Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කපිතාන් ජේම්ස් කුක්

කපිතාන් ජේම්ස් කුක් යන නම ඇසු පමණින්ම ඔහු කළ විශිෂ්ට සොයා ගැනීම් ගැන සිහියට පැමිණෙනවා නොඅනුමානයි. කොහොම වුණත් ඔහු සම්බන්ධයෙන් යම් හැඳින්වීමක් සිදු කරනවා නම් දේශ ගවේශකයෙකු, නැවියෙකු මෙන්ම සිතියම් විද්‍යාඥයකු ලෙස නමක් දිනා ගත් අයෙකු විදිහට දක්වන්නට පුළුවන්. ජේමිස් කුක් විසින් යුරෝපීය සිතියමට නවතම දූපත් රැසක් එකතු කරනු ලැබ තියනවා. ඕස්ටේ‍්‍රලියාවේ නැගෙනහිර වෙරළ තීරය මෙන්ම හවායි දූපත් සොයා ගැනීම ඔහුගේ විශිෂ්ටතම සොයා ගැනීම් යටතට ඇතුලත් වෙනවා. එමෙන්ම නිව්ෆවුන්ඩ්ලන්තය සහ නවසීලන්තය වටා ගොස් ඒවා සිතියම් ගත කිරීමේ පළමු පුද්ගලයා ලෙසත් කිරුළු පැළඳීමේ හැකියාවක් මොහුට හිමි වුණා.

ඒ අනුව මෙම ලිපිය මඟින් කුක්ගේ ළමා කාලය පිළිබඳවත්, යොවුන් වියේ මුහුදු ගමන ගැන ඉගෙන ගැනීමට යොමු වීම ගැනත්, බි‍්‍රතාන්‍ය රාජකීය නාවික හමුදාවට බැඳීමත් මෙන්ම සිතියම් කරණයට ඔහු පෙන්වූ දක්ෂතා ගැනත් දැන ගැනීමේ හැකියාවක් ලැබෙනවා.

කුක්ගේ ළමා කාලය

ජේමිස් කුක්ගේ නිවස (Great Ayton)

1728 ඔක්තෝබර් මස 2 වන දින ජේමිස් කුක් උපත ලැබුවේ උතුරු යෝක්ෂයර් හි මාටන් නැමති කුඩා ගම්මානයේ දියි. මොහුගේ පියා ගොවිපළක කම්කරුවෙක් ලෙස සේවය කළා. මෙහි ප්‍රතිඵලයක් විදිහටයි කුඩා අවධියේ සිටම කුක්ට නගුල හැසිරවීමේ අපූරු හැකියාවක් ලැබුණේ. කොහොම වුණත්, පියා තීරණය කළේ කුක් ගොවිතැනට සුදුසු පුද්ගලයෙකු නොවන බවයි. මේ හේතුවෙන් ඔහු යෝක්ෂයරයේ ස්ටැයිතස් නම් ධීවර ගම්මානයේ කඩ හිමියෙකුට බාර දෙනු ලැබුවේ වෙළෙඳාම ඉගෙන ගන්නා අතවැසියකු විදිහටයි.

කුක් මුහුදට ප්‍රියතාවයක් දැක්වූයේ මේ කාලයේයි. කොහොම වුණත් වසර එක හමාරක් පමණ මෙහි සේවය කළත් කඩ හිමියාගේ මතය වුණේ ඔහු වෙළෙඳාමට සුදුස්සෙකු නොවන බවයි. අනතුරුව විටිබ්හි පිහිටා තිබුණ වරාය වෙත ගොස් ගල් අඟුරු ප්‍රවාහනය කිරීමේ නැව් සමුහයක් සතු වූ ජෝන් සහ හෙන්රි වෝකර්ට කුක්ව හඳුන්වා දෙනු ලැබුවා. නැව්වල සේවයට ආධුනිකයෙකු ලෙස ඔහුව බඳවා ගැනීමට ඔවුන් කැමැත්ත ප්‍රකාශ කළා.

යොවුන් අවධිය

මුහුද ගැනත්, මුහුදු ගමන් ගැනත් බොහෝ දේ දැන කියා ගැනීමට කුක්ට මෙම අවධියේදී හැකියාව ලැබුණා. මොහු ෆී‍්‍රලව් නමැති ශක්තිමත් ඒ වගේම කුඩා ගල් අඟුරු නැවේ සේවය කරනු ලැබුවා. මෙහෙම සේවය කරන අතතුරේදීම ඔහු අධ්‍යයන කටයුතුවලත් නියැලුණා. එනම් ගණිතය, ති‍්‍රකෝණමිතිය, නාවිකකරණය සහ තාරකා විද්‍යාව හැදෑරීමේ භාග්‍යයක් මොහුට ලැබුණා.

කුක් ඉතාමත් දක්ෂ ලෙස කටයුතු කර තිබෙනවා. මේ හේතුවෙන් ජෝන් වෝකර් කුක්ව නියමු සහායක තනතුරට උසස් කිරීමක් සිදු කර තිබෙන බව සඳහන් වනවා. එයින් නොනැවතුණු කුක් වයස අවුරුදු 27 පමණ වන විට නියමුවාගේ තත්වයට උසස් වීමකට තීරණය කෙරුණා. නමුත් කුක් එම තනතුර ප්‍රතික්ෂේප කරනු ලැබුවේ ඒ වන විටත් බි‍්‍රතාන්‍ය රාජකීය නාවික හමුදාවට බැඳීමට ඔහු තීරණය කොට තිබූ නිසාවෙන්. මෙම වකවානුව ගැන යම් කිසි හැඳින්වීමක් දක්වන්නේ නම් බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය යුද්ධයකට මුල පුරමින් සිටි වකවානුවක් ලෙස දක්වන්නට පුළුවන්.

බි‍්‍රතාන්‍ය රාජකීය නාවික හමුදාවට බැඳුණු කුක්

කුක්ගේ නිව්ෆවුන්ඩ්ලන්ත සිතියම – 1775 (heritage.nf.ca)

කුක් බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට බැඳුණු අතර ඔහු ප්‍රංශය හා බ්‍රිතාන්‍යය අතර වසර 7ක් පමණ පැවති යුද්ධයටත් සහභාගී වුණා. මෙම යුද්ධයේදී ප‍්‍රංශවරුන්ට අයත්ව තිබුණ ක්වබෙක් නමැති නගරය අල්ලා ගැනීමට ඉංග්‍රීසින් විසින් කටයුතු කරනු ලැබුවා. නමුත් මෙම නගරයට ලං විය යුතුව තිබුණේ පුනීලයක් වැනි මෝය කළපුවෙනුයි. මෙම මෝය කට ගැන සඳහන් වන්නේ එය ඉතාමත් භයානක වැලි කඳුවලින් යුක්ත වූවක් කියලයි.

ඒ වගේම එම යුගයේ ශාන්ත ලෝරන්ස් නමැති ගංගාවට නිසි සිතියමක්ද නොතිබූ බව වාර්තා වනවා. මේ අනුව ඉංග්‍රීසින්ට තේරුම් ගිය කරුණ වුණේ ඒ හරහා යාත්‍රා කිරීම සඳහා සිතියමක් අවශ්‍ය බවයි. අද්මිරාල් සෝන්ඩර්ස් විසින් මෙම සිතියමක් සැකසීමේ කටයුත්ත කුක්ට පැවරූ අතරම ඔහු එය කොතරම් නිවැරදිව සිදු කළේද යන්න ගැන සඳහන් වන්නේ බ්‍රිතාන්‍යන්ට හිමි එකදු නැවක් වත් අහිමි වීමකින් තොරව ක්වබෙක් නගරය අල්ලා ගැනීමට සමත් වූ බවයි.

ඔහු විසින් පෙන්නුම් කරන ලද දක්ෂතාවය හේතුවෙන් නැවත වරක් උතුරු ඇමෙරිකාව වෙත යැවීමට නිළධාරීන් කටයුතු කරනු ලැබුවා. ඒ අනුව ඔහුට ලැබුණ පළමු රාජකාරිය වන්නේ ලැබ‍්‍රඩෝර් අර්ධද්වීපයේ හා නිව්ෆවුන්ඩ් ලන්තයේ මිහිදුමෙන් හා අයිස්වලින් ගහණ වෙරළ තීරයන් සිතියම් ගත කිරීමටයි. මෙමඟින් ඔහු ඉමහත් ජනප්‍රියත්වයක් ලබා ගැනීමටද සමත් වූ බව සඳහන් වනවා.

ඕස්ටේ‍්‍රලියාව සොයා ගැනීම (libweb5.princeton.edu)

කුක්ගේ පළමු ගවේෂණ චාරිකාව සිදු කරන ලද්දේ එන්ඩෙවර් නමැති නැව භාවිත කරමින් 1768 අගෝස්තු 26 වන දිනයි. කැන්ගරුවන් මීට පෙර දැක නොතිබූ බවත් සඳහන් වෙනවා. ඕස්ටේ‍්‍රලියාව ඉංගී‍්‍රසින්ගේ ජනාවාසයක් වී ඇත්තේ මෙසේ සිදු කළ දේශ ගවේෂණයෙනුයි. එමෙන්ම තවත් ගවේෂණ කුක් විසින් සිදු කර තිබෙනවා.

ජේමිස් කුක්ගේ චරිතය තුළින් දක්ෂ නාවිකයෙකු සතුව තිබිය යුතු සියලු ගුණාංග උද්දීපනය වී තිබෙන බව දැක්වෙනවා. ඉතා නිවැරදි සිතියම් කරණය, නායකත්ව ලක්ෂණ මෙන්ම සෑම නැවියෙකු තුළම තිබිය යුතු තාරකා විද්‍යාව පිළිබඳ දැනුම ඕනෑවටත් වඩා කුක්ට පිහිටා තිබුණා. ඔහු සමඟ වාද විවාද කිරීමට වත් නොසිතු අයුරකින් යුත් චරිතයක් ලෙසයි හැඳින්වෙන්නේ.

මේ ආකාරයේ චරිත ලක්ෂණවලින් යුක්ත වීම හේතුවෙන් ජේමිස් කුක් දේශ ගවේෂණ චාරිකාවල නායකත්වයට කදිමට ගැලපුණා. ඇලෙක්සැන්ඩර් ඩැල්රිම්පල් නම් භූගෝල විද්‍යාඥයා ප්‍රකාශ කරනු ලැබුවේ දක්ෂිණ මහද්වීපය පැවැති බව හා නවසීලන්තය එහිම කොටසක් බවයි. මෙහි නිරවද්‍ය තාවය පරික්ෂා කිරීමට රාජකීය සංගමය විසින් ගවේෂණ චාරිකාවක් සුදානම් කළ අතර, ජේමිස් කුක් නම් දක්ෂ මෙන්ම උසස් නායකත්ව ලක්ෂණ හෙබි කපිතාන් වරයා එම ගමනේ නායකත්වයට රාජකීය සංගමය විසින් තීරණය කරනු ලැබුවා. නවීන ලෝකයට ඉමහත් සේවයක් කළ කුක් 1779 පෙබරවාරි මස 14 වන දින මිය ගොස් තිබෙනවා.

කවරයේ පින්තූරය: pocketmags.com

Related Articles