Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලාංකිකයන්ට නැතිවම බැරි ආහාර රස කරන කුළුබඩු

අතීතයේ ශ්‍රී ලංකාව බටහිර ජාතින් අතර ප්‍රචලිත වීමට එක් ප්‍රධාන හේතුවක් වුයේ කුළුබඩුය. වෙළදාම ආරම්භ වූ මුල් සමයේ ග්‍රීසිය, රෝමය හා අරාබි රාජ්‍යයන් සමග ලංකාව කුළුබඩු වෙළදාමේ නියැළී ඇත. වර්තමානයේදී පවා ලංකාවේ කෘෂි කාර්මික අපනයනවලින් 56% ක පමණ ප්‍රමාණයක් කුළුබඩු හා ඒ ආශ්‍රිත තෙල් වර්ගවලට හිමිවේ.

කුළුබඩු මගින් ආහාරවල රස, වර්ණය හා කල්තබා ගැනීමේ කාලය වැඩි කරයි. අතීතයේ සිට ශ්‍රී ලාංකිකයන් තම ආහාර රසවත් කිරීමේ උපක්‍රමයක් ලෙස කුළුබඩු යොදා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පවතින දේශගුණ තත්වයන්ට අනුව එම ප්‍රදේශවලට ආවේණික වූ කුළුබඩු වර්ග වගාවන් දැකිය හැක.

ලංකාවේ විවිධ ප්‍රදේශවල වැවෙන සියලුම කුළුබඩු එක් උද්‍යානයක් තුළ වගා කර ඒවා කුළුබඩු උද්‍යාන ලෙස නම් කර ඇති අවස්ථා දැකිය හැක. මෙම කුළුබඩු උද්‍යාන යන සංකල්පය වර්තමානයේ සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමේ උපක්‍රමයක් ලෙසද යොදා ගැනේ.

කුළුබඩු ලෙස සැලකෙන බොහෝ පැළෑටි ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ඔසු නිපදවීමට යොදාගනී. උදාහරණයක් ලෙස ආහාර පිසීමේදී නැතිවම බැරි කරපිංචා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ඔසු නිපදවීමට නිරන්තරයෙන් යොදා ගනී, ආහාර රස කරන කුරුඳු හා කරාබුනැටි දන්තාලේප නිපදවීමට යොදාගනී.

අපි නිතරම පාවිච්චියට ගන්නා කුළුබඩු කිහිපයක් ගැන වැඩි විස්තර මෙම ලිපියේ දැක්වේ.

කරපිංචා

(youtube.com)

මෙය නිවර්තන කලාපිය ප්‍රදේශවල වැවෙන, ඉන්දියාවට හා ශ්‍රී ලංකාවට විශේෂ වූ ශාකයකි. ආහාර සුවඳවත් කිරීමට කරපිචා බහුලව යොදාගනී. ඇතැමුන් කරපිංචා අඹරා ලුණු මිරිසක් ලෙස සකසා දියවැඩියාව හා සිරුරේ නහරවල ඇති තෙල් (කොලෙස්ටරෝල්) ඉවත් කිරීමට ආහාරයට ගනී. මිට අමතරව කොළකැඳ සෑදීමේදී රසය හා ගුණය වැඩි කිරීමටද කරපිංචා භාවිත වේ.

කරාබුනැටි

(draxe.com)

මෙම ශාකයේ මුල් ආරම්භය ඉන්දුනීසියාවේ සිදුවී ඇත. ආහාර සුවඳවත් කිරීමට කරාබුනැටි විශේෂයෙන් යොදා ගනී. මස් මාංශ හා මාළු වර්ග සදහා කරාබුනැටි අනිවාර්යෙන් එකතු කිරීම ලාංකිකයන්ගේ සම්ප්‍රදායක් බවට පත් වී ඇත. එළවලු වර්ග පිසීමේදී කරාබුනැටි යොදාගන්නේ ඉතා සුළු වශයෙනි.

කරාබුනැටි වෙළදාමේ යෙදී සිටින ප්‍රධාන රටවල් ලෙස ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, පකිස්ථානය හා මැඩගස්කරය හැදින්විය හැක. ලංකාවේ කඳුකර ප්‍රදේශවල වැවෙන මෙම ශාකය තෙත් කලාපයේ වඩා හොඳින් ව්‍යාප්ත වේ. මිට අමතරව ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ඔසු නිපදවීමට හා තෙල් නිපදවීමටද කරාබුනැටි යොදා ගනී.

කහ

(stylecraze.com)

මෙය කහ පැහැයෙන් යුතු අල ලෙස දැකිය හැකිය. ආහාර වර්ණ ගැන්වීම සදහා කහ ප්‍රධාන වශයෙන් යොදා ගනී. බොහෝ මස් මාළු හා එළවලු පිසීමේදී කහ ස්වල්පයක් යෙදීමෙන් වර්ණය හා රස වැඩි කිරීමට හැකිය. මීට අමතරව මුහුණට ගල්වන ආයුර්වේද ක්‍රීම් නිෂ්පාදනයට කහ සුලබව යොදාගන්නා අතර විෂබීජ නාශකයක් ලෙසද යොදාගනී. නිවර්තන කලාපීය රටවල හොඳින් වැවෙන මෙම පැලෑටිය ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම වගා කළ හැක.

ගම්මිරිස්

(finedininglovers.com)

සුදු, කළු හා කොළ පැහැයෙන් ගම්මිරිස් දැකිය හැක. ගම්මිරිස් වැල් ලෙස දැකිය හැකි අතර තරමක් මිලෙන් වැඩි කුළුබඩු ගණයට අයත් වේ. ලෝකය පුරා වැඩියෙන්ම වෙළඳාම් වන කුළුබඩු වර්ගයක් ලෙස ගම්මිරිස් හැදින්විය හැක.

ආහාර වල සැර වැඩි කරගැනීමට භාවිත කරන මෙය මිරිස් වෙනුවටද යොදාගත හැක. මස් මාංශ හා මාළු පිසීමේදී ගම්මිරිස් එක් කර ගැනීමෙන් ඒවාගේ රසය වැඩිකර ගත හැක. මීට අමතරව ගම්මිරිස් තෙල් සෑදීමට හා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ඔසු නිපදවීමටද යොදාගනී. අායුර්වේද දන්තාලේපවල මෙය නැතිවම බැරි අංගයකි.

කුරුඳු

(spiceparadise.lk)

කුළුබඩු අපනයනයේ ප්‍රධාන ස්ථානයක් කුරුඳුවලට හිමිවේ. කුරුඳු ශාකයේ ඇතුළත පොත්ත කුරුඳු ලෙස ලබා ගනී. ආහාරවල සුවද වැඩි කරගැනීමට කුරුඳු එකතු කරන අතර බහුලව අතුරුපස වර්ග, බීම, මද්‍යසාරමය පාන නිෂ්පාදනයේදී යොදාගනී.

බොහෝ දෙනා මස් මාංශ පිසීමේදී වැඩි රසක් හා සුවඳක් ලබා ගැනීමට කුරුඳු භාවිත කරයි. ලෝකය පුරා අලෙවි වන ඉතා ඉහළ තත්වයේ කුරුඳු මෙන්ම ලෝකයේ කුරුඳු නිෂ්පාදනයෙන් 70%කටත් වැඩි ප්‍රතිශතයක් අපනයනය කරන්නේ ශ්‍රී ලංකාවෙනි.

එනසාල්

(food.ndtv.com)

ලෝකයේ වඩාත් මිල අධික කුළුබඩු අතර තුන්වන ස්ථානය එනසාල්වලට හිමිවේ. මෙය කුළුබඩුවක් මෙන්ම රස කාරකයක් ලෙසද භාවිත කරයි.

බොහෝවිට විදේශිකයින් මෙය තේ හා කෝපි රස ගැන්වීමට යොදා ගනී. මෙම ශාකය ඉන්දියාව, පකිස්ථානය, නේපාලය, භූතානය, හා බංගලාදේශය යන රට වලට ආවේණික වේ. එළවලු වර්ග පිසීමේදී එනසාල් භාව්තය ඉතා සුළු වශයෙන් සිදුවන අතර මස් මාංශ පිසීමේදී බහුලව භාවිත කරයි.

සාදික්කා හා වසාවාසි

(foodal.com)

කුළුබඩු ලෙස යොදාගන්නා සාදික්කා යනු සාදික්කා ගෙඩිය තුළ ඇති බිජයයි. මෙම බීජය වටා රතු පැහැයෙන් යුතු ආවරණයක් දක්නට ලැබෙන අතර එය වසාවාසි ලෙස හඳුන්වයි. මස් මාංශ පිසීමේදී මේ දෙකම බහුලව භාවිත කරයි.

ඉඟුරු

(stylecraze.com)

කුඩා පඳුරක් වටා අල ලෙස ඉඟුරු වර්ධනය වේ. ආහාර පිසීමේදී කුඩා ඉඟුරු කැබැල්ලක් තලා දැමීමෙන් එහි රසය වැඩි කර ගත හැක. මෙයද බොහෝ විට යොදා ගන්නේ මස් මාංශ හා මාළු පිසීමේදී ය.

විවිධ පානයන් නිෂ්පාදනයට හා ආයුර්වේද වෛද්‍ය සත්කාර සදහා ඉඟුරු බහුලව යොදාගනී. මෙම පැළෑටිය උතුරු චීනයේ ප්‍රථමයෙන් හට ගත් අතර පසුව අනෙක් ආසියාතික රටවලටද ව්‍යාප්ත විය.

කොත්තමල්ලි

(inside.lk)

ශ්‍රී ලාංකික අපිට නැතිවම බැරි “තුනපහ” නැමැති මිශ්‍රණය සකසා ගැනිමට කොත්තමල්ලි අවශ්‍ය වේ. කොත්තමල්ලි, සුදුරු හා මහදුරු එකට කවලම් කර අඹරා ගැනීමෙන් මෙම මිශ්‍රණය සකසා ගනී. සෑම ආහාරයක් පිසීමේදීම පාහේ තුනපහ එකතු කිරීමට ලාංකිකයෝ අමතක නොකරති.

මිරිස්

(alibaba.com)

ආහාර පිසීමේදී නිරන්තරයෙන් භාවිත වන මිරිස්, ආහාරවල පැහැය, රසය හා සැර වැඩි කිරීමට උපකාරී වේ. මේවා  ප්‍රධාන ලෙස වර්ග දෙකකින් හඳුනාගත හැක.

  • අමු මිරිස් – කොළ පැහැයෙන් යුතු මේරු මිරිස් කරල්
  • වියළි මිරිස් – හොඳින් ඉදුණු පසු වියළා ගන්නා ලද මිරිස්. වියළි මිරිස් රතු පැහැයෙන් යුතු වේ.

වියළි මිරිස් සිහින් වන ලෙස අඹරා මිරිස් කුඩු සකස් කර ගනී. මිරිස් නොයෙදූ ශ්‍රී ලාංකික අාහාර වේලක් නැති තරම්ය.

කවරයේ පින්තුරය – bookings.lk

මුලාශ්‍ර :

  1. lanka.com
  2. srilankabusiness.com
  3. srilankafood.net
  4. srilanka.travel

Related Articles