Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2017 හොඳම​ සිනමාපට 6ක්

2017 හොඳම​ සිනමාපට 6ක්

2017 වසර ගෙවී යනවාත් සමඟම ලොව පුරා ප්‍රදර්ශනය වූ සිනමාපට අතරින්, Rotten Tomatoes  වෙබ් අඩවිය 2017 ලොව හොඳම​ සිනමාපට ලෙස මේ වනවිට නම් කල සිනමාපට 6 ක තොරතුරුයි මේ.

01. Get Out (2017)

ක්‍රිස් හා ඔහුගේ ප්‍රේමවන්තිය වන රෝස්  යන දෙදෙනා වටා මෙම කතාව ගොඩ නැගී තිබෙනවා. සාමාන්‍ය ප්‍රේම කතාවක් මෙන් ඇරඹුන නමුත් කතාව අවසාන වන්නේ අප කවුරුත් හෝ නොසිතන තැනකින්. ඒ, ක්‍රිස්ට ඔහු කවදාවත් නොසිතූ සත්‍යයක් සොයා ගැනීමට මෙම සම්බන්ධතාව ඉවහල් වෙන නිසයි. මෙම සිනමාපටය හාස්‍යය, සංත්‍රාසය, අභිරහස්මය ගණයට​ අයත් වෙනවා. මෙම සිනමාපටය රචනය හා අධ්‍යක්ෂණය කර තිබෙන්නේ ජෝර්ඩන් පීල් විසිනුයි. මෙය 2017 පෙබරවාරි මස ලොව පුරා ප්‍රදර්ශනය අරඹා තිබුණා. එය ලැබූ බොක්ස් ඔෆිස් ආදායම ඇමරිකානු ඩොලර් 175,428,355ක් වෙනවා. මෙය විනාඩි 104ක කාලයක් පුරා දිවයන අතර මෙය Universal Pictures සමාගම විසින් බෙදාහැර තිබුණා.

02. The Big Sick

Amazon Studios විසින් නිර්මාණය කල මෙම සිනමා නිර්මාණය මිනිත්තු 119ක් පුරා දිව යනවා. මෙම නිර්මාණයට​ පාදක වී ඇත්තේ පකිස්ථාන විකට රංගන ශිල්පියෙකු වූ කුමෙල් නම් අයකුගේ කතාවයි. 2017 ජූලි 14 වෙනිදා මෙය ලොව වටා ප්‍රදර්ශනය කිරීම ආරම්භ කෙරුණා. හාස්‍ය හා රෝමාන්තික සිනමාපටයක් ලෙස මෙය වර්ග කෙරෙනවා.  මෙය රචනා කරන ලද්දේ කුමෙල් නන්ජියානි හා එමිලි වී. ගෝර්ඩන් විසිනුයි. මෙම සිනමා පටය ඇමරිකානු ඩොලර් 42,824,653ක ආදායමක් වාර්තා කර තිබුණා.

03. Dunkirk

ක්‍රිස්ටෝපර් නෝලන් විසින් තිර රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද මෙම සිනමා පටය, දෙවන ලෝක යුද්ධයෙදී සිදු වූ ඩන්කර්ක් ගලවා ගැනීමේ මෙහෙයුම ඇසුරෙන් නිර්මාණය කර තිබෙනවා. මෙම සිනමාපටය මිනිත්තු 107ක කාලයක් පුරා දිව යනවා. ඇමරිකානු ඩොලර් මිලියන 100ක් වියදම් කර නිපදවූ මෙම නිර්මාණය ඇමරිකානු ඩොලර් මිලියන 525ක ආදායමක් වාර්තා කර තිබුණා. මෙය අයත් වන්නේ ත්‍රාසජනක හා වික්‍රමාන්විත සිනමාපට ගණයටයි. 2017 ජූලි මාසයේ මෙය ලොවපුරා ප්‍රදර්ශනය ඇරඹුණු අතර   Warner Bros. Pictures සමාගම විසින් මෙය බෙදාහැර තිබුණා.

04. Wonder Woman

ඇමරිකානු සුපිරි වීර චරිත කතාවක් ලෙස වොන්ඩර් වුමන් (Wonder Woman) නිර්මාණය වෙනවා. එය බෙදාහැර තිබුණේ Warner Bros. Pictures සමාගම විසිනුයි. මෙය පැටි ජෙන්කින්ස් විසින් අධ්‍යක්ෂණය කර තිබුණා. විලියම් මෞල්ටන් විසින් රචිත Wonder Woman චිත්‍ර කතා චරිතය මෙයට පාදක වුණා. විද්‍යා ප්‍රබන්ධ සිනමාපටයක් ලෙස මෙය සැලකෙනවා. මෙම සිනමා නිර්මාණය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 149ක් වැය වී තිබුණා. එය වාර්තා කර තිබූ බොක්ස් ඔෆිස් ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 821.8ක්. මෙය මිනිත්තු 141ක් පුරා දිව යනවා.

05. Lady Bird

තම ස්වාමිපුරුෂයාගේ රැකියාව අහිමි වීමෙන් පසුව, තම පවුල රැක ගැනීම වෙනුවෙන් වෙහෙස නොබලා වැඩ කරන මවක් වටා මෙම සිනමාපටය දිවෙනවා. එමෙන්ම තම දියණිය හා සම්බන්ධතාව ගොඩනගා ගනිමින් ඇය මෙය වෙනුවෙන් දැඩි වෙහෙසක් දරනවා. ඇමරිකානු ඩොලර් මිලියන 10ක වියදමින් නිර්මාණය වෙන මෙම සිනමා නිර්මාණය ඇමරිකානු ඩොලර් මිලියන 17.1ක අදායමක් වාර්තා කර තිබෙනවා. ප්‍රහසන ගණයේ සිනමා නිර්මාණයක් වන මෙය ග්‍රේටා ජර්විග් විසින් අධ්‍යක්ෂණය කර තිබුණා.මෙය මිනිත්තු 93ක් පුරා දිව යනවා.

 

06. Logan

මෙය නිෂ්පාදනය කරන්නේ  Marvel Entertainment සමාගමයි. එය 2017 දී ඇමරිකානු සුපිරි වීර කතාවක් ලෙස නිර්මාණය වුණා. මෙය බෙදාහරිනු ලැබුවේ 20th Century Fox සමාගමයි. මෙය X-Men සිනමාපට මාලාවේ 10 වන කතාව හා තුන්වන හා අවසාන Wolverine සිනමාපටය වුණා. මෙය ජේම්ස් මැන්ගෝල්ඩ් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබුවා. මෙය 2017 පෙබරවාරි මාසයේ තිරගත වුණා. මිනිත්තු 137ක කාලයක් මෙම සිනමාපටය දිව යනවා. ඇමරිකානු ඩොලර් මිලියන 97ක වියදමින් තැනුණු මෙම සිනමා නිර්මාණය Box office ආදායම ලෙස ඇමරිකානු ඩොලර් 616.8ක් වාර්තා කර තිබුණා.

 

Related Articles