Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එදිනෙදා ආහාර වේලට නැවුම් එළවළු සහ පලතුරු තෝරා ගන්නේ කෙසේ ද?

සියවසකට ඉහත දී අපේ මුතුන්මිත්තෝ එදිනෙදා පරිභෝජනය අවශ්‍ය කරන එළවළු සහ පලතුරු ගෙවත්තේ ම වගා කර ගත්තා. ඒ නිසා ඔවුන්ට නැවුම් එළවළු සහ පලතුරුවලින් හිඟයක් හෝ ඒවායේ ගුණාත්මක බව පිළිබඳව ගැටළුවක් තිබුණේ නැහැ. නමුත් වර්තමානයේ දී බොහෝ දෙනෙක් ගත කරන කාර්යබහුල ජීවන රටාවත් එක්ක දිනපතා ආහාර වේලට නැවුම් එළවළු ලබා ගැනීම සඳහා එළවළු කොටුවක් පවත්වාගෙන යාම අපහසු යි. ඒ නිසා බොහෝ වේලාවට සුපිරි වෙළඳසැල්වලින් එදිනෙදාට පරිභෝජනයට අවශ්‍ය කරන එළවළු සහ පලතුරු මිල දී ගන්න ඔවුන් පෙළඹී ඉන්නවා.

(pritikin.com)

මේ ආකාරයට සුපිරි වෙළඳසැල්වලින් මිල දී ගන්න එළවළු සහ පලතුරුවල අපේක්ෂා කරන තරමට ම ගුණාත්මක බව සහ නැවුම් බව තිබෙනවා ද? ගෙවත්තේ වගා කරන එළවළු සහ පලතුරුවල තරමට ම නොමැති වුණත් සුපිරි වෙළඳසැලකින් නැවුම් බව රැකුණු එළවළු, පලතුරු සහ අනෙකුත් ආහාර ද්‍රව්‍ය තෝරා ගැනීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු මොනවා ද? මෙසේ මිල දී ගන්න ආහාර ද්‍රව්‍ය නැවුම් බව රැකෙන ආකාරයට ගබඩා කරන්නේ කෙසේ ද? මේ ලිපිය ඒ ගැන යි.

ළුෑනු

ශ්‍රී ලාංකික අපට ආහාර පිසීමේ දී නැතු ව ම බැරි දෙයක් තමයි ළුෑනු. නැවුම් ළුෑනු සෑම විට ම තද ගතියෙන් යුක්ත යි. ඒ නිසා ළුෑනු මිල දී ගැනීමේ දී සෑම විට ම ළුෑනු ගෙඩිය තරමක් දැඩි ලෙස මිරිකා බලන්න. එසේ ම නැවුම් ළුෑනු ගෙඩියකින් සෑම විට එතරම් තදට නොදැනෙන එහෙත් සැර සුවඳක් විහිදීම සිදු වෙනවා. ළුෑනු මිල දී ගැනීමේ දී පිටතින් හානියක් සිදු නොවූ දීප්තිමත් පොත්තක් සහිත ගෙඩි මිල දී ගැනීම පිළිබඳ ව සැලකිලිමත් විය යුතු යි. එසේ ම සෑම විට ම මුල් සහිත හෝ කොළ පැහැ පැල්ලම් සහිත ළුෑනු ගෙඩි මිල දී ගැනීමෙන් වැළකී සිටින්න.

(walldevil.com)

මෙසේ මිල දී ගන්නා ළුෑනු ගෙඩි අතරින් මුලින් ම භාවිතා කළ යුත්තේ ප්‍රමාණයෙන් විශාල ළුෑනු ගෙඩි යි. එසේ ම පොත්ත ගලවන ලද ළුෑනු ගෙඩි භාවිතයට නොගන්නවා නම් වියළි භාජනයක තැන්පත් කර අධි ශීතකරණයේ ගබඩා කිරීම මගින් ඒවා නරක් වීමෙන් වළක්වා ගන්න පුළුවන්. නමුත් කෑලිවලට කපන ලද ළුෑනු ගබඩා කළ යුත්තේ අධි ශීතකරණයේ නොව සාමාන්‍යයෙන් එළවළු ගබඩා කරන කොටසේ යි.

සම්බෝල සැකසීම සඳහා ළුෑනු කොළ මිල දී ගන්නවා නම් ඒවා නැවුම් ව තබා ගත හැකි පහසු ම ක්‍රමයක් තමයි ජලය පිරුණු භාජනයක තැන්පත් කර තිබීම. මෙහි දී එම ළුෑනු කොළ දිගට ම වැඩෙන අතර අවශ්‍ය අවස්ථාවේ දී ළුෑනු ගෙඩි කපා ඉවත් කර කොළ පමණක් ප්‍රයෝජනයට ගත යුතු යි.

(twosmallcones.com)

ගෝවා

නැවුම් ගෝවා සෑම විට ම දීප්තිමත් පැහැයන්ගෙන් යුක්ත යි. කොළ ගෝවා මිල දී ගන්නවා නම් ඒවා දීප්තිමත් ලා කොළ පැහැයෙන් යුතු විය යුතු අතර රතු ගෝවා දම් පැහැයට හුරු තද රතු පැහැයකින් යුතු වීම අත්‍යවශ්‍ය යි. ළුෑනු මෙන් ම නැවුම් ගෝවා ද මිරිකා බැලීමේ දී තද ගතියකින් යුක්ත වෙනවා. නොඑසේ නම් ඒවා ඇතුළතින් නරක් වී තිබිය හැකි යි. ගෝවා මිල දී ගැනීමේ දී ලිහිල් නො වූ එහෙත් පහසුවෙන් කැඩිය හැකි කොළ සහිත ගෝවා මිල දී ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතු යි. එසේ ම ඝනකමින් වැඩි ගෝවා කොළවල නයිට්‍රේට බහුල බැවින් එය පසු කාලීන ව අධ්‍යාතතිය (එනම්, ධමනිවල රුධිර පීඩනය නොනැවතී ඉහළ නංවන දිගු කාලීන රෝගී තත්ත්වයක්) ඇති වීමට හේතුවක් වෙන්න පුළුවන්.

(wikihow.com)

ගෝවා පිසීමට පෙර කොළ සියල්ල ම වෙන වෙන ම හොඳින් සේදීම අනිවාර්ය යි. ඒ වගේ ම ගෝවා කැපූ පසු වැඩි කලක් ගබඩා කර තිබීම සුදුසු නැහැ. ගබඩා කර තැබීම අත්‍යාවශ්‍ය නම් කපන ලද ගෝවා කොටස ඉටි කොළයකින් හොඳින් ආවරණය කර ශීතකරණයේ ගබඩා කර තබන්න. මෙසේ ගබඩා කරන ලද ගෝවා දින දෙකක් ඇතුළත භාවිතයට නොගත්තොත් එහි අඩංගු වන විටමින් C සහ අනෙකුත් පෝෂ්‍ය කොටස් සම්පූර්ණයෙන් ම නැති වී යනවා.

දොඩම්

නැවුම් දොඩම් සෑම විට ම ඉමිහිරි සුගන්ධයකින් යුතු වෙනවා පමණක් නොව දැඩි බවකින් ම මෙන් ම ඝනකම් පොත්තකින් ද යුක්ත වෙනවා. දොඩම් ගෙඩියේ වර්ණය එහි නැවුම් බව තීරණය කිරීමේ සාධකයක් ලෙස යොදා ගත නොහැකි යි. එයට හේතුව කාලගුණය මත දොඩම්වල වර්ණය තීරණය වීම යි. නමුත් සෑම විට ම ඒකාකාර වර්ණයකින් යුතු පැල්ලම් රහිත ගෙඩි තෝරා ගැනීම පිළිබඳව සැලකිලිමත් වන්න.

(secrettkitchen.wordpress.com)

කාමර උෂ්ණත්වය යටතේ දොඩම් සතියක පමණ කාලයක් ගබඩා කර තැබිය හැකි අතර ශීතකරණයක් තුළ ගබඩා කිරීමෙන් සති දෙකක පමණ කාලයක් නැවුම්ව තබා ගැනීමට හැකි යි.

හතු

නැවුම් හතු ඇල්ලීමේ දී වියළි කඩදාසියක ස්වභාවයක් ගන්නා අතර එබෙනසුළු බවක් දක්වනවා. එසේ ම දීප්තිමත් නොවන ඒකාකාර වර්ණයකින් යුක්ත වෙනවා. මේ නිසා ලිස්සන සුලු සහ දීප්තිමත් හතු මෙන් ම දිරාපත් වූ දැව මෙන් පෙනෙන නටුවක් සහිත හතු මිල දී ගැනීමෙන් වැලකී සිටිය යුතු යි. එසේ ම විවෘත කරන ලද හතුවල ඇති රේඛා වියළි සහ ඒකාකාර ව පැවතීම නැවුම් හතුවල ලක්ෂණයක්. හතු මිල දී ගැනීමේ දී බරින් අඩු හතු මිල දී ගැනීම කෙරෙහිත් අවධානය යොමු කිරීම වැදගත්.

(jimbuescher.zenfolio.com)

ප්ලාස්ටික් ඇසුරුම්වල හතු ගබඩා කිරීම ඉතාමත් අනුවණ ක්‍රියාවක්. එයට හේතුව ප්ලාස්ටික කවර තුළ එක් වන තෙතමනය මගින් හතු නරක් වීම වේගවත් කිරීම යි. මේ නිසා කඩදාසි කවරයක තැන්පත් කරන ලද හතු ශිතකරණයේ එළවළු ගබඩා කරන කොටසේ තැබීම ඒවායේ නැවුම් බව රැක ගැනීමට අත්‍යාවශ්‍ය යි.

තක්කාලි

තක්කාලි මිල දී ගැනීමේ දී සෑම විට ම දීප්තිමත් රතු පැහැයෙන් යුතු සිහින් සිවියක් සහිත මහත තක්කාලි තෝරා ගන්න. ඒ වගේ ම තක්කාලි ගෙඩි මතුපිට මොන ම ආකාරයේ හෝ පැල්ලම් නොමැති වීම නැවුම් සහ රසවත් තක්කාලිවල ලක්ෂණයක්. මනා ව පැසුණු තක්කාලි ගෙඩිවලින් හොඳ සුවඳකින් යුක්ත යි. කොළ පැහැ තක්කාලි තෝරා ගැනීමේ දී ඒවායින් හොඳ සුවඳක් නිකුත් වෙනවා නම් එයින් හැඟවෙන්නේ ඒවා අනාගතයේ දී හොඳින් ඉදෙන ඒවා බව යි. නොඑසේ ම නම් ඒවා ළපටි කාලයේ දී ම නෙළන ලද තක්කාලි වන අතර නිසි ලෙස පැසීමට පෙර නරක් වීම සිදු වෙනවා.

(commons.wikimedia.org)

කොළ පැහැ තක්කාලි යටි අතට සිටින සේ කඩදාසි කවරයක් තුළ හෝ කාඩ්බෝඩ් පෙට්ටික් තුළ තැන්පත් කළ සෞම්‍ය ස්ථානයක ගබඩා කළ යුතු යි. හොඳින් පැසුණු තක්කාලි මනා ව වාතාශ්‍රය ලැබෙන ස්ථානයක කාමර උෂ්ණත්වය යටතේ ගබඩා කළ යුතු අතර හිරු එළියට නිරාවරණය වීමෙන් වැලැක්වීම අවශ්‍ය යි. එසේ ම හොඳින් පැසුණු තක්කාලි ගබඩා කිරීමේ දී උඩු අතට සිටින සේ එකිනෙක නොගැටෙන ආකාරයට ගබඩා කරන්න. මෙසේ ගබඩා කරන ලද තක්කාලි දින කිහිපයක් තුළ ප්‍රයෝජනයට ගැනීම සිදු කිරීමෙන් ඒවා පමණ ඉක්මවා ඉදීමට ලක්වීම වලක්වා ගත හැකි යි.

පැණි කොමඩු

(wikihow.com)

නැවුම් පැණි කොමඩු ගෙඩියක් සෑම විට ම පෙනෙනවාට වඩා බරකින් යුක්ත යි. එසේ ම ගෙඩියේ එක් පැත්තක පමණක් ලා කහ පැහැ පැල්ලමක් තිබීම එයට නිසි ලෙස ඉදී ඇති බවට හොඳ සලකුණක්. එසේ ම පැණි කොමඩු ගෙඩියක් මිල දී ගැනීමට පෙර එයට සෙමින් තට්ටු කර බලන්න. හොඳින් පැසුණු ගෙඩියකින් ගැඹුරු දෝංකාරයක් ද නොපැසුණු හෝ පමණ ඉක්මවා පැසුණු ගෙඩියකින් මොට ශබ්දයක් ද නිකුත් වනු ඇත.

අර්තාපල්

අර්තාපල් තෝරා ගැනීමේ දී සෑම විට ම මෘදු හෝ තද පැහැයෙන් යුතු පැල්ලම් රහිත දැඩි බවකින් යුතු ඒවා තෝරා ගැනීම වැදගත්. කොළ පැහැයෙන් යුතු සහ අංකුර පිටතට පැමිණ ඇති අර්තාපල් මිල දී ගැනීමෙන් වලකින්න.

(goshopfornicehome.com)

අර්තාපල් ගබඩා කළ යුත්තේ වියළි, අඳුරු සහ හොඳින් වාතාශ්‍රය ලැබෙන ස්ථානයක යි. හිරු එළියට නිරාවරණය වුවහොත් අර්තාපල් හි සොලනින් නම් විෂ හට ගන්නා අතර තෙතමනයට ලක් වුවහොත් ඒවා ඉක්මනින් නරක් වීම සිදු වෙනවා. එසේ ම මොන ම අවස්ථාවක දී හෝ අර්තාපල් සහ ළුෑනු එකට ගබඩා කිරීම සිදු නොකළ යුතු යි. එයට හේතුව අර්තාපල් මගින් පිට කරන වායු මගින් ආහාර දෙවර්ගය නරක් වීම ඉක්මන් කිරීම යි. නිසි ලෙස ගබඩා කරන ලද අර්තාපල් සති කිහිපයක් නැවුම් ව සහ පරිභෝජනයට සුදුසු ලෙස තබා ගන්න පුළුවන්.

මිදි

දොඩම් තේරීමේ දී මෙන් ම නොව මිදි තේරීමේ දී වර්ණය ඉතාමත් වැදගත් සාධකයක්. කොළ පැහැයෙන් යුතු මිදි වඩාත් රසවත් වන්නේ ඒවා කහ පැහැයට හුරු කොළ පැහැයෙන් යුතු වන විට යි. කළු හෝ රතු පැහැති මිදි දීප්තිමත් බවකින් යුතු වන විට රසයෙන් සහ නැවුම් බවෙන් වැඩි ලෙස යි සැලකෙන්නේ. එසේ ම මිදි ගෙඩි මත රීදි පැහැයට හුරු කුඩු වැනි යමක් විසිරී තිබෙනවා නම් වඩාත් හොඳයි.

(nnm.me)

මිදි තෝරා ගැනීමේ දී සෑම විට ම පිරුණු බවකින් යුතු ගෙඩි මිල දී ගත යුතු අතර ඒවායේ නටුව කෙරෙහි ද අවධානය යොමු කළ යුතු යි. නැවුම් මිදි ගෙඩියක නටුව කොළ පැහැයක් ගන්නා අතර නම්‍යශීලී යි. දුඹුරු පැහැ කැඩෙන සුලු නටුවක් තිබීම පැරණි හෝ නිසි ලෙස නොවැඩුණු මිදිවල ලක්ෂණයක්.

නිවසට රැගෙන ආ වහා ම මිදි සේදීමෙන් තොර ව හොඳින් වැසිය හැකි ප්ලාස්ටික් කවරයක බහා ශීතකරණයේ ගබඩා කරන්න. සේදීම මගින් මිදි නරක් වීම ඉක්මන් කරන අතර නොඑසේ නම් 30˚C අඩු උෂ්ණත්වයක දී මිදි සති දෙකක පමණ කාලයක් නැවුම් ව තබා ගැනීමට පුළුවන්.

කවරයේ පින්තූරය: hellobacsi.com

මූලාශ්‍ර :

  1. brightside.me
  2. wikihow.com
  3. thekitchn.com
  4. thefruitpages.com
  5. fruitsandveggiesmorematters.org

Related Articles