Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව වැඩිම මිලක් අය කරන සංගීතඥයන්

Rolling Stones (රෝලින් ස්ටෝන්ස් )

i.scdn.co

මෙම  සංගීත කණ්ඩායම ආරම්භ වී තිබෙන්නේ වර්ෂ 1962 දීයි. ඇමරිකානු ඩොලර් මිලියන 8.1 ක මිලක් එක් සංගීත ප්‍රසංගයක් වෙනුවෙන් මොවුන් විසින්  අය කරනු ලබනවා. මෙම සංගීත කණ්ඩායම බ්‍රිතාන්‍යයේ දශක ගණනාවක් පුරා ජනප්‍රිය රොක් සංගීත කණ්ඩායමක් වෙනවා. ඒ වගේම එතෙක් මෙතෙක් සිටි වැඩිම බලපෑමක් ඇතිකළ හැකි සංගීත කණ්ඩායමක් ලෙසත් ඔවුන්ව සලකනු ලබනවා. ලොව පුරා ඔවුන්ගේ ගීත ඇල්බම් මිලියන 250 කට වඩා වැඩි ප්‍රමාණයක් අලෙවි වී තිබෙනවා. ඔවුන්ගේ ජනප්‍රිය ගීතයක් ලෙස  I Can’t Get No ගීතය හඳුන්වන්න පුළුවන්.

රිහානා

ego.co.uk

රිහානාව සැලකෙන්නේ දැනට ලොව දෙවැනියට වැඩිම මිලක් ප්‍රසංගයකට අය කරන තැනැත්තිය ලෙසයි. රිහානා උපත ලබන්නේ 1988 බාර්බඩෝස් හිදීයි. 2005 වසරේදී තම පළමු සංගීත ඇල්බමය ඇය විසින් එළිදක්වනු ලබනවා. ඒ Music of the Sun ලෙසයි. එහි පිටපත් මිලියන 2ක් ලොව පුරා අලෙවි වී තිබෙනවා. ඇය  විසින් ඉදිරිපත් කරන ලද “Unfaithful,” “Umbrella,” “Disturbia,” “Take a Bow,” “Diamonds” සහ “We Found Love” යන ගීත ලොව මහත් ජනප්‍රියතාවයට පත්වුනා. එමෙන්ම Grammys සම්මාන පවා දිනා තිබෙන ඇය එක් ප්‍රසංගයක් වෙනුවෙන් අය කරන මිල ඇමරිකානු ඩොලර් මිලියන 8කි.

මැඩෝනා

www.billboard.com

මැඩෝනා වෙනුවෙන් ඔබ ගෙවිය යුතු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 5ක් වෙනවා. ඇය එතරම් පෞද්ගලික උත්සව වෙනුවෙන් සහභාගී නොවන තැනැත්තියක් ලෙසයි සලකණු ලබන්නේ. පොප් සංගීතයේ පුරෝගාමියෙක් ලෙසද ඇයව සලකනු ලබනවා. එමෙන්ම නර්තනය, තමන්ගේම ගීත රචනා ලියා ගෙන ගායනය, රංගනය, සිනමාපට අධ්‍යක්ෂනය, සිනමා තිර පිටපත් රචනය හා තමන්ගේම ව්‍යාපාර ආදී ක්ෂේත්‍රයන ගණනාවක ඇය නිරත වෙනවා. එමෙන්ම මැඩෝනාව සම්මානනීය ගායිකාවක් ද වෙනවා. තවද ෆොර්බ්ස් සඟරාව විසින් ඇයව 2008 වර්ෂයේ ලොව ධනවත්ම කාන්තා සංගීතඥවරිය ලෙස නම් කරනු ලැබුවා. මැඩෝනාගේ Like A Virgin යු ටියුබ් වෙබ්  නැරඹුම් වාර මිලයන 37ත් ඉක්මවා තිබෙනවා.

එල්ටන් ජෝන්

independent.co.uk

එල්ටන් ජෝන් උපත ලබන්නේ 1947 මාර්තු මස 5 වෙනිදා එංගලන්තයෙදීයි. 20ව සියවසේ පොප් හා රොක් සංගීතයේ විශිෂ්ඨතම සලකුණක් ලෙස එල්ටන් ජෝන්ස්ව සලකනු ලබනවා. රාජකීන් හා ලොව පිළිගත් ප්‍රභූන් ඉදිරියේ පවා තම හැකියාවන් මොහු විසින් ඉදිරිපත් කර තිබෙනවා. තවද එල්ටන් ජෝන් සැලකෙන්නේ සමලිංගිකත්වය වෙනුවෙන් සහයෝගය දක්වන තැනැත්තෙකු ලෙසයි. එමෙන්ම ඔහු “The Guardian” පුවත්පතේ දිනපතා තීරු ලිපි රචකයෙක් ලෙසද කටයුතු කරනු  ලබනවා. සුභ සාධන කටයුතු වෙනුවෙන් විශාල ලෙස කැපවෙන මොහු එක් ප්‍රසංගයක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 3.4ක් අය කරනු ලබනවා. ඔහු විසින්  ගායනා කරන Can you feel the love tonight ගීතය ලොව පුරා ඉතාමත් ජනප්‍රිය වුනා.

ටේලර් ස්විෆ්ට් (Taylor Swift)

REUTERS/Danny Moloshok

1989 දෙසැම්බර් 13 උපත ලබන ටේලර් විසින් එක් ප්‍රසංගයක් වෙනුවෙන් අය කරනු ලබන මුදල ඇමරිකානු ඩොලර් මිලියනයක් වෙනවා. ඇය සංගීත ක්ෂේත්‍රයට පා තබන්නේ ඇයට වයස අවුරුදු 16දීයි. ඇයව කෙටි කාලයකින් ඉතාමත් ජනප්‍රිය වූ හා සාර්ථක වූ කලාකාරිනියක ලෙස ප්‍රසිද්ධියට පත්වෙනවා. ඇයගේ පෞද්ගලික වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 250ක්. Grammy සම්මානලාභිනියක් ද වන ඇය ලොව පුරා ඉමහත් ජනප්‍රිය චරිතයක් වෙනවා. ඇයගේ You Belong With Me ගීතය යු ටියුබ් වෙබ් අඩවිය තුල නැරඹුම් මිලියන 765ක් වාර්තා කර තිබෙනවා.

නො ඩවුට් (No Doubt)

www.hiddenjams.com

මෙම සංගීත කණ්ඩායම එක් ප්‍රසංගයක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 750,000 අය කරනවා. මෙම සංගීත කණ්ඩායම ආරම්භ වී තිබෙන්නේ වර්ෂ 1986 දීයි. ඔවුන්ගේ දශක තුනක සංගීත ගමන තුළ සංගීත කණ්ඩායමේ වෙනස්වීම් රාශියක් සිදුවී තිබෙනවා. නමුත් 1990 මැද භාගයේ සිට නම් මෙම හය දෙනාගේ  කණ්ඩායමේ වෙනසක් සිදුවී නැහැ. Grammy සම්මාන දෙකක් හා MTV සම්මාන 5කට මොවුන් හිමිකම් කියනවා. එමෙන්ම බොහොමයක් ප්‍රභූන් ඉදිරියේ තම දස්කම් දක්වන සංගීත කණ්ඩායමක් ලෙසත් මොවුන් ප්‍රචලිතව සිටිනවා. Just A Girl නම් ගීතය ඔවුන්ගේ ඉතා ජනප්‍රිය ගීතයක්.

කවරය – justjared.com

Related Articles