේ හැකියාවක් තිබෙනවා.

ජිරාෆ් සුළු ශබ්ද කරන බව සඳහන් වනවා. ශබ්ද කිහිපයක් කිරීමේ හැකියාවක් තිබෙනවා. තරුණ අවධියේදී බැටළු හඬක්ද බඩගින්න හා තරහ සඳහා උගුරෙන් කෙටි හඬක්ද නගනු ලැබේ. එමෙන්ම 85%කම ගස්වල දළු කොළ වන අතර වැඩිහිටි සතෙක් රාත්තල් 40ක් පමණ දළුකොළ ආහාරයට ගන්නා අතර අනුභව කිරීමෙන් පසු උයන්පල්ලෙකු ගස් කැප ඇති පරිද්දෙනි.

සතුරු ගොදුරු බවට පත්වන කුඩා ජිරාෆ්  පැටවුන්

nerdist.com (ගොදුරක් බවට පත් කර ගැනීමට තැත් කිරීමක්)

ජිරාෆ් පැටවුන් බොහෝ විට කොටියන්, කිඹුලන්, පිඹුරන් ආදී සතුන්ගේ ගොදුරු බවට පත්ව බව දැක්වෙනවා. සිංහයා ජිරාෆ්ගේ භයානකම හතුරා වන අතරම ජලය පානය කිරීමට පැමිණේ විට මෙම ජිරාෆ් සතුන් සතුරන්ගේ ගොදුරු බවට පත් වන බව දැක්වෙනවා. ජලය පානය කිරීමේදී සෑම විනාඩියකට හෝ දෙකකට වරක්ම හිස ඔසවා බලන්නේ මෙම සතුරු උවදුරු හේතුවෙන් බව දැක්වෙනවා. එමෙන්ම කොටස් ජලය පානය කරන තුරු අනික් අය අවට සෝදිසි කරමින් සිටින බවද දැක්වෙනවා. හදිසියට දෙපා එක් කර ගැනීමට නොහැකිව බොහෝ ජිරාෆ් සතුන් සතුරන්ගේ ගොදුරු බවට පත් වනවා.

ජිරාෆ් දෙනක් පැටවකු බිහි කිරීම උදෙසා මාස 15ක් පමණ ගනු ලබන අතරම, රාත්‍රී කාලයේ මවගේ ඇකයේ තබා ජිරාෆ් පැටවූ නිදා ගන්න විට ජිරාෆ් පැටවුන් ගොදුරු බවට පත් වනවා.

වඳ වීමේ උවදුරට මුහුණ දීම

අද වන විට ජිරාෆ් වඳ වී යන සත්ත්වන් අතරට එකතු වී හමාරය. මෙයට එක හේතුවක් ලෙස දැක්වෙන්නේ වනාන්තර වල බොහෝ විට ජිරාෆ් සත්වයින් මරා මස් ගැනීම හේතුවෙනි. එමෙන්ම ජිරෆ්ගේ කළු වලිගය උපයෝගී කර ගනිමින් විවිධ වර්ගයේ විසිතුරු බඩු නිපදවනු ලැබේ. හම පදම් කරනු ලැබේ. ජිරෆ්ගේ හමට වෙළඳපලේ තිබෙන ඉල්ලුම ඉතා ඉහළය. මේ හේතුවෙන් වනාන්තර වල ජීවත් වන ජිරාෆ් සතුන් මරා දැමීමට පෙළඹෙනවා.

ඉතිහාසයේ වනාන්තර වල බොහෝමයක් ජිරාෆ් සතුන් දැක ගැනීමට හැකි වූ බවත් අද වන විට එම ප්‍රතිශතයේ අඩුවක් දක්නට ලැබෙන බවත් වාර්තා වනවා. එමෙන්ම කෙන්යාව, ටැස්මේනියව හා දකුණු අප්‍රිකාව යන රටවල පමණක් මෙම ජිරාෆ් සතුන් දැක ගැනීමට හැකි වනවා.

කවරයේ පින්තුරය: giraffeworlds.com

Related Articles