Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝක කුසලානයට ක්‍රීඩා නොකළ ලොව දක්ෂතම​ පාපන්දු ක්‍රීඩකයින් 5 දෙනෙක්

පාපන්දු ලෝක කුසලාන අවසාන් තරඟාවලිය යනු ඔලිම්පික් උළෙල හැරුණ විට ලෝකයේ වැඩිම අවධානයක් දිනාගන්නා ක්‍රීඩා උළෙල බව විවාදයක් නැහැ. සාමාන්‍යයෙන් අප බලාපොරොත්තු වන්නේ ලෝකයේ හොඳම ක්‍රීඩකයන් එහිදී දකින්නටයි. එහෙත් පාපන්දු ඉතිහාසයේ දකින්නට ලැබුණු ඇතැම් විශිෂ්ඨයින් කිසිදු දිනෙක ලෝක කුසලාන අවසාන තරඟාවලියේ දී දකින්න ලැබී නැහැ. ඔවුනට බලපෑ ආබාධයක්, ඔවුනගේ රට තරඟාවලියට​ සුදුසුකම් නොලැබීම ආදී හේතු නිසා මෙසේ සිදු වී තිබෙනවා.

මෙවන් ක්‍රීඩකයන් ගණනාවක් දකින්න තිබුණත් ඉන් පස් දෙනකු ගැන අපි ලියන්නට තීරණය කළා.

01. ඇල්ෆ්‍රෙඩෝ ඩි ස්ටෙෆානෝ

ඩි ස්ටෙෆානෝ (hitc.com)

1926 ජූලි 4 වනදා ආර්ජන්ටිනාවෙ දි උපන් ඩි ස්ටෙෆානෝ රටවල් තුනක් නියෝජනය කළා. 1947 දි ඔහු ආර්ජන්ටිනාව වෙනුවෙන් තරඟ හයකට සහභාගි වුණා. නමුත් 1950 දි ආර්ජන්ටිනාව ලෝක කුසලානය වර්ජනය කළ නිසා ඔහුට ඒ සඳහා ක්‍රීඩා කරන්නට ලැබුණේ නැහැ. පසුව කොළොම්බියාව වෙනුවෙන් ද තරඟ කිහිපයක් ක්‍රීඩා කළ ඔහු 1956 දි ස්පාඤ්ඤ පුරවැසියකු වුණා. 1958 දි ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් තරඟාවලියට සුදුසුකම් ලැබුවේ නැහැ. 1962 දි ඩි ස්ටෙෆානෝට ආබාධයක් හේතුවෙන් තරඟාවලිය මග හැරුණා.

ඩි ස්ටෙෆානෝ වඩාත්ම ප්‍රකට වූයේ 1953 සිට දශකයක කලක් ස්පාඤ්ඤයේ රියාල් මැඩ්‍රිඩ් වෙනුවෙන් ඉදිරිපෙළ ක්‍රීඩකයකු ලෙස දැක්වූ දස්කම් හේතුවෙන්

02. ජෝර්ජ් බෙස්ට්

ජෝර්ජ් බෙස්ට් (bosshunting.com.au)

උතුරු අයර්ලන්තයෙන් බිහිවූ හොඳම පාපන්දු ක්‍රීඩකයා ලෙස වුව ද හැඳින්විය හැකි බෙස්ට් උපන්නේ 1946 මැයි 22 වනදා බෙල්ෆාස්ට් නගරයේ දී. ඔහු 1964-77 සමයේ උතුරු අයර්ලන්තය නියෝජනය කළා. නමුත් මේ කාලය තුළ ඔහුගේ රට පාපන්දු ලෝක කුසලාන අවසන් තරඟාවලියට සුදුසුකම් ලැබීමට අසමත් වුණා.

බෙස්ට් ද වඩාත්ම ජනප්‍රිය වූයේ එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ඔහු දැක්වූ දස්කම් හේතුවෙන් බව කිව යුතුයි.

03. ලාස්ලෝ කුබාලා

කුබාලා (These Football Times)

කුබාලා උපතින් හංගේරියානුවෙකු වුණා. 1927 ජුනි 10 වන දා බුඩාපෙස්ට් නගරයේදි උපන් ඔහු සහ ඇල්ෆ්‍රෙඩෝ ඩි ස්ටෙෆානෝ අතර යම් සමානකම් දකින්න පිළිවන්. දෙදෙනාම ඉදිරිපෙළ ක්‍රීඩකයන් වූ අතර දෙදෙනාම රටවල් තුනක් නියෝජනය කර තිබෙනවා. එමෙන්ම දෙදෙනාටම 1962 ලෝක කුසලානය ආබාධ හේතුවෙන් අහිමි වුණා.

කුබාලා මුලින්ම ක්‍රීඩා කළේ චෙකොස්ලොවැකියානු ජාතික කණ්ඩායම වෙනුවෙන්. ඒ දෙවන ලෝක යුද්ධයෙන් පසුවයි. පසුව ඔහු හන්ගේරියාවට නැවත ගිය අතර තරඟ කිහිපයක් එරට වෙනුවෙන් ද ක්‍රීඩා කළා. නමුත් කොමියුනිස්ට්වාදීන් එරට බලය අල්ලාගත් පසු ඔහු එරටින් පිට වුණා.

කුබාලා දක්ෂයකු ලෙස කැපී පෙනුණේ ස්පාඤ්ඤයේ බාර්සිලෝනා සමාජය විසින් ඔහු බඳවා ගත් පසුයි. 1961 දක්වා ඔහු ඒ සමාජයේ ප්‍රබල ක්‍රීඩකයකු වුණා.

04. රයන් ගිග්ස්

රයන් ගිග්ස් (Football Hub)

1973 දී වේල්සයේ උපන් රයන් ගිග්ස් පසුව මැන්චෙස්ටර් වෙත පදිංචියට ගිය අතර සිය ක්‍රීඩා සමාජ දිවිය සම්පූර්ණයෙන්ම ඔහු ගත කළේ මැන්චෙස්ටර් යුනයිටඩ් පිළ සමඟයි. නමුත් ඔහුගේ ක්‍රීඩා දිවිය තුළ වේල්සය ලෝක කුසලාන අවසන් තරඟාවලියට සුදුසුකම් නොලද නිසා ගිග්ස්ට එම තරඟාවලියකට සහභාගී විය නොහැකි වුණා.

05. ජෝර්ජ් වියා

ජෝර්ජ් වියා (Pinterest)

1966 දි ලයිබීරියාවේදී උපන් ජෝර්ජ් වියා 1988 දි මොනැකෝ ක්‍රීඩා සමාජය වෙනුවෙන් තරඟ කිරීමට යුරෝපයට පැමිණියා. පසුව ඔහු පැරිස් සෙන්ට් ජර්මේන්, මිලාන්, චෙල්සි, මැන්චෙස්ටර් සිටි, මාර්සේයි ආදී ක්‍රීඩා සමාජ වෙනුවෙන් ක්‍රීඩා කළා. 1995 දි ඔහු වසරේ ක්‍රීඩකයා සහ බැලන් ඩෝර් සම්මාන දිනූ පළමු අප්‍රිකානුවා බවට පත් වුණා.

නමුත් ඔහු උපන් ලයිබීරියාව අද වනතෙක් කිසිදු වතාවක පාපන්දු ලෝක ශූරතාවයේ අවසන් තරඟාවලියකට සහභාගී වී නැහැ.

Cover: The Independent

Related Articles