Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අපායට ඇතුළු වෙන්න ගේට්ටු තිබෙන බව ඔබ දන්නවා ද?

පාසල් යන අවධියේ ඉදලම අපි කවුරුත් අපාය කිවුවම බයයි. ඒ වගේම අපි හැමෝම මරණෙන් පස්සේ  කැමති දිව්‍ය ලෝකේ යන්න. කොහොම වුනත් අද මේ ලිපියෙන් කියන්නේ තරමක් රසවත් ඒ වගේම පුදුම හිතෙන කාරණයක් ගැනයි.

ලෝකයේ සමහර රටවල ජනතාව තරයේම විශ්වාස කරන දෙයක් තමයි අපායට යන්න ගේට්ටු තියනවා කියන කාරණය. ඒ වගේම ඔවුන්ගේ ජනකතා හා ඉතිහාස කතා වල මෙවැනි සිදුවීම් වාර්තා වෙනවා. මෙවැනි ගේට්ටු 17ක් පමණ තිබෙන බවයි සඳහන් වෙන්නේ. ලෝකයේ බොහෝ රටවල් මෙම ස්ථාන කෙරෙහි තදබල විශ්වාසයක් තියෙනවා.

මොන වගේ ස්ථාන වල ද අපායට ඇතුළු වන ගේට්ටු පිහිටලා තියෙන්නේ?

junglijunkie.com(හෙක්ලා කන්ද , අයිස්ලන්තය)

මෙම ගේට්ටු වැඩි වශයෙන්ම පිහිටලා තියෙන්නේ අසාමාන්‍ය භූගෝලීය ක්‍රියාකාරම් සිදු වන ස්ථාන වල වගේම විල්, ගල් ගුහා, ගිනිකඳු ආදිය සිදු වන ස්ථාන වලයි. බොහොමයක් පුරාණ කතාවන් වල මෙන්ම එසේ අපායට ඇතුළු වන ගේට්ටු ලෙස ප්‍රසිද්ධියක් දරන ස්ථාන ගැන නිරීක්ෂණය කල විට ද මෙම කාරණය හොඳින්ම තහවුරු වනවා.

ග්‍රීක පුරාණ කතාවල සඳහන් අපායේ ගේට්ටු

(Therichest.com),Cape Matapan, Greece

මේ ආකාරයේ දොරවල් තුළින් පවුකාරයන් අපායට ඇදගෙන යන බවට ග්‍රීක සාහිත්‍ය ජනකතා වල බොහෝ ස්ථාන සඳහන් වෙනවා. අපායට අධිපති ලෙස සඳහන් වන ග්‍රීක දෙවියන් වන්නේ හදිස් ය. මොහු විසින් ඉතාලියට අයත් සිසිලි දුපතේ දී පෙර්සෙෆෝන් නමැති දෙවඟනක් පැහැර ගනු ලැබුවා. ඉන් අනතුරුව ඇයව කන්දක් දෙකඩ කරමින් අපායට රැගෙන ගොස් තිබෙන බව ග්‍රීක ඉතිහාස කතා වල සඳහන් වෙනවා. මෙසේ සඳහන් වන පෙර්සෙෆෝන් දෙවඟන වන්නේ සියුස් නමැති දෙවියාගේ දියණියයි.

ග්‍රීක ඉතිහාස කතා පුවත් වල සඳහන් වන තවත් කතා පුවතක් වන්නේ, ඔර්ෆස් නමැති කීර්තිමත් සංගීතවේදියා සම්බන්ධවයි. මොහුගේ බිරිඳ වන්නේ යුරිඩයිස්‌ නමැති කාන්තාවකි. මැයගේ මරණෙන් පසු ඔර්ෆස් නැතිනම් ස්වාමිපුරුෂයාට දැන ගැනීමට ලැබෙන්නේ බිරිඳ පොළොව ‌යට පිහිටා තිබෙන්නා වූ ලෝකයට ගොස් ඇති බවයි. බිරිඳ සොයා අපායට යන මොහු ඒ සඳහා භාවිතා කර තිබෙන ගේට්ටුව ලෙස වාර්තා වන්නේ ග්‍රීසියේ දකුණු ප්‍රදේශයට වන්නට පිහිටා තිබෙන ෆිලොපානිස් නමැති අර්ධද්වීපයේ ගේට්ටුව යි. ඉන් අනතුරුව ඔහුගේ මියුරු සංගීතයෙන් බිරිඳගේ සිරුර කුල්මත් කොට පණ දීමට උත්සාහ කළ බවට ද සඳහන් වනවා.

අපායට ගිය ග්‍රීක වීරවරයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් අයෙකු වන්නේ හර්කියුලිස්‌ ය. ඔහු ද භාවිතා කර තිබෙන්නේ පිලොපොනිස් අර්ධද්වීපයේ තිබෙන ගේට්ටුවයි.

අපායේ විස්තර සොයා සංචාරය කිරීම

Lake Avernus, Italy (via blog.travplante.com)

අපායේ වග විස්තර සොයා බලන්නට සංචාරය කළ දෙදෙනෙක් ගැන වාර්තා වෙනවා. ඒ යුලිසිස් හා ආයනියස්‌ නමැති දෙදෙනායි. ආයනියස්‌ ග්‍රීක දෙවි යුවළකගේ පුතෙකුයි. ඒ වගේම යුලිසිස් ලෙස හඳුන්වන්නේ ඔඩිසි කියන වීර කාව්‍යයේ එන ප්‍රධාන චරිතයයි. මෙම වීර කාව්‍ය හෝමර් විසින් ලියන ලද්දකි. ආයනියස්‌ අපායට තොරතුරු සෙවීමට ඇතුළු වී තිබෙන්නේ ඉතාලියේ නේපල්ස් මුහුදු බොක්කේ පිහිටි අවෙර්නස්‌ විලේ ගේට්ටුවකි. ඒ වගේම යුලිසිස් අපායට ඇතුළු වන්නේ ග්‍රීසියේ පිහිටි ඇචිරන් විලේ තිබුණු ගේට්ටුවෙනි.

(via wikimedia.com )(ඇචිරන් විල, ග්‍රීසිය)

මධ්‍යතන යුගයේ අපායේ ගේට්ටු හා බැඳී ඉතිහාස කතා

reporter.lk(එට්නා ගිනිකන්ද, සිසිලිය)

ග්‍රීක යුගයේදී පමණක් නොවේ රෝම යුගයේ දී පවා අපායේ ගේට්ටු සම්බන්ධයෙන් සඳහන් වනවා. ඒ අතර ලුකාස්‌ කර්ටියස්‌ නමැති රෝමන් සොල්දාදුවගේ කතාව ප්‍රසිද්ධය. මෙම යුගයේ ජනකතා අනුව මෙම නිර්භීත සොල්දාදුවා අපායට ඇතුළු වී තිබෙන්නේ රෝමයේ පෞර රාජ්‍ය මධ්‍යයේ තිබුණු ගේට්ටුවකිනි. අශ්වයෙකුගේ පිටේ අපායට ගිය මොවුන් ඇතුළු වූ විගසම මරණයට පත් වී තිබෙන බව දැක්වෙනවා. සිසිලියේ එට්නා ගිනි කන්ද මඟින් මෙන්ම අයිස්ලන්තයේ හෙක්ලා කන්ද මඟින් ද  අපායට යෑමට හැකි බවට එරට ජනතාව විශ්වාස කරනවා.

මධ්‍ය කාලීන යුගයේ ඉතාමත් ජනප්‍රිය අපා ගේට්ටුව

(via mapio.net)  (පැට්‍රික් සාන්තුවරයාගේ පව් සමා කරන ස්ථානය, අයර්ලන්තය)

ක්‍රි.ව 5 වන ශතකයේ දී පමණ ශාන්ත පැට්‍රික් නමැති කතෝලික භක්තිකයාට ක්‍රිස්තුස් වහන්සේ දර්ශනය වී තිබෙනවා. එසේ පෙනී සිටි ක්‍රිස්තුස්වහන්සේ ගල් ගුහාවක් ද පෙන්වා තිබෙනවා. අයර්ලන්තයේ පිහිටි මෙය පසුකාලීනව ජනප්‍රිය වී තිබෙන්නේ පැට්‍රික් සාන්තුවරයාගේ පව් සමා කරන ස්ථානය විදිහට යි. ඒ වගේම වර්තමාන අයර්ලන්ත වාසීන්ගේ මතය වන්නේ මෙම ස්ථානය අපායට ඇතුළු වීමට තිබෙන ස්ථානයක් බවයි.

චීනයෙන් වාර්තා වන අපා ගේට්ටුව

twitter.com(ෆෙන්ගු යකුන්ගේ නගරය, චීනය )

වසර 1800 කට පෙර ස්ථාපිත කරන ලද සුසාන භූමියක් චීනයේ ෆෙන්ගු පළාතේ පිහිටා තිබෙනවා. යකුන්ගේ නගරය ලෙස ද හඳුන්වන මෙය යට කොට විශාල ජලාශයක් අද වන විට ඉදි කර තිබෙනවා.

නිකරගුවාව

(Therichest.com)(Masaya Volcano, නිකරගුවාව)

මධ්‍යම ඇමරිකාවේ නිකරගුවා හි පිහිටි අපායට ඇතුළු වන ගේට්ටුව වන්නේ Masaya Volcano යි. නැතිනම් Masaya නමැති ගිනි කන්ද යි. මෙහි කෙටි නම ලෙස සඳහන් වන්නේ අපායට ගේට්ටුව යන්නයි. 16 වන සියවසේ දී පමණ එරට ආදිවාසීන් මෙන්ම ස්පාඤ්ඤ ආක්‍රමණිකයන් විසින් බියට පත් වී තිබෙනවා. ඒකාධිපතියෙකු වන ඇනාස්ටසියෝ සෝමෝසා ගාර්ෂියා සිරකරුවන් හා දේශපාලන සතුරන් හෙලිකොප්ටර් වලින් මෙම ගිනියම් වළට දමා තිබෙනවා. නමුත් 2003 වසරේ දී සිට මෙමඟින් නොනවත්වාම සල්ෆර් වායුව හා දුම නිකුත් කරනවා.

පෙන්සිල්වේනියාව

(panoramio.com)(පෙන්සිල්වේනියාව Seven Gates of Hell)

පෙන්සිල්වේනියාවේ ද Seven Gates of Hell නමින් හැඳින්වෙන ස්ථානයක් තිබෙනවා. ඇමරිකාවේ වොෂිංටන් ඩී. සී. නමැති නගරයේ සිට නිව්යෝක් නගරයට යන පාරේ ටික දුරක් ගමන් කරන විට මෙම ස්ථානය හමු වෙනවා.

මෙහි දී වනාන්තර ප්‍රදේශයක නිරාවරණය වූ ගේට්ටු හතක් ඇති බවත්, එම ගේට්ටු හත හරහා ගමන් කරන ඕනෑම අයෙක් හේඩීස් මුණගැසෙන ලෙස ගමන් කෙරෙන බවත් ඔවුන් විශ්වාස කරනවා.

ඔසෝර් කන්දජපානය

via hisgo.com (ඔසෝර් කන්ද, ජපානය)

ජපන් දූපතක් වන හොන්ෂු හි ඊසාන දිග පැත්තෙන් පිහිටි ෂිමොටා අර්ධද්වීපයේ මැද පිහිටි ඔසෝර් කන්ද ලෙස හැඳින්වෙන කැල්ඩෙරා ගිනිකන්ද පිහිටා තිබෙනවා. එය 1787 දී අවසන් වූ නමුත්, එය තවමත් “ගිනිමය කන්ද” ලෙස හැඳින්වෙනවා. Mount Osore යන්නෙ හි තේරුම ජපන් භාෂාවෙන්  Mount Fear යන්නයි. එනම් භයානක කන්ද යන්නයි.

වෙනත් ගේට්ටු

tuualvintage.com (මෙක්සිකෝවේ, The Mayan Cenotes)

මීට අමතරව තවත් අපායට ඇතුළත් විය හැකි යැයි සැලකෙන ගේට්ටු විශාල ප්‍රමාණයක් ගැන විවිධ රටවලින් වාර්තා වෙනවා.

තුර්කියේ The Ploutonion, Turkmenstan හි Darvaza Crater, චෙස් ජනරජයේ  13 වන ශත වර්ෂයේ දී පමණ වනාන්තර වලින් වට වී ඇති හුණුගල් කන්දක ස්ථාපිත කර තිබෙන houska Castle, මෙක්සිකෝවේ The Mayan Cenotes, වසර 1300ක් පමණ පැරණි යකඩ ඔක්සයිඩ් හා උණු වතුර වලින් යුත් රතු පැහැයට හැරෙන ජපානයේ chinoike jigoku නැතිනම් bloody hell pond, Guatemala හි Candelaria ගුහා සහ ප්‍රංශයේ The Catacombs ද මේ ආකාරයට අපායට ඇතුළු වන ගේට්ටු තිබෙන බව දැක්වෙනවා.

කවරයේ පින්තුරය: via nationalgeographic.com

Related Articles