Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව පුරා සැකසෙන අසාමාන්‍ය ආහාර – 2 කොටස

ලොව විවිධ රටවල්වලට සංචාරය කළහොත් රස විඳිය හැකි අමුතුම තාලයේ ආහාර කිහිපයක් ගැන අපි පසුගිය ලිපියෙන් සාකච්ඡා කළා. එහි දෙවන කොටසෙනුත් අපි ඔබ වෙත ගෙන එන්නේ තවත් එවැනිම අසාමාන්‍ය හා අරුම පුදුම ආහාර වර්ග කිහිපයක් ගැන තොරතුරුයි. පිට රැටියෙකුට මේ ආහාර අමුතුම හා සමහර විට අප්‍රසන්න අත්දැකීමක් වුණාට ඒ ඒ රට වල ස්වදේශිකයන්ට නම් මේවායේ ඒ තරම් අමුත්තක් නැති බව නොකියාම බැහැ.

ෆුගු – ජපානය

bravotv.com

ජපානය අවට මුහුදේ හමුවන ගල් මාළු විශේෂයක් වන ෆුගු මත්ස්‍යයෙකුගේ ශරීරයේ පුද්ගලයින් 30 දෙනෙක් මරණයට පත් කළ හැකි තරම් විෂ අන්තර්ගත වෙනවා. ඒ කෙසේ නමුත් මොවුන්ගේ මාංශයෙන් සාදන ප්‍රණීත ආහාරය බුදින්නට ජපන් ජාතිකයන් එය ගැටළුවක් කරගෙන නැහැ. ෆුගු මත්ස්‍යයා ආහාර සඳහා පිළියෙල කිරීම ඉතාම අත්දැකීම් සහිත කෝකියෙකු අතින් සිදු විය යුතුයි. මන්ද කුඩා අතපසුවීමකින් ජීවිත හානිය පවා සිදු විය හැකියි. ජපානයේ ඉතා ප්‍රණීත හා මිලාධික කෑමක් සේ සැළකෙන ෆුගු ස්ටූ, ග්‍රිල් කර හෝ සෂ්මි (Sashmi) ලෙස පිළියෙල කළ හැකියි.

සන්නක්ජි (Sannakji)- කොරියාව

foodology.ca

සන්නක්ජි යනු කොරියානු ආහාරයක් වන අතර මේ ආහාරයේ ඇති තිත්ත ඇත්තක් වන්නේ බූවල්ලෙකුගෙන් සාදන මෙය අනුභව කළ යුත්තේ උගේ ප්‍රාණය තවමත් රැඳී තිබියදී වීමයි. මෙහිදී බූවල්ලෙක් ගෙන උගේ පාදයන් පලා හෝ අමුවෙන් තල තෙල් ඉස පිළිගැන්වීම සිදු කරයි. මෙය අනුභව කරන්නෙකුට බූවල්ලගේ පාද තවමත් නලි‍යන අයුරු දැකගත හැකි අතර, අනුභව කිරීමට යාමේදී බූවල්ලා උගුරෙහි පටලැවී සිදු වූ මරණ ගැනද අසන්නට ලැබෙනවා. මේ ආහාරය ගැනීමට යාම එක්තරා අතකින් අමුතු අත්දැකීමක් මෙන්ම ආගන්තුකයෙක්ට දුක්ඛදායක එකක් වේවි.

අශ්ව ඉළකටු හා මහාන්ත්‍ර සොසේජස් – කසකස්ථානය

vice.com

කසකස්ථානයේ මිනිසුන් අශ්වයාගේ අධස්චර්මීය මේද පටකයේ සිට මහාන්ත්‍රය දක්වාම ආහාරයට ගන්නවා. අශ්ව සොසේජස් සාදාගන්නේ අශ්වයාගේ ඉළකටු වල ඇති මාංශ සුදුළූණු හා ලුණු සමඟ මුසු කොට උගේ මහාන්ත්‍රයේ අපර කොටසට  (ගුද මාර්ගය) පිරවීමෙනුයි. ඉන් අනතුරුව මේවා වේලා, දුම් ගසා ආහාරය සඳහා සකසාගන්නවා. මේවා පහසුවෙන් මුව තුලදී දියවන බැවින් කසකස්ථාන් ජාතිකයින් අශ්ව සොසේජස් වලටා දක්වන්නේ මහත් ප්‍රියතාවයක්.

Boshintang – කොරියාව

roughguides.com

මෙය සමහර කොරියානුවන් පානය කරන සුප් වර්ගයක්. මෙය සාදාගැනීමට ළූණු, කුළුබඩු සමඟ තවත් කුප්‍රකට අමුද්‍රව්‍යක් එකතු කරනවා. ඒ බලු මාංශයි. වර්තමානය වන විට කොරියාවේ සත්ත්ව ආරක්ෂාව පිළිබඳ නීති පැනවී ඇති නිසා මේ ආහාර ය සොයා ගැනීම අපහසුයි. නමුත් මීට දශක කීපයකට පෙර මෙය කොරියානුවන් අතර ප්‍රසිද්ධව තිබුණා. මේ ආහාරය අප්‍රසන්න ගන්ධයකින් යුක්ත බව අත්දැකීම් ඇත්තවුන් පවසනවා.

සියවස් බිත්තර -චීනය

සාමාන්‍ය තැම්බූ බිත්තරයක් හා සියවස් බිත්තරයක් (souperdiaries.com)

කුණු බිත්තර වල ගන්ධයේ හැටියට ඒවා ළඟින් යාමත් අප්‍රසන්න දෙයක් හැටියට සැළකෙන්නේ. ඉතින් කුණු බිත්තරයක් කන්නට සිදු වුණොත්. චීනයේ සියවස් බිත්තර යනුවෙන් හැඳින්වෙන ඒවා එ ඝනයට අයත්. පුරාණ චීනයේ ජනයා බිත්තර ගෙන ඒවා මැටි, අළු හා ලුණු මිශ්‍රණයකින් වලින් ආවරණය කර පරණ වන්නට තබනවා. මේවා ව්‍යවහාරයේදී ‘සියවස් බිජු’ ලෙස හැඳින්වුණත් එසේ පරණ වෙන්නට තබන්නෙ මාස කිහිපයක් පමණයි. මේ කාළය තුළදී සුදු මදය දුඹුරුවන් කහ පැහැයකට පත් වන අතර කහ මදය තද කොළ පැහැ වෙනවා. ගන්ධයත් අඩු වැඩි වශයෙන් කුණු බිත්තර වලට ලාක්ෂ්ණික සල්ෆර් ගන්ධයට හැරෙනවා. ඒත් මේහි රසය නම් හිතන තරම් අප්‍රසන්න නැහැ.

මුහුදු කැකිරි – ඇලස්කාව

honthomisland.com

ඇලස්කාවට අයත් සික්ටා නගරයේ වෙරළ තීරය විවිධ මුහුදු ජීවින්ගෙන් ගහණයි. මේ අතරින් එකයිනොඩර්මේටවෙකු වන මුහුදු කැකිරි ආහාරයක් හැටියට එහි වැසියන් යොදාගන්නවා. නිවැරදිව පිළියෙල කරගතහොත් ඉතාම රසවත් මේ ජීවීන් විශේෂය අනුභව කරන විට බටර් සමඟ සළාද කොළ මිශ්‍ර වූ විට මෙන් රසක් දැනෙනවා. මොවුන්ගේ පිටත පෘෂ්ඨය ඉතා තද අතර මෘදු මදය ඉවතට ගෙන සෝස් වැනි දේ දමා පිළියෙල කිරීම සිදු වෙනවා.

කුහුඹු පිළවු – මෙක්සිකෝව

perfectvacation.co

බැලූ බැල්මට මෙය දිස් වෙන්නේ කුමක් හෝ ධාන්‍යකින් සාදා ඇති කෑම වේලක් ලෙසයි. නමුත් ඇත්තෙන්ම මෙය පිළියෙල කරන්නේ අමුද්‍රව්‍ය වශයෙන් කුහුඹු පිළවුන් හෝ බිත්තර යොදාගනිමින්. insect caviar හෙවත් escamoles ලෙස හඳුන්වනු ලබන මෙය ඈත අතීතේ පටන් මෙක්සිකානුවන් විසින් පිළියෙල කරනු ලැබුවා. සාමාන්‍යයෙන්  maguey යන කුඩා ශාඛ මුල් ආශ්‍රිතව කුහුඹුවන් බිත්තර දැමීම සිදු කරන අතර ඒවායින් කුහුඹු බිත්තර එකතු කරගනු ලබනවා. මේවා ප්‍රණීත රසයකින් යුක්තයි. සාමාන්‍යයෙන් පිළියෙල කරනු ලබන්නේ බටර් යොදා හෝ ගැඹුරු තෙලෙහි බැදීමෙනුයි.

Casu marzu- ඉතාලිය

extremusfoods.weebly.com

Casu marzu ඉතාලියෙන් හමු වන ආහාරයක් වන සාදන්නේ ‘නරක් වූ’ පෙකොරිනෝ චීස් වලිනුයි. චීස් මැස්සන් හෙවත් Piophila casei විශේෂයේ මැස්සන් මේවා වල බිත්තර දමනවා. එසේත් නැතිනම් මේ මැසි කීටයන් හිතා මතාම පෙකොරිනෝ වලට දමනවා. මොවුන් මේවායේ වාසස්ථාන සාදාගනිමින් මේදය ජීර්ණය කරනවා. මේ නිසා ඉතා මෘදු හා ප්‍රණීත ආහාරයක් ප්‍රතිඵල වන අතර මැසි කීටයන් සමඟ හෝ ඉවත් කර ආහාරයට ගත හැකියි.

කිවි‍යැක් -ග්‍රීන්ලන්තය

modernfarmer.com

කිවියැක් (Kiviak) ආහාරය ග්‍රීන්ලන්තයේ ජනප්‍රිය ආහාරයක්. විශේෂ අවස්ථා වලදී පිළිගැන්වෙන මෙම ආහාරය නිපදවන්නට මියගිය පක්ෂීන් 400-500 ක් අතර ගණනක් අවශ්‍යයි. සාමාන්‍යයෙන් auk පක්ෂීන්  මේ සඳහා යොදා ගැණෙන අතර මීට අමතරව මැරුණු සීල් සත්ත්වයෙක්ද අවශ්‍යය වෙනවා. සීල් සත්ත්වයා ගෙන ඔහුගේ සිරුර තුළ පක්ෂීන් තැන්පත් කරන අතර මාස කිහිපයක්ම, සමහර විට අවුරුදු එක හමාරක් පමණ කුණු වෙන්නට හරිනවා. දිගු කාලීනව කුණු වීමට භාජනය වීම නිසා පක්ෂීන්ගේ මාංශය දියවී යාමට පටන් ගන්නවා. මේ ආහාරය ගන්නා නියම ක්‍රමය වන්නේ පක්ෂියාගේ හිස ඉවත් කර ශරීරය ඇතුලත සාරය උරා බීමයි. මේ නිස බොටුලිසම වැලැඳී සිදු වුණු මරණත් වාර්ථා වෙනවා.

බැදුණු මොළ සැන්ඩ්විච් – ඇමෙරිකා එක්සත් ජනපදය

keaggy.com

ඇමරිකා එක්සත් ජනපදයේ ඔහියෝ ගංගා නිම්නයේ තවම්ත් ප්‍රසිද්ධ ‘මොළ’ සැන්ඩ්විච් සාදන්නේ පෙති කපන ලද ඌරු හෝ හරක් මොළ වලින්. අනතුරුව ඒවා ඇලෙන සුළු මිශ්‍රණයක බහා ගැඹුරු තෙළේ බදිනවා. මේ සැන්ඩ්විචයේ උපත සිදුවූයේ ඇමෙරිකාවට පැමිණි ජර්මාණු හා පෝලන්ත සංක්‍රමණුකයින්ගෙන් බව විශ්වාස කෙරෙනවා. මේ සැන්ඩ්විචයේ කැලරි බහුළ අතර සාමාන්‍යයෙන් පිළිගන්වන්නේ අච්චාරු දමන ලද ළූණු හා අබ සමඟයි. මෙහි වැඩිමනක් රස පැමිණෙන්නේ තැවරුමෙන් වන අතර මොළ වල ඇත්තේ කස්ටඩ් රසක්.

Cover Image- (Chunhai Cao/iStock)

Related Articles