Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාවේ ආන්ඩුවල වෙනස්නොවන තැටි

ලංකාවේ දේසපාලනය ගැන කතාකරල වැඩක් නෑ. ඔය දියවන්නාවේ මහ තැනට බෝම්බයක් ගහල ඔක්කොම එකපාර විනාසවෙලා යනෝ නම් ඊට වඩා සතුටක් නෑ මට නම්… දේශපාලනය ගැන කතාකරද්දි මේ දියවන්නාවට බෝම්බ ගැසීමට පක්ෂ අය බොහෝමයි. අපි දැන් සලකා බලමු මේ බෝම්බ ගැසීමේ තියෙන සත්‍යම කතාව. ප්‍රියා සූරියසේන පසුකාලීනව ගායනා කල ගීතයක මෙහෙම තියෙනවා.

“ටන නං නං..ටන නං නං..ටන නන ටන නා.. “

“වෙඩි තියන් එපා හදවතට මගේ… කෑලි කැඩී යාවී ආදරේ ඔබේ…“

ඒ වදනින් කියන විදියට පෙම්වතාගේ හදවතට වෙඩි තබන ආදරවන්තිය විසින් විනාස කරගන්නේ ඇයගේම ආදරයයි. පාර්ලිමේන්තුවට බෝම්බ ගැහීමත් ඒ වගේමය. මනාපය දීල හෝ ඡන්දෙ දීල හෝ නොදී හෝ ලංකාවෙ මිලියන 15ක විතර පුරවැසියන් පිරිසක් 225ක් තෝරා පාර්ලිමේන්තුවට යවනවා. එයාල අපේම මනාපයෙන් පත් වෙන අය. එයාල විනාස වුනාම විනාස වෙන්නෙත් අපේම අපේකෂාවන් නේද?

අපි බලමු කිසිදා වෙනස් නොවන අපේ පාලක පක්ෂවල  අයගේ කතාන්දර කිහිපයක්.

මතට කොමාව,

ලංකාවේ රැළියක්. (citizen.lk)

ලංකාවේ රැළියක්. (citizen.lk)

පත්වෙන සෑම රජයක්ම මහජනයාගේ ජනතාවගේ බඩටත් වඩා අක්මාව ගැන සිතනවා. ඔවුන් මත්පැන් වලින් ජනතාවට සිදුවිය හැකි හානිය සලකලා හැමදාම එතනෝල් වලට බදු වැඩිකරනවා. සිගරට් වලටත් ඒ විදියම තමයි. මේ සිගරට් සහ අරක්කු මිල ඉහල දාලා රජය නවත්වගන්න හදන රෝග මොනවද? ඒ වැඩපිලිවෙල කොච්චර සාර්ථක වෙලාද? කියල ලොකු අදහසක් කාටවත් නෑ.

ආගමික නැඹුරුව එක්ක මත හොද නැති දෙයක් කියලා සමාජයේ මතයක් තිබෙනවා. ඒ අනුව මත නැවතීම කාන්තාවන්ගේ ඡන්ද ලබාගැනීමටත් නොබොන අයගේ ඡන්ද ලබාගැනීමටත් ලොකු පිටුවහලක් වෙනවා.

සංඛ්‍යාලේඛන අනුව නම් රජය කොතරම් බදු එකතු කරත් වසරින් වසර භාවිත වන එතනෝල් ප්‍රමාණය වැඩිවෙනවා. ඒ එකතුවන සුරාබදු මගින් මතට තිත කෙසේ වෙතත් රජයට නම් විශාල මුදලක් සෑම වසරකදීම එකතු වෙනවා.

සහනාධාර

සාමකාමීව ගැටළු විසඳගන්නා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් (onlanka.com)

සාමකාමීව ගැටළු විසඳගන්නා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් (onlanka.com)

ආර් ප්‍රේමදාස ජනපති තුමා කාලයේ ජනසවිය ලෙස පැවැත්වුන එය පසුව චන්ද්‍රිකා රජයේ එස් බී ඇමතිතුමා විසින් සමෘද්ධි නමින් ජනප්‍රිය වුනා මේ කාලේ නැවතත් එහි නම් වෙනසක් ගැනකතා වෙනවා.

පොහොර සහනාධාරය ගොවීන්ට රජය මගින් ලබාදෙන එවන් තවත් එක්  සහනාධාරයක් ලෙස සලකන්නට පුළුවනි. පොහොර සහනාධාරය, ජලය නොමිලේම ලබා දීම ආදී කරුණු වලින් ගොවියාට සහන සැලසුවත් අපේ රටේ වි නිශ්පාදන වියදම බොහොම වැඩියි. රජය මගින් ආනයන බදු පැනවීමක් කලේ නැතිනම් වී ගොවියාට වී වගාකිරීම වාසිදායක රැකියාවක් නෙමෙයි.

සහනාධාර ලබාදීම සාර්ථක වුවත් අසාර්ථක වුවත් සෑම රජයක්ම සහනාධාර පවත්වාගෙන යන්නට උත්සාහ ගන්නවා.

උපාධිධාරින් රජයට විශාල කණ්ඩායමක් වශයෙන් බඳවාගත්තත් ඔවුන්ට බොහෝ තැන්වල නිසි රාජකාරියක් ලැබුනේ නෑ. තවමත් ඔවුන්ට ස්ථාවර රාජකාරි ලැයිස්තුවක් නැහැ. කරන්නට නියමිත රාජකාරියක් නොමැතිව, සැබැවින්ම ඇබෑර්තු රහිතව බඳවාගෙන දිගින් දිගටම ඔවුන්ට වැටුප් ගෙවීම…? එයත් එක්තරා විදියකින් සහනාධාරයක්ම තමයි.

ආයෝජකයින් එනවා

“එරට ආයෝජකයින් විශාල ප්‍රමාණයක් මෙරට ආයෝජනය කිරිමට කැමති වූ අතර… “

රටේ ලොකු නිලයක් විදෙස්ගත වුනු හැම අවස්ථාවකම “එරට ආයෝජකයින් විශාල ප්‍රමාණයක් මෙරට ආයෝජනය කිරිමට කැමති වූ අතර… “ කියල වචන ටිකක් අපිට අහන්න ලැබෙනවා. ඒ වගේම රජය විසින් ආයෝජන දිරිමත් කලා. විවිධ වැඩපිලිවෙලවල් ඉදිරිපත් කලා ආදී ලෙස විවිධ කාරණා සෑම රජයක්ම කියනවා. ඇත්තෙන්ම ඒ කියන පමණට ලංකාවට ආයෝජකයින් පැමිණියා නම් ලංකාවේ තිබෙන ලොකු කුඩා පාසැල් ප්‍රමාණයටත් වඩා වැඩියෙන් කර්මාන්තශාලා ඇතිවෙලා තිබෙන්නට ඕනි.

එත් ඇත්ත තත්වය එහෙමද?

ජාත්‍යන්තරයට නම ගෙන යෑම

කලාකාමී ඇමතිතුමෙක් (i.ytimg.com)

කලාකාමී ඇමතිතුමෙක් (i.ytimg.com)

ලංකාවෙන් පිටතදී ක්‍රිකට් ගහන රටක් නම්,අපෙ රට දන්නේ සිතියමෙන් නෙමෙයි ක්‍රිකටර්ස්ලගෙන්, සනත්ගෙ  හිට් ශොට්, සංග මහේල බැටින් ටෙක්නික්, මාලිංග ගේ බෝලිං, වගේ දේවල් තමයි ක්‍රිකට් ගහන රටකට ලාංකිකයෙක් ගියොත් ලංකාව ගැන අහන්නට ලැබෙන්නේ. ඒ හැර වෙනත් දියුනු රටවලදි ලංකාව කියන්නේ බොහෝවිට ඔවුන් නොදන්නා රටක්.

සෑම රජයක්ම එක් එක් කාලවලදී එයාල අපේ රටේ නම ජාත්‍යන්තරයට ගෙනියන්න ජාත්‍යන්තරයේ අපේ නම රකින්න කටයුතු කලාය කියලා කියනවා. මානව හිමිකම් කතාන්දර වලින් රටම මිරිකිලා හිටියත් රාජපක්ෂ පාලන කාලය තුල චීනය, රුසියාව වැනි රටවල් වලින් අපේ රටට විශාල වශයෙන් තැනක් තියෙනවා කියලා අපිට පුනා පුනා අහන්නට සැලැස්සුවා. වර්ථමාන රජය ඒ සියලු දේවල් යටපත් කලා කියල පුරසාරම් කීවාට මහජනයාට නම් ඒක තවත් එක නිවුස් කතාවක් විතරයි..එහි දැනෙන වාසියක් ජනයාට තිබෙනවාද යන්න ගැටළුවක්.

ඇමති ගම් වලින් සේවක පිරවීම

සෙල්ලම් පිස්තෝල  (newsfirst.lk)

සෙල්ලම් පිස්තෝල  (newsfirst.lk)

රජයේ සේවකයින් සහ ආයතන සේවකයින් බදවා ගැනිමේදි අපක්ෂපාතීව කටයුතු කරනවා කියල කිව්වත් රජය සහ අනුබද්ධ ආයතන වල පහල තනතුරු වල සේවකයින් බොහේවිට ඒ විශයභාර ඇමතිතුමාගේ ගම් පලාතෙන් පැමිණි අයවලුන් වීම සැබැවින්ම පුදුම සහගත සිදුවීමක්.

ටෙලිකොම් මංගල මැතිතුමා කාලේ මාතර පලාතේ අය ගොඩක් ටෙලිකොම් එකට ආවා, සිරිපාල මැතිතුමා සෞඛ්‍ය ඇමති කාලේ රෝහල් කනිෂ්ඨ සේවකයින් වැඩිම බදුල්ලේ. සිරිසේන මැතිතුමා සෞඛ්‍ය ඇමති කල වැඩිම සෞඛ්‍ය සේවකයින් පැමිනෙන්නේ පොලොන්නරුවෙන්. ආසන්නම සිදුවීමක් ලෙස අඛිල ඇමතිතුමාගේ ඡන්ද බල ප්‍රෙද්ශයෙන්ම කනිෂ්ඨ සේවකයින් පිරිසක් දඹුල්ල පාසැලකට පත් වී පැමිණ තිබූ ප්‍රවෘත්තියක් අපි ළගදී මාධ්‍ය වලින් දුටුවා.

අලුත් බදු

අපේ රටේ නැනවත් රජයයන් කියන විදියට නම් ඔවුන් විසින් ජනතාවට බාධා වෙන ආකාරයට බදු එකතු කරන්නේ නෑ. සරලම උදාහරණයක් ලෙස මෑතදී වැඩිවුන විදුලි සංදේශ බදුවැඩිවීමට හේතු ලෙස දුරකථන ඇමතුම් අඩුවීම, අන්තර්ජාල ඇමතුම් වැඩිවීම, දුරකථන සමාගම් පාඩුවීම වැනි කාරනා  ඇමතිතුමා විසින් දක්වලා තිබුනා. වැඩියෙන් ආදායම් උපයන ක්ෂේත්‍රයක් තිබේනම් එය පාලනය කිරීම අපේ රජයයන් සිරිතක් විදියට කරනදෙයක්, අලුත් වැඩපිලිවෙලවල් කෙසේ වෙතත් අලුත්ම බදු ආදිය නම් නිතර නිතර අපේ බිල් වලට සෑම ආණ්ඩුවකින්ම එකතු වෙනවා.

පෙර අය හෑවා අපි තමයි වැපිරුවේ

“අපි මේ ආණ්ඩුව පාලනය ගන්නකොට..භාන්ඩාගාරයේ සතයක් තිබුනේ නෑ. අපි අද වෙනකොට යාන්තම් මේ රට යම් කිසි මාවතකට දාල තිබෙනවා.“

හැමෝටම ලැබෙන්නෙ හිස් භාන්ඩාගාරයක්, සෑම ආණ්ඩුවකටම අනුව ඔවුන්ට පෙර තිබුන රජය අන්ත දූෂිතයි. ඔවුන්ගේ වැඩ වල පලවිපාක දරුණුයි ආදි ලෙස කියනවා. ඇතැම් විට රජයක් පත් වී වසර 3-4ක් යනතෙක් පෙර ආණ්ඩුවේ වැඩපිලිවෙලවල් විවේචනය කරමින් පෙර අය එකල ලබාදුන් හිස් භාන්ඩාගාරයට හූල්ලමින් ඉන්න ආණ්ඩුවෙ මැති ඇමතිවරු අපිට ඕනෑතරම් දැකගන්නට පුලුවන් කම ලැබෙනවා.

ආර්ථික වර්ධනය

සෑම රජයක්ම වාර්ථාගත ලෙස ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරනවා. ඔවුන් ඒ සදහා අපූරු සමීකරණ උදාහරණ ආදියද සොයාගන්නවා. චන්ද්‍රිකා මැතිනියගේ පාලන සමයක රටේ වාර්ථාගත ත්‍රී රෝද රථ ප්‍රමාණයක් එක් වර්ෂයක අලෙවිවී තිබුනා. ඇය සහ රජය මිනිසුන්ගේ ආර්ථික වර්ධනය ත්‍රීරෝද රිය ගනන වැඩිවීමෙන් පෙනේ යැයි නැණවත් තර්කයක් ඒ දිනවලදී සමාජගත කලා.

වර්ධනය වෙමින් ඇතැයි ඔවුන් දශමස්ථාන සමගින් අපිට කියනවා. එක් අතකින් ආර්ථිකය සීග්‍ර වර්ධන අගයක් පෙන්නුම් කරනවා කියන්නේ අපි ආර්ථිකයේ දියුනු අවස්ථාවට බොහොම පහලින් ඉන්නවා කියන එක. කොයිතරම් වේගයෙන් ගියත් නිදහසින් පසු අවුරුදු 60 කටත් වැඩියි, තාමත් අපි සංවර්ධනය වෙමින් පවතින රටක්.

මේ විදියට බැලුවොත් අපේ පාලකයින් කුමන පාට වුවත් ඒ අය මහජනයාට කියන්නෙ එකම තාලයේ උත්තර ටිකක්. එය කියන කටවල් පමණක් කලින් කලට වෙනස් වෙනවා.

අපිව පාලනය කරන ලාංකික දේශපාලකයින්ගේ මේ සදාතනික තැටි ගැන ඔබට මොනවද හිතෙන්නේ? අපිට කියන්නත් අමතක කරන්න එපා.

කවරයේ පින්තුරය: Wikiwand

Related Articles