Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අභ්‍යන්තර ගෘහනිර්මාණයේ ඉතිහාසය

ගෘහනිර්මාණ ශිල්පය කියන්නෙ ලෝකය ඇතුළෙ මේ වෙන කොට හොඳ වෙළඳ පොළක්‌ තියෙන ක්ෂේත්‍රයක් කිව්වොත් නිවැරදි යි. මේ අභ්‍යන්තර ගෘහනිර්මාණය එහෙම නැත්නම් Interior Design කියන මාතෘකාව ඉතිහාසයේ ඉඳන් ම තිබිලා තියෙනවා. අභ්‍යන්තර ගෘහනිර්මාණය කියන්නේ පුටු සෙටියක් සාලයක ස්ථානගත කරනවාට වඩා එහාට ගිය නිර්මාණ ක්ෂේත්‍රයක් වෙනවා. ඉතින් මේ ලිපියෙන් ඉදිරිපත් කෙරෙන්නෙ ඒ අභ්‍යන්තර ගෘහනිර්මාණයේ ඉතිහාසයෙන් බිඳක්.

අභ්‍යන්තර ගෘහනිර්මාණ ශිල්පය කියන්නේ මොකක් ද?

යම් කිසි ගොඩනැගිල්ලක හෝ ගෘහයක බාහිර පෙනුමට ගැළපෙන ලෙස අභ්‍යන්තරය සැකසීමේ කලාව හෝ ක්‍රියාවලිය අභ්‍යන්තර ගෘහනිර්මාණය ලෙස හඳුන්වන්න පුළුවන්. අභ්‍යන්තර ගෘහනිර්මාණ ශිල්පියෙකු විසින් යම් ව්‍යාපෘතියක කොටස්කරුවන් හා කළමනාකරුවන් හා සම්බන්ධ වී කටයුතු කරනවා. ඔහු විසින් සංකල්පයන් සංවර්ධනය කිරීම, අදහස් හුවමාරු කර ගැනීම තුළන් නිර්මාණය සම්පාදනය කිරීම කළ යුතු වෙනවා. ඇත්තටම මෙය අවකාශයක් කළමනාකරණය හා සම්බන්ධ කාරණාවක්.

ලොව විශිෂ්ඨතම අභ්‍යන්තර ගෘහනිර්මාණයක් ලෙස සැලකෙන H.R. Giger අනුස්මරණ අවන්හල – www.boredpanda.com

ඉතිහාසය

අතීතයේ දී නම් ගොඩනැගිල්ලක් නිර්මාණය කරන අවස්ථාවේ අභ්‍යන්තර හා බාහිර යන ඉදිකිරීම් දෙකම එකම ඉදි කිරීමක් ලෙස සලකලා තිබෙනවා.  නමුත් කාර්මික දියුණුවත් සමඟ සමාජයේ  සිදු වූ දියුණුව හා සංකීර්ණ ගෘහනිර්මාණ බිහි වීම් වල ප්‍රතිඵලයක් ලෙස අභ්‍යන්තර ගෘහනිර්මාණ ශිල්පියා බිහි වීම සිදු වෙනවා. අවකාශය නිවැරදි ලෙස භාවිතා කරමින් වැඩ කටයුතු කර ගැනීම කළ යුතු වූ නිසා නූතන අභ්‍යන්තර ගෘහනිර්මාණ ශිල්පීන් අවශ්‍ය වෙනවා. අභ්‍යන්තර ගෘහනිර්මාණ ශිල්පියා හා අභ්‍යන්තර අලංකාර කරන්නා යනු එකිනෙකට වෙනස් රැකියාවන් දෙකක්. අතීත ඉන්දියාවේ ගෘහනිර්මාණ ශිල්පීන් විසින් අභ්‍යන්තර ගෘහනිර්මාණයත් සිදු කර තිබෙනවා. ඒ වගේම 17 වන සියවසේ ඉන්දියාවේ නිර්මාණය වූ සමහරක් නිර්මාණ ද මෙයට සාක්ෂි දරනවා.

අතීත ඊජිප්තුවේ,”soul houses” නමින් හඳුන්වන මරණයෙන් මතු ජිවිතයක් වෙනුවෙන් මිනිසුන් තැන්පත් කිරීමට නිර්මාණය කරන ලද සොහොන් කොත් වල ආකෘති තිබෙනවා. මේවායින් එකිනෙකට වෙනස් ලෙස ඊජිප්තුවේ රාජ්‍යයන් වල ගෘහයක අභ්‍යන්තරය නිර්මාණය වූ ආකාරය ගෙන සොයා ගැනීමේ හැකියාවක් පවතිනවා. එනම් වාතාශ්‍රය ලැබෙන ආකාරය,ද්වාර මණ්ඩප, ස්ථම්භ නැතහොත් කුළුණු ස්ථාන ගත කර තිබෙන ආකාරය, සඳළුතල, ජනේල හා දොරවල් වල සැලසුම් වෙනස් වූ ආකාරය ඔබට අධ්‍යයනය කළ හැකියි.එමෙන්ම ගෘහනිර්මාණ ශිල්පීන් පවා කලාකරුවන් හා එක්ව මෙම අභ්‍යන්තර නිර්මාණයන් තම ගොඩනැගිලි වලට එකතු කර ගැනීම වෙනුවෙන් දැඩි වෙහෙසක් ගෙන තිබෙනවා.

“soul houses” නමින් හදුන්වන කුඩා අනුරූ – www.globalegyptianmuseum.org

අභ්‍යන්තර ගෘහනිර්මාණය ව්‍යාපාරයක් වීම

19 වන සියවස මැද හා අග වන විට ,  බටහිර රටවල අභ්‍යන්තර ගෘහනිර්මාණ සේවා  ප්‍රසාරණය වීම ආරම්භ වී තිබුණා. මේ නිසා විශාල ගෘහ භාණ්ඩ අලෙවි කරන සමාගම්  සාමාන්‍ය අභ්‍යන්තර ගෘහයන් නිර්මාණයට හා කළමනාකරණයට යොමුව තිබුණා. ඔවුන් විශාල නිවාස විවිධ හැඩයන්ගෙන් සැලසුම් කිරීම සිදු කර තිබුණා.

මෙම ව්‍යාපාර ආකෘතිය 19 සියවසේ මැද සිට වර්ෂ 1914 වන තෙක් පිබිදීමට ආරම්භ වූණා. නමුත් සමාගම් අතර මුල්බැස තිබූ මෙම කටයුත්ත ස්වාධීන හා ආධුනික නිර්මාණකරුවන් අතික්‍රමණය කරනු ලැබුවා. මේ හේතූන් නිසා 20 වන සියවස මැද වන විට වෘත්තීමය අභ්‍යන්තර ගෘහනිර්මාණ ශිල්පින් බිහි වීමට අඩිතාලම වැටුණා.

1850 හා 1860 කාලය වන විට ලී බඩු ආශ්‍රිතව ව්‍යාපාර වල නිරත වූ පිරිස් විසින් ඔවුන්ගේ ව්‍යාපාර ගනුදෙනු තවදුරටත් විශාල කර ගන්න කටයුතු දියත් කළා. එමෙන්ම ඔවුන් විසින් ඔවුන්ගේ ව්‍යාපාර සැකසුම තවත් පුළුල් කරමින් කලාත්මක ආකාරයකින් ගෘහ භාණ්ඩ ජනතාව අතරට ගෙන යාම ආරම්භ කෙරුනා. නමුත්, ඉහළ ගිය ඉල්ලුම හමුවේ ඔවුන් විසින් අභ්‍යන්තර ගෘහ නිර්මාණ ව්‍යාපෘති භාර ගැනීම ආරම්භ කරනු ලැබුවා. ඒවා අතර කාර්යාල, හෝටල් හා පොදු ගොඩනැගිලි ඇතුලත් වුණා.

වැඩි වන ගැනුම්කරුවන් ප්‍රමාණය හමුවේ ඔවුන් විසින් සේවයට විවිධාකාර වූ අය බඳවා ගනු ලැබුවා. එනම් නිවාස සාදන අය, වඩුවන්, මේසන්වරුන්, රෙදි පිළි නිර්මාණකරුවන්, කලාකරුවන් ( විශේෂයෙන් චිත්‍ර ශිල්පින්) හා ලී බඩු නිර්මාණ ශිල්පීන් ඒ අතර වුණා. එමෙන්ම ඉංජිනේරුවරුන් හා තාක්ෂණික ශිල්පින් ද ඒ අතර වුණා.

වෘත්තීමය අභ්‍යන්තර ගෘහනිර්මාණ ශිල්පින් බිහිවීම

20වන සියවසේ ආරම්භයත් සමඟම අභ්‍යන්තර ගෘහනිර්මාණ ආයතන හා පැවති ඒකාධිකාරී වෙළඳපොළට අභියෝග කිරීමට ආධුනික ව්‍යවසායකයන් බිහි වුණා.1880 දශකයේදී ඉංග්‍රීසි ජාතික ලේඛිකාවක වූ මේරි හැවිස් විසින් බොහෝ දෙනෙකුගේ ඇසට නතු වුනු ලිපියක් රචනා කළා. එමගින් ඇය විසින්  මධ්‍යම පාන්තික ජනතාවට ඔවුන්ගේ සැපයුම්කරුවන් විසින් ලබා දෙන වෙනස් කළ නොහැකි වූ සැලසුම් මත තම අභ්‍යන්තරය අලංකාර කිරීමට ඇති මහත් ආශාව උපහාසයට ලක් කර තිබුණා. ඇය  විසින් ස්වාධීන තීරණයක් ගැනීමට ගැනුම්කරුවාට ඇති අයිතියට පක්ෂව මෙහිදී මතයන් ගොඩ නඟා  තිබුණා.

1899 දී “Institute of British Decorators” මගින් ජෝන් ඩිබෙල්ගේ ප්‍රධානත්වයෙන් අභ්‍යන්තර අලංකාර කරන්නන් 200 දෙනෙකු බ්‍රිතාන්‍යයෙන්  තෝරා ගනු ලැබුවා. එමෙන්ම 1915, ලන්ඩනයේ දී අභ්‍යන්තර ගෘහ අලංකාර කරන්නන් 127 දෙනෙකු ප්‍රකාශ කළ  අතර ඉන් 10 දෙනෙකු කාන්තාවන් වුණා. රහොඩා හා ඇග්නස් ගැරට් 1874 දී පත් වුණු පළමු වෘත්තීය අභ්‍යන්තර අලංකාර කරන්නියන් දෙදෙනා ලෙස සැලකෙනවා.

ඇමෙරිකාවේ පුරෝගාමී කාන්තාව

ඒ එල්සේ ඩි වොල්ෆෙයි, අභ්‍යන්තර ගෘහනිර්මාණ ගැන කතා කිරීමේ දී අපට අමතක කළ  නොහැකිම කාන්තාවක් ලෙස ඇයව හඳුන්වා දීමට හැකියාවක් තිබෙනවා. ඇයව සලකනු  ලබන්නේ වික්ටෝරියානු සම්ප්‍රදායට අභියෝග කළ කාන්තාවක් ලෙසයි. ඇය බොහෝ විට තෝරා ගනු ලැබුවේ උත්දිප්ත (vibrant) වූ ආකාරයේ නිර්මාණ හා ඉතා සුව පහසු ගෘහ භාණ්ඩ යි. එමෙන්ම ඇයගේ නිර්මාණ බොහෝ විට නැවුම් වර්ණ වලින් වර්ණ ගැන්වුණා.එමෙන්ම ඒවා බොහෝ විට ප්‍රායෝගික බවකින් යුක්ත වුණා. ඇය විසින් තමන්ගේ අත්දැකීම් ඇසුරෙන්  “The House in Good Taste” නමින් 1913 දී රචනා කළ  ග්‍රන්ථය ඉමහත් ජනප්‍රියතාවයට පත් වුණා. ඇය 1950 දී මිය යන විට අභ්‍යන්තර ගෘහනිර්මාණ ශිල්පයේ විප්ලවීය කාන්තාවක් ලෙස හඳුනාගෙන තිබුණා.

එල්සේ ඩි වොල්ෆෙ විසින් නිර්මිත නිර්මාණයක් – pinimg.com

මේ අපිට ඉදිරිපත් කළේ වසර ගණනාවක අතීතයක අභ්‍යන්තර ගෘහනිර්මාණ ශිල්පයෙන් බිඳක් පමණයි. ඔබත් දන්නා මෙවැනි දේ ගැන තොරතුරු  අපිත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා.

මුලාශ්‍ර – www.designqubearchitects.com

කවරය – www.newhdwallpapers.in

Related Articles