Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

උතුරේ සිනමාවේ කොළඹ සම්ප්‍රාප්තිය – පනෛමරක්කාඩු (තල් වනය)

කේසවරාජන් නවරත්නම් යනු එල්ටීටීඊ නිල රූපවාහිනී නාළිකාව වූ ‘නිදර්ශනම්’හි ප‍්‍රධානියෙකු ලෙස කටයුතු කළ ප්‍රභාකරන් හා ලඟින්ම ඇසුරු කල සිනමාකරුවෙකි. හෙතෙම යාපනයේ හිඳිමින් නිර්මාණය කල දෙමළ චිත‍්‍රපටියක් වන “පනෛමරක්කාඩු” චිත්‍රපටිය දෙසැම්බර් 05 වැනි අඟහරුවාදා හවස 4ට ජාතික චිත්‍රපටි සංස්ථාවෙදී පළවැනි වතාවට ප්‍රදර්ශණය වෙනවා. මේ ඒ නිර්මාණකරුවා හා ඔහුගේ නිර්මාණය ගෙන roar තබන සටහනක්.

කේසවරාජන් නවරත්නම්

කේසවරාජන් නවරත්නම්

යුද්ධ සමය හා ඉන්පසුව උතුරේ කලාව පිළිබඳව කතා කරන විට අතහැර නොහැකිම චරිතයක් ලෙස කේසවරාජන් නවරත්නම් හඳුන්වා දෙන්න පුළුවන්. ශ්‍රී ලාංකේය දෙමළ සිනමාවේ පුරෝගාමියා නිර්මාණකරුවා ලෙස ද මොහුව සැලකිය හැකියි. ලාංකීය දෙමළ සිනමාව වෙනුවෙන් කේසවරාජන්  දීර්ඝ චිත‍්‍රපටි හයක්, කෙටි චිත‍්‍රපටි පහක් සහ වාර්තා චිත‍්‍රපටි පනහකට වැඩි ප‍්‍රමාණයක් නිර්මාණය කර තිබෙනවා. ඔහු කළ දීර්ඝ චිත‍්‍රපටි අතුරින් මේ වන විට පිටපත් ඉතිරිව ඇත්තේ ‘කඩලෝර කාට්ටු’ චිත‍්‍රපටියේ පමණයි.

කේසවරාජන් උපත ලබන්නේ 1962 යාපනයේ අරියොලෙවල ප්‍රදේශයේයි. ඔහුගේ පියා එකල පොලිසියේ සේවය කළ අතර ඔහුගේ මව ගුරුවරියක් ලෙස කටයුතු කර තිබුණා. ඔහු වරක මෙසේ පවසනවා. “මගේ කලාව නිර්මාණය කළේ ශ‍්‍රී ලංකා පොලිස් නිල ඇඳුම යට හිතපු තාත්තා කියන මනුස්සයා සහ ළමා කාලයේ සිංහල යාළුවෝ එක්ක තිබුණු සම්බන්ධය. ජාතීන් විදියට නෙවෙයි මනුෂ්‍යත්වය ගැන හිතන්න මාව යොමු වුණේ ඒ නිසා.”

එමෙන්ම​, කේසවරාජන්ගේ වෛද්‍යවරයෙකු වීමට අදහස් කර ගෙන සිටියත් පසුව ඒ සියල්ල වෙනස් වී තිබෙනවා. ඔහු තමන්ගේ ප්‍රථම සිනමා නිර්මාණය නිර්මාණය කර තිබෙන්නේ ඔහුට වයස අවුරුදු 22දීයි. ඒ ‘තායගමේ තාහම්’ නිර්මාණයයි. තමන්ගේ වයසේ අනිත් අය අවි ආයුධ අතට ගන්නා විට තමා කැමරාව අතට ගත් බව ඔහු සඳහන් කරනවා.

ඔහුගේ පළමු සිනමා නිර්මාණය වෙනුවෙන් ඔහුගේ මිත්‍රයන් කිහිප දෙනෙක් හා ඔහු එක් වී තිබෙනවා. රු  5000කට පැරණි කැමරාවක් ඔහුට මේ වෙනුවෙන් ලැබෙන්නේ මුස්ලිම් මිතුරෙක් මාර්ගයෙනි. ඉන්පසු ඔහු තමන් එකතු කර ගත් දැනුමෙන් ‘තායගමේ තාහම්’ සිනමාපටය නිර්මාණය කරනවා. එය සාර්ථකව නිර්මාණය කිරීමෙන් පසුව ඔහු තමන්ගේ දෙවැනි නිර්මාණයත් සාර්ථකව නිමා කරනවා. ඉන්පසු එල්ටීටීඊ සංවිධානය හා එක්ව ඔහු දෙමළ සිනමාව ආරම්භ කරනවා.

ප්‍රභාකරන් යනු කලාකාමී පුද්ගලයෙකු බවත් ඔහු සඳහන් කරනවා. එමෙන්ම ප්‍රභාකරන් සිනමා ලෝලියෙකුද වුණා. නමුත් ප්‍රභාකරන් සිදුකල සියලුම දේවල් තමන් අනුමත නොකරන බවත් ඔහු ප්‍රභාකරන්ව මූනටම විවේචනය කිරීමත් කල බව ඔහු පවසනවා. එසේම ඔවුන්ගේ එකල සිනමාව ගෙන කේසවරාජන් මෙසේ ද පවසනවා.

“‘කඩරෝලකාට්ටු’ ෆිල්ම් එකේ එක චරිතයක් තියෙනවා සිංහල නාවික හමුදා සෙබලෙක් සහ කළු කොටියෙක් අතර යාළුකමක් ගැන. නේවි යුනිෆෝම් එක ඇතුළේ ඉන්න මනුස්සයා ගැන ඒ ෆිල්ම් එකේ කතා කළා. ඔවුන්ගේ රැඟුම් පාලක මණ්ඩලය වගේ හිටපු අය මේකේ සිංහල කෙනෙක් හොඳ චරිතයක් විදියට පෙන්වලා තියෙනවා කියලා ඒක දානවාට කැමති වුණේ නැහැ. ඒත් ප‍්‍රභා ඒකට කැමති වුණා. ඒ නිර්මාණය ඒ විදියටම තියෙන්න”. මෙතනින් එම නිර්මාණය නරඹන්න පුළුවන්.

පනෛමරක්කාඩු චිත්‍රපටිය

කේසවරාජන්ට යුද්ධයෙන් පසු නිර්මාණය කරන ලද ප්‍රථම සිනමාපටය වන්නේ මෙයයි. ඔහු මෙම සිනමා නිර්මාණය හා සමඟ කොළඹට එන්නේ වසර 37කට පසුවයි. කේසවරාජන් නවරත්නම් යුද්ධය අවසාන සමයේ හමුදාව භාරයට පත්වෙනවා. ඉන්පසුව ඔහුවත් පුනරුත්ථාපනයට ලක් වෙනවා. ඉන්පසු නැවත යාපනයට යන ඔහු තමන්ගේ සිනමා නිර්මාණයේ වැඩ ආරම්භ කරනවා.  මෙම නිර්මාණයේ ආරම්භය ඉතාමත් සාර්ථකව සනිටුවහන් වෙනවා. නමුත් කාලයත් සමඟ ඔහු සමඟ සිටි බොහෝ දෙනෙක් ඔහුගෙන් වෙන් වෙනවා. ඒ සමඟම ඔහුට තමන්ගේ පිටපත පමණක් නැවත අත ඉතුරු වෙනවා.

නැවතත් තමන්ගේ වටේ සිටි අය සමඟ  තම නිර්මාණයට පන පෙවීමට ඔහු කටයුතු කරනවා. මෙම සිනමා නිර්මාණයේ සියලුම දෙනා පාහේ නව නිර්මාණකරුවන් වූ අතර ජනප්‍රිය චරිතයකට අපට මුණ ගැසෙන්නේ ධර්ශන් ධර්මරාජ් පමණයි.

නිර්මාණයට අවශ්‍ය මුදල් සොයා ගැනීම වෙනුවෙන් ඔවුන් තමන් සතු කැමරා උපකරණ විවහා උත්සව හා විවිධ උත්සව වෙනුවෙන් කුලියට ලබා දී තිබෙනවා.මෙයට හේතූ වන්නේ ඔහුගේ නිෂ්පාදකවරයා විසින් ඔහුට එම නිර්මාණය වෙනුවෙන් ලබා දීමට එකඟව සිටි මුදල ලබා නොදීමයි.

නොයෙක් බාධක මැද නිර්මාණය වෙන සිනමාපටයේ සංස්කරණය හා සංගීතය නිර්මාණය වන්නේ නවක නිර්මාණකරුවන් අතිනුයි. ඒ සියල්ල ඔහුට ලැබෙන්නේ නොමිලේයි. එසේ බාධක මැද අවසානයේ පනෛමරක්කාඩු සිනමාපටය නිර්මාණය වෙනවා.

මෙම සිනමා නිර්මාණය වෙනුවෙන් ඔහුගේ බිරිඳ, දියණිනන් දෙදෙනාගෙන් විශාල සහයක් ලැබී තිබෙනවා. එමෙන්ම ප්‍රියා ස්ටීවන්, සංගීතය හා හඬකැවීම් කල ප්‍රියන්, තුසිකරන්, නරේන්ද්‍රන් මෙන්ම මෙහි කැමරාකරු හා පසුව රංගන ශිල්පියෙකුද වෙන ජසිදරන් වැනි අයගෙන් ඔහුට විශාල උපකාරයක් ලැබී තිබුණා.අපේ දෙමළ සිනමාවක් වෙනුවෙන් අපේ හැඩතල රැගෙන අපේ සමාජයේ ඇති කතා සිනමාවට ගෙන ඒම මොහුගේ අභිප්‍රාය වෙනවා. ඔහුගෙ චිත්‍රපටිය නැරඹුවාට පසු ඔහුගේ නිර්මාණයට විවිධ ප්‍රතිචාර ලැබෙන්න පුළුවන්. එහෙත් ඔහුගෙ මහන්සිය කිසිවෙකුට නොතකා හරින්න බැහැ.

නමුත් මෙහි කලින් නිෂ්පාදකවරාව සිටි පුද්ගලයා විසින් මෙම සිනමා නිර්මාණයට දැන් අයිතිවාසිකම් කියමින් සිටිනවා.ඔහු මෙම නිර්මාණයේ සමහරක් කොටස් youtube වෙබ් අඩවිය ඔස්සේ ප්‍රචාරය කර පවා තිබෙනවා. නමුත් නිර්මාණය සැබවින්ම අයිති වන්නේ කේසවරාජන්ටයි.

දකුණේ උදව්

උතුර දකුණ කියලා මෙතන වෙන් කරන සීමාව වෙන්නේ යාපනයයි කොළඹයි. ඒ ඇරෙන්න කලාව තුල කිසිම තැනක එහෙම වෙන්කරන සීමා අවශ්‍ය නෑ. අනෝමා රාජකරුණා, අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ වගේ සිනමාවේ දැවැන්ත චරිත මේ කටයුත්ත එක්ක කේසවරාජන්ට සහය දක්වනවා. ඒ වගේම අජිත් කුමාරසිරි, දෙරණේ සිනමා සම්මාන උළෙල සංවිධානය කරන කීර්ති වගේ අයත් මේ වෙලාවේ ඔහුගේ නිර්මාණය එක්ක එකතු වෙනවා. පනෛමරක්කාඩු චිත්‍රපටිය සෙපා ආයතනයේ උදාන් ප්‍රනාන්දුගේ  මැදිහත්වීමෙන්  චිත්‍රපටි සංස්ථාවේ දී ප්‍රදර්ශනය වෙනවා.

එසේම කේසවරාජන් නවරත්නම් රංගනයෙන් දායක වන, ලංකාවේ අති දක්ෂ සිනමා අධ්‍යක්ෂකවරුන් තිදෙනෙකු වන අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ හා විමුක්ති ජයසුන්දර අතින් නිර්මාණය වුණු Her, Him, The Other සිනමාපටය ලඟදීම ලංකාවේ සිනමා ශාලාවල තිරගත වීමට නියමිතව තිබෙනවා. එහි පුර්ව ප්‍රචාරණ පටය මෙතනින්.

මෙම සටහන ලිවීමේදී තොරතුරු ලබා දුන් රාවය පුවත්පතේ මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදරට අපගේ විශේෂ ස්තුතිය.

පින්තූර – www.facebook.com/Kesavarajanofficial

Related Articles