Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පරිගණක ක්‍රීඩා මානසික රෝගයකට මුල ද ?

පරිගක ක්‍රීඩාවලින් මනසට අහිතකර බලපෑමක් සිදුවන බවට ලෝකයේ ප්‍රසිද්ධ මතයක් පවතිනවා. පසුගිය වසරේ වාර්තා වුණු සිදුවීමක් නිසාවෙන් මේ කතාබහ තවත් දුරටත් පැතිරෙන්නට හේතු වුණා. Call of Duty ක්‍රීඩාවෙන් පරාජයට පත් තරුණයෙකු, තමන්ගේ මිතුරාට උල් ආයුධයකින් ඇන තුවාල සිදුකිරීම මෙම සිදුවීම යි. මේ එක සිදුවීමක් පමණ යි. ලංකාවේ එතරම් සුලබ නොවුණත්, අනෙක් රටවල මෙවැනි සිදුවීම් වාර්තා වෙද්දී විශේෂයෙන්ම ඒ හා සබැඳි පරිගණක ක්‍රීඩා පිළිබඳව සඳහන් වූ අවස්ථා එමට යි. 2018 වසරේ මෙවැනි සිදුවීම් බහුල ව සිදුවුණු වසරක් ලෙසින් සඳහන් වෙනවා.

2018 මෙවැනි සිදුවීම් බහුලව සිදුවුණු වසරක්- cnn.com

සමහර ක්‍රීඩාවන්වල ඇති ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් ඔස්සේ කෙනෙකුගේ මනස විකෘති කර, ප්‍රචණ්ඩත්වය සාමාන්‍ය දෙයක් බවට පත් කරන්න හේතු වෙන බව මේ මතය දරන පිරිසේ අදහස යි. ඒ වගේම මේ ක්‍රීඩාවන් හරහා සංවේදී බව අඩු වීමටත්, ඉක්මනින් තරහ යාමේ තත්ත්වයන් ඇති වන්නට පුළුවන් බවත් ඔවුන් අතර තවත් මතයක්. කෙසේ වෙතත්, එය එසේ නොවන බවට මතයන් හුවා දක්වන්නන් සඳහන් කරන්නේ එලෙසින් මනස විකෘති වේ නම් මීට වඩා අතිශය ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් ඇති විය හැකි බව යි.

පසුගිය දිනෙක ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් video game ක්‍රීඩා කිරීම තුළින් ඇතිවන කැළඹිලි සහගත තත්ත්වය මානසික රෝගයක් ලෙස නම් කිරීමට කටයුතු කර තිබෙන බව වාර්තා වුණා.රෝග පිළිබඳ ජාත්‍යන්තර වර්ගීකරණයේ (International Classification of Diseases) 11 වන සංස්කරණය අනුව (ICD 11) මෙම තත්ත්වය ද රෝගයක් ලෙස ගණන් ගැනෙනවා. මෙය ක්‍රියාත්මක වෙන්නේ 2022 සිට යි.

මෙහි රෝග ලක්ෂණ ලෙසින් ඔවුන් හඳුන්වන්නේ සිය දෛනික කටයුතුවලින් බැහැරව පරිගණක ක්‍රීඩාවල නිරත වීම, දැඩි ලෙස ඇබ්බැහි වීම නිසාවෙන් ක්‍රීඩා නොකර සිටිය නොහැකි වීම ආදී ලෙසින්. කෙසේ නමුත් Entertainment Software Association මේ තීරණය වෙත දැඩි ලෙස විරෝධතාවය පලකරනවා. ඔවුන්ගේ නිල වෙබ් අඩවිය  හරහා  නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය මේ තීරණය වහාම අවලංගු කළ යුතු බව යි. නමුත් මෙම වර්ගීකරණයට gaming disorders ඇතුළත් කිරීමට පෙර ඔවුන් විවිධ රටවල් ගණනාවක් ඇසුරෙන් ද ජන කණ්ඩායම් අතර ද පර්යේෂණ සිදු කර, ඒ මඟින් ලැබුණු තොරතුරු අනුව එම වර්ගීකරණයට මෙය ඇතුළත් කර ඇති බව WHO පෙන්වා දෙනවා.

මේ හා සමානවම සමහර රටවල් ඇතැම් පරිගණක ක්‍රීඩා තහනම් කිරීම, සහ ක්‍රීඩා කිරීමට කාල සීමාවන් පැනවීම් පසුගිය මාස කිහිපය පුරාවටම වාර්තා වුණා. උදාහරණයක් ලෙස ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ PUBG ක්‍රීඩාව තහනම් කිරීම සහ එය නොතකා ක්‍රීඩාවේ යෙදුනු පිරිසක් ගුජරාට් පොලිසිය අත්අඩංගුවට ගෙන, පසුව ඇප මත නිදහස් කිරීම හඳුන්වන්න පුළුවන්. Hindustan times වෙබ් අඩවියේ මේ පුවත පල වී තිබුනේ ‘Demon in every house’: 10 arrested in Gujarat for playing PUBG යන සිරස්තලයත් සමග යි. ගුජරාට් ප්‍රාන්තයේ රජය මේ තීරණය ගෙන තිබුනේ ළමයින් පාඩම් වැඩ පසෙක ලා මේ ක්‍රීඩාවේ නිරත වන බව දෙමව්පියන් සහ අධ්‍යාපන බලධාරීන් නැගු මැසිවිලි නිසාවෙන්.

මේ වර්ගීකරණය යටතේ video game play කරන සියළුදෙනා මෙම වර්ගීකරණය යටතේ මානසික රෝගීන් ලෙස නොසැළකෙන බවත්, මේ අතරින් ඉතාමත් සුළු පිරිසක් පමණක් මානසික රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බවත් ලෝක සෞඛ්‍යය සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙනවා. වෘත්තියක් ලෙසින් දියුණු වන මේ ක්‍රීඩාවන්, අනාගත ඔලිම්පික් තරග සඳහාත් එකතු වීමට නියමිත නමුත්, මේ වර්ගීකරණයට එකතු වීම පරිගණක ක්‍රීඩාවන්වල දිශානතියට යම් බලපෑමක් එල්ල කරනු ඇති බව නම් නොරහසක්.

මූලාශ්‍රයයන්:

Wccftech.com

Hindustantimes.com

Technews.lk

Who.int

Androidauthority.com

Youtube.com

Cover - Wccftech.com  

Related Articles