Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව වැඩිම පිරිසක් ගොදුරු වන පිළිකා

01. පෙනහැලි හා ශ්වසන මාර්ග පිළිකා

abdominalis.ru

ලොව වැඩි දෙනෙක් මියයන පිළිකා වර්ගයක් ලෙස සලකනු ලබන්නේ පෙනහැලි හා ශ්වසන මාර්ග ආශ්‍රිත පිළිකායි. මෙම පිළිකා වල ඇති වඩාත්ම භයානකම තත්වය ලෙස සලකනු ලබන්නේ එය වෙනත් ඉන්ද්‍රියයන්ටත් පැතිර යනතුරු අනාවරණය නොවීමයි. දුම්පානය කරන අයට මෙය වැළදීමේ වැඩි ප්‍රවණතාවයක් පවතිනවා. පෙනහැලි හා ශ්වසන මාර්ග ආශ්‍රිත පිළිකා වැලඳුණු අයගෙන් 90%ක් පමණම දුම්පානය කරන අයයි. නමුත් ඔබ දුම් නොබොන අයෙකු නම් මෙවැනි පිළිකාවලට භාජනය නොවන බව ඉන් අදහස් වෙන්නේ නෑ. විෂ දුමට භාජනය වන ඕනෑම අයෙකුටත් මෙය වැළඳීමේ අවධානමක් පවතිනවා. මෙම පිළිකාව වැළදෙන ඇමරිකානුවන් 222,500 කින් 155,870 මියයන බව සොයාගෙන තිබෙනවා.

2. මහබඩවැල ආශ්‍රිත පිළිකා

www.ecestaticos.com

මහබඩවැල ආශ්‍රිත පිළිකාවන් සලකනු ලබන්නේ මාරාන්තික නමුත්, වලක්වා ගැනීමේ වැඩිම හැකියාවක් ඇති පිළිකා වර්ගයක් ලෙසයි. මෙවැනි පිළිකා හට ගනු ලබන්නේ මහබඩවැලේ සිට ගුද මාර්ගය දක්වා ඇතැම්විට ඇතිවන වර්ධනයක් නිසයි. මෙම වර්ධනය සෑම විටම පිළිකාවක් නොවුනත් එය පිළිකා අවධානමක් ඇති කරනු ලබනවා. මෙවැනි පිළිකා වලින් 90%ක් පමණම ඇති වී තිබෙන්නේ වයස අවුරුදු 50ට වැඩි අයටයි. ඔබේ පවුලේ අයකුට මීට පෙර මහබඩවැල ආශ්‍රිත පිළිකාවක් වැලඳී තිබුණා නම් ඔබටත් වැළඳීමේ හැකියාවක් පවතිනවා. වැඩි වශයෙන් තන්තු සහිත පලතුරු හා එළවළු ආහාරයට ගැනීම තුළින් මෙවැනි පිළිකා අවධානම අඩු කර ගැනීමේ හැකියාවක්  පවතිනවා. වර්ෂ 2017 දී ඇමරිකාව තුල මෙවැනි පිළිකා හටගන්නා පුද්ගලයන් 133,430ක ගෙන් 50,260ක් පමණ මියයන බවට ඇස්තමේන්තු කර තිබුණා.

03. අග්න්‍යාශයේ පිළිකා

nyuz.elte.hu

ශරීරයේ මේ කුඩා කොටස ඔබගේ ජීවිතය  වෙනුවෙන් කෙතරම් දෙයක් කරනවා දැයි ඔබ සමහර විට නොදන්නවා වෙන්න පුළුවන්. ඔබගේ ආහාර දිරවීමේ ක්‍රියාවලිය, ඉන්සියුලින් නිෂ්පාදනය, හා ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවලිය නිවැරදිව පවත්වා ගැනීමට උදහර කුහරයේ ඇති මේ කුඩා ඉන්ද්‍රිය විශාල සේවයක් ඉටු කරනු ලබනවා. මෙහි ඇතිවන පිළිකා සලකනු ලබන්නේ පළමුවර හඳුනාගැනීම ඉතාමත් අපහසු වර්ගයේ පිළිකා ලෙසයි. සම කහපාට වීම, කෑම දිරවන ගැටළු, උදරයේ වේදනාව, ආහාර රුචිය අඩු වීම, සහ බඩ දැඟලීම මෙම පිළිකාවට අදාළ පොදු ලක්ෂණ වෙනවා. මෙයට හේතුන් ලෙස දුම්පානය කිරීම හා සෞඛ්‍ය සම්පන්න නොවන ජිවන රටාව සැලකෙනවා. 2017 වර්ෂයේ ඇස්තමේන්තු ගත කිරීම් අනුව ඇමරිකාවේ මෙය වැළඳුනු පුද්ගලයන් 53,670ක ගෙන් 43,090ක් පමණ මියගොස් තිබුණා.

4. පියයුරු පිළිකා

wp.com

මෙය නම් අප ඔබ ඉතාම හොදින් අසා ඇති පිළිකාවක්. පියයුරු පිළිකා සැලකෙන්නේ දෙවැනියට කාන්තාවන් වැඩිම පිරිසක් මරණයට පත්කරන පිළිකාව ලෙසයි. එමෙන්ම පිරිමි අයටද මෙය වැළදීමේ හැකියාවක් පවතිනවා. පවුලේ අයෙකුට පියයුරු පිළිකාවක් වැළදී තිබුණා නම් ඔබටත් එය එසේ වීමේ වැඩි සම්භාවිතාවක් පවතිනවා. ඔබගේ සමීපතයන්ට පියයුරු පිළිකාව වැළදුණේ ඔවුන්ට වයස අවුරුදු 50ට පෙර නම් අවධානම තවත් ඉහළ යනවා. මෙයට හේතුන් ලෙස ළමයෙකුට උපත ලබා නොදීම (මව්කිරි ලබා නොදීම) හා පළමු දරුවා ප්‍රමාද වී ඉපදීම වැනි කරුණු දැක්වෙනවා. මේ හේතුන් නිසා ඔබ අනිවාර්යයෙන් පියයුරු පිළිකාවක ගොදුරක් නොවුනත් ඒ හේතූන් නිසා එසේ වීමේ හැකියාවක් පවතිනවා. ඇමරිකානු පිළිකා සංසදයට අනුව මේ වසරේදී අනෙකුත් පිළිකාවලට සාපේක්ෂව පියයුරු පිළිකා වාර්ථා වීම මේ වසර තුළදී  ඉහළ ගොස් තිබෙන අතර ඔවුන්ගේ ඇස්තමේන්තු අනුව ඒ ප්‍රමාණය ඇමරිකාව තුල 255,180ක් වෙනවා.

05. අක්මාව හා පිත්තාශය ආශ්‍රිත පිළිකා

iogt.org

මෙය සලකනු ලබන්නේ මූලිකවම මධ්‍යසාර වැඩිපුර භාවිතාව නිසා සිදුවන පිළිකා වර්ගයක් ලෙසයි. අක්මාව ශරීරයේ වැදගත්ම කාර්යක් සිදුකරනු ලබන ඉන්ද්‍රියක්. එමඟින් අපගේ ශරීරයේ ආහාර ජීරණ ක්‍රියාවලියට උපකාර වන අතර, රුධීරයේ ඇති විෂ ද්‍රව්‍ය බිඳ දැමීම ද සිදු වෙනවා. අක්මාව ආශ්‍රිත පිළිකා හට ගැනීම සිදු වන්නේ අක්මාවේ  ඇති රෝගී සෛල වැඩි වී පැතිරීමෙන් බවට සොයා ගෙන තිබෙනවා. ඇමරිකානු පිළිකා සංසදය අනුමාන කරන පරිදි ඇමරිකාව තුල අක්මාව හා පිත්තාශය ආශ්‍රිත පිළිකා රෝගීන් 40,170 පමණ වාර්තා වෙනවා.

මුලාශ්‍ර – www.cheatsheet.com

කවරය – www.celldiagram.net

Related Articles