Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සටන් නොකර සටන් කිරීමේ කලාවක් හදුන්වා දුන් බෲස් ලී

සටන් කලාවේ (Martial Arts) පැවැත්ම උදෙසා ඒ වෙනුවෙන් මෙහෙවරක් කල පුද්ගලයින් අතරින් බෲස් ලීට හිමි වන්නේ අද්විතීය ස්ථානයක්. ඔහුට සටන් කලාවේ අද්විතීය ස්ථානයක් හිමි වන්නේ ඔහුටම ආවේණික ශක්‍යතාවයන් නිසාය. Jun Fan Gung Fu හෙවත් “බෲස් ලී ගේ කුංග් ෆූ” ලෙස තමන්ටම ආවේණික වූ ආකාරයට නව සටන් කලාවක් හඳුන්වා දෙමින් ඉන් නොනැවතී එම සටන් කලාව වැඩි දියුණු කරමින් The Style of no Style ලෙස අර්ථ දක්වන ජිට් කුන් ඩු (Jeet Kune do) නම් පොදු සටන් කලා සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය සටන් කලා දර්ශනයක් ලොවට හදුන්වා දෙන්නට හැකි වුයේ බෲස් ලී නම් සටන් කලාව පිළිබඳව දාර්ශනිකයාටයි.

අප දන්නා පරිදී ඔහු හුදෙක් චිත්‍රපට සටන් නළුවෙක් පමණයි. නමුත් ඉන් ඔබ්බට ගොස් සිත ඒකාග්‍ර කර ගැනීමේ අභ්‍යාසයක් ලෙස සටන් කලාවට සංකල්ප එකතු කළ ඔහු පිළිබඳව හා ඔහුගේ සටන් කලා දර්ශනය පිළිබඳව විස්තරයක් ගෙන එන්නයි මේ ලිපිය තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ. ඔබත් බෲස් ලී නම් ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම සටන් කලා ශිල්පියාගේ රසිකයෙක් නම් දිගටම ලිපිය කියවන්න. මිට අමතරව තවත් දේවල් දන්නවනම් අපිට කියන්නත් අමතක කරන්න එපා.

ෂවොලින් ගුරුකුලයෙන් උපන් කුඩා සටන් කරුවා

ෂවොලින් ගුරු කුලයේ ආරම්භය - ෂවොලින් ආරාමය (TES)

ෂවොලින් ගුරු කුලයේ ආරම්භය – ෂවොලින් ආරාමය (TES)

චීනයේ හෙනාත් ප්‍රාන්තයේ ඩෙංග්ෆින්ග් නගරයේ mount song කඳු වැටිය අද්දර පිහිටා තිබෙන ෂවොලින් ආරාමය (Shaolin Temple) චීන සටන් කලා ඉතිහාසයේ ඉතා වැදගත් ස්ථානයක් ලෙස සලකන්න හැකි වන්නේ මේ ආශ්‍රමය හරහා ගොඩනැගුනු ෂවෝලින් සටන් කලාව (Shaolin Kung-Fu) චීනයේ පමණක් නොව මුළු ලෝකයේම සටන් කලාවේ එක් ප්‍රධාන අංගයක් ලෙස වර්ධනය වීම හේතු කරගෙනය.

ෂවෝලින් ගුරුකුලය තුළින් සටන් කලාව සඳහා අත්පොත් තබන කුඩා ලී ඒ තුළින් සටන් කලා උපදේශකයකු, නළුවෙකු, සටන් කලා ප්‍රවීනයෙකු ලෙසත් අනතුරුව සටන් කලාවේ එක පැතිකඩක් නියෝජනය කරන්නෙකු ලෙසත් ඔහුගේ කෙටි ජිවිත කාලය තුළ විවිධ භූමිකා නිරුපණය කරනවා.

වීදි සටන් කලාවේ කොලුගැටයා

ලී ගේ තියුණු පා පහර (Martial Arts Action Movies)

ලී ගේ තියුණු පා පහර (Martial Arts Action Movies)

තමන් ඉගෙන ගත් ෂවොලින් ගුරුකුලයේ සටන් ක්‍රමවේදයට පමණක් සිමා නොවෙමින් හොංකොංහි තම මිතුරන් සමඟ කල්ලියක් සදා ගත් කුඩා ලී අනෙක් කල්ලි සමඟ වීදි සටන් වලට එළඹෙන්නට විය. කුඩා රස්තියාදුකාර කොලුගැටයන් ලෙස ඔවුන් වීදි සටන් උන්මාදයකින් පෙළෙන්නට වුණා. කිසිදු සටන් කලා ක්‍රමවේදයක් අනුගමනය නොකරන එම සටන් වලදී ඔහුට නිදහසේ පහර දෙන්නට මෙන්ම යම් අවස්ථාවන් වලදී පහර කන්නටද සිදු වුණා. එමඟින් ගොඩ නඟා ගත් ඔහුටම අනන්‍ය වූ වේගවත්, ශක්තිමත් හා තියුණු පහර දීමේ ක්‍රමය තුළින් ඔහු පාසලේදී තමන්ට අභියෝග කළ කළුපටි ශූරයකුට තත්පර 11ක් ඇතුළත මුහුණට පහරවල් 15ක් සමඟින් පා පහරක්ද එල්ල කර තරඟය නිමා කරනවා.

සටන් නළුවෙකු මෙන්ම උපදේශකයෙකුද වන කුඩා ලී ගේ පියා ඔහුගේ සටන් කලා අංග ලක්ෂණ පිළිබඳව විමසිලිමත්ව 13 වන වියේ පසුවන සටන් කලාවේ මූලිකාංග යම්තාක් ප්‍රගුණ කල තම කුඩා පුත්‍රයාව “වින්ග් චන්” සටන් කලා ආයතනය වෙත යොමු කරනවා.

පියා විසින් චීනයෙන් ඇමරිකාවට පිටුවහල් කල හයි ස්කූල් බොක්සිං ශූරයා

වීදියේ සටන්කරු (martialartsactionmovies.com)

වීදියේ සටන්කරු (martialartsactionmovies.com)

වින්ග් චන්හි ගුරුතුමා වීදියේ ඇනකොටා ගන්නා තම කුඩා සිසුන්ව ඉන් මුදවා තරඟ සඳහා යොමු කිරීමට අදහස් කළත් නිදහස් ආරක් අනුගමනය කරමින් සම්ප්‍රදායෙන් ඔබ්බට සිතමින් සිටි ලී ඒ සඳහා අවකාශය ලැබෙන වීදි සටන් වලටම තව දුරටත් පෙළඹෙන්නට වුණා.

වින්ග් චන් කලාවේ හරය හොදින් ධාරණය කරගත් ඔහු එය නිදහස් ලෙස වීදියේදී භාවිතා කළා. පියාගේ කිසිඳු දඬුවමක් හමුවේ මෙල්ල නොවුණු ලීට විරුද්ධව පොලිසියෙන් නිවස වෙත ලැබෙන අවවාද වලින් නිමක් නැති විය. මේ නිසා ඔහුගේ පියා 1959 දී ඇමරිකාවේ තම ඥාතියකු වෙත වයස අවුරුදු 18ක් වන ලීව පිටත් කර හරිනවා. මේ වන විටත් ඔහු 1957 “හයි ස්කූල් බොක්සිං ශූරයා” මෙන්ම “1958 හොංකොං කොලනි බ්‍රවුන් චා චා චැම්පියන්” බවට පත් වී හමාරයි.

සාම්ප්‍රදායේ වැට කඩුලු බිඳ දැමූ ජිට් කුංග් ඩු හි උපතජිට් කුංග් ඩු (jkd the way of simplicity)

ජිට් කුංග් ඩු (jkd the way of simplicity)

ජිට් කුංග් ඩු (jkd the way of simplicity)

උසස් අධ්‍යාපනය සඳහා ඇමරිකාවට පිටත් කළත් ඒ සඳහා එතරම් උනන්දුවක් නොදැක් වූ ලී එහිදී සටන් කලාව ඉගැන්වීමට පටන් ගන්නවා. තවමත් සිතින් වීදි සටන් වලට ඇල්ම දක්වූ ඔහු ඒ තුළින් ලබා ගත් නම්‍යතාව, ප්‍රයෝගික බව හා වේගවත් බවද තමන් ඉගන ගත් වින්ග් චන් සටන් කලාවේ මූලික හරයත් එක් කොට වෙනස් ශාරීරික අභ්‍යාස ද එක් කරමින් සම්ප්‍රදායික චීන සටන් කලාවේ වැට කඩුලු බිදිමින් සීමාවක් නොමැති කම සීමාවක් ලෙස අර්ථ ගන්වමින් (Having no Limitation as Limitation) 1967 වර්ෂයේදී “ජිට් කුංග් ඩු” නම් වෙනස් ආකාරයේ සටන් කලාවක් හදුන්වා දෙනවා. එය හුදෙක් පහර දීමේ හෝ ආරක්ෂා වීමේ සම්ප්‍රදායික ක්‍රමයක් නොවීය. ලී ගේ සටන් කලාව පිළිබඳව ගැඹුරු චින්තනය, අධ්‍යනය මෙන්ම දර්ශනයද ඒ තුළින් නිරුපණය වන බව සටන් කලා ප්‍රවීණයන් සදහන් කරනවා.

නොවැළක්විය හැකි පහර දීමේ රිද්මය

අන්තර්ජාතික ලොනග් බීච් කරාටේ ශූරතාවලියේදී (Pinterest)

අන්තර්ජාතික ලොනග් බීච් කරාටේ ශූරතාවලියේදී (Pinterest)

1967 දී අන්තර්ජාතික ලොනග් බීච් කරාටේ ශූරතාවය පැවැත්වෙන අවස්ථාවේදී ලී විසින් විවිධ කරාටේ සංදර්ශනයක් ඉතාමත් ආකර්ශනීය ලෙස ඉදිරිපත් කරනවා. ඔහු නොවැළක්විය හැකි පහරදීමේ රිද්මය (Unstoppable Punch) ප්‍රායෝගිකව භාවිතා කරමින් ලෝක කරාටේ ශූරයකු වන වික් මුරේගේ මුහුණට එල්ල කළ පහර අටකින් එකක් හෝ වළක්වා ගැනීමට මුරේට හැකි වන්නේ නෑ.

සටන් කලා ශිල්පය ඉක්මවා ගිය දාර්ශනිකත්වය

බොහෝ විට අප ලීව හදුනන්නේ  චිත්‍රපට සටන් නළුවෙක් ලෙසයි. නමුත් ඉන් එපිටට ගිය සටන් දාර්ශනිකත්වයක් ඔහු විදහාපෑවා. නව සටන් ආරක් හදුන්වා දිමට බොහෝ සෙයින් මේ දර්ශනය ඔහුට උපකාරී වූ බව ලී සදහන් කරනවා. ඔහු වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ ඉගනුම ලබන විට නාට්‍ය හා රංග කලාවද අනතුරුව දර්ශණයද හදාරනවා. බොහෝ පොත පත කියවීමේ රුසියෙකු වූ ඔහු ලියූ සටහන් එකතු කර ප්‍රකාශයට පත් වූ “Tale of Jeet Kune Do” කෘතිය තුළින් ලී ගේ දාර්ශනික ප්‍රතිභාව මනා ලෙස පිළිබිඹු වෙනවා.

සුළු දෙයකින් තරහා ගෙන ප්‍රතිවාදියෙක් සොයා ඔහුට නැගිටින්නට නොහැකි වනසේ නෙළාගෙන නෙළාගෙන යාම ලීගේ දෘෂ්ටිය වුනේ නෑ. සතුරාගේ අභියෝගය නිවැරදිව හදුනා ගැනීම, ඔහුගේ දුර්වලතාවයන් තුළින්ම සතුරා පරාජය කිරීම, සතුරාගේ පරිසරය විද්‍යාත්මකව හදුනා ගැනීම, සතුරාට කලින් ක්ෂණිකව, වේගවත්ව හා ශක්තිමත්ව ක්‍රියා කිරීම මෙන්ම සතුරාට එකම නිමේෂයක්, අවකාශයක් හෝ අවස්ථාවක් ලබා නොදීම ඔහුගේ ගැඹුරු දැක්මේ අංගයන් වෙනවා.

ලී ගේ චිත්‍රපට දිවිය

Enter the Dragon චිත්‍රපටයේදී (The AV Club)

Enter the Dragon චිත්‍රපටයේදී (The AV Club)

1971 දී ඔහු ප්‍රධාන චරිතයක් නිරූපණය කළ The Big Boss චිත්‍රපටය බොක්ස් ඔෆීස් වාර්තා බිඳ දමමින් ප්‍රදර්ශණය විය.1972 දී First of Furry චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ අතර එයද නව බොක්ස් ඔෆීස් වාර්තා තබමින් ප්‍රදර්ශණය වුණා. Way of Dragon චිත්‍රපටයදී සටන් අධ්‍යක්ෂණය කරමින් ලෝක කරාටේ ශූරයෙකු වූ චක් නොරිස් සමඟ රඟපෑ සටන් ජවනිකා රසික හදවත් තුළ සදාකාලිකව ලැගුම් ගත්තා. එහි අවසන් සටන් ජවනිකාව සටන් කලා චිත්‍රපට ඉතිහාසයේ  අනුස්මරණියම දර්ශණය ලෙස විචාරකයන් පෙන්වා දෙනවා.

අදටත් අභිරසක් වන ලී ගේ මිය යාම

චක් නොරිස් සමඟ - Way of Dragon චිත්‍රපටයේ (Martial Arts Action Movies)

චක් නොරිස් සමඟ – Way of Dragon චිත්‍රපටයේ (Martial Arts Action Movies)

ලොව පුරා ප්‍රේක්ෂකයන් ලක්ෂ ගණනක් සටන් කලාව පිළිබඳව උමතුවකට පත් කළ මේ අසහාය පුද්ගලයා අවාසනාවකට මෙන් ජිවත් වුයේ වසර 32ක් පමණ ඉතා කෙටි කාලයක් පමණයි. Enter the Dragon නම් ඔහු රඟපෑ අවසාන චිත්‍රපටය ප්‍රදර්ශණය වන්නට කලින් ඔහු අකාලයේ මිය ගියා.

1973 ජූලි 23 වන දින තම නිවසේ කෙටි නින්දකට වැටී සිටි ලී නින්දේදීම මිය ගොස් තිබුනා. මහත් ආන්දෝලනයකට ලක් වූ ලී ගේ මරණයට විවිධ මත පළ වූවත් අද වනතෙක්ම ඒ සඳහා නිශ්චිත හේතුවක් හඳුනාගෙන නෑ.

ඔහු අවසාන වරට රඟපෑ Enter the Dragon චිත්‍රපටය තුළින් ඔහුගේ සටන් කලා දර්ශනවාදය සියුම්ව නිරූපණය වන දෙබස් කීපයකින් ලිපිය අවසන් කරන්න අපි තීරණය කළා. ඔහුගේ සටන් කලා ප්‍රතිභාව කොතරම් දුරට මේ තුළින් නිරුපණය වනවා දැයි සිතීම ඔබටම භාර කරනවා.

“ඔබේ සටන් කලාව කුමක්ද?

සටන් නොකර සටන් කිරීම මගේ කලාවයි

ඔබේ සටන් කලා තාක්ෂණය කුමක්ද?

නිශ්චිත තාක්ෂණයක් නොමැති තාක්ෂණය

ප්‍රතිවාදියාට මුහුණ දෙන විට ඔබ සිතන්නේ කුමක්ද?

ප්‍රතිවාදියෙක් නොමැති බව

ඇයි එසේ සිතන්නේ ?

මම කියා පුද්ගලයෙක් නොමැති බැවින්”

මුලාශ්‍රය- wikipedia

Related Articles