Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කාටූන්වලින් ලොව හොල්ලපු වෝල්ට් ඩිස්නි

පුංචි කාලේ අපි හවසට ඉක්මන්ට ගෙදරට දුවගෙන ගියේ ටි.වී. එකේ යන කාටූන් බලන්න. ලෝකය පුරා කාටූන් කිව්වම මුලින්ම මතක් වෙන නමක් විදියට ඩිස්නි නම හඳුන්වන්න පුළුවන්. අපි මේ අද කියන්න යන්නේ අන්න ඒ ඩිස්නි සමාගමේ නිර්මාතෘවරයා වුණු වෝල්ට් ඩිස්නිගේ කතාවයි.

ඩිස්නි ලාංඡනය (complex.com)

තවත් ඇමරිකානුවෙක් වූ ඩිස්නි

වෝල්ට් ඩිස්නි උපත ලබන්නේ 1901 දෙසැම්බර් 05 වෙනිදා ඇමරිකාවේ ඉලිනෝයි ප්‍රාන්තයේ චිකාගෝ නුවරයි. පස් දෙනෙකුගෙන් යුක්ත පවුලේ එලියස් ඩිස්නිගේ හා ෆ්ලෝරා ඩිස්නි යන දෙමව්පියන් ට දාව පවුලේ හතර වෙනියා විදියටයි වොල්ට් ඩිස්නි උපත ලබන්නේ. වෝල්ට්ගේ උපතෙන් පස්සේ ඩිස්නිගේ පවුලේ අය මිසුරි ප්‍රාන්තයේ මර්සලින් නගරයේ පදිංචියට පැමිණියා. ඩිස්නිගේ කුඩා කාලයෙන් බොහෝ කාලයක් මෙහි ගත වෙලා තිබුණා.

මෙහි දී ඩිස්නි තමන් විසින් අඳින ලද සිතුවම් තමන්ගේ අසල්වාසීන්ට හා පවුලේ සමීපතයන්ට විකුණන්න පුරුදු වෙලා හිටියා. 1911 දී කැන්සාස් නගරයට ඩිස්නි තම පවුල සමඟ සංක්‍රමණය වුණා. මේ නගරයේ දී ඩිස්නි දුම්රියත් එක්ක විශාල සම්බන්ධතාවයක් ගොඩනගා ගත්තා කියලා සැලකෙනවා. එමෙන්ම ගිම්හාන කාලයේ ඔහු දුම්රියේ පුවත්පත් හා කුඩා ආහාර පාන විකුණන්න පුරුදු වෙලා හිටියා. ඔහු තමන්ගේ ඉගෙනීමේ කටයුතු කරලා තිබුණේ චිකාගෝ නුවර මැක්කින්ලි කියන උසස් පාසලේදියී. මෙම පාසලේ ඔහු චිත්‍ර කාලාව හා ඡායාරූප කලාව ඉගෙන ගෙන තිබෙනවා. ඒ වගේම ඩිස්නි පාසලේ පුවත් පතේ කාටූන් නිර්මාණ ශිල්පියෙක් විදියටත් කටයුතු කරලා තියෙනවා.ඉගෙනීම අතපසු නොකළ ඩිස්නි රාත්‍රී කාලයේ චිකාගෝ කලා ආයතනයේ පන්තිවලට සහභාගී වෙලා තියෙනවා.

ඩිස්නි අවුරුදු 01 දී (cdn.history.com)

යුද්ධයට ගිය ඩිස්නි

1918 දී ඩිස්නි පාසලෙන් ඉවත් වී යුධ කටයුතු වෙනුවෙන් සහභාගී වීමට ඉදිරිපත් වී තිබෙනවා. නමුත් ඔහුට ඔහුව ඉන් ප්‍රතික්ෂේප වෙන්නේ ඔහු නිසි වයස සම්පුර්ණ නොකළ නිසයි. ඔහු ඒ වන විට වයස 16ක් තරම් වුණා. නමුත් තම අභිප්‍රාය අත් නොහල ඩිස්නි රතු කුරුස සංවිධානය හා සම්බන්ධ වෙනවා.මේ හරහා ප්‍රංශයට යන ඩිස්නි එහිදී ගිලන් රථ රියදුරෙකු ලෙස සේවය කරනවා. එහිදී වසරක පමණ කාලයක් ඔහු රතු කුරුස සංවිධානය හා සේවය කරනවා. ඉන්පසු නැවතත් ඔහු 1918 දී එක්සත් ජනපදයට පැමිණෙනවා.

කාටූන් අඳින්න පටන් ගනී

1919 දී ඩිස්නි කැන්සාස් නගරයට යන්නේ පුවත්පත් කාටූන් ශිල්පියෙකු ලෙස සේවය කිරීමටයි. නමුත් ඔහුගේ සහෝදරයා වූ රෝයි විසින් ඔහුව “පෙස්මෙන් – රුබින්” කලාගාරයේ සේවයට යොමු කරන අතර මෙහිදී ඔහුට කාටූන් ශිල්පී අබ් ඊආටී ඉවර්ක්ස් හෙවත් යූබි ඉවෙර්ක්ස් ව මුණ ගැසෙනවා. එහිදී ඔහු ‘කැන්සාස් සිටි වෙළඳ දැන්වීම් ආයතනයේ’ වෙළඳ දැන්වීම් නිර්මාණකරුවෙකු ලෙස සේවය කරන්න පටන් ගන්නවා. මේ කාලයේදී ඩිස්නි විසින් කැමරාව මගින් අතින් අඳින ලද රූප චලනය කරන්නට පටන් ගන්නවා. ඉන්පසු ඔහු තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරනවා. ඔහු එහි ප්‍රථම සේවකයා ලෙස ෆ්‍රෙඩ් හර්මන් ව බඳවා ගන්නවා.

ඩිස්නි කලාගාරය තුල (wordpress.com)

තනිවම ගමන අරඹන ඩිස්නි

හර්මන් හා ඩිස්නි විසින් කැන්සාස් නගරයේ සිනමා ශාලාව හා සමඟ ඔවුන්ගේ කාටූන් පෙන්වීම වෙනුවෙන් ගිවිසුමක් අත්සන් කරනු ලබනවා. එම කාටූන් හැඳින්වුණේ හිනා ගන්වන කතා හෙවත් “Laugh-O-Grams” (ලාෆ් -ඕ- ග්‍රෑම්ස්) යනුවෙනුයි. මේවා ඉතා ජනප්‍රිය වීමත් සමඟම ඩිස්නි විසින් ඔහුගේම කාලාගාරයක් ආරම්භ කරනවා. ‘Laugh-O-Grams’ යනුවෙන් ම ආරම්භ කරන මෙහි සේවයට නව සේවකයන් පවා බඳවා ගනු ලබනවා. ‘Alice in Cartoonland” (ඇලිස් ඉන් කාර්ටුන් ලෑන්ඩ් ) නමින් ජනකතා ආශ්‍රිත විනාඩි 7 බැගින් වූ කතා මාලාවක් ද ඔවුන් මෙහිදී ආරම්භ කරනවා. නමුත් 1923 වන විට මෙම සමාගම කඩා වැටෙනවා.

ඉන්පසු ඔහුගේ සහෝදරයා වූ රෝයි සමඟින් ඔවුන් හොලිවුඩ් වෙත යනු ලබනවා. ඉවෙර්ක්ස් ද නැවත වරක් කැලිෆෝනියාවට යන අතර එහිදී ඔවුන් තිදෙනා එක්ව ඩිස්නි සහෝදරයන්ගේ කලාගාරය ආරම්භ කරනු ලබනවා. ඔවුන් පළමුවෙන්ම ගිවිසුම් ගත වෙන්නේ නිව්යෝක් නගරයේ බෙදාහැරීම් කරන මාග්‍රට් වින්ක්ලර් සමඟයි. ඒ ඔවුන්ගේ “Alice” (ඇලිස්) කාටූනය බෙදාහැරීම වෙනුවෙනුයි. එමෙන්ම ඔවුන් විසින් “Oswald the Lucky Rabbit” (ඔස්වෙල්ඩ් නම් වාසනාවන්ත හාවා) යන චරිතයද නිෂ්පාදනය කරන අතර මේ එකක් ඇමරිකානු ඩොලර් 1500 බැගින් ඔවුන් මිල කරනවා.

මිකී මවුස්ට හඬ එකතු කළ ඩිස්නි

පොඩිත්තන් වගේම වැඩිහිටියන්ද එක සේ ආදරය කරන කාටුන් චරිතයක් තමයි මිකී මවුස්. 1928 වසරේ දී මුල් වරට මීකි මවුස් කරළියට ආවේ “Steamboat Willie” (හුමාල නැවේ විලී) නම් කාටූන් මාලාව හරහායි. එහි මිකී මවුස්ගේ චරිතයට හඬ මුසු කරන්නේ ඩිස්නි සමාගමේ නිර්මාතෘ වූ වෝල්ට් ඩිස්නි විසින්. අබ් ඊආටී ඉවර්ක්ස් (Ubbe Eert Iwerks) විසින් මිකී මවුස්ව සිතුවමට නගනවා.

ප්‍රථමයෙන්ම නිර්මාණය වුණු මිකී මවුස් සහිත චිත්‍රපට දෙක වුණේ “Plane Crazy” (ප්ලේන් ක්‍රේසි) හා “The Gallopin’ Gaucho” (ද ගැලොපින්) යන නිහඬ චිත්‍රපට දෙකයි. නමුත් මේ දෙකම ඔවුන්ට බෙදාහැරීමට නම් හැකියාවක් ලැබුණේ නෑ. ඉන්පසුව ශබ්දය හා සංගීතය සහිතව ඔවුන් විසින් තුන්වන මිකී මවුස් චිත්‍රපටය නිර්මාණය කළ අතර එය “Steamboat Willie” ( ස්ටීම් බෝට් විලි) නම් වුණා.

මිකී මවුස් නිර්මාණයේ මුල් සටහන් (tumblr.com)

ලොවක් හෙල්ලූ ඩිස්නි

ඩිස්නි කියන නම එක්ක අපේ මතකයේ තියෙන ගොඩාක් චරිත නිර්මාණය වෙලා තියෙනවා. 1929 දී ඩිස්නි සමාගම විසින් “සිලි සිම්පනීස්” (Silly Symphonies) නම් කෙටි ඇනිමේෂන් චිත්‍රපට මාලාව නිර්මාණය කළ අතර මෙය කොටස් 75කින් යුතු වුණා. මෙයට මිකී මවුස්ගේ මිතුරන් ලෙස මිනී මවුස්,ඩොනල්ඩ් ඩක්, ගූෆි හා ප්ලුටෝ එකතු වී සිටියා.

ඩිස්නි සමාගමේ ඉතාමත්ම ජනප්‍රිය වූ කාටූනයක් වූ “මල් හා ගස්” (Flowers and Trees) මුලින්ම නිර්මාණය වූ වර්ණ කාටූනය වූ අතර එය 1933 දී ඔස්කා සම්මානයක් පවා දිනා ගනු ලැබුවා.

1937 දෙසැම්බර් 21 වෙනිදා ඩිස්නි සමාගම තම ප්‍රථම කතා නාද චිත්‍රපටය නිර්මාණය කළා. ‘ස්නෝ වයිට් ඇන්ඩ් සෙවන් ඩ්වෝෆ්ස්” (Snow White and the Seven Dwarfs) නම් වූ එය ලොස් ඇන්ජලිස් නුවර ප්‍රදර්ශනය කළ ප්‍රථම ඇනිමේෂන් කතා නාද චිත්‍රපටය වුණා. ඔස්කාර් සම්මාන 8ක් සමඟින් එය ඇමරිකානු ඩොලර් මිලියන 1.499 ක් උපයනු ලැබුවා. එමෙන්ම ඔවුන් 1940 දී පිනොකියෝ හා ෆැන්ටසියා, 1941 දී ඩුම්බෝ හා 1942 දී බම්බි ද එළි දැක්වුවා.

ඊට අමතරව ඩිස්නි නාමය යටතේ එළිදැක්වුණු සින්ඩරෙල්ලා, ඇලිස් ඉන් වොන්ඩර්ලෑන්ඩ්, පීටර් පෑන්, ස්ලිපින් බියුටි වැනි චිත්‍රපට අතිශය ජනප්‍රියතාවට පත්වුණා.

හිතේ රැදුණු ඩිස්නි චරිත (nocookie.net)

මෙතරම් දේ ලොවට දායාද කළ වෝල්ට් ඩිස්නි පෙනහළු පිළිකාවකින් 1966 දෙසැම්බර් 15 වෙනිදා මිය ගියා. ඒ නමුත් ඔහු විසින් සිය ප්‍රේක්ෂක ජනතාවට ලබා දුන් දේවල් නම් අදටත් ලෝකය පුරාම අමරණීයව පවතිනවා.

කවරයේ රූපය : wallpapercave.com

Related Articles