Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව බලවත්ම පුද්ගලයාගේ නිළ වාසස්ථානය – ධවල මන්දිරය

ලෝකයේ බලවත්ම පුද්ගලයා ලෙස හැඳින්වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති තුමයි. ඒ වගේම ඔහුගේ නිළ වාසස්ථානය හා සේවා ස්ථානය වන්නේ වොෂින්ටන් නගරයේ පෙන්සිල්වේනියා වීදියේ පිහිටා තිබෙන ධවල මන්දිරයයි.

වාස්තු විද්‍යාව

ධවල මන්දිරය සඳහා ගෘහ නිර්මාණ කරුවෙකු තෝරා ගැනීමට මෝස්‌තර නිර්මාණ තරඟයක් පැවැත් වුණා. යෝජනා 9ක් ලැබූ තිබුණු අතර තෝමස් ජෙෆර්සන්ගේ යෝජනාවද ඒ අතර නිර්නාමිකව ලැබී තිබුණා. 1791 මැයි මාසයේදී පමණ ජනාධිපති වොෂින්ටන් දකුණු කරෝලිනාහි සංචාරයක යෙදුණා. එහි දී ජේමිස් හෝබාන්ගේ නිර්මාණයක් වූ චාර්ල්ස්ටන් කවුන්ට් උසාවිය නිර්ක්ෂණයට යොමු වුණා. අනතුරුව ජනපති අයර්ලන්ත ජාතිකයෙකු වූ හොබන්ව ෆිලඩෙල්ෆියාවට කැඳවා හමු වුණා. ඒවගේම ෆෙඩරල් කොමසාරිස්වරුන් මොහුගේ ඉදිරිපත් කිරීම් තෝරා ගනු ලැබුවා.

ධවල මන්දිරයේ ඉදිකිරිම

zmetravel.com ( ඉදිකිරීම් අතරතුර)

ධවල මන්දිරයේ ඉදිකිරීම් විධිමත් උත්සවයකින් තොරව ආරම්භ වුණා. ඒ 1792 ඔක්තෝම්බර් 13 වන දිනයි. මෙහි වැඩ සිදු බොහොමයක් සිදු කරනු ලැබුවේ සංක්‍රමණිකයන් විසිනි. මෙම පුද්ගලයන් එරට පුරවැසිභාවය වත් ලබා ගෙන නොතිබුණා. නමුත් ප්‍රධාන මන්දිරයේ හා එහි අත්තිවාරම ඉදිකරනු ලැබුවේ වහලුන්, නිදහස් – අප්‍රිකානු ඇමරිකානු කම්කරුවන් හා යුරෝපීය සේවකයන් අතිනි. වැලිගල් බිත්ති ඉදිකරණු ලැබුවේ ස්කොට්ලන්තයේ සංක්‍රමණිකයන් විසිනි. මෙම පුද්ගලයන් හොබාන් විසින් බඳවා ගත් බව දැක්වෙනවා. ඒ වගේම ප්‍රථම අදියරයේ කටයුතු සඳහා ගත වූ කාලය අවුරුදු 8කට වඩා අධිකයි. ඇමරිකානු ඩොලර් 232,371.83 පමණ වටිනාකමක් එකළ වියදම් වී තිබෙනවා. ඒ වගේම හේතුවෙන් ප්‍රංශ ඉංජිනේරු පියරේ චාල්ස් එල්’එන්ෆන්ට් නිර්මාණය කරන ලද සැලසුම කිසියම් වෙනසකට භාජනය කරනු ලැබුවේ එතරම් විශාල මන්දිරයක් ගොඩනැගීම සඳහා කම්කරුවන් හා ගොඩනැගිලි ද්‍රව්‍ය හිග වීම හේතුවෙනි.

ධවල මන්දිරය යන නාමය හිමි වීම

මුල් කාලයේදී ජනාධිපති මාලිගාව, ජනාධිපති මන්ධිරය හා ජනාධිපති නිවාසය යන නම් භාවිතා කළා. 1901 තියඩෝර් රූස්වෙල්ට් ජනාධ්පති විසින් ධවල මන්දිරය ලෙස නම් කළා. ඒ වන තෙක් විධායක මැදුර යන නම භාවිතා කර තිබෙනවා.

පදිංචිය හා ප්‍රතිසංස්කරණ

commons.wikimedia.org(ටුමන් බාහිර බිත්ති සඳහා වානේ සැකිලි ඉදිකරමින්)

ගොඩනැගිල්ලේ පදිංචි වූ පළමු වන ජනපති වන්නේ ජෝන් ඇඩම්ස් ය. ඒ 1800 වර්ෂයේ නොවැම්බර් මස පළමුවැනි සෙනසුරාදා දිනයි.

අනතුරුව මෙහි පදිංචියට පැමිණියේ තෝමස් ජෙෆසන් ජනාධිපති තුමායි. ඔහු එරට තෙවන ජනාධිපති තුමායි. මෙතුමා බෙන්ජමින් හෙන්රි ලැට්රෝබ් නමැති වාස්තු විද්‍යාඥයා සමඟ පිටතින් කණු පෙළක්  ඉදිකිරීම් සිදු කළා. එයට හේතුව ඉස්තාලය හා ගබඩාගාරය සැඟවීම යි.

1812 වර්ෂයේ යුද කටයුතු ආරම්භ වූ අතරම 1814 දී මන්දිරයට ද ගිනි තබනු ලැබුවා. අනතුරුව  1824 දී පමණ දකුණු පෝටිකෝවත්, 1829 උතුරු පෝටිකෝවත් එකතු කරණු ලැබුවා.

1901 වර්ෂයේදී පමණ ජනපති තියඩෝර් රූසේවෙල්ට් කාර්යාලයන් අලුතින් ඉදිකරන ලද බටහිර කොටසේ සංස්ථාපනය කරනු ලැබුවා. පසුකාලීනව ජනාධිපති විලියම් හොවර්ඩ් ටාෆ්ට් බටහිර කොටස විශාල කරනු ලැබූ අතරම ඕවලාකාර කාර්යාලයක් නිර්මාණය කළා.

ඒ වගේම හැරී එස්මන්ටු ජනාධිපතිගේ වකවානුවේ දී අභ්‍යන්තර කාමර සියල්ල සම්පුර්ණයෙන්ම ගලවා ඉවත් කරනු ලැබුවා. බිත්ති ඇතුලතින් බර දරන්නා වූ වානේ සැකිලි අලුතින් නිර්මාණය කළා. ඒ වගේම ඇතුළත කාමර ද ඉදි කරනු ලැබුවා.

මීට අමතරව තවත් ජනාධිපතිවරුන් ඔවුන්ගේ පාලන කාලය තුළ දී විවිධ එකතු කිරීම් වෙනස් කිරීම් සිදු කර තිබෙනවා. මෑත කාලීනව කරන ලද සිදු කිරීම් සඳහා උදාහරණ ලෙස 2013 වසරේදී ප්‍රථම වරට ජනාධිපති බැරක් ඔබාමා විසින් සිය නිළ නිවසට සූර්ය පැනල එකතුවක් සවි කරනු ලැබුවා.

වර්තමානයේ ධවල මන්දිරය

justjared.com (ජනාධිපති ආර්යා මිචෙල් ඔබාමාගේ කාබනික උද්‍යානය)

වර්තමාන ධවල මන්දිරය තට්ටු 6කින් පමණ යුක්ත වනවා. ඒ සඳහා වර්ග අඩි 55000ක වපසරියක් හිමි වෙනවා. විධායක නිවාසය, බටහිර හා නැගෙනහිර කොටස්, කාමර 132 කුත්, නාන කාමර 35 කුත්, දොරවල් 412 කුත්, ජනෙල 147 කුත්, උදුන් 28 ක්, තරප්පු පෙළවල් 8ක්, විදුලි සෝපාන 3ක්, පුර්ණකාලීන අරක්කමියන් 5ක්, ටෙනිස් අංගනයක්, පන්දු යැවීමේ පථයක්, චිත්‍රපට රඟහලක්, දිවීමේ පථයක් මෙන්ම පිහිනුම් තටාකයකින්ද සමන්විත වනවා.

විධායක නිවාසය කාර්යන් කිහිපයක් සඳහා යොදා ගනු ලබනවා. ජනපතිගේ වාසයට, උත්සව අවස්ථා වලට, රාජකාරි විනෝදාංග වලට යොදා ගනු ලබනවා. ප්‍රධාන මහල රතු කොළ හා නිල් වලිනුත්,නැගෙනහිර කාමරයෙනුත් පවුලේ කෑම කාමරය, හරස් ශාලාව, පිවිසුම් ශාලාව අදින් යුක්ත වනවා. බිම් මහල පිළිගැනීමේ උත්සවය, චීන කාමරය, සිතියම් කාමරය, පුස්තකාලය, ප්‍රධාන මුළුතැන් ගෙය ආදිය මුලිකවම පිහිටා තිබෙනවා.දෙවන මහලේ නැගෙනහිර බටහිර විසිත්ත ශාලාවත්, මන්දිරයේ ප්‍රධාන නිදන කාමරය, ජනපතිගේ කෑම කාමරය, ගිවිසුම් කාමර ආදිය මුලිකවම තිබෙනවා. තෙවන මහලේද ක්‍රීඩාගාරය, ලිනන් කාමරය, මුළුතැන් ගෙය හා තවත් විසිත්ත කාමරයක්  ආදිය තිබෙනවා. මීට අමතරව මෙහිදී සඳහන් නොකළ තවත් ස්ථාන කිහිපයක් මෙහි අන්තර්ගත වෙනවා.

බටහිර කොටසේ ජනාධිපති කාර්යාලය පිහිටා තිබෙනවා. එමෙන්ම ජනාධිපතිගේ ජේෂ්ඨ කාර්ය මණ්ඩලයේ කාර්යාලද මෙම ස්ථානයේද තිබෙනවා. ඒවායේ පනස් දෙනෙකුට පමණ ප්‍රමාණවත් ඉඩකඩ තිබෙන බවත් දැක්වෙනවා. එමෙන්ම කැබිනටි මණ්ඩල රැස්වීම් පවත්වන කැබිනට් කාමරයකින්, හදිසි අවස්ථා කාමරය, ජේම්ස් එස්. බ්‍රැඩ් පුවත්පත් සාකච්ජා කාමරය හා රූස්වෙල්ට් කාමරය යන ආදියෙන් සමන්විත වෙන බව දැක්වෙනවා. 2010 වසරේදී පමණ මහල් කිහිපයකින් යුත් භූගත ගොඩනැගිල්ල ඉදිකිරිම ආරම්භ වූ නිසා ජනාධිපති විධායක කාර්ය මණ්ඩලයෙන් කොටසක් ස්ථාන දෙකකට මාරු කරනු ලැබුවා. ඒ පැරණි විධායක කාර්යාල ගොඩනැගිල්ලටත් එයිසෙන්හවර් නමැති විධායක කාර්යාල ගොඩනැගිල්ලකටත් මාරු කෙරුණා.

ධවල මන්දිරයේ ප්‍රථම කාබනික උද්‍යානය නිර්මාණය කිරීමේ හැකියාව හිටපු ජනාධිපති ආර්යා මිචෙල් ඔබාමාට උදා වුණා. පාසල් දරු දැරියන්ගේ උදවු ඇතිව මෙය පවත්වාගෙන යනු ලැබුවා. ඒ වගේම දකුණු පිට්ටනියේ මී වද සංස්ථාපනය කරණු ලැබුවා. පවුලේ හා රාත්‍රී භෝජන සංග්‍රහයන් සඳහා යොදා ගනු ලැබුවේ එසේ ස්ථාපනය  කරන ලද ඒවායි.

කවරයේ පින්තුරය: libertynews.com

Related Articles