Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ධාවන ලොවේ පෙරලියක් කල ලැම්බෝගිනි මෝටර් රථ

ලංකාවේ දේශපාලන වේදිකාවේ වගේම ජනමාධ්‍ය හරහාත් විශේෂයෙන්ම කතාබහට ලක්  මාතෘකාවක් විඳියට ලැම්බෝගිනි මෝටර් රථ හඳුන්වන්න පුළුවන්. එලෙස කතාබහකට ලක් වීමේ මූලිකම හේතුව වුයේ මේ මෝටර් රථයේ වානිජ මිල අධික වීමයි. එලෙස මිල අධික වීමත්, ලෝකයේ තෝරාගත් සමාජ පන්තියක් පමණක් භාවිතා කිරීමත්, ඒ වගේම එතරම්ම විශාල මිලක් ලබාදීමෙන් අනතුරුව මිලදී ගැනීමක් කරන්නත් මිනිසුන් පෙළඹෙන්නේ ඇයි කියා මොහොතක් සිතුවාද?  මේ ලිපිය කියවන ඔබට ඒ සියලු විස්තර දැනගන්න හැකියාවක් තිබෙනවා වගේම මේ මෝටර් රථ ආයතනය අද දක්වා ආ ගමන් මගේ වැදගත් තොරතුරු හා අනාගතයේ ඔබ ලැම්බෝගිනි මෝටර් රථයක් මිලදී ගන්න සිතනවා නම් ඉදිරි වසර කීපයේ ඔවුන් සිදුකරන වෙනස්කම් පිලිබඳවත් දැනගන්න පුළුවන්.

ලැම්බෝගිනි ආයතනය ආ ගමන් මඟ

ලෝකයේ ලැම්බෝගිනි ආයතනයේ නාමය අද දක්වා ගෙන ඒමේ ප්‍රධාන නියමුවා විදිහට හඳුන්වන්නේ ෆෙරුසිඕ ලැම්බෝගිනියි. 1916 වර්ෂයේ ඉතාලියේ උපත ලබන ෆෙරුසිඕ ලැම්බෝගිනි දෙවන ලෝක යුද්ධයේ සේවයට යාම ඔහුගේ ජීවිතයේ කඩඉම වෙනවා. යුධ සෙබලෙකු ලෙස රෝඩ්ස් (Rhodes) දුපතේ සේවයේ නිරත වන අවස්ථාවේ යුධ කටයුතු වලට යොදා ගන්නා වාහන අලුත්වැඩියා කටයුතු කිරීමට ඔහුට සිදු වෙනවා.

ලෝක යුද්ධය අවසානයේ නැවත ඉතාලියේ උතුරු ප්‍රදේශයේ මොඩිනා (Modena) නම් ඔහුගේ උපන් ගමට එන ෆෙරුසිඕ එහි ඔහුගේම මෝටර් රථ හා යතුරුපැදි අලුත්වැඩියා කටයුතු සිදු කරන ආයතනයක් ආරම්භ කරනවා. මේ කාලයේ ඉතාලියේ කෘෂිකාර්මික කටයුතු වලට අවශ්‍ය ට්‍රැක්ටර් වලට  ඉල්ලුම අධික වීම තේරුම්ගත් ෆෙරුසිඕ කැඩුණු යුධ රථ කොටස් යොදාගෙන ට්‍රැක්ටර් නිපදවන්නට කටයුතු කරනවා. 1960 වන විට ඔහු මාසයකට ට්‍රැක්ටර් 400ක් නිපදවීමට තරම් හැකිවන ලෙස තමන්ගේ ව්‍යාපාරය දියුණු කරනවා. එයින් නොනැවතී හීටර් හා වායුසමන යන්ත්‍ර කොටස් නිපදවීමේ කර්මාන්ත ශාලාවක් අරඹන අතර මේ සියලු ව්‍යාපාර දැවැන්ත දියුණුවක් ලබා ගන්නවා.

ෆෙරුසිඕ ලැම්බෝගිනි හා ඔහුගේ නිෂ්පාදන දැක්වෙන ඡායාරූපයක් ( icdn-4.motor1.com)

මෝටර් රථ නිපදවීමේ ආරම්භය පිලිබදව සදහන් කරන විට ඔහුගේ ආරම්භය ඉතා රසවත් එකක්. ෆෙරුසිඕ දිනක් තමන්ගේ ෆෙරාරි රථයේ දෝෂයක් දකින අතර එය විසඳා ගැනීමට තමන්ගේ ආයතනය අසල පිහිටා තිබුන ෆෙරාරි කර්මාන්ත ශාලාවට යන අතර එන්සෝ ෆෙරාරි එනම් ෆෙරාරි ආයතනයේ හිමිකරු ඔහුව හමු වීම ප්‍රතික්ෂේප කරනවා. එයින් කලකිරීමට පත්වන ෆෙරුසිඕ තමන්ගේම මෝටර් රථයක් නිපදවීමට කටයුතු කරනවා.1963 වසරේ ඔහු ඔහුගේම මෝටර් රථ එන්ජිමක් (350 GTV) වෙළදපලට නිකුත් කරන්නට සමත් වෙනවා. එන්ජින් නිපදවන අතරතුර ඔහු ඔහුගේ පළමු මෝටර් රථය වන මියුරා (miura) රථය එළිදක්වනවා.

ඒ වගේම ඔහුගේ ආයතනයේ ලාංජනය පවා ලෝකයේ ඉතා ප්‍රචලිතයි. එය පලකයක හැඩයක් ගන්නා අතර මැද ගවයෙකු සිටිනවා. ඔහු ජීවත්වූ කාලයේ ගව පොර බොහෝ ප්‍රචලිත වුවක් නිසාම ඔහු තමන්ගේ ආයතනයේ සලකුණටද එය ඇතුලත් කර තිබෙනවා. කාලයත් සමග ඇති වූ මුදල් ගැටළු නිසාවෙන් තම ආයතනය ස්විස් ව්‍යාපාරිකයෙකුට විකුණන නමුත් අදත් මෝටර් රථ නිපදවීමේදී ඔහුගේ නම යොදාගන්නවා.

ලැම්බෝගිනි ආයතනයේ නිල ලාංඡනය දැක්වෙන ඡායාරූපයක් (pbs.twimg.com)

ලැම්බෝගිනි ආයතනයේ නිෂ්පාදන

ලැම්බෝගිනි මියුරා (Miura)

ලැම්බෝගිනි ආයතනයේ පළමු මෝටර් රථ නිෂ්පාදනය මෙයයි. මේ රථය නිපදවන කාලයේ ලොව වේගවත්ම රථය (172 පැයට මීටර) මෙය වූවා. මේ නාමය යටතේ P400, P400 S and P400 SV ලෙස මාදිලි කිහිපයක්ම නිකුත් වූ  අතර ප්‍රධාන වශයෙන්ම මේ රථය ක්‍රීඩා රථයක් ලෙස කාණ්ඩ කර තිබෙනවා. අද වෙනකොට මේ රථයක මිල ඇ.ඩො. 500,000ක් පමණ වනවා.

ලැම්බෝගිනි මියුරා රථයේ ඡායාරූපයක් (www.dragtimes.ru)

ලැම්බෝගිනි ගලාර්ඩෝ (Gallardo)

2003 සිට 2013 දක්වා කාලයේ නිපදවන ලද මේ රථය ලැම්බෝගිනි ආයතනයේ වැඩිම මෝටර් රථ ප්‍රමාණයක් එනම් 14,022ක් අලෙවි වී තිබෙනවා. පැයට කිලෝමීටර 309 වේගයෙන් මේ රථය ධාවනය කල හැකි අතර ඉන්ධන ලෙස යොදා ගන්නේ ගුවන් යානා සඳහා භාවිතා කරන ගැසොලින් නම් ඉන්ධනයයි. ඒ වගේම මේ රථය නිපද වූ වසර 10 තුල විවිධ වෙනස්කම් වලින් යුතු රථ නවයක් පමණ නිපදවා තිබෙනවා. මේ රථය අද වන විට ඇ.ඩො. 144,950ක පමණ මිලක් වනවා.

ලැම්බෝගිනි ගලාර්ඩෝ රථයේ ඦායාරුපයක් (www.1zoom.net)

2017 ලැම්බෝගිනි ඇවෙන්ටේඩොර් (AVENTADOR) මෝටර් රථය

ඇ.ඩො. 420,362ක් පමණ මිලක් වන මේ රථයට නැනෝ තාක්ෂණය යොදාගෙන අමුද්‍රව්‍ය නිපදවීම සිදු කර තිබෙනවා. අශ්වබල 621 පමණ වන එන්ජිමක් මේ මෝටර් රථයේ තිබෙනවා. පැයට මීටර 217ක වේගයක් ලබා ගැනීමේ හැකියාවක් මේ මෝටර් රථය සතු වනවා.

ලැම්බෝගිනි ඇවෙන්ටේඩොර් රථයේ ඦායාරුපයක් (i.ytimg.com)

ලැම්බෝගිනි ට්‍රැක්ටර්

මෝටර් රථ පිලිබදව වගේම ලැම්බෝගිනි ආයතනයේ නිපදවන ට්‍රැක්ටර් ගැනත් කතා නොකරම බැහැ. ආයතනය ආරම්භයේදී නිපදවූයේ ට්‍රැක්ටර් රථයි. මුලින්ම යුද රථ යොදාගෙන නිපදවීම කළත් පසුව කොටස් සියල්ල නිපදවීම ආයතනය විසින්ම සිදු කරනු ලැබුවා. 2017 වසර වනවිට Nitro 100, Nitro 110, Nitro 120, Nitro 100 VRT, Nitro 110 VRT, Nitro 120 VRT, 130 VRT යන ට්‍රැක්ටර් ආයතනය නිපදවීම සිදු කරන අතර ට්‍රැක්ටරයක මිල විදිහට ඇ.ඩො. 94,600 පමණ වනවා.

ලැම්බෝගිනි ආයතනය විසින් 2017 හදුන්වාදුන් ට්‍රැක්ටර් රථයක ඦායාරුපයක් (i.imgur.com)

ලැම්බෝගිනි ආයතනය අනාගතයේදී නිපදවීමට සැලසුම් කරන මෝටර් රථය

තුන්වන සහස්‍ර වර්ෂය (third millennium) ලෙස හදුන්වන අනාගත මෝටර් රථය නිපදවීමේදී යොදා ගන්නා තාක්ෂණය දියුණු කිරීම අද වෙනකොටත් ඔවුන් ආරම්භ කර තිබෙනවා. එහිදී ඔවුන් අවශ්‍ය ඉන්දන, අමුද්‍රව්‍ය, වාහන සැලසුම හා ශබ්දය (Energy, Innovation in Materials, Powertrain & Vehicle Architecture, Sound & Emotion) යන කරුණු වලට අදාලව පර්යේෂණයන් සිදු කරනවා . ඒ යටතේ ගැසොලින් ඉන්ධනය වෙනුවට විදුලි බලය යොදා ගැනීමත්, නැනෝ තාක්ෂණය හරහා අමුද්‍රව්‍ය නිපදවා ගැනීමටත් ඔවුන් පර්යේෂණයන් සිදු කරනවා.

ලැම්බෝගිනි ආයතනය අනාගතයේදී නිපදවීමට සැලසුම් කරන මෝටර් රථයේ ඡායාරූපයක් (evnerds.com)

ලංකාවේ ලැම්බෝගිනි වාහන භාවිතය

ඉයුරෝ ස්පෝර්ට් ආයතනය ලංකාවේ ලැම්බෝගිනි වාහන අලෙවි නියෝජිත වනවා. ඒ වගේම ලංකාවේ ලැම්බෝගිනි රථ හිමිකරුවන් සිටින්නේ දෙදෙනෙකු පමණයි. ඉන් එක් අයෙක් වන්නේ ලංකාවේ මෝටර් රථ ධාවන ශුරයෙකු වන ඩිලන්ත මාලගමුවයි. මේ රථයක මිල ලංකාවේදී රුපියල් මිලියන 91ක් පමණ වනවා.

ධාවන ශූර ඩිලන්ත මාලගමුව හා ඔහුගේ ලැම්බෝගිනි රථයේ ඡායාරූපයක් (i.pinimg.com)

තාක්ෂණය අතින් අනාගතයේ ලෝකයේ බලශක්ති අර්බුදයට පවා විසඳුම් සෙවීමට මේ ආයතනය අද වන විට කටයුතු කරන අතර එහි ප්‍රතිපලයන් බුක්ති විදීමේ හැකියාවක් ඔබටත් තිබෙනවා. ඒ වගේම ඉතා ඉහල මිලක් වුවත් කෙනෙකුට මිලදී ගැනීමක් සිදු කිරීමට තරම් සිතෙන මෝටර් රථයක් විදියට ලැම්බෝගිනි මෝටර් රථ හඳුන්වන්න පුළුවන්.

කවරයේ පින්තූරය : i.pinimg.com

Related Articles