Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තාක්ෂණය සමග දියුණු වූ අන්තර්ජාල කපු මහත්තයා (Dating Sites)

දියුණුවෙන තාක්ෂණය සමග ඊට අනුගත වෙන්න අප කාටත් ජීවත්වෙන ක්‍රමය කාලෙන් කාලෙට වෙනස් කරගන්න සිදුවෙනවා. ඒ වගේ ලෝකයේ තාක්ෂණය සමග සමාජයේ සිදු වූ වෙනස්කමක් විදිහට විවාහ ක්‍රමය හඳුන්වන්න පුළුවන්. අද වන විට ලෝකයේ වගේම ලංකාවෙත් සුළුතරයක් වූ පිරිසක් භාවිතා කරන නමුත් ලංකාවේ අද පවතින සමාජ ක්‍රමයට මනාව ගැලපෙන අංගයක් විඳියට අන්තර්ජාලය හරහා සහකරුවෙකු හෝ සහකාරියක් සොයාගැනීම දක්වන්න පුළුවන්. අද වෙනකොට විවිධ ආයතන හෝ පුද්ගලයින් මේ අවශ්‍යතාවයට ගැලපෙන වෙබ් අඩවි ලංකාවේ සමාජයට ගැලපෙන ලෙස පවත්වාගෙන යනවා.

මේ ලිපිය හරහා ඔබට ලෝකයේ හා ලංකාවේ තිබෙන විවිධ වෙබ් අඩවි පිළිබඳවත්, ඒවායේ  තාක්ෂණය හා විවාහයට කොතරම් ආරක්‍ෂිත ද යන්නත්, මේ වෙබ් අඩවි හරහා තෝරා ගැනීම කොහොමද සිදු කරන්නේ කියලත් දැනගන්න පුළුවන්.

අතීතයේ ලංකාවේ සහකරුවෙකු හෝ සහකාරියක් සොයා ගත්තේ කොහොමද?

ඉතා පැරණි අතීතයක් හිමි ලංකාවේ සමාජ ක්‍රමය තුළ විවාහ ක්‍රමය මූලිකව ආගමික පසුබිම අනුව බෞද්ධ, කතෝලික, ඉස්ලාම් හා හින්දු විදිහට කොටස් කරන්න පුළුවන්. ආගමික වශයෙන් මෙසේ බෙදා වෙන් කරන්න හැකි වූවාට විවාහයකදී සාම්ප්‍රදායික ලෙස දෙමාපිය මැදිහත් වීමෙන් අතීතයේ මේ කටයුත්ත සිදු කෙරුනා. මේ වෙනුවෙන් සමහර අවස්ථාවලදී මගුල් කපුවෙකු මැදිහත්වීමත් සිදු වුණා. (අද වෙනතුරුත් ග්‍රාමීයව වගේම නාගරික ශ්‍රී ලාංකීය සමාජයේ දැකගන්න පුළුවන්). ඉහත සඳහන් කළ ක්‍රමය යෝජිත විවාහ විදිහට හඳුන්වනවා.

ශ්‍රි ලංකාවේ සාම්ප්‍රදායික විවාහ සිදු වන අවස්ථාවක් දැක්වෙන ජායාරූපයක් (www.visitslpc.com, amarsheba.com, i.ytimg.com, www.3ders.org)

ඉන්පසු ජනමාධ්‍ය කරලියට පැමිණි අතර අදත් පුවත්පත් වල මනාලියන් හා මනාලයින් වෙනුවෙන් වෙන් කළ පිටු දැකගන්න පුළුවන්. නමුත් මේ ක්‍රමය යම් කාලයක් වැය කළ යුතු අසීරු කටයුත්තක්.

නමුත් කාලයත්, අධ්‍යාපනයත් සමග තරුණ පරපුර තමන්ගේ සහකරු තමන් විසින්ම එනම් පෙම් සම්බන්ධතා හරහා සොයා ගැනීමට නැඹුරු වූවා. නමුත් එලෙස සිදු කිරීමේදී අවශ්‍යතා වලට ගැළපෙන සහකාරිය හෝ සහකරු සොයා ගැනීමට බොහෝ කාලයක් ගතවීමත් නිවැරදි තෝරා ගැනීමක් සිදු නොවීම නිසා විවිධ ගැටළු ඇතිවීමත් නිසාම නව ක්‍රමවේදයක අවශ්‍යතාව මතු වෙනවා.

ඒ නිසාම නිවැරිදි තේරීමක් සිදු කිරීමට අවශ්‍ය වන වටපිටාව සැකසීමේ වගකීම නව තාක්ෂණයට භාරදීමට තොරතුරු තාක්ෂණය පිළිබඳව ගවේෂණය කරන විද්වතුන් කටයුතු කළ අතර එසේ ඉදිරිපත් කළ නව අදහසක් විදිහට මේ වෙබ් අඩවි හඳුන්වන්න පුළුවන්.

වෙබ් අඩවියක් හරහා සහකාරියක් හෝ සහකරුවෙක් සොයා ගන්නේ කොහොම ද?

තමන්ගේ පෞද්ගලිකත්වයට හානියක් නොවන විඳියට ජීවන තොරතුරු ඇතුලත් කර තමන්ට ගැලපෙන සහකරුවෙකු හෝ සහකාරියක් සොයා ගැනීම මේ හරහා සිදු කරගන්න පුළුවන්. තමන්ගේ අධ්‍යාපනයට, කැමැත්තට, ආර්ථිකයට ගැලපෙන සහකරුවෙකු හෝ සහකාරියක් මේ හරහා සොයා ගන්න ඉඩ සකසා තිබෙනවා. වෙබ් අඩවියට පිවිසීමේදී ඇතුලත් කරන්නට සිදුවන තොරතුරු ගණිතමය සුලු කිරීම් හරහා ලබාගත් ප්‍රථිපල ගැලපීමක් මෙහිදී සිදු කරනවා. (කේන්දර ගැලපීමත් මේ ආකාරයමයි)

දිනයන් වෙන් කරගන්නා වෙබ් අඩවි පිළිබද පෙන්නුම් කරන ජායාරූපයක් (www.sociobits.org)

අද පවතින සමහරක් වෙබ් අඩවි හරහා නොමිලේ මෙම සේවාව ලබාගන්න පුළුවන් වගේම යම් ගෙවීමක් කිරීමෙන් අනතුරුව වෙබ් අඩවියට සම්බන්ධ වෙන්නත් පුළුවන්.

ඇත්තටම මේ ක්‍රමය ආරක්‍ෂිත ද?

ඔබ මේ ක්‍රමය හරහා සේවාවක් ලබා ගැනීමේදී ගැලපෙනම වෙබ් අඩවිය තෝරා ගැනීම අනිවාර්ය වනවා. එලෙසම තමන්ගේ තොරතුරු ඇතුලත් කිරීමේදී විශේෂ සැලකිල්ලක් දක්වන්නම අවශ්‍යයි. එලෙසම යම් අයෙකු සමග සම්බන්ධ වීමේදී ඉතා පරිස්සම් විය යුතුයි. නිසි ආකාරයෙන් කෙනෙකු තෝරාගෙන, හඳුනාගෙන ඉදිරි කටයුතු කරනවා නම් ඔබේ සහකාරිය හෝ සහකරු ආරක්ෂිතව තොරා ගන්න පුළුවන්. වෙබ් අඩවි භාවිතා කරන පුද්ගලයාගේ සංයමය පවතිනවා නම් මේ ක්‍රමය මගින් ඔබේ අවශ්‍යතාවය ඉටු කරගැනීම ඉතා පහසු වනවා.

වෙබ් අඩවි හරහා සම්බන්ධකම් වර්ධනය වීම දැක්වෙන ජායාරූපයක් (pcimage.collegedaily.com.cn)

ලෝකයේ මෙවැනි වෙබ් අඩවි භාවිතා කරනවාද?

ලෝකයේ අද වන විට සාර්ථකව යොදා ගන්නා ක්‍රමයක් විදිහට වෙබ් අඩවි හරහා සහකරුවෙකු සොයා ගැනීම හඳුන්වන්න පුළුවන්. 2015 වසරේ ඇමරිකාවේ සිදු කළ සමීක්ෂණයකට අනුව එරට වැඩිහිටියන්ගෙන් 15%ක් තමන්ගේ සහකරු තෝරා ගැනීමට අන්තර්ජාලයේ වෙබ් අඩවි භාවිතා කර තිබෙනවා. ඒ වගේම එම සමීක්ෂණයෙන් හෙළි වී ඇති ආකාරයට මේ වෙබ් අඩවි හරහා සේවාව ලබා ගැනීමෙන් පසුව ලැබුණු ප්‍රතිචාරද යහපත් මට්ටමක පවතිනවා.

ඒ වගේමයි ලෝකයේ මේ තාක්ෂණය ලංකාවේ යොදා ගැනීමට යම් තරමක වෙනසක් දක්වනවා. ලංකාවේ විවාහය සදහා පුද්ලිකවම මෙය යොදා ගත්තත් විදේශීය රටවල මිතුරන් සොයා ගැනීමේ සිට ජීවන සහකරුවෙක් සොයා ගැනීම දක්වා පරාසයකට වෙබ් අඩවි යොදා ගැනෙනවා. දිනයන් වෙන් කරගන්නා වෙබ් අඩවි (dating sites) ලෙස හඳුන්වන මේවා විවිධ අවශ්‍යතා වලට අනුව නිර්මාණය කර තිබෙනවා. උදාහරණ විදියට,

eHarmony

මේ වෙබ් අඩවියට ඇතුලත් වීමේදී ප්‍රශ්න කීපයකට පිළිතුරු දීමට සිදුවනවා. ඒ වගේම එම පිළිතුරු යොදා ගෙන ගණිතමය විසඳීමක් හරහා ඔබගේ පෞරුෂත්වය ගණනය කරනු ලබනවා. ඉන් අනතුරුව ඔබේ පෞරුෂත්වයට  ගැලපෙන කෙනෙක් ඔබට තෝරාගන්න පුළුවන්.

Lovestruck

මේ වෙබ් අඩවියේ මූලික අරමුණ කාර්යබහුල පුද්ගලයින්ට ගැලපෙන අයවලුන් සම්බන්ධ කිරීමයි. ඇතුළත් කරන දත්ත වලට අනුව ගණනය කිරීමකින් නිදහස් වෙලාවට, දිනයට ගැලපෙන සහකරුවෙකු සොයා දීම සිදු කරනවා.

Parship

මේ වෙබ් අඩවිය හරහා දිගුකාලීන සබඳතාවක් වෙනුවෙන් සුදානම් වන කෙනෙකුට ඉඩ සලසා දෙනවා. ඒ වගේම සමාජ තත්වයෙන් උසස් පුද්ගලයින් මේ වෙබ් අඩවිය මූලිකවම ඉලක්ක කර තිබෙනවා.

tinder

මෙහිදී ඔබගේ ඡායාරූපය සැසඳීම සිදු කරන අතරම තොරතුරු ගණනයද සිදු කරනවා. මේ වෙබ් අඩවියත් ලෝකයේ ප්‍රචලිත වෙබ් අඩවියක් වෙනවා.

මීට අමතරව අන්තර්ජාලය තුළ බොහෝ වෙබ් අඩවි තෝරා ගැනීම හා සම්බන්ධව සොයා ගන්න පුළුවන්. ඒ වගේම ඔබට ගැලපෙන තේරීම සිදු කරගන්න හැකි වෙනස් විධි ගණනාවක්ම එහි තිබෙනවා.

ලංකාවේ මෙවැනි වෙබ් අඩවි තිබෙනවාද?

ලංකාවේ මේ හා සම්බන්ධ වෙබ් අඩවි බොහොමයක් පවතිනවා. ඒ එක් එක් වෙබ් අඩවි හරහා විවිධ සමාජ කණ්ඩායම් ඉලක්ක කර පහසුකම් සපයා දී තිබෙනවා. ඒ වගේම සිංහල, ඉංග්‍රීසි හා දෙමළ භාෂාවලින් පවතින වෙබ් අඩවිත් තිබෙනවා. උදාහරණ විඳියට වෙබ් අඩවි කිහිපයක් පහත පරිදි දක්වන්න පුළුවන්.

propozer.lk

මේ වෙබ් අඩවිය හරහා විශේෂයෙන්ම ඉලක්ක කරන්නේ අධ්‍යාපනයෙන් හා ආර්ථික මට්ටමෙන් ඉහළ  මට්ටමක සිටින ලාංකීයන්. ඒ වගේම ඔබගේ තොරතුරු යැවීමෙන් පසුව වෙබ් අඩවිය ඔබව ඊට ඇතුලත් කරගන්නේ ඔබගේ තොරතුරු පිළිබඳව සොයා බැලීමක් සිදු කිරීමෙන් අනතුරුව වීමත් විශේෂයි.

වෙබ්අඩවියේ ජායාරූපයක් (www.propozer.lk/)

නොමිලේ වෙබ් අඩවිය හා සම්බන්ධ වීමේ හැකියාවක් පවතින අතර ඔබගේ පෞද්ගලිකත්වය මනාව ආරක්ෂා කරගැනීමේ හැකියාවක් පවතිනවා (ඔබටම සැකසූ password එකක් හරහා මීට ඇතුලත් විය හැකී). ඕනෑම කෙනෙකුට ඔබ ඇතුලත් කළ තොරතුරු කියවීමේ හැකියාව ඇති නමුත් පෞද්ගලිකත්වයට හානි වන ඡායාරූප, දුරකථන අංක වැනි දේ වෙබ් පිටුව හරහා ඔබගේ අවසරයකින් තොරව කිසිවෙකුට නැරඹීමේ හැකියාවක් නැහැ. ඔබ කේන්දර පිළිබඳව සැලකිල්ලක් දක්වනවා නම් මෙය හොඳ වෙබ් අඩවියක්. මන්ද වෙබ් අඩවියට ඇතුලත් වීමේදී ඔබට ඊට කේන්දර පිටපතද ඇතුලත් කළ හැකියි.

liyathabara.com

මේ වෙබ් අඩවිය හරහා ඕනෑම අයෙකුට සහකරුවෙකු සොයා ගන්න පුළුවන්. ඒ වගේම වෙබ් අඩවියේ ඔබට ආරක්ෂිතව ක්‍රියා කිරීමට අවශ්‍ය සියලු තොරතුරු ඇතුළත් කර තිබෙනවා. ඒ වගේම ඔබටම සැකසූ password එකක් හරහා මීට ඇතුළත් විය හැකි අතර තෝරා ගැනීමෙන් පසුව අදහස් හුවමාරු කිරීමේ අවස්ථාවත් (chat) සපයා දී තිබෙනවා. සබඳතා පවත්වා ගැනීමේ දී ඔබ විසින් ඔබේ ආරක්ෂාව සපයාගත යුතුයි. ඔබට අවශ්‍යනම් ඡායාරූපයක් වෙබ් අඩවියේ සැමට පෙනෙන සේ දැමීමේ හැකියාවත් පවතිනවා.(මේ වෙබ් අඩවිය හරහා සේවාවන් ලබාගත් අයගේ ප්‍රතිචාරත් වෙබ් පිටුවේ සදහන් කර තිබෙනවා.)

වෙබ් අඩවියේ ජායාරූපයක් (www.liyathabara.com)

මීට අමතරව අන්තර්ජාලය පිරික්සීමෙන් තවත් බොහෝ ලාංකීය වෙබ් අඩවි සොයාගන්න පුළුවන්. එලෙසම ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන වෙබ් අඩවියක් ඔබම තෝරාගත යුතුයි. වෙබ් අඩවියේ සඳහන් තොරතුරු හොඳින් කියවා ඇතුලත් වීමෙන් ඔබේ අවශ්‍යතාවය ඉටු කරගන්න හැකියාව තිබෙනවා.

ඒ වගේම සඳහන් කළ යුතුම කාරණය වන්නේ අන්තර්ජාලය භාවිතයේ දී ඔබේ ආරක්ෂාව පිලිබඳව අවදානයෙන් සිටීමයි. තමාව ආරක්ෂා කර ගැනීමේ වගකීම තමා සතුව පවතිනවා.වෙබ් අඩවියේ විස්තර  හොඳින් කියවීමත් තමන්ගේ තොරතුරු ඇතුලත් කිරීමේදී ප්‍රවේශම් වීමෙනුත් නිවැරදි තෝරා ගැනීමක් ගෙදර ඉඳන්ම කරගන්න ඔබට පුළුවන්.

මූලාශ්‍ර:

www.pewinternet.org/2016/02/11/15-percent-of-american-adults-have-used-online-dating-sites-or-mobile-dating-apps/

www.pewresearch.org/fact-tank/2016/02/29/5-facts-about-online-dating/

www.top20sites.com/top-marriage-proposals-sites

www.propozer.lk

www.liyathabara.com

www.mirror.co.uk/money/5-cheap-ways-find-love-4909370

www.marieclaire.co.uk/life/sex-and-relationships/best-online-dating-sites-126425

කවරයේ පින්තූරය: http://expressnewzpk.com

Related Articles