Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බටකොළ ආචිචිගේ නිල රථය – මායා කොස්ස එළි දුටු හැටි

සුරංගනා කතාවලට පණ පොවන ප්‍රධාන කාන්තා චරිතයකි මහලු බටකොළ ආචිචි. මායා කොස්සක ආධාරයෙන් දසත සංචාරයේ නිරත වන මැය, අනේකවිධ මායාකර්ම සිදු කිරීමටත් එක සේ හපන් මහලු ළඳක්. බටකොළ ආචිචි සමඟ නිරතුරුව ම බැඳී පවතින දෙයකි ඇගේ මායා කොස්ස. මායා ආචිචි මැතිරූ මන්තර බන්ධනයකින් අනතුරුව ඇගේ ගමන් සහයකයා ලෙස සිටින්නේ එම මායා කොස්ස යි.

ශ්‍රී ලංකාවට මේ බටකොළ ආච්චි ගෙන ආවේ, එකල කුඩා දරුවන් කියැවූ ‘මිහිර’ පුවත්පතෙන්. ඒ බූ, බබා, යෝධයා කතාව ලියු එස්. ඒ. දිසානායක යි.

හැරී පොටර් භාවිත කරන මායා කොස්ස ‘නිම්බස් 2000’ නම් වනවා – cinereplicas.com

හැරී පොටර් කතා මාලාව

එයට අමතර ව හැරී පොටර් කතා මාලාවෙන් ද මායා කොස්ස ලාංකීය පාඨකයන් අකර ජනප්‍රිය වූවා. හැරී පොටර්, ඉංග්‍රීසි ජාතික ලෙඛිකා ජේ. කේ. රෝලිං ලියූ ෆැන්ටසි ගණයේ නවකතා ග්‍රන්ථ මාලාවක්. මෙම කතා මාලාව හැරී පොටර් නම් මනඃකල්පිත තරුණ මායාකරු වටා ගොඩනැඟී තිබෙනවා. හැරී පොටර් එහිදී භාවිත කරන මායා කොස්ස ‘නිම්බස් 2000’ නම් වනවා. 

බටකොළ ආචිචි තම ගමන් බිමන්වලට කොස්සක් ම භාවිත කිරීමට හේතු වූයේ කුමක්ද? ගෘහණියකගේ මනාර්ඝ වස්තුවක් ලෙස සැලකෙන එම කොස්ස මායාකාරියක් හා සම්බන්ධ වූ ආකාරය මෙම ලිපියෙන් විමසා බලමු.

ක්‍රිස්තු පූර්ව 721 එවකට ඊශ්‍රායල් රාජධානියේ පළමු පාලකයා වූ සාවුල් රජු පිලිස්තිවරුන්ගේ හමුදාව පරාජය කිරීමට එන්ඩෝර්හි මායාකාරිය සෙවූ කතාවක් අන්තර්ගත ව තිබුණා – framemark.vam.ac.uk

බටකොළ ආචිචිගේ උප්පත්තිය

මායාකාරියක් වනාහි මායා බන්ධන භාවිතයෙන් විවිධ මළගිය ආත්ම යළි කැඳවා අන් අයට උපකාර කිරීමට සමත් සුවිශේෂී කොට්ඨාසයක් බව එක්තරා ලේඛනයක සඳහන් ව තිබෙනවා. එසේ නමුත් සමහර මූලාශ්‍ර පෙන්වා දෙන්නේ යක්ෂයාගේ වැඩපළ කරමින් සිටි එක්තරා මිථ්‍යාදෘෂ්ටික පිරිසකට මෙම මායාකාරියන් ඇතුළත් වූ බව යි.

බටකොළ ආචිචි ප්‍රමුඛ මායාකාරියන් කරළියට පැමිණි පළමු දවස කවදාද යන වග මෙතෙක් වාර්තා වී නොමැති බව සඳහන් කළ යුතු යි. මෙබඳු පසුබිමක මායාකාරිය පිළිබඳ වන පැරණිත ම වාර්තාවක් බයිබලයේ පළමුවන සැමුවෙල් පොතෙහි සඳහන් ව තිබෙනවා. මෙය ග්‍රන්ථාරූඪ වූයේ ක්‍රිස්තු පූර්ව 931 දී පමණ යි. ක්‍රිස්තු පූර්ව 721 එවකට ඊශ්‍රායල් රාජධානියේ පළමු පාලකයා ව සිටි සාවුල් රජු පිලිස්තිවරුන්ගේ හමුදාව පරාජය කිරීමට මියගිය සැමුවෙල් නබිතුමාගේ ආත්මය කැඳවීමට එන්ඩෝර්හි මායාකාරිය සෙවූ කතාවක් එහි අන්තර්ගත ව තිබුණා.

දුෂ්ට ජීවී කොට්ඨාසයක්

මුල් කාලීන යුරෝපා කිතුනුවන් මායාකර්ම සිදු කළ පුද්ගලයන් සලකනු ලැබුවේ දුෂ්ට ජීවී කොට්ඨාසයක් ලෙසයි. මායා බන්ධන සිදු කළ එම අයගේ ස්වරූප කිහිපයක් අනේකවිධ අයුරින් ඉතිහාසය පුරාවට සඳහන් ව තිබුණා. ඉන්නන් සහිත නාසයකින් යුත් මායාකාර කාන්තාවන්, උල් තොප්පි පැළඳ කොසු මත ගමන් කරන නපුරු බටකොළ ආචිචිගේ චරිතය, ස්ලාවික් ජනප්‍රවාදයේ එන බාබායිගා නමැති නපුරු මායාකාරිය සහ රෝල් ඩාල් ළමා කතාවක සිටින මුඩු හිස් සහිත මායාකාර කාන්තාවන් ද ඒ අතරට අයත් වනවා.

ස්ලාවික් ජනප්‍රවාදයේ එන බබායිගා නැමති නපුරු මායා ආචිචි, මායාකාර කාන්තාවන්ද අතරට අයත් වනවා – i0.wp.com/storytellingforeveryone.net

පොප් සංස්කෘතියේ සිටි මායාකාරිය කාරුණික ගෘහණියක ලෙසින් අර්ථකතනය කර තිබෙනවා. තමන් සතු අසීමිත බලය පාලනය කිරීමට ඉගෙන ගන්නා එම මායාකාරියට නපුරු බලවේග සමඟ සටන් කිරීමට හැකියාවක් තිබෙන සහෝදරියන් තිදෙනකු ද සිටිනවා. කෙසේ නමුත් මායාකාරියන්ගේ සැබෑ ඉතිහාසය තරමක අඳුරු ස්වරූපයක් ගන්නා අතර, මායාකාරියන් බොහෝමයකගේ හැසිරීම මාරාන්තික වන බවත් විවිධ ජනප්‍රවාදයන්හි සඳහන් ව තිබෙනවා.

මායා කොස්සේ ඉතිහාසය

කොසු මත පියඹන මායාකාරියන් කරළියට පැමිණෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1453 සිට යි. එසේ නමුත් ගෙය දොර අතුගාන වත්මන් කොස්ස බිහිවීම ක්‍රිස්තු වර්ෂ 1797 දී පමණ බිහි වූ බවත් සඳහන් වනවා. එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් හි එකල දිවි ගෙවූ ලෙවී ඩිකින්සන් නම් ගොවියා තම ගොවි බිරියට කොස්සක් තෑගි කරනවා. ඔවුන්ගේ ගෙබිම සහ එය අවට පිරිසුදු කිරීමට මෙම කොස්ස මහඟු අත්වැලක් සපයනවා.

ගෙබිමක් පිරිසුදු කිරීමේ කාර්යය ක්‍රිස්තු වර්ෂ පළමුවන හෝ දෙවන සියවස දක්වා විහිඳී යනවා – www.thepatriot.co.zw

ගෙබිම අතුගා දමා පිරිසුදු කිරීමේ ක්‍රියාවලිය මීටත් එපිට කාලය දක්වා විහිද යනවා. ගින්නකින් හෝ උදුනකින් පිටවන දූවිලි සහ අළු අතුගා දැමීමට තුනී කූරු, බට හෝ වෙනත් ස්වාභාවික තන්තු මිටි එකල බහුල ව ම භාවිත වූවා.

අමෙරිකානු සඟරාවක් වන ස්ලේට් (Slate) හි සහකාර සංස්කාරක ජේ. බ්‍රයන් ලොව්ඩර් අදහස් දක්වමින් පවසා සිටින්නේ ගෘහස්ත ගෙබිමක් පිරිසුදු කිරීමේ කාර්යය ක්‍රිස්තු වර්ෂ පළමුවන හෝ දෙවන සියවස දක්වා විහිදී යන බව යි.

කොසු යන වචනය සාමාන්‍යය ව්‍යවහාරයට පැමිණ තිබෙන්නේ අනාදිමත් කාලයක සිට යි. ගෙබිම අතුගා දැමීමේ මුල් කාලීන උපකරණ නිපදවා තිබුණේ ශාක හෝ පඳුරු ප්‍රභේද භාවිතයෙනු යි. කොසු හැඳින්වීමට පුරාතනයේ භාවිත කළ ඉංග්‍රීසි වචනය ‘Besom ’ වූ බව සඳහන් වනවා.

අවම වශයෙන් 18 වන සියවස දක්වා මෙම පදය සාමාන්‍ය ජනවහරය තුළ භාවිත කළ බවට සාධක හමු ව තිබෙනවා. කොසු සහ බෙසෝම් මූලික වශයෙන් කාන්තාව හා බැඳී පවතින ප්‍රබල සංකේතයක් බවට පත් වූයේ ද මින් අනතුරුව යි.

ප්‍රංශ කවියෙක් වූ මාටින් ලෙ ෆ්‍රෑන්ක්ගේ ‘ Le Champion des Dames’ ලෙ චැම්පියන් ඩෙස් ඩේම්ස් (කාන්තාවන්ගේ ආරක්ෂකයා) හි මායාකාර කාන්තා රූ 2ක් අන්තර්ගත වී තිබුණා- www.thevintagenews.com

කොස්සෙන් ගිය පළමු මායාකාරයා – ජී. එඩලින්

කොස්සක් පැදවූ බවට පළමු ව පාපොච්චාරණය කළ මායාකාරයා වූයේ කාන්තාවක නොව මිනිසකු යි. ඔහු නමින් ජී. එඩලින් වූවා. පැරීසියට නුදුරින් පිහිටි Saint-Germain-en-Laye හි පූජකවරයෙක් ලෙස කටයුතු කළ මොහු ක්‍රිස්තු වර්ෂ 1453 දී නීති නිලධාරීන් අත්අඩංගුවට ගන්නවා. මායාකාරියන් පිළිබඳ පල්ලිය සිදු කළ අනතුරු ඇඟවීම් ප්‍රසිද්ධියේ විවේචනය කිරීම සහ අනේකවිධ මායා කර්ම සිදු කිරීමට උත්සාහ දැරීම මොහුට විරුද්ධ ව එල්ල වූ චෝදනා අතරට අයත් වනවා. සිය පාපොච්චාරණය අවසානයේ පසුතැවිලි වන මොහු ජීවිතාන්තය දක්වා වන සිර දඬුවමකට ද යටත් වනවා.

එඩලින් තම “පාපොච්චාරණය” සිදු කළ කාලපරිඡේදය වන විටත් කොසු මතින් පියාසරන මන්තරකාරියන් පිළිබඳ ව යම් අදහස් කරළියට පැමිණෙමින් තිබුණා. කොසු මත පියාසරන මායාකාරියකගේ පැරණිත ම රූප සටහන ක්‍රිස්තු වර්ෂ 1451 දී පමණ නිරූපණය වනවා. ප්‍රංශ කවියෙක් වූ මාටින් ලෙ ෆ්‍රෑන්ක්ගේ සාහිත්‍යමය නිර්මාණයක ‘ Le Champion des Dames’ ලෙ චැම්පියන් ඩෙස් ඩේම්ස් (කාන්තාවන්ගේ ආරක්ෂකයා හි) සඳහන් ව තිබූ නිදර්ශන දෙකක මායාකාර කාන්තා රූප ද්විත්වයක් අන්තර්ගත වී තිබුණා.

මායාකාර කොසු නැටුම්, ඇතැම් මායා කණ්ඩායම් නීති විරෝධී රැස්වීම්වලට රාත්‍රිය එළඹත්ම සහභාගී ව සිදු කරන වත් පිළිවෙත් හා සම්බන්ධ වනවා – loximages.chicago2.vip.townnews.com

එලෙස ඇඳි රූප සටහන් ද්විත්වයෙන් එකක, කාන්තාවක් කොස්සක් මත නැඟ ඉහළ අහසේ ගමන් කරන ආකාරයත්, අනෙකා සාමාන්‍ය සුදු සැරයටියක් වැනි දෙයක නැඟ පියාසරන ආකාරයත් පෙන්වා දී තිබුණා. එම කාන්තාවන් දෙදෙනා ම වොල්ඩෙන්සියානුවන් (ක්‍රිස්තියානි නිකායක සාමාජිකයන්) ලෙස හඳුන්වන හිස් ස්කාෆ් පැළඳ සිටි ආකාරයක් ද පෙන්වා දී තිබුණා. කතෝලික පල්ලිය මෙම කාණ්ඩය හංවඩු ගැසුවේ මිථ්‍යාදෘෂ්ටික පිරිසක් ලෙස යි. 12 වන සියවසේ පමණ ආරම්භ කළ එක් ක්‍රිස්තියානි නිකායක කාන්තා පූජකයන් ලෙස මොවුන් කටයුතු කර තිබීම එලෙස හංවඩු ගැසීමට හේතුව වූවා.

කොසු නැටුම් මායා නැටුම් වූ හැටි

මානව විද්‍යාඥ රොබින් ස්කෙල්ටන් අදහස් දක්වමින් පවසා සිටින්නේ මායාකාරියන් සහ කොසු අතර සම්බන්ධය මිථ්‍යාදෘෂ්ටික ගොවි චාරිත්‍රයකින් ආරම්භ වන්නට ඇති බව යි. එදවස සිටි ග්‍රාමීය ගොවීන් තම භෝග වර්ධනය දිරිමත් කිරීමට පසළොස්වක පොහො දා පායා තිබූ සඳ එළියේ පිහිටෙන් අනේකවිධ කොසු නර්තනාංග ඉදිරිපත් කළා. පසුව මෙම කොසු නැටුම්, රාත්‍රිය එළඹෙත්ම ඇතැම් මායාකාර කණ්ඩායම් නීති විරෝධී ව රැස්වී සිදු කරන වත් පිළිවෙත් හා සම්බන්ධ වූවා.

ධනවත් අයර්ලන්ත වැන්දඹුවක ව සිටි ඇලිස් කයිටලර් මන්ත්‍ර ගුරුකම් සහ මිථ්‍යාදෘෂ්ටිකවාදය ව්‍යාප්ත කිරීමට උත්සහ කළා. – www.monstrous.com

පියාසර කිරීමේ හැකියාව ලබා ගැනීම සඳහා මායාකාරියන් තම කොසුවලට පදම් කළ විශේෂිත ආලේපනයක් ගැල්වූ බව ඉතිහාසමය ලේඛනවල සඳහන් වනවා. ක්‍රිස්තු වර්ෂ 1324 දී ධනවත් අයර්ලන්ත වැන්දඹුවක ව සිටි ඇලිස් කයිටලර් ආර්යාව මන්ත්‍ර ගුරුකම් සහ මිථ්‍යාදෘෂ්ටිකවාදය ව්‍යාප්ත කිරීමට උත්සහ කළ විටක එය කන වැකුණු නීතිමය විමර්ශන කාණ්ඩයක් ඇගේ නිවසේ සෑම අඟලක් ම සෝදිසියට ලක් කළා. තෙල් ආලේපිත සිහින් දිගටි බටයක් සහ සැරයටියක් ද එහි තිබී සොයා ගත් බවත් එය මත ඇය ඇවිද යාමට පුරුදු ව සිටි බවත් සඳහන් වනවා.

මායාකාරියන්ගේ මායා බන්ධන

ඖෂධවේදියෙකු වන ඩේවිඩ් ක්‍රෝල් වරක ෆෝබ්ස් සඟරාවට හා අදහස් දක්වමින් පවසා තිබුණේ මධ්‍යකාලීන යුගයට අයත් මායාකාරියන් බොහොමයක් ඇට්‍රොපා බෙල්ලඩෝනා (මාරාන්තික නයිට්ෂේඩ්), හයිසියාමස් නයිගර් (හෙන්බේන්), මැන්ඩ්‍රගෝරා ඔෆිසිනාරම් (මැන්ඩ්‍රේක්) සහ ඩටුරා ස්ට්‍රෝමෝනියම් (ජිම්සන්වීඩ්) යනාදී විෂ සහිත ශාක භාවිතයෙන් තම මායා බන්ධනවලට අවශ්‍යය අමුද්‍රව්‍යය සකස් කර ඇති බව යි.

ඇතැම් ඉතිහාසමය වාර්තාවලට අනුව එලෙස සකසා ගත් ශාකමය ද්‍රව්‍යය සෘජු ව ආහාරයට ගැනීම පසෙකලා තමාගේ සම හරහා අවශෝෂණය කර ගැනීමට බොහෝ මායාකාරියන් උත්සුක වූවා. බඩවැල් අපහසුතා සහ මිනිස් මනස වෙනස් දිශානතියකට යොමු කිරීමට මෙම ද්‍රව්‍ය සමත් වූ බව එම වාර්තාවන්හි සඳහන් වනවා. වඩා සංවේදී අවයව ඔස්සේ තම ශරීරයට එම ද්‍රව්‍යය ආඝ්‍රහණය කිරීමට මායාකාර ළඳුන් දැඩි ඇල්මක් දැක්වූවා.

ඇතැම් රාත්‍රියන් එළඹත්ම මායා කොසු මිට මත යම් ද්‍රව්‍යයක් ආලේප කළ මොවුන් බොහෝ දෙනෙක් ඒවා මත නැඟ උඩුගුවනේ පියාසර කිරීමට සූදානම්ව සිටියා – t4.ftcdn.net

ජෝන් මාන් නමැති ලේඛකයා රචිත ‘ මිනීමැරුම, මැජික් සහ වෙද බෙහෙත් ’ යන ග්‍රන්ථයේ එක් පරිච්ඡේදයකට, 15 වන සියවසේ දිවි ගෙවූ ජෝර්ඩන්ස් ඩි බර්ගමෝ දේවධර්මාචාර්යවරයා දේශනා කළ එක පාඨයක් මෙලෙස උපුටා දක්වනවා.

“ ඇතැම් රාත්‍රීන් එළඹෙත්ම අනේකවිධ කොසු මිටි මත නැඟ උඩුගුවනේ පියාසර කිරීමට බොහෝ මායාකාරියන් සූදානම්ව සිටියා.’’

කෙසේ නමුත් වර්ෂ 1500 සිට 1660 දක්වා කාලය තුළ යුරෝපයේ සිටි මායාකාරියන් 80,000 ක් පමණ පිරිසකට මරණ දඩුවම ලබා දී තිබුණා. එලෙස දඬුවම් හිමි වූ අයගෙන් සියයට 80 ක් පමණ යක්ෂයා සමඟ හවුලේ ගනුදෙනු සිදුකළ ඇත්තන් බව සලකනවා. එම සියවස තුළ මායා කර්ම ක්‍රියාත්මක කිරීමේ වැඩි ප්‍රතිශතයක් හිමි ව තිබූ රට ජර්මනිය වූ අතර අයර්ලන්තයට හිමි ව තිබූයේ අඩු ප්‍රතිශතයක්.

17 වැනි සියවස ආරම්භ වත්ම නිවෙස්වල චිමිනිවලට ඉහළින් පියාසරන බටකොළ ආචිචිගේ වැනි මායාකාරියන් පිළිබඳ වාර්තා වූ සිදුවීම් සාමාන්‍ය දෙයක් බවට පත් වෙමින් තිබුණා – encrypted-tbn0.gstatic.com

බටකොළ ආචිචිගේ නික්ම යෑම

වත්මන් මායා කර්ම කරළියට පැමිණ තිබෙන්නේ විවිධ ආගමික පරීක්ෂකයන් මෙන් ම නීති නිලධාරීන් අතින් රචිත වාර්තාමය ලිපිගොනු සහ හිංසාවලට ලක් ව සිටි චූදිත මායාකාරියන් පාපොච්චාරණය කළ සාක්ෂි මත යි.

17 වැනි සියවස ආරම්භවත් ම නිවෙස්වල චිමිනිවලට ඉහළින් පියාසරන බටකොළ ආචිචි වැනි මායාකාරියන් පිළිබඳ වාර්තා වූ සිදුවීම් සාමාන්‍ය දෙයක් බවට පරිවර්තනය වෙමින් තිබුණා. මෙම සියවස වන විට කාන්තාව ගෘහාශ්‍රිත චාරිත්‍ර සමඟ වෙන කවරදාටත් වඩා බැඳී සිටියා.

එලෙස සම්බන්ධ වූ එක් චාරිත්‍රයකට අනුව, කිසියම් කාන්තාවක් තමා නිවසින් බැහැර ව සිටින බව අසල නිවැසියන්ට ඒත්තු ගැන්වීම සඳහා තම නිවසේ ප්‍රධාන ද්වාරයෙන් පිටත කොස්සක් ඔසවා තැබීම හෝ නිවසෙන් පිටත චිමිනියක් මත කොස්ස තබා යාමක් සිදු කළා.

කිසියම් කාන්තාවක් තමා නිවසින් බැහැරට ගොස් සිටින බව අසල නිවැසියන්ට දැනුම්දීම සඳහා තම නිවසේ ප්‍රධාන ද්වාරයෙන් පිටත කොස්සක් ඔසවා තබා යාමක් සිදු කළා – hgtvhome.sndimg.com

මෙලෙස සිදු කළ චාරිත්‍රය, නිවෙස්වල චිමිනි හරහා මායාකාරියන් පිට ව යන බවට වූ ජනප්‍රිය පුරාවෘත්තය ප්‍රසිද්ධ වීමට බලපෑ එක හේතුවක් බව සඳහන් වනවා. එකල සිටි මායාකාරියන් ස්වල්ප ප්‍රමාණයක් පමණක් ගෘහාශ්‍රිත චිමිනි හරහා තමන් එලෙස පිටවී ගිය බවට ඔවුන්ට පැනවූ දඬුවම් හමුවේ පාපොච්චාරණය කළා.

බටකොළ ආචිචි සැබැවට ම ජීවත් වූවාද?

වර්ජිනියා ඉතිහාසයේ වඩා ප්‍රසිද්ධ මායාකාර චරිතයක් බවට පත් වූයේ ග්‍රේස් ෂර්වුඩ් නැමති කාන්තාව යි. තමා සිදු කළ යම් වරදකට චෝදනා එල්ල වූ ඇය 1706 වසරේ පැවති නඩු විභාගයකට රැගෙන ආවා.

ඇගේ නිර්දෝෂීභාවය තීරණය කිරීම සඳහා මතභේදාත්මක ජල පරීක්ෂණයක් භාවිත කිරීමට එකළ අධිකරණය තීරණය කළා. අත් පා බැඳි ෂර්වුඩ්, ජලය සහිත ස්ථානයකට විසි කිරීමට වූයේ ඉන් අනතුරුව යි. ෂර්වුඩ් ජලයේ ගිලී ගියහොත් ඇය නිර්දෝෂී යැයි සැලකීමටත්, ජලයේ පාවී ගියහොත් වරදිකාරියක යැයි සැලකීමටත් ඔවුන් තීරණය කළා. ෂර්වුඩ් ජලයේ ගිලී නොසිට ජලයේ පාවී ගිය අතර කොස්සෙන් පියාසර කළ මායාකාරියක් බවට ඇය හංවඩු ගැසුවා. මරණීය දණ්ඩනය හිමි නොවූ ඇය අට අවුරුදු සිර දඬුවමකට යටත් වූවා.

වර්ජිනියා ඉතිහාසයේ වඩා ප්‍රසිද්ධ මායාකාර චරිතයක් වූයේ ග්‍රේස් ෂර්වුඩ් නමැති කාන්තාවයි – www.wavy.com

මායාකාරියක් පිළිබඳ නිව් ජර්සි හි පැවති නඩු විභාගයක් අළලා බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් ලියූ ලිපියක් 1730 වසරේ පෙන්සිල්වේනියා ගැසට් පත්‍රයේ පළ වූවා. මායාකාරියන් සිදු කරන්නට ඇතැයි පවසන සමහර මායා කර්ම හාස්‍යජනක ඒවා වූ බවත්, මායා බන්ධන සිදු කළා යැයි නිරපරාදයේ චෝදනා එල්ල වූ මිනිසුන් එලෙස අසාධාරණ වරදකරුවන් කිරීමෙන් වැලකී සිටීමට නව නීති සම්මත කළ යුතු බවත් එම ලිපිය පෙන්වා දී තිබුණා.

මායා කර්මය පිළිබඳ වන ජනප්‍රවාද

මායා කර්මය පිළිබඳ වන ජනප්‍රවාද සියල්ල ම 18 වන සියවස පමණ වන විට පහව ගියා. තමා මායාකරියක් යැයි අන් අයට ස්වයංව හඳුන්වා දෙන ‘ වික්කා’ වැනි මිථ්‍යාදෘෂ්ටිකයන් කිහිපදෙනකුත් වත්මන් සමාජයේ ඕනෑ තරම් දක්නට ලැබෙනවා. එනමුත් කොසු මිටි මත පියාසරන බටකොළ ආචිචි වැනි මායාකාරියන් සැබවින් අත්විඳීමට හැකියාවක් ලැබෙන්නේ හැලොවීන් වැනි සුවිශේෂී උත්සව අවස්ථාවන්හිදී පමණ යි.

කවරයේ ඡායාරූපය- www.todayifoundout.com
මූලාශ්‍ර :
en.wikipedia.org
www.history.com
phshygiene.com
lalithkrunaratna.wordpress.com

Related Articles