Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අඩු බජට් එකකට ගන්න පුළුවන් හොඳ ෆෝන් 5ක්

Nokia 5

www.adobotech.net

Nokia සමාගමේ ඇන්ඩ්‍රොයිඩ් ආගමනයත් සමඟ Nokia 5 ජංගම දුරකථනය එලි දක්වනු ලැබුවා. මෙම දුරකථනය 2017 පෙබරවාරි මාසයේ දී වෙළඳපොළට හදුන්වා දුන්නා. එය සවිබල ගන්වා තිබෙන්නේ  octa-core Qualcomm Snapdragon 430 ප්‍රොසෙසරයකින් වෙනවා. මෙය ගිගාබයිට් දෙකක RAM එකකින් සමන්විතයි. එමෙන්ම මෙහි  Internal Storage එක 16GB වෙනවා. එය Memory Card භාවිතා කර 128GB දක්වා ඉහළ දැමීමේ හැකියාවක් පවතිනවා. මෙය මෙගා පික්සල් 13ක පසුපස කැමරාවකින් සමන්විතයි. එමෙන්ම එහි selfie සඳහාම නිර්මාණය වුනු මෙගා පික්සල් 8ක ඉදිරිපස කැමරාවක් ද සහිතයි. මෙහි ඇන්රොයිඩ් 7.11 සංස්කරණය ඇතුලත්ව පවතිනවා. ගැලවිය නොහැකි  3000mAh බැටරියකින් සමාන්විත මෙය මිලිමීටර 149.70ක උසක්, මිලිමීටර් 72.50ක පළලක් හා මිලිමීටර 8.05ක ඝනකමකින් යුතු වෙනවා. Nokia 5 ශ්‍රී ලංකාව තුල රු. 25,000 – 27,000 ත් අතර මිළකට ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා.

Samsung galaxy J7 – 2015

pinimg.com

තරමක් වේගයෙන් ජනතාව අතර ප්‍රචලිත වූ ජංගම දුරකථනයක් ලෙස මෙම දුරකථනය හදුන්වා දෙන්න පුළුවන්. Samsung සමාගම විසින් මෙය නිකුත් කළේ 2015 ජූනි මාසයේදීයි. මෙය අඟල් 5.5ක ස්පර්ශ සංවේදී තිරයකින් සමන්විත වෙනවා. මෙම දුරකථනය සවිබල ගන්නවා තිබෙන්නේ 1.5GHz octa-core Samsung Exynos 7580 ප්‍රොසෙසරයක් මගිනුයි. එමෙන්ම මෙහි 1.5GB RAM එකක් ද මෙහි අන්තර්ගතයි. 16GB internal storage එකකින් යුතු මෙය 128GB දක්වා memory card මගින් වර්ධනය කර ගත හැකියි. මෙගා පික්සල් 13ක පසුපස කැමරාවකින් හා මෙගා පික්සල් 5ක ඉදිරිපස කැමරාවකින් ද යුතුයි. මෙහි 5.1 යන Android සංස්කරණය අන්තර්ගත වෙනවා. එමෙන්ම ගැලවිය හැකි 3000mAh බැටරියකින් මෙය සමන්විත වෙනවා. Wi-Fi, GPS, Bluetooth, USB OTG, FM ආදී සේවාවන් රාශියකින්ද සමන්විතයි. මෙහි මිල මේ වන විට රු. 27,500ක් පමණ වෙනවා.

HTC Desire 628 Dual SIM

gsmarena.com

මෙම දුරකථනය වෙළඳපොළට හදුන්වා දෙනු ලැබුවේ 2016 මැයි මාසයේදීයි. එය සවිබල ගන්වා තිබෙන්නේ  1.3GHz octa-core processor ප්‍රොසෙසරයකින්. 3GB  RAM එකකින් සමන්විත මෙහි Internal Storage එක 32GB. එය Memory Crad භාවිතා කර 256GB දක්වා ඉහළ දැමීමේ හැකියාවක් පවතිනවා. මෙය 13MP පසුපස කැමරාවකින් සමන්විතයි. 5MP ඉදිරිපස කැමරාවක් ද සහිත මෙහි ගැලවිය නොහැකි 2200mAh බැටරියක් අන්තර්ගතයි. මෙහි බර ග්‍රෑම් 140ක් වෙනවා. මෙය ඔබට රු. 25,000-28,0000ත් අතර මිළකට මිලදී ගත හැකියි.

Oppo F1

fonearena.com

ජනතාව අතර ඉතා ප්‍රචලිත ජංගම දුරකථනයක් ලෙස Oppo දුරකථනය හදුන්වා දෙන්න පුළුවන්. Oppo සමාගම විසින් දුරකථනය නිකුත් කළේ 2016 ජනවාරි මාසයේදී යි. මෙය අඟල් 5ක ස්පර්ශ සංවේදී තිරයකින් සමන්විත වෙනවා. මෙම දුරකථනය සවිබල ගන්නවා තිබෙන්නේ 1.2GHz octa-core Qualcomm Snapdragon 616 ප්‍රොසෙසරයක් මගිනුයි. එමෙන්ම 3GB RAM එකක් ද මෙහි අන්තර්ගත වෙනවා. 16GB internal storage එකකින් ද යුතු මෙහි මතකය memory card මගින් 128GB දක්වා වර්ධනය කළ හැකියි. මෙය මෙගා පික්සල් 13ක පසුපස කැමරාවකින් හා මෙගා පික්සල් 8ක ඉදිරිපස කැමරාවකින් ද යුතුයි. මෙහි 5.1 යන Android සංස්කරණය අන්තර්ගත වෙනවා. 2500mAh නොගැලවිය හැකි බැටරියකින් සමන්විත මෙය රු. 28,000 – 30,000 අතර මිළකට මිලදී ගත හැකියි.

HUAWEI GR5

newwalkntalk.com

ඔබ සොයන්නේ අඩු මිළකට හොද Huawei දුරකථනයක් නම් ඔබට මෙය ඉතා වැදගත් වේවි. HUAWEI Gr5 දුරකථනය සවිබල ගන්නවා තිබෙන්නේ Qualcomm MSM8939 Octa-core (4×1.5GHz+4×1.2GHz) ප්‍රොසෙසරයකිනුයි. මෙය 2GB RAM එකකින් සමන්විතයි. එමෙන්ම මෙහි  Internal Storage එක 16GB වෙනවා. මෙය මෙගා පික්සල් 13ක පසුපස කැමරාවකින් සහ මෙගා පික්සල් 5ක ඉදිරිපස කැමරාවකින් සමන්විතයි. මෙහි Android 5.1 සංස්කරණය ඇතුලත්ව පවතිනවා. 3000mAh බැටරියකින් බලය සැපයෙන මෙහි ඇඟිලි සලකුණු සංවේදී දුරකථන ආරක්ෂණ පද්ධතියකින් යුතු වෙනවා. 158gක බරකින් යුතු මෙය රු. 28,000 – 30,000ත් අතර මිළකට ඔබට මිළදී ගත හැකියි.

කවරය – cdn.wall-pix.net

Related Articles