Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගෙවුණු සතියේ ලෝවටා 

ගෙවුණු සතියේ ලෝවටා වාර්තා වූ සිදුවීම් තිහිපයකි මේ.

යුක්රේනයෙන් ඉවත් වන ලෙස එක්සත් ජාතීන් රුසියාවෙන් ඉල්ලයි

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් වසරකට පසු රුසියා හමුදා යුක්රේනයෙන් ඉවත් කර සටන අවසන් කරන ලෙසින් ගෙන ආ යෝජනාවට පක්ෂව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී ඡන්ද 144ක් ලැබි ඇත. යෝජනාව “පුළුල්, සාධාරණ සහ කල්පවත්නා සාමයක්” ඉල්ලා සිටි අතර එය “ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා සැලකිය යුතු දායකත්වයක් සපයනු ඇතැ”යි ද විශ්වාස කෙරේ.  

6.8ක ප්‍රබල භූමිකම්පාවකින් ගම්බද ටජිකිස්තාන් පෙදෙසකට හානි

චීනයට මායිම්ව පිහිටි සාරෙස් විල අසල ඇති වූ 6.8ක ප්‍රබල භූමිකම්පාවකින් ගම්බද ටජිකිස්තාන් පෙදෙසකට හානි සිදු ව ඇතැයි වාර්තා වේ. ඉන් කිසිදු ජීවිත හානියක් තව ම වාර්තා වී නොමැත. බ්‍රහස්පතින්දා අලුයම 5:37 ට මෙම භූමිකම්පාව ඇති වූයේ චීනයේ ෂින්ජියැන්ග් පළාතේ මායිම අසල මුර්ගෝබ් සිට කිලෝමීටර 65ක් පමණ බටහිර දෙසින් බව යුරෝපීය-මධ්‍යධරණි භූ කම්පන මධ්‍යස්ථානය පවසයි.

තලෙයිබාන් ඇෆ්ගනිස්ථානයෙන් පරිත්‍යාගශීලීන් ‘ඉවතට’  

නව වාර්තාවකට අනුව කාන්තා අධ්‍යාපනය සහ රාජ්‍ය නොවන සංවිධානවල වැඩ කිරීම සඳහාකාන්තාවන්ට පනවා ඇති තලේබාන් සීමා කිරීම් මධ්‍යයේ ඇෆ්ගනිස්ථානයට පැසැපයෙන ආධාර කප්පාදු තව දුරටත් සිදු වනු ඇතැයි  අනතුරු ඇඟවීම් මතු ව තිබේ.

චීනයේ ගල් අඟුරු ආකරයක් කඩා වැටී 6ක් මරුට:47ක් අතුරුදහන්  

  උතුරු චීනයේ ගල් අඟුරු ආකරයක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයන් 47 දෙනෙක් අතුරුදහන් වී ඇති බව වාර්තා වේ. දිවි ගලවා ගත් අය සෙවීමේ කටයුතු නවතා දැමීමෙන් පසු ගලවා ගැනීමේ මෙහෙයුම් නැවත ආරම්භ වූ බව රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කළේ ය.  

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින්නන් ගලවා ගැනීමේ මෙහෙයුමක් 

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රඳී සිටින අභ්‍යවකාශගාමීන් දෙදෙනෙක් සහ නාසා ගගනගාමියෙක් පෘථිවියට රැගෙන ඒම සඳහා රුසියාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත මුදා ගැනීමේ කැප්සියුලයක් යවා ඇත. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ක්ෂුද්‍ර උල්කාපාතයක් ගැටීම නිසා එහි බාහිර රේඩියේටරයක් සිදුරු ව සිසිලනකාරක කාන්දු වීම නිසා හට ගත් හදිසි තත්ත්වය නිසා මෙම මුදා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණි.

යුදෙව් ජනාවාසවල නව නිවාස 7,000 ක් හදන්න ඊශ්‍රායල ආණ්ඩුවේ අනුමැතිය

බටහිර ඉවුරේ යුදෙව් ජනාවාසවල නව නිවාස 7,000 කට අධික සංඛ්‍යාවක් ඉදි කිරීමට ඊශ්‍රායෙල් අන්ත දක්ෂිණාංශික ආණ්ඩුව අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ. පලස්තීන ඉඩම්වල ඊශ්‍රායල ජනාවාස ඉදිකිරීම දැඩි ලෙස විවේචනය කරමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ප්‍රකාශයක් සම්මත කිරීමෙන් දින කිහිපයකට පසුව මෙම පුවත වාර්තා විය.

පැපුවා හි ඇති වූ කෝලාහලයෙන් 9ක් මරුට : ආරක්ෂාව තර කරයි

ඉන්දුනීසියානු ආරක්ෂක හමුදා පැපුවා හි නැඟෙනහිර දෙසින් පිහිටි වමේනා නගරයේ ආරක්ෂාව තර කර ඇති අතර, ළමයෙකු පැහැරගෙන ගොස් ඇති බවට පැතිර යන කටකතා හේතුවෙන් ඇති වූ කෝලාහලයේදී පුද්ගලයින් 9 දෙනෙකු මිය යාම එයට හේතු වී ඇති බව වාර්තා වේ. තත්වය පාලනය කිරීම සඳහා පොලිසිය සහ හමුදාව ඇතුළු ආරක්ෂක නිලධාරීන් 200 කට වැඩි පිරිසක් යොදවා ඇති බව පොලිසිය පවසයි.

Related Articles