Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පිරිමින්ට පුළුවන් දේ කාන්තාවන්ටද පුළුවන් බව පෙන්වන කාන්තා ක්‍රිකට්

පිත්තෙන් හා පන්දුවෙන් කරන ක්‍රීඩා රාශියක් ලෝකය පුරා ව්‍යාප්තව පවතිනවා.ක්‍රිකට් යනු එකී ක්‍රීඩා අතරින් ලොව පුරා මහත් ජනප්‍රිය ක්‍රීඩාවක් , ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ආදරය කරන ප්‍රේක්ෂක පිරිසක් නිර්මාණය වී ඇත්තේ ඒ නිසා වෙන්මයි. නමුත් බොහෝ දෙනෙක්ට හුරුපුරුදු ක්‍රිකට් පිරිමි පාර්ශවයේ ක්‍රීඩාවක් ලෙසයි.නමුත් ක්‍රිකට්, පිරිමි පාර්ශවය හා සමානව කාන්තා පාර්ශවයද ක්‍රීඩා කරනවා.මේ වනවිට එංගලන්තයේ කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය පැවැත්වෙනවා. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ද කණ්ඩායමක් ඉදිරිපත් වී සිටිනවා.

කාන්තා ක්‍රිකට් ලෝලිනියන් – sundaytimes.lk

ඉතිහාසය

ලෝකය තුල  කාන්තා ක්‍රිකට් තරඟාවලියකට අදාලව පවතින අතීතම සාක්ෂිය සපයන්නේ The Reading Mercury පුවත්පතයි. ඒ 1745 ජූලි මස 26 වැනි දිනකයි.එනම් මිට වසර 263කට පමණ පෙරයි. පුවත්පත ට අනුව එංගලත්යේ සරේ ප්‍රාන්තයේ ගුල්ඩ්ෆෝර්ඩ් නගරයට යාබද ගොස්ඩේන් හීදීය. Bramley හා  Hambledon යන කණ්ඩායම් දෙක අතර මෙම තරඟය පවත්වා තිබෙනවා. Bramley කණ්ඩායම හිසට නිල් පැහැති පටියක් හා Hambledon කණ්ඩායම හිසට රතු පැහැති රිබන් පටියක් යුතුව සුදු පැහැති ඇදුමකින් සැරසී මෙම තරඟයට සහභාගී වී තිබෙනවා. මෙහිදී Bramley කණ්ඩායම ලකුණු 119 හා Hambledon කණ්ඩායම ලකුණු 127 වාර්ථා කර තිබෙනවා.

Game of passion crowd trouble was not unknown at matches. CREDIT: BRIDGEMAN IMAGES

අන්තර්ජාතික තරඟ ඉතිහාසය

ප්‍රථම කාන්තා ටෙස්ට් ක්‍රිකට් තරඟය

ලොව ප්‍රථම කාන්තා ටෙස්ට් ක්‍රිකට් තරඟය පවත්වා තිබෙන්නේ එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර 1934 දෙසැම්බර් මාසයේ වන අතර ඒ එංගලන්තයේ බ්‍රිස්බන් හීදීය.තුන් දින තරඟයක් ලෙස පැවති මෙම තරඟය කඩුලු 9කින් ජය ගත්තේ එංගලන්ත කාන්තා කණ්ඩායමයි.

ප්‍රථම කාන්තා එක්දින ක්‍රිකට් තරඟය

ප්‍රථම කාන්තා එක්දින තරඟය පවත්වා ඇත්තේ 1973 දී ලොව ප්‍රථම කාන්තා එක්දින තරඟයේ කොටසක් ලෙස එංගලන්තයේ දී වන අතර මෙහිදී එංගලන්ත කණ්ඩායම හා ලෝක කුසලානයට නොතේරුණු රටවල් වල ක්‍රීඩිකාවන් 11 දෙනෙකුගෙන් යුක්ත වූ  International XI  කණ්ඩායම් අතරයි.2016 ඔක්තෝම්බර් මස 13 දකුණු අප්‍රිකාව හා නවසීලන්තය අතර පවතී තරඟය වාර්තා පොත් අතර ලියවුනේ 1000 වෙනි කාන්තා එක්දින තරඟය ලෙසයි.

ලෝක කුසලාන තරඟ ඉතිහාසය

පිරිමි ප්‍රථම ක්‍රිකට් ලෝක කුසලානයට දෙවසරකට පෙර කාන්තා ප්‍රථම ක්‍රිකට් ලෝක කුසලානය එංගලත්යේදී පවත්වා තිබෙනවා.මෙම තරඟාවලිය ජය ගෙන ඇත්තේ එංගලන්තය වන අතර එතැන් පටන් පැවති ලෝක කුසලාන තරඟාවලි 10 කින් එංගලන්තය තරඟාවලි තුනක් ද ,ඔස්ට්‍රේලියාව තරඟාවලි 6ක් ද නවසීලන්තය එක් තරඟාවලියක් ද ජයග්‍රහණය කර තිබෙනවා.

තුන් වැනි වතාවටත් එංගලන්තයට පැමිණි ලෝක කුසලාන කාන්තා තරඟාවලිය

එංගලන්තය මෙවර මෙම කුසලානයට සත්කාරකත්වය ලබා දෙන්නේ තුන්වන වතාවටයි.11 වන වතාවට පැවැත්වෙන ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියට කණ්ඩායම් 8ක් ඉදිරිපත් වෙනවා.ශ්‍රේණිගත වීම වල ඉහළින්ම සිටින කණ්ඩායම් 4 මෙයට ඉබේම සුදුසුකම් ලබන අතර අනෙකුත් කණ්ඩායම් හතර තෝරාගනු ලැබුවේ පසුගිය පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකාවේ පැවති තෝරාගැනීමේ තරග වලිනුයි.මේ අනුව මෙම තරගාවලියට සහභාගි වන කණ්ඩායම් අට වන්නේ ඕස්ට්‍රේලියාව ,එංගලන්තය ,නවසීලන්තය ,බටහිර ඉන්දීය කොදෙව්වන් , ඉන්දියාව ,දකුණු අප්‍රිකාව , ඉන්දියාව ,පකිස්තානය හා ශ්‍රී ලංකාවයි.මෙම තරගාවලිය වෙනුවෙන් එංගලන්තයේ ක්‍රීඩාංගන පහක් සුදානම්ව පවතිනවා.අවසාන මහා තරගය පැවැත්වෙන්නේ ලෝර්ඩ්ස් ක්‍රීඩාංගනයේ වන අතර මූලික වටයේ තරග 27 අර්ධ අවසාන තරග 2 හා අවසාන මහා තරගය සමගින් තරග 30ක් මෙම තරගාවලියට ඇතුලත් වනවා.මේ වනවිට ලෝක කුසලාන කිරුළ දරන්නේ ප්‍රබල ඕස්ට්‍රේලියානු (2013 ) පිලයි.

ලෝක කුසලානය 2017 (icc-static-files.s3.amazonaws.com )

එංගලන්තේ යන ශ්‍රී ලංකා කණ්ඩායම

මෙවර තරගාවලිය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවෙනුත් ප්‍රබල කණ්ඩායමක් ඉදිරිපත් වෙනවා.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන පරිදි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම  මෙවර තරගාවලිය තුළ පෙරළියක් කරුණු ඇති බවට ඔවුන් බලාපොරොත්තු වෙනවා.ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේදී  තරග හතකට මුහුණදීමට නියමිතය. එනම් ජුනි 24 දා නවසීලන්තය සමග බ්‍රිස්ටල්හිදීත් ජුලි 29 වැනිදා ඕස්ට්‍රේලියාව සමඟ බ්‍රිස්ටල් හි දීත් ජූලි 2 වැනිදා එංගලන්තය සමග ටෝන්ටන්හිදීත් ජුලි 5 වැනිදා ඉන්දියාව සමඟ ඩාබිහි දීත් ජුලි 9 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමඟ ඩාබිහිදීත් ජුලි 12 වැනිදා දකුණු අප්‍රිකාව සමඟ ටෝන්ටන්හිදීත් ජුලි 15 වැනිදා පාකිස්ථානය සමඟ ලෙෂ්ටර්ෂයර්හිදීත් ය.

ඉනෝකා රණවීර (නායිකාව), ප්‍රසාදිනී වීරක්කොඩි (උපනායිකාව), ශෂිකලා සිරිවර්ධන, චමරි අතපත්තු, ඒශානි ලොකුසූරිය, ඩිලානි මනෝදරා, ශ්‍රීපාලි වීරක්කොඩි, උදේශිකා ප්‍රබෝධනී, නිපුනි හංසිකා, හංසනී පෙරේරා, ඕෂධී රණසිංහ, හර්ශිතා මාධවී, අමා කාංචනා, චමරි පොල්ගම්පළ, චන්දිමා ගුණරත්න හා අතිරේක ක්‍රීඩිකාවන් ලෙස ඉනෝශි ප්‍රනාන්දු හා හංසිමා කරුණාරත්න මෙවර ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වනවා.

පුහුණුකරු ලෙස හේමන්ත දේවප්‍රිය මහතා පත් කර ඇත. එම කණ්ඩායමේ මානසික සංවර්ධන නිලධාරි ලෙස මහාචාර්ය රන්ජිත බණ්ඩාර මහතා හා ඩයන් ගෝමස් මහතා ක්‍රියා කරන අතර, කණ්ඩායම් ක්‍රීඩිකාවන්ගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව දිලිප් ද සිල්වා මහතා අධීක්ෂණය කරනු ලබනවා එසේම මෙහි දී දඟ පන්දු සහාය පුහුණුකරු ලෙස ඕෂධී වීරසිංහ මහත්මිය ක්‍රියා කරන අතර, වේග පන්දු පුහුණුකරු ලෙස රවීන්ද්‍ර පුෂ්පකුමාර මහතා ද, පන්දු රැකීමේ පුහුණුකරු ලෙසින් ලංකා ද සිල්වා මහතා ද රාජකාරියේ නිරත වනු ඇත.

Sri lanka Cricket – -wikimedia.org

මෙ වන විට ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින්නේ ප්‍රභල ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමයි.ඒ තරඟ 3 න් 3ම ජයගෙන දළ ලකුණු වේගය + 1.110 තබා ගනිමිනුයි.දෙවෙනි ස්ථානයේ ඔස්ට්‍රේලියාව සිටින අතර පැවති තරඟ තුනම පරාජයට පත්වූ ශ්‍රී ලංකා පිල ලකුණු සටහනේ පසුවන්නේ 6 වන ස්ථානයේයි. තත්ත්වය එසේ වුවද, මෙම තරඟාවලියේ ඔස්ට්‍රේලියාව හා පැවති තරඟයේ දී   ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ  චමරි අතපත්තු නොදැවී ලකුණු 178 ලබා ගත්තේ ක්‍රිකට්  ඉතිහාස පොත වෙනස් කරමිනි. ඇගේ දස්කම් මෙසේ වාර්ථාගත විය:

*කාන්තා ක්‍රිකට් තරඟ ඉතිහාසයේ ක්‍රීඩිකාවක් ලබා ගත් තුන්වන ඉහළම ලකුණු ප්‍රමාණය

*කාන්තා ක්‍රිකට් තරඟ ඉතිහාසයේ තරඟයක එක් පිලක  සම්පුර්ණ ලකුණු සංඛ්‍යාවෙන් එක් ක්‍රීඩිකාවක් රැස් කල ඉහළම   ලකුණු ප්‍රතිශතය (69.26%)

*කාන්තා ක්‍රිකට් තරඟ ඉතිහාසයේ ක්‍රීඩිකාවක් තම සම්පුර්ණ ලකුණු ප්‍රමාණයෙන් වැඩිපුරම ලකුණු ප්‍රමාණය 4 පහරවල් හා 6 පහරවල් වලින් රැස් කිරීමට හිමි වාර්තාව ( ලකුණු 178 න් 124 ක්ම එසේ රැස් කරගෙන තිබුනි ).

පවතින තත්ත්වය හමුවේ තවදුරටත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ට මෙම තරඟාවලිය තුල බලාපොරොත්තු තබා ගත හැකි වෙතැයි ඔබ සිතනවා ද?

කවරයේ පින්තුරය – indiatimes

Related Articles