Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔලිව් ශාකයේ සැඟවුණු විත්ති

“ඔලිව්” යන වදන සවන් වැකුණු සැනින් අපගේ මතකයට නැගෙන්නේ ඔලිව් තෙල් පිළිබඳවයි. මන්දයත් ඔලිව් යනු අපේ රටේ දක්නට නොලැබෙන ශාකයක් වුවද​ ඔලිව් තෙල් බොහෝ විට අප විවිධ අවස්ථාවන් සදහා ප්‍රයෝජනයට ගන්නා බැවිනි. අප කොතරම් භාවිතා කලද ආගන්තුක ශාකයක් ලෙස ඔලිව් ශාකය පිලිබදව අප සතු දැනුම ඉතා අල්ප විය හැකියි. එනිසා මෙම ලිපිය තුලින් ඔලිව් ශාකය පිලිබදව ඔබගේ දැනුමට යමක් එක් කිරීම අපගේ බලාපොරොත්තුවයි.

ඔලිව් ශාකයක පින්තුරයක් (allisonfamilyfar)

ඔලිව් ශාකය බොහෝ වශයෙන් ව්‍යාප්තව තිබෙනු දැකගැනීමට පුළුවන් වෙන්නේ මධ්‍යධරණී කලාපය ආශ්‍රිතවයි. හොදින් වැඩුණු ඔලිව් ශාකයක් සාමාන්‍යයෙන් අඩි විස්සක පමණ උසකින් යුතු වෙනවා. එනම් මීටර හතක පමණ උසකින් යුතු වෙනවා. එසේම මෙම ඔලිව් ශාකය යනු දීර්ඝ ආයු කාලයක් සහිත ශාකයක් ලෙසද හදුනා ගන්නට පුළුවන්. වසර දහසකට වැඩ පැරණි ඔලිව් ගස් ඊශ්‍රායලයේදී දැකගන්නට පුළුවන් වෙනවා. වයස ගතවිමත් සමග ඔලිව් ශාකයේ ගැට සහිත කද කුහර සහිත බෙනයක් බවට පත් උවද තවදුරටත් හොදින් පල දරන්නට සමත් වෙනවා. මෙම ඔලිව් ශාකය ව්‍යාප්ත වන්නේ එහි බීජ හරහා වන අතර ඒවා වැඩුනු ඔලිව් ගස් ආශ්‍රිතව ව්‍යාප්ත වනු දකින්නට පුළුවන්.

පුරාණ ග්‍රීක ජනප්‍රවාද වලට අනුව ඔලිව් ශාකයට හිමි වී ඇත්තේ ඉතා ඉහල ස්ථානයක්. ඔවුන්ට​ අනුව ඔලිව් ගස ඉතාමත් ප්‍රිය උපදවන සුළු ආදරණිය ශාකයක් ලෙස හදුන්වා තිබෙනවා. එසේම එය පවිත්‍රත්වයේ සංකේතයක් මෙන්ම පූජනීය​ ශාකයක් ලෙසද හදුන්වනු දකින්නට පුළුවන් වෙනවා. එසේම එය සාමයේ සහ මිතුරුබවේ සංකේතයක් ලෙසද සලකනු ලබනවා. පුරාණ​ ග්‍රීක ජනතාව ඔලිව් ශාකයේ කුඩා අතු සාමයේ සහ ජයග්‍රහණයේ සංකේතයක් ලෙසද භාවිත කර තිබෙනවා. එසේම ඔලිවේ ශාකය ඉතාමත් ශක්තිමත් ශාකයක් ලෙස සලකන අතර එයට පාරසරික වෙනස්වීම් වලට ඔරොත්තු දෙමින් නොනැසී පැවතීමේ හැකියාවක්ද පවතිනවා.

මෙම ඔලිව් ශාකය තුලින් පරිභෝජනය සඳහා යොදා ගන්නේ එහි ඵල වලින් ලබා ගන්නා ඔලිව් තෙල් වන අතර එහි ප්‍රයෝජන රැසක් හදුනා ගන්නට පුලුවන් වෙනවා. මෙම ඔලිව් තෙල් යුදෙව් ජාතිකයන්ගේ එදිනෙදා දිවි පැවැත්මට මෙන්ම ඔවුන්ගේ ආර්ථිකය රදා පවතින්නේද ඒ මතයි. මෙම ඔලිව් ගෙඩි ඉදෙන විට කළු පැහැයෙන් යුතු වෙනවා. එහෙත් තෙල් සිදීම සදහා ඒවා කොළ පැහැයෙන් පවතියදීම අස්වැන්න නෙලීම සිදු කරනවා. අස්වැන්න නෙලීමේදී ඒ සදහා දඩු කෝටු භාවිත කරන අතර ඒවායෙන් පහර දීමෙන් ඔලිව් ගෙඩි කඩා ගන්නා අතර ඒවා එකතු කර තෙල් සිදීම සිදු කරනවා. මෙම ඔලිව් තෙල් වලින් ලබා ගන්න ප්‍රයෝජන අතර එය ආලෝකය ලබා ගැනීම සදහාත්, අහාර පිසීම සදහාත්, ලෙඩ සුවකිරීම සදහාත්, සමේ තෙතමනය රැක ගැනීමටත් භාවිතා කරනු දකින්නට පුළුවන් වෙනවා. මෙම ඔලිව් තෙල් ලොව පුරා වැඩි වශයෙන්ම භාවිත වන්නේ ඖෂධයක් වශයෙන් හා රූපලාවන්‍ය​ සත්කාර සදහායි.

ඔලිව් ගෙඩිවල පින්තුරයක් (olivemuseum.com)

ඔලිව් තෙල් ඖෂධීය​ ගුණයෙන්  බහුල වෙනවා. එනම් මෙම ඔලිව් තෙල් භාවිතයෙන් හදවත ආශ්‍රිත රෝග වලින් ආරක්ෂා වීමට හැකියාව ලැබෙනවා. පිරිසිදු ඔලිව් තෙල් ක්‍රමානුකුලව භාවිතයෙන් අධි රුධිර​ පීඩනය පාලනයටත්, අඝාත තත්ත්ව වලින් ආරක්ෂා වීමටත්, රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීමටත් හැකියාව ලැබෙනවා. එසේම මෙම ඔලිව් තෙල් භාවිතය පියයුරු පිලිකා ද සමේ පිලිකා තත්ත්වද ඇති වීමට තිබෙන අවදානමද අඩු කිරීමට සමත් වෙනවා. සෞඛ්‍යමත් කොලෙස්ටරෝල් මට්ටමක් පවත්වාගෙන යාමටද මෙම ඔලිව් තෙල් වලින් මහත් රුකුලක් ලබා දෙනවා. තවද මොළය​ ආශ්‍රිතව ඇතිවන රෝග වලින් ආරක්ෂා වීමටද මෙම ඔලිව් තෙල් උපකාරී වෙනවා. එසේම දියවැඩියාවෙන් ආරක්ෂා වීමට ද මෙම ඔලිව් තෙල් භාවිතයෙන් ලැබෙන්නේ මහඟු දායකත්වයක්. මෙම ඔලිව් තෙල් වලට අස්ථි ශක්තිමත් කිරීමේ හැකියාවක්ද පවතිනවා. එනිසා ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග වලින් ආරක්ෂා වීමටද මෙම ඔලිව් තෙල් වැදගත් වෙනවා. තවද යහපත් මානසික සෞක්‍යයක් පවත්වා ගැනීම සදහාද මෙම ඔලිව් තෙල් භාවිතය උපකාරී වෙනවා.

ඔලිව් තෙල් (healthline.com)

මෙම ඔලිව් තෙල් ඖෂධීය​ වශයෙන් භාවිත කරනවා සේම ලොව පුර කතුන් රූපලාවන්‍ය​ කටයුතු වලදීද ඔලිව් තෙල් වලට දක්වන්නේ ඉතාමත් ඉහල ප්‍රවනතාවයක්. වර්තමානයේ ස්වභාවික රුපලාවන්‍ය ද්‍රව්‍ය වලට ඇති ඉල්ලුම ඉහල යාමද ඊට ප්‍රදාන හේතුවක් වී ඇති බව කිව හැකියි. වයසට යාමත් සමග සිරුරේ ඇති වන වියපත් බව දුරලමින් තරුණ බව රැක දීමට මෙම ඔලිව් තෙල් සතුව ඇත්තේ විශ්මිත හැකියාවක්. එනිසා කාන්තාවන් අතර මෙයට ඇති ඉල්ලුම දිනෙන් දින ඉහල යනවා. එය හිසකෙස් වල වර්ධනයටත්, සමේ දීප්තිමත් බව මෙන්ම තෙතමනය රැක ගැනීම සදහාත්, නිය පෙළ අලංකාර කිරීමටත් බොහෝ වශයෙන් යොදා ගන්නවා. එසේම තොල් සත්කාර සදහාද මෙම ඔලිව් තෙල් වලට ඇත්තේ ඉහල ඉල්ලුමක්. එසේම සම පිරිසිදුකාරකයක් ලෙසද යොදාගනු දකින්නට පුළුවන්. එසේම කන ඇතුලත පිරිසිදු කිරීම සදහාද මෙම තෙල් භාවිත කල හැකියි.

මේ ආකාරයට අපට ඔලිව් ශාකය පිලිබදව හා එහි ප්‍රයෝජන පිලිබදව හදුනා ගන්නට පුළුවන් වෙනවා. මන්දයත් අප භාවිතයට ගන්නා දේවල් පිලිබදව නිවැරදි දැනුමක් ලබා තිබීම මගින් තමාම අවබෝධයෙන් යුතුව එය භාවිතා කරන්නට උපකාරී වන නිසයි.

කවරයේ පින්තුරය (pagesjaunes.ca)

මුලාශ්‍ර :

Related Articles