Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අවුරුදු 20න් ව්‍යාපාර ක්ෂේත්‍රය අල්ලන්නට සැලසුම් කළ ධම්මික පෙරේරා

ෆොර්බ්ස් සඟරාවට අනුව කුලප්පුආරච්චිගේ දොන් ධම්මික පෙරේරා දැනට ශ්‍රී ලංකාව තුල සිටින ධනවත්ම පුද්ගලයන් හතර දෙනා අතරින් පළමු තැන සිටිනවා. ශ්‍රී ලාංකීය ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ ප්‍රබලතම නාමයක් ලෙස සැලකෙන මොහු ව්‍යාපාර ක්ෂේත්‍රයට අත්පොත් තබන විට යන්තම් අවුරුදු 11යි.  ඉතින් මේ ලිපියෙන් අපි එතුමා ගැන පොඩ්ඩක් විමසා බලමු,

කුලියට ගත් යන්ත්‍රය තමන් ම හැදු ධම්මික

කුලප්පුආරච්චිගේ දොන් ධම්මික පෙරේරා උපත ලබන්නේ 1967 වර්ෂයේ කළුතර කටුකුරුන්දේදී ය. තමන්ගේ මවගෙන් කළමනාකරණය ගෙන පළමු පාඩම තමන් ඉගෙන ගත් බව ධම්මික පෙරේරා මහතාගේ පවසනවා. එතුමාගේ මව ගුරුවරියක් වූ අතර පියා සිල්ලර වෙළඳ ව්‍යපාරිකයකු ලෙස කටයුතු කර තිබෙනවා. හොරණ තක්ෂිලා විදුහලේ අධ්‍යාපනය ලැබූ ඔහු  මසකට තමන්ට ලැබුණු රු 500 මුදලින් ආහාර පාන මෙන්ම පාසල් ගාස්තු පවා අවුරුදු 8ක් පුරා කළමනාකරණය කරගත් අතර  ධම්මික පෙරේරා එක දිනක තමන් වගා කළ වට්ටක්කා ගෙඩියක් තමන්ගේ නම යොදා විකිණීමට උත්සහ කළ විට තමන්ගේ මවගේ දැඩි දෝෂාරෝපණයට ලක්වූ බව පවසනවා. නමුත් තම පියා තමන්ගේ පළමු ගැනුම්කරු වෙමින් එම භාණ්ඩය මිලදී ගත් බව ඔහු සඳහන් කරනවා.

තමන්ගේ මාමා කෙනෙකුගේ කොළඹ පිහිටි කඩයක් ඉදිරිපිට සිටි වෙළෙන්දෙකුට සුළු මුදලක් ණයට දීම තුළින් ලබන සුළු පොළියක් මගින් ආයෝජන ක්ෂේත්‍රයට අත තබන ධම්මික එම ස්ථානයේ කුඩා ජැක්පොට් යන්ත්‍ර 5 ක් කුලියට ගෙන සවි කරනු ලබනවා. ඒ ලාල් විජේරත්න මහතාගේ ග්‍රේ ලයින් ගෲප් ආයතනය මගිනි. ඒ එවක කොළඹ කොටුවේ ඉසුරුගිරි හෝටලය ඉදිරිපිටයි.  මුළු ලැබීම් වලින් 30% තමන්ටත් 70% අයිතිකරුවාටත් පදනමේ සිට කරගෙන ගිය මෙම හවුල් ව්‍යාපාරය සාර්ථක එකක් විය. නමුත් මෙය තරමක් වෙහෙසකර කාර්යයක් වූ බව ඔහු පවසනවා. මොරටුව විශ්ව විද්‍යාලයේ NDT පාඨමාලාවකට ඉලෙක්ට්‍රොනික අංශයෙන් ඇතුලත් වන ධම්මික පෙරේරා මහතා ඒ වන විට වයස අවුරුදු 19 ක සේවකයන් 40 පමණ සේවය කරන  මොරටුව කටුබැද්දේ විශාකා හෝටලයේ අයිතිකරු වූ බව පැවසෙනවා. මාස කිහිපයකින් එම  පාඨමාලාව අත් හැර දමා තායිවානයේ මාස 6ක කාර්මික පාඨමාලාව මාස තුනකින් නිම කර ලංකාවට පැමිණෙන ධම්මික පෙරේරා තමාගේ මාමාගේ කඩය ඉදිරිපිට තැබූ එම යන්ත්‍ර තමන් විසින් ම නිර්මාණය කර අලෙවි කිරීම  ආරම්භ කරනු ලබනවා. ඒ “TITO ELECTRONICS” යන නාමය යටතේ. මෙහිදී මෙම ව්‍යාපාරයේ 100% ලාභය තමන්ට ලැබීම නිසා 1991 වන විට එවැනි යන්ත්‍ර 285 පමණ තමාගේ යටතේ තබා ගැනීමට මොහුට හැකිවෙනවා.

forbesimg.com

අත්නොහැරි අධිෂ්ඨානය

නමුත් 1991 වසරේ දී රණසිංහ ප්‍රේමදාස මැතිතුමා විසින් මෙම ක්‍රීඩාව තහනම් කරනු ලබනවා. නමුත් කිසිදා නොසැලුණු ධම්මික පෙරේරා මහතා තමන්ගේ පයාගල නිවාස තුළ අනුරාධ ට්‍රේඩින් නමින් රථ වාහන අලෙවි සැලක් ආරම්භ කරන්නේ දේපල ව්‍යාපාර ක්ෂේත්‍රයට ද පියවර තබමින්ය.

1993 වර්ෂයේ දී ධම්මික පෙරේරා කැසිනෝ ව්‍යාපාරය හා සම්බන්ධ වෙනවා.  ඔහු තමාගේ ප්‍රථම කැසිනෝ හල විවෘත කරන්නේ කොළඹ ඉසුරුගිරි හෝටලය තුලමයි. ඒ Capricorn නමිනුයි.

මේ වන විට තමන්ගේ ව්‍යාපාර වලින් කැසිනෝ ආදායම ලෙස ඔහු ලබන්නේ 3% – 4% අතර ප්‍රමාණයක් බව සඳහන් වනවා.

1998 වර්ෂයේ ඩොලර් මිලියන 1.8 ආයෝජනය කරමින් මොහු නාවික වෙළඳාමට ඇතුලත් වෙනවා.ඒ භාණ්ඩ ප්‍රවාහන නෞකා දෙකක් තමාන්ගේ ව්‍යාපාර වලට එකතු කර ගනිමිනුයි.

මීට අමතරව මොහු මේ වනවිට බලශක්ති උත්පාදන ක්ෂේත්‍රයට ද අදාලව තම ව්‍යාපාර ආරම්භ කර තිබෙනවා. තවද කොළඹ ඩුප්ලිකේෂන් පාරේ පැය විසි හතර පුරා ක්‍රියාත්මක Bevely Street නිමි ඇඳුම් ප්‍රදර්ශානාගාරය හිමි වන්නේ ද මොහුටයි.

කොටස් වෙළද පොලයි ධම්මිකයි

ධම්මික යන නාමය වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ කොළඹ කොටස් වෙළඳ පොළ සම්බන්ධවයි.1996 වර්ෂයේ  මොහු විසින් කොළඹ කොටස් වෙළඳ පොළ තුළ තම ව්‍යාපාර කටයුතු ආරම්භ කරනු ලබනවා ඒ රු. 300,000 ක කොටස් මිලදී ගැනීම හරහායි. ඔහු කොටස් වෙළදපොළ ක්‍රියාකාරිත්වය තේරුම් ගැනීම වෙනුවෙන් වසර තුනක් පමණ කාලයක් ගත කර තිබෙනවා. ඔහු පවසන පරිදි ඔහු විසින් මුලින්ම මිලදී ගෙන ඇත්තේ කොටස 100 -200 අතර ප්‍රමාණයක්.ඒ මිලදී ගැනීම තුලින් කොටස් වල හැසිරීම අධ්‍යයනය කරන මොහු ඉන්පසුව විශාල කොටස් ප්‍රමාණයන් වෙනුවෙන් ආයෝජනය කර තිබෙනවා. එම කොටස් වල හැසිරීම මනාවට අධ්‍යනය කරමින් කොටස් වෙළඳ පොළ තුළ ක්‍රියාත්මක වීම හා නිතර නිතර එම වෙනස්කම් වෙනුවෙන් සංවේදී වීම තුළ තමන් මෙම තත්වයට ලඟා වූ බව මොහු පවසනවා.

businesstoday.lk

අවුරුදු 20ක ව්‍යාපාර සැලසුම

2019 යනු ධම්මික පෙරේරා හා නදීම් උල් හක් යන දෙදෙනා එක මේසයකට වී නිර්මාණය කරන ලද විසි වසරක ව්‍යාපාර සැලසුමේ අවසාන වර්ෂයයි. නදීම් උල් හක් යනු ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ හැසිරිය යුතු ආකාරය ගෙන ධම්මිකට කියා දෙන ඔහුගේ ව්‍යාපාරික නියමුවාය.ඔහු එවක අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ශ්‍රී ලාංකේය නේවාසික නියෝජිතයා විය. ඒ විශිෂ්ඨයා සමග 1999 වසරේ ධම්මික පෙරේරා නිර්මාණය කරන ලද  ව්‍යාපාර සැලසුම තව වසර දෙකකින් නිමා වීමට තිබේ.ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන පෙලේ ව්‍යාපාර ක්ෂේත්‍රයන් දොළහක පුරෝගාමියා වන ගමනේ ධම්මික පෙරේරාට තවත් ලඟා කර ගත යුතුව ඇත්තේ ක්ෂේත්‍ර 3 ක් පමණයි. එයින් සෞඛ්‍යය හා රක්ෂණය යන ක්ෂේත්‍ර හැරුණු විට ඔහුට තව දුරටත් සැලසුම් සකස් කරමින් සිටින්නේ ක්ෂණිකයෙන් වෙනස් වන සන්නිවේදන (ටෙලිකොම්) ක්ෂේත්‍රය පිළිබඳව පමණි.

ධම්මික පෙරේරාගේ වත්කම් වල ශුද්ධ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 550 ට ආසන්න අගයක් ගනු ලබනවා. මෙම ගමන ඔහු වාසනාව පදනම් කරගෙන ම පැමිණි ගමනක් වන්නේ නැහැ.

අද වන විට ධම්මික පෙරේරා සංචාරක, බැංකු, රෙදි පිළි ඇතුළු අනෙකුත් ක්ෂේත්‍ර 9ක ශ්‍රී ලාංකේය පුරෝගාමියා වී අවසානයි. ඔහුගේ සමාගම් තමයි දැනට ලංකාවේ සමාගම් බදු වලින් 5% ගෙවන්නේ. ඉතින් එය 10%ක් කිරීමයි ඔහුගේ ඉදිරි බලාපොරොත්තුව. එයට හේතුව ලෙස ඔහු සඳහන් කරන්නේ ඒ තුළින් ව්‍යාපාරය පුළුල් කර ගත හැකි වීම මත වෙළඳ පොළ තුළ වර්ධනය වීමට හැකි වීමයි.

මූලාශ්‍ර

  1. Lankahelp.com
  2. Facebook.com/Official.Dhammika.Perera
  3. Island.lk
  4. Wikipedia.org
  5. Forbes.com

කවරයේ පින්තූරය: lankahelp.com

Related Articles