Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විසිවන සියවසයේ විශිෂ්ටතම දුර ධාවක “ ෆ්ලයින් ෆින්” – පාවෝ නුර්මි

ෆ්ලයින් ෆින් යන අන්වර්ථ නාමයෙන් හැඳින්වුයේ ෆින්ලන්තයේ පාවෝ නුර්මිය.ඔහු විසිවන සියවසයේ දුර දිවීමේ ශුරයා ලෙස කීර්තියට පත් අතර මෙම ලිපිය මගින් ඉදිරිපත් කරනුයේ ඒ දක්වා ඔහු පැමිණි ගමන් මාර්ගය වේ.

පාවෝ නුර්මි සාමාන්‍ය පුද්ගලයෙක් ලෙස

verkkokauppa.urheilumuseo.fi(පාවෝ නුර්මි සිය පවුල සමග)

පාවෝ යොහැන්නස් නුර්මි උපත ලබා තිබෙන්නේ 1897 ජුනි 13 වන දින ෆින්ලන්තයේ ටුර්කු නගරයේය. පවොගේ පියා වුයේ යොහාන් ෆෙඩ්රික් නුර්මි වන අතර ඔහු රැකියාව ලෙස සිදු කලේ වඩු කර්මාන්තයයි.එමෙන්ම මව මැටිල්ඩා විල්හෙල්මිනා ලේන් ය.එමෙන්ම පාවෝට සීරි,සාරා,මාර්ති සහ ලහ්ජා යනුවෙන් සහෝදර සහෝදරියන් විය.

ඉතා දිලිඳු පවුලක් වූ නුර්මිගේ නිවාස වර්ග මීටර 40කට වඩා විශාල නොවුන බව දැක්වේ.1930 වර්ෂය දක්වාම මොවුන් මෙම නිවසේ ජීවත් වූ බවද දැක්වේ.

ඉංග්‍රීසි ජාතික දුර ධාවකයෙකු වූ ඇල්ෆ්‍රඩ් ශ්‍රවේ තරුණ නුර්මිගේ වීරයා බවට පත් විය.පාවෝ සහ ඔහුගේ යහළුවන් මෙම වීරයාව අනුගමනය කරන්නට විය.ඒ අනුව සමහර දවස් වලදී කිලෝමීටර 6ක් දුර පිහිටි ගංගාවකට පිහිනීමට දිව ගියහ.එමෙන්ම වාසය අවුරුදු 11 දී මීටර් 1500 විනාඩි 5කුත් තප්පර 02 කින් අවසන් කිරීමට හැකි විය.

1910 දී පවොගේ පියා මිය යාම හේතුවෙන් ඉගනීමට දක්ෂ වුවත් එය අතහැර දමා බේකරියක වැඩට යාමට පාවෝට සිදු විය.එය ප්‍රමාණවත් නොවූ නිසා කුලී වැඩ වලද නිරත් වූ ඔහු දැඩි බැවුම් සහිත පටු මාර්ග වල අත් කරත්ත රැගෙන ගියහ.නමුත් මෙය ඔහුගේ ක්‍රීඩා දිවියට මහත් රුකුලක් විය.

ක්‍රීඩා දිවියට අවතීර්ණ වීම

successstory.com(පාවෝ තරුණ අවදියේදී)

පසුකාලීනව ඉතාමත් අගහිඟකම් මැද වුවත් ධාවකයෙකු පළඳින පාවහන් යුගලක් මිලදීගෙන ග්‍රීෂ්ම ඍතුවේ රට හරහා දිවීමේ තරගවලටත් ශීත ඍතුවේ හිම මත ලිස්සා යන තරග වලටත් සහභාගී විය.

1914 දී ටුරුන් සුර්හෙයිලුලිට්මෝ නමැති ක්‍රීඩා සමාජයට බැදුණු අතර එමගින් ධාවන තරග වලට සහභාගී වීමේ වරම් ලබා ගත්හ.මීටර් 3000 ඉසව්වෙන් සහභාගී වූ තරගයකින් ප්‍රථම ස්ථානය දින ගැනීමට නුර්මිට හැකි විය.

1919 වර්ෂයේ දී නුර්මි ෆින්ලන්ත හමුදාවේ පෝරි බ්‍රිගේඩයේ මැෂින්තුවක්කු අනු කණ්ඩායමට එක වූ අතර,එම වකවානුවේදී ක්‍රීඩා කටයුතු අත් නොහළේය.වැලි පිරවූ ගමන් මල්ලක් පිටේ බැඳගෙන රයිෆලයද රැගෙන සැතපුම් ගණනක් දුර දිවීම සිදු කළා.

ඔලිම්පික් ජයග්‍රහණ

commons.wikimedia.org(1952 හෙල්සිංකි ඔලිම්පික් ක්‍රීඩාංගනයට ඇතුල් වෙමින්)

1920 දී බෙල්ජියමේ පවතී ග්‍රීෂ්ම ඔලිම්පික් තරගාවලිය පවොගේ පළමු ජාත්‍යන්තර තරගයයි.මීටර් 5000 ඉසවුවේදී ප්‍රථම ඔලිම්පික් රිදී පදක්කම දිනා ගැනීමට ඔහුට භාග්‍යය උදා විය.එම තරගාවලියේම මීටර් 10000 රට හරහා දිවීම එකල හා කණ්ඩායම් තරගවලින් රන් පදක්කම දිනා ගැනීමට අවස්ථාව උදා විය.

මේ හේතුවෙන් සිය රටේ හෙල්සිංකි කාර්මික පාසලේ අධ්‍යාපන ලැබීමට ශිෂ්‍යත්වයක් ලැබිණි.

1921 ස්ටොක්හෝම්හි මීටර් 10000 තරගයේදී ප්‍රථම ලෝක වාර්තාව පිහිටුවීමට හැකි වූ අතර 1922 වර්ෂයේදී මීටර් 2000,3000 හා 5000 තරගාවල ලෝක වාර්තාවලට හිමිකම් කිව්වා. සැතපුම දිවීම හා මීටර් 1500 තරග වල ලෝක වාර්තා තැබීමට 1923 දී ඔහුට හැකි විය. ඊට පෙර එකම අවස්ථාවක සැතපුම,මීටර් 5000 හා 10000 යන ඉසව්වලදී එකම අවස්ථාවක ලෝක වාර්තා තබා නොතිබුණි.1923 මීටර් 800 ඉසව්වද ජයගැනීමට පාවෝට හැකි විය.

කාර්මික අධ්‍යාපනයෙන් අනතුරුව ඉංජිනේරුවෙකු ලෙස උපාධියක් ලබා ගැනීමට නුර්මිට හැකි විය.ඔලිම්පික් තේරීම් තරගයේදී මීටර් 1500 හා 5000 නව ලෝක වාර්තා 2ක්ද තබමින් ජය ගැනීමට පාවෝට හැකි විය.එමෙන්ම පැරිස් ඔලිම්පික් තරගයේදී මීටර් 1500 ඉසව්වද ජය ගත්හ.

රට හරහා දිවීමේ තරගය අධික උෂ්ණ සහිත දිනයක් වුවත් ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් පසු බැස්සත් පාවෝ තරගය ජයග්‍රහණය කළා. පසු දින පැවති මීටර් 3000 තරගයේදී රන් පදක්කමක් දින ගැනීමට ඔහුට හැකි විය.එහි දී ඉසවු පහකින් රන් පදක්කම් දින ගැනීමට ඔහුට හැකි විය.

ෆින්ලන්තයේ මලල ක්‍රීඩා තරගයේදී මීටර් 10000 නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ඔහුට හැකි විය.එය වසර 13ක් නොබිදී තිබිණි.එමෙන්ම මීටර් 1500,සැතපුම, මීටර් 3000,මීටර් 5000 හා මීටර් 1000 යන ඉසව්වලද ලෝක වාර්තා තැබීය.

1928 අම්ස්ටර්ඩාම් ඔලිම්පික් තරගයේදී මීටර් 5000,3000 ඉසව්වලදී රිදී පදක්කම ගත්තා. 1930 දී කිලෝමීටර් 20 ඉසව්වේදී නව ලෝක වාර්තාවක් පිහිටුවිය.

1934 දී ජාත්‍යන්තර ආධුනික මලල ක්‍රීඩා සංගමයේ නීති රීති උල්ලංගණය කළ බව ස්ථිර කළ අතර එහෙයින් පාවෝ ක්‍රීඩාවෙන් සමු ගත්තා.

වසර 14 පමණ ක්‍රීඩා දිවියේ කිසිම දිනයක දුර ධාවන තරග පරාජය නොවූ පාවෝ 1934 වර්ෂයේ සැප්තැම්බර් 16 අවසන් මීටර් 10000 ඉසව්ව ජය ගනිමින් ක්‍රීඩා දිවිය අවසන් කළහ.

පාවෝගේ පසුකාලීන ජීවිතය

(poovonurmi.fi)නුර්මිගේ පවුල-1932

පවොගේ විවාහ වුයේ ‘සිල්වි ලාක්සොනෙන්’ නම් කාන්තාව සමග වන අතර, ඔවුන්ගේ පුත් වුයේ මති නුර්මි  ය. ඔහුද මැදි දුර ධාවකයෙකු ලෙස මලල ක්‍රීඩාවට සම්බන්ධ විය.

1973 ඔක්තෝම්බර් 2 වනදා පාවෝ හෙල්සිංකි නුවරදී මිය ගියේ වයස අවුරුදු 76 දිය. නමුත් 1925 දී ඔහු විසින් පිහිටුවන ලද මීටර් 2000 ඉසවුවේ වාර්තාව අවුරුදු 71ක් පුරා නොබිදිණි. පාවෝ ඉතාමත් යහපත් පුද්ගයෙකු වූ අතර ෆින්ලන්තයේ සිටි ධනවතුන් කිහිප දෙනෙක්ගෙන් එක් අයෙකු විය.එනම් 1936 දී පිරිමින් සදහා ඇඳුම් අලෙවිසැලක් හෙල්සිංකි වල ආරම්භ කළ අතර ගොඩනැගිලි ඉදි කරන්නෙකු වශයෙන්ද ව්‍යාපාරයක් ආරම්භ කළ අතර එමගින් නිවාස 100 කින් යුත් තට්ටු ගොඩනැගිලි 40ක් ඉදිකළේය.ක්‍රීඩා දිවියේ ප්‍රතිවාදියා වූ රිටෝලා අවසන් කාලය ගත කලේද මෙම නිවසකය.

කෘතගුණ සැලකීම්

fi.wikipedia.org(නුර්මි වෙනුවෙන් නිකුත් කරන ලද මුදල් නෝට්ටුව)

ලොව පැරණිතම මැරතන් තරගය වන්නේ විස්කොන්සින් මැරතන් තරගයයි.නමුත් 1969 සිට එය පාවෝ නුර්මි මැරතන් තරගය ලෙස නම් කර තිබේ.එමෙන්ම ෆින්ලන්ත රජය ඔහුගේ රූපය සහිත මුදල් නොට්ටුවක්ද නිකුත් කර ඇත.

alaramy.com(ෆින්ලන්තයේ හෙල්සිංකි හි ඔලිම්පික් ක්‍රීඩාංගනයට ඇතුල් වන ස්ථානයේ  පාවෝ නුර්මිගේ පිළිරුව)

පාවෝ නුරිම්ගේ චරිතය ගැන සලකා බැලීමේදී හැඟී යන කාරණාවක් වන්නේ ඉතාමත් උත්සාහයෙන් උනන්දුවෙන් හා කැපවීමෙන් ඉදිරියට ගොස්,තමන්ගේ අරමුණු ඉටු කර ගත ආදර්ශවත් පුද්ගලයෙකු බවයි.

කවරයේ පින්තුරය:visitturku.fi

මුලාශ්‍ර: ලංකාදීප

Related Articles