Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බිතුසිතුවමින් හැඩවුණු දළදා මංගල්ලය

අගෝස්තුවේ ආරම්භ වන ඇසළ කාලය මහනුවර දළදා මැඳුරට සුවිශේෂයි. වාර්ෂික ඇසළ මංගල්ලයට මහනුවර පමණක් නොවේ, රටම සූදානම් වෙනවා. ඇසළ පෙරහර බලන්නත් දළදා වහන්සේ වැඳපුදා ගන්නත් විශාල පිරිසක් මහනුවරට එක් වෙනවා.

දළදා මාළිගය පූජනීය ස්ථානයක් සේම උඩරට කලා ශිල්පය අදට හෙළිදරව් කරනා කේන්ද්‍රස්ථානයක් වශයෙන් ද වැදගත්. එදා උඩරට බිතුසිතුවම්වල අලංකාරය වගේම උඩරට දැව සහ ශෛලමය කැටයම් කලාවටත් අනගි උදාහරණ මින් සැපයෙනවා. එහෙත් පැමිණෙන වැඩිදෙනෙක් මෙම කලාකම් දෙස අවධානය යොමු නොකිරීම කනගාටුවට කරුණක්. ඔවුන් තුළ ඒ ගැන උනන්දුව දැල්වීම මෙහි අරමුණක්.

පූජනීය දළදා මැදුරට අප ඇතුළු වන්නේ මහවාහල්කඩ පසුකර අඹරාව මැදින්. අඹරාව කියන්නේ දළදා වහන්සේ වැඩසිටින මාලිගා භූදියට ඇතුළු වන ප්‍රවේශයයි. එය අලංකාර කර තිබෙන්නේ සමන් මල්වට්ටි අතින් ගත් මොහොට්ටාලවරු දළදා පුදට යන ආකාරය දක්වන සිතුවම්වලින්. මෙම සිතුවම් 1930 දශකයේ අලුත්වැඩියා කරවන ලද බව සඳහන්.

දළදා මැදුර පේන මානයේ පිහිටා තිබෙන්නේ පල්ලේ මාලේ විහාරයයි. දළදා මාලිගාවට යන බැතිමතුන් මේ විහාරය වැඳපුදා ගන්නවා. එහි දොරවල් පවා අලංකාර සිතුවම්වලින් සරසා තිබෙනවා.

බෝධිසත්ත්වයන් වහන්සේ සූවිසි විවරණය මෙම විහාරයේ ප්‍රධාන සිතුවම් තේමාවක්.

දෙල්ගමුවේ සඟවා තිබූ දළදා වහන්සේ මහනුවරට වැඩමවාගෙන විත් රජ මැඳුර අසලම දළදා මාලිගය තැනූ විමලධර්මසූරිය රජුගේ (1592-1604) සිතුවමක් ද මෙහි දක්නට ලැබෙනවා.

පරිහානියට පත්ව තිබූ බුදුදහම යළිත් නඟාසිටුවීමට නැවත උපසම්පදාව රැගෙනවිත් විශාල මෙහෙයක් කළ වැලිවිට සරණංකර හිමියන්ගේ සිතුවම පල්ලේමලේ විහාරයේ ඇති සුවිශේෂී බිතුසිතුවමක්.

දෙමහල් දළදා මාලිගයේ යටිමහලේ පිටත සිවිලිමේ දැව මත ඇඳි විශිෂ්ට බිතුසිතුවම් එදා කලාකරුවාගේ හැකියාව කදිමට විදහා පෙන්වනවා.

රන් වියනින් අලංකාර වූ දළදා මාලිගයේ ඉහළ මාලය ලාක්ෂා (ලාකඩ) අලංකරණයෙන් යුත් බීරලු වැටකින් සමන්විතයි.

දැව පේකඩ මත ඇඳි දළදා පෙරහර දැක්වෙන සිත්තම මෙහි පැරණිම බිතුසිතුවමක්.

උඩරට රාජධානිය ස්ථාවර කර දළදා පූජාවට මුල් තැනක් දුන් විමලධර්මසූරිය රජුගේ (විමලදහම් රජතුමා) සිත්තමක් දළදා මාලිගයේ ද ඇඳ ඇත්තේ මෙලෙසයි.

හංසපූට්ටුව, නෙලුම් මල, ලියවැල, කඩුපුල් මල සහ සිංහයා යනු උඩරට කලා ශිල්පියාගේ ප්‍රියතම සැරසිලි මෝස්තරයි. මේ දළදා මාලිගාවේ ඒ මෝස්තර නිර්මාණය වූ අවස්ථාවක්.

මල්ලව පොර උඩරට රාජධානියේ ජනප්‍රිය ක්‍රීඩාවක්.

එකල බෞද්ධ පූජනීය ස්ථාන කරවා පූජා කළේ ඒවා ඉර හඳ පවතිනා තෙක් පැවතීමටයි. පහළ මාලයේ බිත්තිවල ඇඳ ඇති ඉර හඳ රූ ඒ බව පැහැදිලි කරනවා.

දළදා මාලිගය ප්‍රතිසංස්කරණයට ද දායක වූ කීර්ති ශ්‍රී රාජසිංහ රජු බුදුදහමට කළ සේවය විශාලයි

කිඳුරා එකල කලා ශිල්පියා ඉතා ප්‍රියකළ මෝස්තරයක්.

මතු බුදුවන බවට බෞද්ධයන් විශ්වාස කරන මෛත්‍රී බෝසතුන්

මහා බ්‍රහ්මයා උඩරට ශිල්පීන් දුටුවේ මෙලෙසයි.

සදෙව් ලොවට අධිපති ශක්‍ර දෙවියන්

සියලු පින්තූර රචකයා විසිනි

Related Articles