Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොන්ඩම් කියන්නේ තාමත් මැජික්ද?

ලිංගිකව එක් වීම් වලදී ලිංගික අවයව එකිනෙක නොගැටෙන පරිදි සකසාගත් කුඩා යෙදවුමක් කොන්ඩම් ලෙස හැඳින්වෙනවා. ප්‍රාණවත් වූ පුරුෂ ලිංගයට පළඳින කොන්ඩමය ලිංගික කාර්යය අවසානයේ නික්මෙන ශුක්‍ර තරලය ඒ තුලම රඳවාගනී.

කොන්ඩම් භාවිතය පුරාණ ග්‍රීක යුගවල පවා තිබුන යෙදවුමක්. රබර් වොල්කනයිස් කිරිම දියුණු වීමත් සමග දියුනු වූ එක් වැදගත් යෙදවුමක් ලෙස කොන්ඩම හදුන්වාදෙන්නට පුළුවනි. ‍දෙවන ලෝක යුද සමයේ භාවිත වූයේ සෝදා නැවත භාවිත කරන ලිනන් රෙදි වලින් සැදූ මිල අධික කොන්ඩම නැවත සෝදා භාවිත කරන්නට සිදු වුනි. දෙවන ලෝක යුද සමයේ ජපානයේ ගණිකාවන්ට මෙම කොන්ඩම් සේදීමට සිදුවීම ඉතා අතෘප්තිකර වූවක් වුන බව ඉතිහාස වාර්ථා වල සදහන් වෙයි.

කොන්ඩම් දැන්වීමක් (adsoftheworld.com)

කොන්ඩම් දැන්වීමක් (adsoftheworld.com)

කොන්ඩම් භාවිත කල යුත්තේ ඇයි?

නිවැරදිව කොන්ඩම භාවිතය තුලින් වැඩුනු ස්ත්‍රී පුරුෂ එක්වීමකදී ගැබ් ගැනීමක් ඇතිවන්නට ඇති හැකියාව 98% කින් පමණ අඩු කරයි. ලංකාවේ දැනට සිටින එච් එයි වී ඒඩ්ස් ආසාදිතයින් ගණන 4200ක් යැයි නිමානය කොට ඇති අතර 2015දී වාර්ථා වූ HIV/AIDS ආසාධිතයින් ගණන 235කි. HIV/AIDS වැලදීමෙන් ගැලවිය හැකි සාර්ථක ක්‍රමවේදයක් ලෙස කොන්ඩම භාවිතය දැක්වෙන අතර ලිංගාශ්‍රිතව බෝවන රෝග රැසකින්ම ගැලවීමේ අවස්ථාව කොන්ඩම භාවිතයෙන් උදා වේ. ගැබ් ගැනීමෙන් වැලකීමට නම් මූලික ස්ත්‍රී පුරුෂ සංසර්ග අවස්ථාවේදී පමණක් කොන්ඩම් භාවිතය ප්‍රමාණවත් වුවත් ලිංගාශ්‍රිත රෝග වලින් වැලකීමට නම් මුඛ සංසර්ගය, ගුද සංසර්ගය වැනි අවස්ථාවන්වලදීද කොන්ඩම භාවිතා කිරීම වඩාත් සුදුසු වේ.

කොන්ඩම් වර්ග

කොන්ඩම් සයිස් වෙනම තියෙනවාද?

කොන්ඩම් දැන්වීමක පෙනීසිටින සනී ලියොන්. (polltomedia.com)

කොන්ඩම් දැන්වීමක පෙනීසිටින සනී ලියොන්. (polltomedia.com)

පුරුෂ ලිංගයේ ප්‍රමාණය ලෝකයේ විවිධ ප්‍රදේශ අනුව වෙනස් වේ. බොහෝවිට ඒ ඒ කලාපයන් වලදී වෙළදපොලවල තිබෙන්නේ ඒ කලාපයේ පුරුෂයින්ගේ අවයව වලට ගැලපෙන කොන්ඩම වේ.  ලේටෙක්ස් නැමැති ඇදෙන සුළු ශක්තිමත් ද්‍රව්‍යයකින් තනා තිබෙන නිසා කොන්ඩම පැළදීමේදී එය මදක් ප්‍රමාණය වෙනස් වීමේ හැකියාවකින් යුක්ත වෙන අතර ලේටෙක්ස් හරහා බොහෝමයක් රෝගකාරක බැක්ටීරියා,වෛරස රෝගකාරක වලට ගමන් කිරීමේ හැකියාවක් නොමැති තරම්ය.

ගුද සංසර්ගයට විශේෂයෙන්

පුරුෂ සමලිංගික සේවනය ඒඩ්ස් එච් අයි වී බෝවිය හැකි එක් ප්‍රධාන ක්‍රමයකි. 2015 වර්ශයේදී ලංකාවේදී හඳුනාගෙන ඇති ඒඩ්ස් රෝගීන් 235 දෙනාගෙන් 87 දෙනෙකුම (37%) සමලිංගික සේවනය හේතුවෙන් ඒඩ්ස් වැළඳුන අය විය හැකි බවට ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් ඒකකයේ වාර්ථාව පෙන්වා දේ. එසේම සාමාන්‍යයෙන් ලංකාවේ ගැහැණු පිරිමි ඒඩ්ස් රෝගීන් අනුපාතය 1:3ක් ලෙසද එහි සදහන් වේ. ඒ අනුව සමලිංගික පුරුෂ සංසර්ගය ඒඩ්ස් පැතිරීම් කෙරෙහි යම් බලපෑමක් ඇතිකරන බවට පැහැදිලිය.

පුරුෂයින් අතර ගුද මාර්ගික ලිංගික සංවාසය සිදුවන අවස්ථාවන් සදහා තරමක් ඝනකම් කොන්ඩම් විශේෂයන් භාවිතා වෙයි. එම කොන්ඩම ගුද මාර්ගය වැනි ලිංගික කාර්යය උදෙසා සකස් නොවූ රළු පිවිසුමකදී ඉරා නොයන පරිදි ඝනකම්ව සකසා ඇත.

මුඛයට දිවට රසවත් කොන්ඩම්

මුඛ මාර්ග සංසර්ග කටයුතු වලදී ගුද සහ යෝනි මාර්ග සංසර්ගයේදී තරම් ඒඩ්ස් පැතිරීමේ අවධානමක් නොමැත. ලිංගාශ්‍රිත රෝග වන උපදංශ (syphilis), ගොනෝරියා (gonorrhea), ලිංගික ඉන්නන් (genital warts), හර්පීස් (herpes), ආදී රෝග වැළඳීම අවම කරගැනීම පිණිස ගුද,මුඛ සහ යෝනි යන අවස්ථා තුනේදීම කොන්ඩම් භාවිතය වැදගත් වේ. මුඛ්‍ය මාර්ග සංසර්ගික කටයුතු සදහා විශේෂයෙන් නිමවූ රස සහිත කොන්ඩම වර්ග වෙළඳපොලේ තිබේ. මුඛ්‍ය සංසර්ගයේදී ලේටෙක්ස් සහ ලිහිසි ද්‍රව්‍ය දිවට යම් කිසි අපුලක් එක් කල හැකි නිසා ඒ මිහිරි රසැති කොන්ඩම ඒ සදහා භාවිත කල හැකිය.

සැප ගෙනෙන කොන්ඩම

ලංකාවේ අනුමත සිලි බෑග් වල ඝනකම වන්නේ මිලිමීටර 0.02 කි. එනම් කෑම ඔතන ‍කොළයක් තරම්ම ඝනකම අඩු තුනී එහෙත් ශක්තිමත් තුනී කොන්ඩමද වෙළඳපොලේ තිබේ. කොන්ඩම පැළඳීම කලකදී කෝට් දැමීම, කවර එක්ක සෙල්ලම් කිරීම වැනි වදන් වලින් හැඳින්වෙන ලදී. වෙළදපොලේ බහුලව ඇති මිලිමීටරයකටත් දෙකෙන් පංගුවක් තරම් තුනී වූ සාමාන්‍ය කොන්ඩම පැළඳීම තුලින් ආශ්වාදය අඩුවීම නොසැලකිය හැකි තරම් කුඩා බැව් පර්යේෂකයෝ සනාථ කරති. එසේම සංසංසර්ගයේදී කාන්තාවන්ට වඩාත් තුටු වීමට අවකාශ ඇතැයි පවසන ගැටිති සහිත කොන්ඩම ඇත. එසේම පුරුෂයින්ගේ ක්ෂණික මෝචනය වලකන විශේෂ ‍ෙඖෂධීය ගුණ සහිත කොන්ඩමද වෙළඳපොලේ වේ.

ලිංගිකව බෝවන රෝග වල තත්වය

උපදංශ හෙවත් සීපිල්ස්, ගොනෝරියා, ලිංගික ඉන්නන්, හර්පීස් යන රෝග අවස්ථා කිහිපයම වැළඳුන පසු සුවකරගන්නට තරමක් කල් යන රෝගී තත්වයන් වේ. ලිංගික අවයව සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ යනු ඉතා සංවේදී ප්‍රදේශ වන අතර ඒවායේ ඇතිවන රෝගාබාධ වලදී ඇතිවන වේදනාව මහත්ය. එසේම ඇතැම් ලිංගික රෝග වැළදුනු පසු බොහෝ කාලයක් ‍ප්‍රතිකාර ගත යුතු වේ.

මුඛයේ හර්පීස් වැළඳුනු අවස්ථාවක් (linkbeaver.com)

මුඛයේ හර්පීස් වැළඳුනු අවස්ථාවක් (linkbeaver.com)

ලංකාවේ දත්ත අනුව 2015 වර්ශයේදී අලුතින් ලිංගාශ්‍රිත රෝගීන් 22,809ක් පමණ රජයේ රෝහල් වල සායන වලට යොමු වී ඇති අතර ඇතැම් රෝගීන් වර්ථමානයේ පෞද්ගලික ආරෝග්‍ය ශාලා කරා මෙවැනි රෝග වලදී යොමුවන බැවින් සැබෑ ප්‍රමාණය මීට වඩා වැඩිවිය හැක.යෝනි සංසර්ගයේදීත්, ගුද සංසර්ගයේදීත්, මුඛ සංසර්ගයේදීත් යන තෙවදෑරුම් අවස්ථාවන්හිදී නිසිපරිදි  කොන්ඩම භාවිත කිරීමෙන් බොහෝ ලිංගාශ්‍රිත රෝග යම්තාක් දුරකට බෝවීම අඩුකරගත හැකිය.යම් විදියකින් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැළදී ඇත්නම් වහාම ළගම ඇති රජයේ හෝ පුද්ගලික රෝහලක සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ගත යුතුය. මුල් කාලයේදී මෙම ලිංගාශ්‍රිත රෝග හදුනාගතහොත් ප්‍රතිකාර කිරීම වඩාත් පහසු වේ.

ලිංගික සම්බන්ධතා වලදී එකිනෙකා කෙරෙහි විශ්වාසය ප්‍රබල සාධකයක් වේ. විශ්වාසය ප්‍රබල වුවත් එය නිසිඅයුරින් මැන ගත හැකි ක්‍රමයක් ලෝකයේ කිසිම තැනක නැත. එබැවින් හැකි සෑම අවස්ථාවකම ලිංගික කාර්යයන් වලදී කොන්ඩම භාවිතය අනවශ්‍ය ගැබ් ගැනීම් අවධානමෙන් මිදීමටත් ලිංගාශ්‍රිත රෝග වලින් නිවාරණය වීමටත් මනා පිටුවහලක් ලබා දේ.

කොන්ඩමයක් පැළඳීම

කිසි විටෙක කොන්ඩම දෙකක් භාවිතය වෛද්‍යවරුන් අනුමත නොකරන අතර කොන්ඩමය ඉරී ගොස් හෝ එවන් සැකයක් ඇති සෑම අවස්ථාවකදීම නව කොන්ඩමයක් භාවිතා කිරීම නිර්දේශ කෙරේ. කොන්ඩමය ඉරීයා හැකි නිසා සංසර්ග අවස්ථාවන්හිදි කාබනික ලිහිසි ද්‍රව්‍ය යොදා නොගැනීමටද වග බලාගත යුතුය.

කොන්ඩම මිලදී ගැනීම

යට ඇඳුමක් මිලදී ගන්නට සිදු වූ කල අපි ලැජ්ජාවකින් තොරව එය වෙළද සැලකින් අවැසි මිම්මට  මිලදී ගන්නෙමු. කොන්ඩමය යනු එවැනි වූ සාමාන්‍ය වෛද්‍ය උපකරණයකි. වර්ථමානයේ නම් සුපිරි වෙළඳ සැල් වලදී අවශ්‍ය කොන්ඩම වර්ගය තෝරාගත හැකිය.

ලංකාවේදී බොහෝ විට සුපිරි සහ සාමාන්‍ය වෙළද සැල් වල සේවයේ නිරත වන පිරිස් කොන්ඩම ඉල්ලන පිරිසට වඩා ලැජ්ජා වන ආකාරයක් ‍ද ඇතැම්විට පෙන්නුම් කරයි. නමුත් කොන්ඩමයක් නොපැළද ඉන් පසු විදින්නට වෙන වේදනාවක් හෝ අවධානමක් ඇත්නම් එහි පාඩුව විදින්නට වන්නේ අනාරක්ෂිතව ලිංගිකව හැසිරෙන්නාට මිස ලැජ්ජාශීලි සාප්පු සේවකයාට/ සේවිකාවට නොවේ..එබැවින් කොන්ඩම ලබාගැනීමට ලැජ්ජා විය යුතු නැත.

අතුරු කතාවක්

තරුණයෙකුට කොළඹ තදාසන්න පෙදෙසකදී සුරූපී තරුණියක් සම්භ විය. මදක් කතා බහ කිරීමෙන් අනතුරුව ඇය හෝටල කාමරයකට රැගෙන යෑමට හැකිවීම ගැන ඒ සතුටු වූ තරුණයා, යුවතිය තමාගේ දැලට හසු වූ බවට අප්‍රමාණ ලෙස ප්‍රීති විය. ඇයට පියකරු වූ සැ රූ සෝබාවක් තිබූ හෙයින් ඔහු කොන්ඩම භාවිතා කලේ නැත. එයින් සතියකට පසු ඇය ගැබ් ගෙන ඇති බවත් දැන් විවාහ විය යුතු බවත් ගැහැණු ලමයා විසින් අර පුරුෂයාට දැනුම් දෙන ලදී..

හදිසි වාසනාව හේතුවෙන් ඒ තරුණයාට ජිවිතයේ අනෙක් සියල්ල පසෙක ලා, අහසින් ප්‍රාදුර්භූත වූ යුවතියක හා කඩිමුඩියේ විවාහ වන්නට සිදු විය. කොන්ඩම වැනි ආරක්ෂිත උපක්‍රම වලින් තොරව එවැනි හදිසි වාසනාවන් උරගා බැලීමට ගොස් ලිංගික රෝග සදාගත් අයවලුන් ගැනද සමාජයේ බොහෝවිට අසන්නට ලැබේ.

කාන්තාව සහ කොන්ඩම

කොන්ඩම පැළඳීමට කියාදෙන ජැමෙයිකාවේ පාසැල් පංතියක්. (jamaica-gleaner.com)

කොන්ඩම පැළඳීමට කියාදෙන ජැමෙයිකාවේ පාසැල් පංතියක්. (jamaica-gleaner.com)

අනවශ්‍ය ගැබ් ගැනීමකදී හෝ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පැතිරීමකදී පුරුෂයාට වඩා දැඩි පීඩනයක් කාන්තාව කෙරෙහි එල්ල වේ. ඇය තරුණියක් හෝ යෞවනියක් නම් සමාජ‍ය ඉදිරියේ එළඹිය හැකි තත්වය වඩාත් බියකරුය.

කොටට ඇඳීම, තදින් සිනාසීම, කෙළි කවට බස් දෙඩීම, අගපසග පෙන්වීම ආදී බොහෝ දේට අපේ ආසියානු සමාජ පසුබිම තුල කාන්තාවන්ට නොයෙකුත් සීමාවන් නිර්මාණය කෙරේ. නමුදු බොහෝ කාන්තාවෝ ඒවා කෙතෙක් තිබුනද ගැලපෙන ලෙස ඒ සීමාවෝ රිසිසේ වෙනස් කරගෙන ජීවත්‍ වෙති. අද කාලයේ අන්තර්ජාලය,‍පොත පත, යූ ටියුබ්, ආදී කොතෙකුත් තැන් හරහා කොන්ඩම සහ ලිංගික සෞඛ්‍යය ගැන විවිධ අධ්‍යාපනික වැඩ සටහන් ලෙහෙසියෙන් ලබාගත හැකිය.  ලිංගික අධ්‍යාපනය සහිතව තමුන් සමග විශ්වාසයෙන් ලිංගිකව හැසිරෙන්නට නියමිත අයට කොන්ඩම පැළඳීමට බල කිරීමට වර්ථමාන කාන්තාවට හැකියාවක් ඇතිවිය යුතුය.

කාන්තාවන්ට විශේෂ වූ කාන්තා කොන්ඩම ද ඇතිමුත් ඒවා පරිහරණයත් වෙළඳපොලේ සොයාගැනීම මදක් අපහසුය. ඕනෑම ග්‍රොසරියක ෆාමසියක ඇති පිරිමි කොන්ඩම මිලදී ගෙන පාවිච්චියට පිරිමියා පොළඹවා ගැනීම කාන්තාවන්ට වඩාත් පහසුවෙන්ම කල හැකි දෙයකි.

කොන්ඩම සහ නීතිය

(bestmswprograms.com)

(bestmswprograms.com)

කොන්ඩමයක් ළඟ තබාගත් පමණින් ස්ත්‍රියකු ගණිකාවක් යැයි හංවඩු ගැහෙන කාලයක් ලෝකයේම විවිධ ස්ථානවල පැවතුනි. නමුත්දැන් නම් ලංකාවේද කොන්ඩමයක් සන්තකයේ තිබුනු පලියට ගණිකාවක්ද නැද්ද යනාදී කිසිවක් ඔප්පු කිරීමේදී අධිකරණය එය විශාල සාධකයක් ලෙස සලකන්නේ නැත.

කොන්ඩම සරල කර ගමු

කොන්ඩමය වර්ථමාන සමාජයේ වැඩිහිටි ජීවිතයේදී වැදගත් උපාංගයකි. අප රටේ පවුල් සංවිධාන අංශ වලදී හා  හමුදා බැරැක්ක ආදියේ දී කොන්ඩම නොමිලයේම ලබා දේ. භූතානයේ සංඝ්‍යා වහන්සේ අතර ඒඩ්ස් හා ලිංගිකව බෝවන රෝග වැඩිවන නිසා ආරාම වලද කොන්ඩම ලෙහෙසියෙන් ලබාගැන්මේ පහසුකම  සලසා ඇත. පසුගිය රියෝ ඔලිම්පික් වලදීද කොන්ඩම ලක්ෂ  4කට වඩා ක්‍රීඩකයින්ට බෙදා දී තිබුනි.

අවධානමට පෙර සූදානම හැම අතින්ම හොඳය. එබැවින් කොන්ඩම භාවිතය යනු අවධානම් කිහිපයක්ම එක් සරල යෙදවුමකින් පාලනය කරගත හැකි ලෙහෙසිම ක්‍රමයකි.

කොන්ඩම ගැන මේ ලිපිය හරහා ඔබට යම් කිසි අවබෝධයක් ලැබෙන්නට ඇති..කොන්ඩම මිලදී ගැන්මේදී ඔබට යම් අපහසුතා ලංකාවේදී ඇති වී ඇති. ඔබටත් තිබෙන අදහස් අපි සමග කමෙන්ට් හරහා හුවමාරු කරගන්නට පුළුවනි.

කවරයේ පින්තුරය: sacpop.files.wordpress.com

 

Related Articles