Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව මිල අධිකම කෑම වර්ග

ලෝකයේ කෑම වර්ග එක එක මිල ගණන් යටතේ අපිට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් මෙම ලිපියෙන් කියන්නේ මිලදී ගැනීමට තරමක් අපහසු මිලෙන් අධිකම කෑම වර්ග කිහිපයක් ගැනයි. මේ කෑම වර්ගවල තියෙන තවත් එක් විශේෂත්වයක් වන්නේ ඇතැම් විට තරමක් මිලෙන් අධික අමු ද්‍රව්‍ය යොදා ගැනීමයි.

මිලෙන් අධිකතම බර්ගර් වර්ගය – Le Burger Extravagant

wearandcheer.com

ලොව ඉහළම මිලකට අලෙවි වන බර්ගර් වර්ගය නම් කරලා තියෙන්නේ ‘ලී බර්ගර් එක්ස්ට්‍රාවැජන්ට්’ (Le Burger Extravagant ) කියල යි.  ඒ වගේම අමෙරිකා ඩොලර් 295 කට පමණ මෙය අලෙවි කරනු ලබනවා. ලී බර්ගර් එක්ස්ට්‍රාවැජන්ට් හැදීමේ ගෞරවය හිමි වන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පිහිටලා තිබෙන සෙරෙඩිපිටි – 3 (Serendipity 3) කියන ආපනශාලාවට යි. මේ සඳහා ජපන් එළදෙනුන්ගේ මස්, ජේම්ස් මොන්ට්ගෝමරි චීස්, බදින ලද බිත්තරයක් හා තවත් රසකාරක වර්ග යොදා ගනු ලබන බව සඳහන් වෙනවා.

මිලෙන් අධිකතම අතුරු පස වර්ගය – Frrrozen Haute Chocolate

yelp.com

ඇමෙරිකා ඩොලර් 25,000කට පමණ අලෙවි වන ලොව මිලෙන් වැඩිම අතුරුපස සෑදීමේ හිමිකම ලැබෙන්නෙත් සෙරෙඩිපිටි – 3 (Serendipity 3) කියන ආපනශාලාවට යි. ඒ වගේම මෙය නම් කරලා තියෙන්නේ “Frrrozen Haute Chocolate” කියල යි. මේ තරම් අධික මිලකට අලෙවි කිරීමට හේතුව ලෙස සඳහන් වන්නේ ආහාරයට ගත හැකි රත්‍රං සහ දියමන්ති ස්වල්පය බැගින් අතුරුපසට එකතු කර තිබීම නිස යි. ඒවගේම කොකෝවා වර්ග 28ක් පමණ මේ සඳහා යොදා ගන්නා බව ද දැක්වෙනවා. එයින් 14 ක්ම ලොව ඉහළම මිලකින් යුක්ත කොකෝවා වන අතර 2007 වසරේ දී මෙය හඳුන්වා දී තිබෙනවා. මෙහි තිබෙන තවත් සුවිශේෂීතාවයක් වන්නේ එය ආහාරයට ගැනීම සඳහා පිළිගන්වනු ලබන්නේ රනින් කරන ලද, දියමන්ති ඔබ්බවන ලද හැන්දක් සමඟ වීම යි.

මිලෙන් අධිකතම  වෑංජනය – The Samundari Khazana

zovon.com

අමෙරිකානු ඩොලර් 3200කට පමණ අලෙවි වන “සමුන්දරී ඛසානා’’ නැතිනම් ලොව මිලෙන් අධිකම වෑංජනය මිලදී ගැනීමේ හැකියාව තිබෙන්නේ එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර පිහිටි බොම්බේ බ්‍රසීරි (Bombay Brasserie) නමැති ආපන ශාලාවෙන් ය. මෙම වෑංජනයේ නමේ අරුත විදිහට සැලකෙන්නේ ‘මුහුදු ආහාර නිධානය’ යන්නයි. ඒ වගේම මෙම නමේ අර්ථයට ගැලපෙන ආකාරයටම මුහුදු ගොලුබෙල්ලන්, පොකිස්රිස්සන්, කකුළුවන්, සුදු සුවඳ හතු, බිත්තර මෙන් ම, ආහාරයට ගත හැකි රත්‍රං ද භාවිතා කරමින් සමුන්දරී ඛසානා සකස් කරනු ලබනවා.

මිලෙන් අධිකතම සුප් වර්ගය – The Buddha Jumps Over the Wall

dentistvscheff.wordpress.com

එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර කයි මේෆෙයාර් (Kai Mayfair) ආපන ශාලාව විසින් ලොව මිලෙන් අධිකම සුප් වර්ගය සකස් කරනු ලබනවා. මෙලෙස සකස් කරන ලද සුප් බඳුනක මිල අමෙරිකානු  ඩොලර් 190ක් පමණ වෙනවා. නමුත් යම් අයෙක් මෙම සුප් එක මිල දී ගැනීමට බලාපොරොත්තු වන්නේ නම්, දින පහකට පමණ පෙරාතුව ඇනවුම ආපන ශාලාවට භාර දිය යුතු වනවා. මෝර වරල්, ජපානයේ නිෂ්පාදිත හතු, මුහුදු කැකිරි, කකුළුවන්, කුකුළු මස්, ඌරු මස්  ආදිය යොදා ගෙනයි මෙය සකසනු ලබන්නේ.

මිලෙන් අධිකතම සැන්ඩ්විච් වර්ගය

barcroft.tv

මිලෙන් ඉහළම සැන්ඩ්විච් වර්ගය සකසනු ලබන්නේ සෙරෙඩිපිටි – 3 (Serendipity 3) නම් ආපන ශාලාව යි. සැන්ඩ්විච් පෙත්තක මිල අමෙරිකා ඩොලර් 214ක් පමණ වන බව සඳහන් වනවා. මේ සඳහා දුර්ලභ ගණයේ චීස් වර්ගයකුත්, රත්‍රන් ආදිය ද යොදා ගනු ලබනවා. ඒ වගේම මෙවැන්නක් ආහාරයට ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් පැය 48ක ට පෙර ඇනවුම භාර දිය යුතු වනවා.

මිලෙන් අධිකතම හොට් ඩෝග්

huffingtonpost.com

මිලෙන් අධිකතම හොට් ඩෝග් සකස් කොට ගිනස් වාර්තාව තබා තිබෙන්නේ අමෙරිකාවේ වොෂිංටන් නුවර ටෝකියෝ ඩෝග් ටුක් ඉන් සියැට්ල් ආපන ශාලාව යි. මෙවර හොට් ඩෝග් එකක මිල වශයෙන් දැක්වෙන්නේ අමෙරිකා ඩොලර් 169 ක් වශයෙනුයි. මෙහි මිල වැඩි වීමට හේතුව වී තිබෙන්නේ මිලෙන් අධික අමුද්‍රව්‍ය භාවිතා කිරීමයි. නමුත් හඳුන්වා දුන් මුල්ම දවසේ කොතරම් මිල අධික වුනත් මෙම වර්ගයේ හොට් ඩෝග් 6ක් පමණ අලෙවි වී තිබෙනවා.

මිලෙන් අධිකතම පීසා

simstract.com

ලොව මිල අධිකම පීසා වර්ගය නිපදවනු ලබන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර ඇති ඉන්ඩස්ට්‍රීස් කිචන් (Industries Kitchen) නමැති ආයතනය මඟිනු යි. මේ සඳහා බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත ඉහළ ම වර්ගයේ චීස් වර්ග, ප්‍රංශයේ නිෂ්පාදිත රසකාරක ආදිය ද ආහාරයට ගත හැකි රත්‍රං ද භාවිතා කර තිබෙනවා. ඒ වගේම මෙම වර්ගයේ පීසා එකක මිල අමෙරිකා ඩොලර් 2700 පමණ බව සඳහන් වනවා. මෙම පීසා වර්ගය හඳුන්වා දී තිබෙන්නේ පසුගිය අප්‍රේල් මාසයේදී යි.

මිලෙන් අධිකම හැම්

en.wikipedia.org

මිලෙන් අධිකතම හැම් වර්ගය සකස් කරනු ලබන්නේ ස්පාඤ්ඤයේ ඩෙහෙසා මලඩුවා නමැති ආයතනය විසිනු යි. ඒ වගේම මෙය නිෂ්පාදනය කරනු ලබන්නේ විශේෂයෙන්ම ඇති දැඩි කරන ලද ඌරන්ගේ මස් වලින් බවද සඳහන් වනවා. මෙම ඌරන් ඉතාමත් සෞඛ්‍ය ආරක්‍ෂිත ආකාරයට ඇති කරන බව වාර්තා වනවා. වසර තුනකට ආසන්න කාලයක් ඇති දැඩි කරන මෙම සතුන්ට ආහාර ලෙස ලබා දෙන්නේ ඕක් ගස්වල ගෙඩි සහ මුල් වර්ග පමණක් වනවා. මොවුන්ගෙන් ලබා ගන්නා මස් වසර 6ක් පමණ පදම් කරනු ලබනවා. මේ විදිහට සකස් වෙන හැම් රාත්තලක් අමෙරිකා ඩොලර් 180ක් පමණ මුදලකට අලෙවි කරනු ලබනවා.

කවරයේ පින්තූරය: globalintergold.info

Related Articles