Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝපතල සමරිසියෝ 4 දෙනෙක්

යටත්විජිත කාලයේ පැවති වික්ටෝරියානු සදාචාරමය බැඳීම් වලින් තවමත් වෙලී සිටින ලංකාව ඉන්දියාව වැනි රටවල සමලිංගයින්ට නීතිමය හා සමාජීයයිය බාධා බොහෝය. එහෙත් අප පාලනය කල යුරෝපීය රටවල් බොහොමයක් දැන් සමලිංගික චර්යාවන් කෙරෙහි වඩාත් පුළුල් සමාජීය කෝණයකින් බලන්නට හුරුව තිබේ. දැන් දියුනු රටවල් බොහොමයක් සමලිංගික හැසිරීම් නීතිමය වරදක් ලෙස දකින්නේ නැත.

වසර 4000කට වඩා පැරණි භාරතීය අර්ථශාස්ත්‍ර සහ වේද ග්‍රන්ථයන්හී ගැහැනු සහ පිරිමි නොවන තුන්වන ලිංගයක් ගැන සහ ඔවුන්ගේ ලිංගික ස්වභාවයන් ගැන සඳහන්වේ. ක්‍රි පූර්ව 150 දී ලියැවුනු කාමසූත්‍ර නැමැති ලිංගික චර්යාගැන ඇතුලත් ප්‍රරාණ කෘතියේ සමලිංගික චර්යාවන් සහ මුඛ්‍ය සංසර්ග ගැන වෙනමම පරිච්ඡේද පවා ඇතුලත් වේ. කාමසූත්‍ර ග්‍රන්ථයේ සඳහන් විශම ලිංගික චර්යාවන් වල සජීවී නිරූපනයක් ලෙස ක්‍රිස්තු වර්ශ 1000 ආසන්නයේ නිමවුනු කජුරහෝ දෙවොල් සැලකේ. එහි ඇති මූර්ති සහ කැටයම් වල මුඛ්‍ය සංසර්ගය, සමලිංගික චර්යා පමණක්‍ නොව සතුන් සමග ලිංගික ක්‍රියාවන්හි නිරත වීම් වැනි විශම ලිංගික චර්යාවන් පවා මූර්ති වශයෙන් නිරූපනය කොට ඇත.

සමලිංගිකයින් සහ ඔවුන්ගේ චර්යා පහත් නොසරුප් වදන් වලින් හෙලා දකින්නට පවා අපේ සාමාන්‍ය සමාජය පසුබට වන්නේ නැත. එහෙත් ලෝකය වෙනස් කල පුද්ගලයින් කිහිප දෙනෙක් ගේ සාර්ථකත්වය පිටුපසින්වත්, ඔවුන් පිටුපසින්වත් ගැහැනු සිටියේ නැත. පිරිමි වූ ඔවුන් වඩාත් ඇලුම් කලේ ඔවුන් වැනිම පිරිමින්ට පමණයි.අපි එවැනි අය කිහිප දෙනෙක් ගැන සලකා බලමු.

ඇලන් ටියුරින්

සිනමාවට නැගුනු ටියුරින් සහ යන්ත්‍රය. (s.aolcdn.com)

දෙවන ලෝක යුද්ධයේදී ජර්මානුවන් පණිවුඩ හුවමාරුවට විශේෂ යන්ත්‍රයක් භාවිත කල අතර එය එනිග්මා යනුවෙන් හැඳින්වීය. එක් අන්තයක එනිග්මා යන්ත්‍රයකින් තනාගත් ලියවිල්ලක් අනෙක් අන්තයේ ඒ සැකසුමම යෙදූ තවත් එනිග්මා යන්ත්‍රයකින් කියවිය යුතුය. මේ එනිග්මා කේත පණිවුඩ අතරමගදී සොරාගත්තත් ඒ කියවීම කල නොහැකිය. යන්ත්‍රයේදී මෙම සැකසුම් කල හැකි ආකාර දහස් ගණනක් තිබුනි.

මේ නිසා ජර්මානුවන්ට මුල් කාලයේ සිත්සේ සිය යුධ පණිවුඩ හුවමාරුකරගත හැකි විය. මෙම ජර්මානු රහස් කේත ක්‍රමය සොයාගත හැකි ක්‍රමයක් නිර්මාණය කල අසහාය පුද්ගලයා ඇලන් ටියුරින්ය. ඔහුගේ ඒ මූලික ගනන යන්ත්‍රය කුඩා කාමරයක තරමේ විශාල එකකි. එම ඇලන් ටියුරින් ගේ මෙම යන්ත්‍රය පරිගණකයේ මූලික ආකෘතියක් විය. පරිගනක ඉතිහාසයේ ඇලන් ටියුරින් යනු පරිගනකයේ මූලික අදහසේ ප්‍රබලතම හිමිකරුවෙකි. කෘතිම බුද්ධිය ගැනද කලක සිට පර්යේෂණ කල ටියුරින්ගේ මෙම ගණක යන්ත්‍රය හරහා ජර්මානුන්ගේ කෝඩ් කියවීමේ හැකියාව නිසා නිසා දෙවන ලෝක යුද්ධය වසර 2-3 කින්  කෙටි වූ බව ඉතිහාසඥයින්ගේ මතයයි.

මිනිසුන් දශලක්ෂ හැටකට මරු කැඳවූ දෙවන ලෝක යුද්ධය එවකට ලෝක ජනගහනයෙන් 3%ක් ලෝකයෙන් අතුගා දමන්නට සමත් විය. එවන් වූ ව්‍යසනයක් දිනක් හෝ කලින් හමාර කරගන්නට දායක වූ පුද්ගලයෙක් වීනම් හේ සැබෑම වීරයෙකි. එහෙත් ඇලන් ටියුරින් වීරයෙක් බවට පත් වන්නේ ඔහුගේ මරණයෙනුත් වසර ගනණාවක් ගිය පසුය.

ඇලන් ටියුරින් සමලිංගික සමරිසි පුද්ගලයෙක් වීය. 1954 දී මියයන විට මෙම ශ්‍රේෂ්ඨ යුග පුරුෂයාට අවුරුදු 42ක් වූවා පමණි. මහා බ්‍රිතාන්‍ය ඇතුලු බොහෝ රටවල සමලිංගිකත්වය ඒ අවධියේ නීතියෙන් වරදකි. අධිකරණයේ නියමයෙන් රසායනිකව ටියුරින්ගේ ලිංගික හැකියාව ඔහුට අහිමි කරන ලදී. එම සිත් වේදනාවෙන්ම ඔහු සයනයිඩ් භාවිත කොට සිය දිවි අහිමිකරගන්නා ලදී.

මහා ඇලෙක්සැන්ඩර්

මහා ඇලෙක්සැන්ඩර්. (pre11.deviantart.net)

ග්‍රීසියේ සිට ඉන්දියාවට දුර කිලෝමීටර 5000කට වඩා වැඩිය. යන්ත්‍ර සූත්‍ර යාන වාහන නොමැති ක්‍රිස්තු පූර්ව 330 තරම් ඈත කාලයේදී ග්‍රීසියේ සිට ඉන්දියාව කෙළවර දක්වා දික්විජය කරමින් එවකට ලෝකයේ විශාලතම අධිරාජ්‍යය හිමිකරගත් ග්‍රීක අධිරාජ්‍යයා මහා ඇලෙක්සැන්ඩර් වේ.

ඇලෙක්සැන්ඩර්ගේ සමීපතම මිතුරෙකු වූ හෙපස්ටීන් යුද්ධයේදී මරුමුවට පත් වීම හේතුවෙන් ඇලෙක්‍සැන්ඩර් ඒ ගැන මහත්සේ දුක්විය. හෙපස්ටීන් ඇලෙක්සැන්ඩර්ගේ කුඩාකල සිටම මිතුරෙකි. එසේම ඔහුගේ සුවිසල් හමුදාවේ දක්ෂ සෙන්පතියෙකි. ඔවුන් අතර දැඩි මිතුදමක් තිබූ මුත් ඔවුන් සමලිංගික වූ බවක් එයින් නිගමනය කල නොහැකි බව ඇතැම් ඉතිහාසඥයින්ගේ මතයක් වේ. පුරාතන ග්‍රීසියේ සහ රෝමයේ සමලිංගික සේවනය සාමාන්‍ය සංසිද්ධියකි. ඇලෙක්සැන්ඩර්ගේ ගුරුවරුයෙකු වූ ප්‍රකට දාර්ශනික ඇ‍රිස්ටෝටල්ද සමලිංගික සේවනයේ යෙදුනු අයෙක් බැව් වාර්ථා වල සදහන් වේ.

පුරාණ ග්‍රීසියේ ලිංගික ශ්‍රමික වහලුන් ලෙස කාන්තාවන් මෙන්ම පුරුෂයින්ද යොදවා තිබේ. කෙසේවතුදු ඇලෙක්සැන්ඩර් යනු ස්ත්‍රී පුරුෂ යන දෙපාර්ශවය කෙරේම ඇලුම් කල අයෙකු බව සාමාන්‍ය පිලිගැනීම වේ.

ලියනාඩෝ ඩාවින්සි

මොනාලිසා අදින ඩාවින්. (cdn3.f-cdn.com)

බයිසිකලය, යුද්ධ ටැංකිය, සබ්මැරීනය, හෙලිකොප්ටරය වැනි උපාංග ඩාවින්සි මෙලොව වාසය කල 1500 කාලයේදී කිසිවෙකුත් සිහිනෙන්වත් නොදක්නා නවීන උපාංග විය. සියල්ලෝ නිදා සිටියදී ඩාවින්සි, කාටත් කලින් නැගී සිටි පුද්ගල‍යෙකු බව සිග්මන් ෆොයිඩ් වරක් පවසා තිබේ.

ලියනාඩෝ ඩාවින්සි ගතිවිද්‍යාව, ගුවන් යානා තාක්ෂණය, මිනිස් සිරුර, භෞතික විද්‍යාව ආදී විශාල ක්ෂේත්‍රයන් ගනනාවක දක්ෂයෙකු විය. ඔහු බොහෝ වැඩ පටන්ගත් මුත් සම්පූර්ණයෙන්ම අවසාන කරන්නෙක් නොවීය. ඔහුගේ සටහන් බැලූ කල එකලට සාපේක්ෂව ඩාවින් බොහෝ ඉදිරියෙන් සිතූ අයෙක් බව පැහැදිලි වේ. අවසන් රාත්‍රී භෝජන සංග්‍රහය සහ මෝනාලිසා යනු ඩාවින්ගේ ලෝ පතල සිතුවම් දෙකකි.  

ඩාවින් පිරිමින් කෙරෙහි වඩාත් ආකර්ශනය වූ ගැහැනු මදක් පිළිකුල් කල අයෙකු බව ඔහුගේ සටහන් සහ චිත්‍ර පරීක්ෂා කල ඉතිහාසඥයෝ පවසති. සලායි සහ මෙල්සි නම් වූ රූමත් ‍තරුණයින් දෙදෙනකු ඩාවින්ගේ අතවැසියන් ලෙස සේවය කර ඇති අතර ඔවුන් සහ ඩාවින් අතර සමීප සම්බන්ධතාවයක් තිබී ඇත. ඉතාලියේ එම කාලයේ සමලිංගිකත්වය වරදක් වූ නිසා 1476 දී ඩාවින් දඩුවමටද ලක් වී තිබේ.

මාලන් බ්රැන්ඩෝ

මාලන් බ්‍රැන්ඩෝ. (i2.cdn.cnn.com)

එදාමෙදාතුර සිනමාවේ සිටි සිනමා නළුවන් අතර අග්‍රස්ථානයේ වැජඹෙන අග්‍රගන්‍ය නළුවෙක් ලෙස මාලන් බ්‍රැන්ඩෝ සැලකේ. මාලන් බ්‍රැන්ඩෝ යනු ලොවවටා පසුකාලීනව බිහිවූ නළුවන්ගේ පූර්වාදර්ශයකි. 1973 දී ගෝඩ්ෆාදර් චිත්‍රපටිය වෙනුවෙන් බ්‍රැන්‍ඩෝට ඔස්කාර් සම්මානය හිමිවිය. නමුත් එවකට චිත්‍රපට කර්මාන්තය තුල නොයෙකුත් කෙනෙහිලිකම් වලට සෘජුවම ලක්වූ ස්වදේශීක රතු ඉන්දියානුවන් වෙනුවෙන් මාලන් බ්‍රැන්ඩෝ මෙලොව නළුවෙකුට ලබාගත හැකි ඉහළම සම්මානය වූ ඔස්කාර් සම්මානය ප්‍රතික්ෂේප කලේය. බ්‍රැන්ඩෝ වෙනුවට රතු ඉන්දීය කාන්තාවක් වේදිකාවට ගොඩ වී රතු ඉන්දියානුවන්ට වී ඇති අසාධාරනය ගැන ලොවටම පවසා ඒ ප්‍රශ්ණයට ලෝක අවධානය ලබාගන්නා ලදී.

බ්‍රැන්ඩෝගේ රංගනයෙන් ඔපවත් වූ ගෝඩ්ෆාදර් කෙරෙහි එකල බොහෝ තරණයෝ ආකර්ශනය වූයේය. මැදපෙරදිග හෙල්ලූ අයෝමය ආඥාදායකයකු වූ සදාම් හුසේන් ගෝඩ්ෆාදර් රසිකයෙකි. ඔහු ඒ චිත්‍රපටයට කොතරම් ආදරය කලේද යත් ඔහු ගෝඩ්ෆාදර් ලෙස සැබෑ ජීවිතයේද පෙනී සිටියේය.

එවකට ලෝකයේ කවර දෙසක සිටි සිනමා රසිකයෙක් වුවද බ්‍රැන්ඩෝ නම් හොඳින් දැන හැඳින සිටියේය. ඔහු 20 වෙනි සියවස තුල එතරම්ම ජනප්‍රිය චරිතයකි.

මාලන් බ්‍රැන්ඩෝ මුල්කාලයේදී අනෙකුත් සාමාන්‍ය නළුවන් සේම ස්ත්‍රී ලෝලයෙක් විය. නමුත් පසුව ඔහු පිරිමින්ගේ ඇසුරට යොමුවිය. බ්‍රැන්ඩෝ සිය ජීවිත කාලය තුලදීම පිරිමින් සමග ලිංගිකව හැසිරීම ගැන විවෘතව අදහස් ප්‍රකාශ කර තිබේ.

ලංකාවේ වැරදිකාර සමලිංගිකයෝ

ඔබාමා ජනාධිපති පදවිප්‍රාප්ත වනවිට ඇමරිකාවේ සමලිංගික හැසිරීම් නීතිගත කර තිබුනේ ජනපද 2ක පමණි. නමුත් අද වනවිට ජනපද 50 ම, එනම් සමස්ථ ඇමරිකාවේම සමලිංගික හැසිරීම නීතිමය වරදක් නොවේ.  ඉතිහාසයේ මෙම චරිත 4ට අමතරව සමලිංගික විශම ලිංගික හැසිරීම දැක්වූ ලෝපතල පුද්ගලයෝ රැසක් වෙති. සමලිංගික විවාහ මට්ටමටම ඒමට ලංකාවට තව බොහෝ දුර ඇති මුත් සමලිංගිකව හැසිරීම සාපරාධී  වරදක් වීමේ ඉතා පැරණි නීතිරීති වත් වෙනස් වන්නේ නම් මනාය.

ජනගහනයෙන් සමලිංගික ජනතාව බොහෝ අඩුය.එනම් පෙට්ටිවලට වැටෙන සමලිංගික ඡන්ද ප්‍රමාණය අඩුය. කොන්ක්‍රීට් සංවර්ධනයෙන් මෙන් නීති රීති සැකසීමේදි පාලකයින්ට විශාල කොමිස් මුදලක් සාක්කුගත වන්නේද නැත. පූජ්‍ය ස්ථානවල කෙතෙක් සමලිංගික  සිදු වීම් වාර්ථා වුවත් අන්තවාදී ආගමික සංස්ථාවන් සමලිංගිකත්වය අනුමත කිරීමට විරුද්ධය. මනුෂ්‍යයින් පිරිසක් පුද්ගලික කාරණාවක් වූ ලිංගික රුචිකත්වය හේතුවෙන් දඩුවමට පාත්‍ර වන්නට ඉඩ තැබීම සැබැවින්ම ශිෂ්ඨ සම්පන්න නූතන සමාජයට ගැලපෙන ක්‍රියාවක්ද?

සුපුරුදු ලෙස ඔබේ අදහස් වලට අපේ comment අංගය විවෘතයි.

Related Articles