Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඩොක්ටර් හැනිබල් හෙවත් මිනීමස් කන්නා

‘ඩොක්ටර් හැනිබල්‘ කියන නම කියවිට විටත්, ඔහු ගැන දන්නා උදවියට හිතට නැගෙන්නේ කිසියම් චකිතයක්. ඔබ මෙතෙක් ඔහු ගැන නොදැන හිටියා නම්, අදින්පසු ඔබටත් ඒ හැඟීම එලෙසින් ම දැනෙනු ඇත.

හැනිබල් යනු?

තෝමස් හැරිස්  (www.taringa.net)

හැනිබල් යනු නවකතාවක එන ප්‍රබන්ධ චරිතයකි. තෝමස් හැරිස් විසින් රචිත රෙඩ් ඩ්‍රැගන් නවකතාව තුළින් මුල්වරට එළිදැක්වෙන හැනිබල් චරිතය, පාඨකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් වේ. එහි ජනප්‍රියතාව කෙතෙක් ද කිවහොත් මෙම චරිතය බිහි වන්නේ 1981 තරම් ඈත වකවානුවක දී වන අතර වර්තමානය දක්වා ම එකී චරිතයට හිමි ආකර්ණය බිඳක් හො අඩු වී නොමැත. හැනිබල් යනු අනෙකුත් කතාන්දරවල මෙන් සාමාන්‍ය අපරාධකරුවකු නොවේ. සැබවින් ම ඔහු අපරාධ මනෝ වෛද්‍යවරයකි. බුද්ධිමතෙකි. ඊටත් අතිවිශේෂ කාරණය නම් මිනිමස් අනුභව කරන්නෙකු වීම යි. එසේ ම ඔහු විසින් ආහාරයට ගනු ලබන මිනිසුන්ගේ ඉතිරි ශරීර කොටස් වලින් නිර්මාණයක් සිදු කිරීම ද මෙහි ත්‍රාසජනකභාවට තීව්‍ර කරවයි.

හැනිබල් නවකතා

රෙඩ් ඩ්‍රැගන් කෘතිය (www.goodreads.com)

තෝමස් හැරිස් විසින් මෙම හැනිබල් චරිතය පාදක කරගනිමින් නවකතා හතරක් නිර්මාණය කර ඇත. ඉන් මුල් ම රචනය වන්නේ රෙඩ් ඩ්‍රැගන් කෘතිය යි. ඒ 1981 දී ය. FBI නියෝජිතයකු වන විල් ග්‍රැහැම්, කුරිරු මිනීමරුවෙකු විසින් සිදුකරන ඝාතන සම්බන්ධයෙන්, මනෝ වෛද්‍ය සායනයකට එක්වෙමින් අදාල අත්දැකීම් ඩොක්ටර් හැනිබල් සමග බෙදා ගන්නා අතර අවසානයේ දී අදාළ වැරදිකරු හැනිබල් ම බවට විල් විසින් සොයා ගන්නා අතිශය ත්‍රාසජනක වූත් – උද්වේගකර වූත් නවකතාවක් වන මෙය පාඨකයා අතර අතිශය ජනප්‍රියත්වයට පත් විය.

ද සයිලන්ස් ඔෆ් ද ලෑම්බ්ස් කෘතිය (www.goodreads.com)

ඉන්පසුව 1988 දී   ද සයිලන්ස් ඔෆ් ද ලෑම්බ්ස් නමින් තවත් හැනිබල් කෘතියක් හැරිස් විසින් එළිදක්වන ලදී. එහි දී ඔහු සිර කඳවුරක සිරගත කර සිටින අතර එෆ්.බී.අයි පුහුණු නිලධාරිනියක වන ක්ලැරිස් විසින් ‘බෆලෝ බිල්‘ නමින් හැදින්වෙන මිනීමරුවකු හසු කරගැනිමට හැනිබල්ගේ සහාය ලබා ගැනීම මෙම කතාවේ දී නිරූපණය වේ. කෙසේ වෙතත් මෙම කතාව අවසානයේ දී අදාල සිර කදවුරින් පැන යාමට හැනිබල් සමත් වේ.

හැනිබල් කෘතිය (www.goodreads.com)

1999 දී හැනිබල් නමින් ම එහි තෙවන කෘතිය ද 2006 දී හැනිබල් රයිසින් නමින් එහි සිව්වන කෘතිය ද හැරිස් විසින් එළිදක්වන අතර එහි විශේෂත්වය නම් මෙහි දී හැනිබල්ගේ ළමා කාලය සම්බන්ධයෙන් රචනා කර තිබීම යි. එනම් ඔහු එවැනි පුද්ගලයකු බවට පත් වූයේ කෙසේ ද යන්න යි. වාර්තා වන ආකාරයට මෙය සිනමා කෘතියක් සදහා ම කරන ලද රචනාවක් වන අතර මෙහි දී කුඩා කළ දී ම හැනිබල් සහ ඔහුගේ සොහොයුරිය මිෂ්කා අනාථයින් බවට පත්වන ආකාරයත්, දෙවන ලෝක යුද්ධයේ දී නාසි සෙබළුවන් විසින් ඔවුන් දෙදෙනා අල්ලා ගැනීමෙන් අනතුරුව ඔහුගේ ඇස් පනාපිට ම ඇයව ඝාතනය කරනු ලබයි. එපමණක් නොව ඉන්පසු ඔවුන් විසින් ඇයගේ මාංශ අනුභව කරන අතර ම ඒවා හැනිබල්ට ද අාහාර ලෙස ලබා දෙන අතර මෙයින් හැනිබල් සුවකළ නොහැකි කම්පනයකට පත් වේ. මේ අකාරයට අදාළ හැනිබල් චරිතය මතුවන ආකාරය සම්බන්ධයෙන් අතිශය ත්‍රාසජනක – උද්වේගකර, හැගුම්බර ආකාරයට මෙම කෘතිය රචනා කර ඇත.

හැනිබල් රයිසින් කෘතිය (www.goodreads.com)

හැනිබල් සිනමා කෘති

හැනිබල් සිනමා කෘති (http://zdrav40.ru)

හැනිබල් චරිතය ආශ්‍රයෙන් විවිධ සිනමා කෘති බිහි වී ඇතත්, ඒ අතරින් කැපී පෙනෙන්නේ Man Hunter, Hannibal (2001), Hannibal Rising (2007), The Silence of the Lambs (1991) සහ Red Dragon (2002) යන නිර්මාණයන් ය. Man Hunter චිත්‍රපටය 1986 දී නිර්මාණය වූවක් වන අතර  එය ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගැනීමට සමත් විය. කෙසේ වෙතත් ‘හැනිබල්‘ චරිතයට පණ පෙවූ නළුවන් අතර ඇන්තනි හොප්ස්කින් හට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. ඔහු විසින් Hannibal, The Silence of the Lambs සහ Red Dragon යන සිනමා කෘති සදහා ‘හැනිබල්‘ ලෙස පණ පොවා ඇති අතර විචාරකයන්ගේ විශේෂ ඇගයීමට පාත්‍ර විය.

ඇන්තනි හොප්ස්කින් (www.pinterest.com )

ඉන්පසු 2013 දී හැනිබල් රූපවාහිනී කතා මාලාව ඉදිරිපත් කෙරුණු අතර කතා මාලා 3 කින් සමන්විත එය ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනා ගන්නට සමත් විය. IMDB හි 8.62 ක ඉහළ ප්‍රතිචාරයක් මීට හිමි වී ඇත.

Hannibal TV Series (www.horrornews.net)

එහි දී හැනිබල් චරිතයට පණ පොවන ලද්දේ මැඩ් මිකෙල්සන් විසිනි. මේ සදහා ඔහුට Saturn Awards හා Best Network Television Series හි දී හොදම නළුවාට හිමි සම්මානය ද හිමි විය.

මැඩ් මිකෙල්සන් (www.pinterest.com)

හැනිබල් යනු සත්‍ය පුද්ගලයෙක්!

‘හැනිබල්‘ රචක තෝමස් හැරිස්ගෙන් රසිකයන් දිගින් දිගට ම මෙම චරිතය සදහා ආභාශය ලැබූ ආකාරය විමසා සිටිය ද ඔහු විසින් 2013 වන තෙක් ඒ සදහා සෘජු පිළිතුරක් ලබා දී නොතිබුණි. කෙසේ වෙතත් 2013 දී ඔහු හා සිදු කළ පුවත්පත් සාකච්ඡාවක දී ඊට පිළිතුරු ලබා දෙමින් පවසා සිටියේ 1960 දශකයේ දී තෝමස් හැරිස් තවත් එක් මාධ්‍යවේදියකු සමග මෙක්සිකෝවේ බන්ධනාගාරයක සිටි වෛද්‍යවරයකු මුණුගැසුනු බවත්, ඔහු විසින් මිනීමැරුම් චෝදනා ලැබ වසර 20 ක කාලයක් බන්ධනාගාරගතව සිට ඇති බවත් ය. බන්ධනාගාර පාලක විසින් තෝමස් වෙත පවසා ඇත්තේ අදාළ මිනිමරු වෛද්‍යවරයාට සිහිවිකල්වී ඇති බවත්, ඔහු කිසි දිනක බන්ධනාගාරයෙන් නිදහස් නොවනු ඇති බවත් ය. අදාල තැනැත්තා ඩොක්ටර් සලසාර් නමින් ඔහු හදුන්වා තිබුණ ද එය ද ඔහුගේ සත්‍ය නම නොවන බව හැරිස් පවසා ඇත.

කෙසේ වෙතත් 25 වැනි සංවත්සරය සපිරුණු The Silence of the Lambs නවකතාවට නව පෙරවදනක් ලියමින් තෝමස් හැරිස් මෙසේ දක්වා ඇත.

‘මට අවශ්‍ය වුණේ අපරාධකරුවකුගේ මානසිකත්වය වටහා ගැනීමේ සුවිශේෂී දක්ෂතාවක් ඇති චරිතයක් බිහි කරන්න. කොහොම නමුත් මම ලිව්වේ ඩොක්ටර් සලසාර් ගැන නෙවෙයි. ඒත් ඩොක්ටර් සලසාර් තුළින් මට ඔහුගේ වෛද්‍ය සගයකු වන හැනිබල් ලෙක්ටර්ව මුණගැසුණා“

ඇල්ෆෙඩෝ බලී ට්‍රෙෙව්නෝ නම් වෛද්‍යවරයා (www.huffingtonpost.com)

පසුව මාධ්‍යවේදීන් විසින් මෙම කරුණු මත සිදු කරන ලද දීර්ඝ විමර්ශනවලින් අනතුරුව මෙක්සිකෝවේ සිරගතව සිටි ‘ඩොක්ටර් සලසාර්‘ යනුවෙන් හැඳින්වූ සත්‍ය පුද්ගලයා කවුරුන් දැයි සොයා ගැනීමට සමත් විය. ඔහු නමින් ඇල්ෆෙඩෝ බලී ට්‍රෙෙව්නෝ නම් වෛද්‍යවරයකි.

වැඩිදුර මූලාශ්‍ර

  1. huffingtonpost.com
  2. medicalbag.com
  3. ibdb.com

කවරයේ ඡායාරූපය – ibtimes.co.uk

Related Articles