Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව වැඩිම මිළක් වැයකර තැනූ වෙළද දැන්වීම් කිහිපයක්

  1. Chanel

ලොව වැඩිම මිළක් වියදම් කර නිර්මාණය කරන ලද වෙළඳ දැන්වීමක් ලෙස Chanel No.05 නම් සුවඳ විලවුන් වර්ගය වෙනුවෙන් නිර්මාණය වූ වෙළඳ දැන්වීම හඳුන්වාදීය හැකියි. එය වෙනුවෙන් වියදම් කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 33ක් පමණ වෙනවා. සැබවින්ම එය සිනමා පටයක පූර්ව ප්‍රචාරක පටයක් හා සමාන වෙනවා. මෙම දැන්වීම වෙනුවෙන් පෙනී සිටින්නේ නිකොල් කිඩ්මන් හා රොද්‍රිගෝ සන්ටෝරෝ යන දෙදෙනායි. මෙම වෙළඳ දැන්වීම මෙතරම් ඉහළ මිළක් ගැනීමට එහි සංකල්පයද හේතුවක් වී තිබෙනවා. නිකොල්ට මෙම දැන්වීමේ පෙනී සිටීම වෙනුවෙන් ගෙවා ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 3ක්. මෙම දැන්වීමෙන් පසු Chanel No.05 හී විකුණුම් ඉතාමත් වේගයෙන් ඉහළ ගොස් තිබුණා. මෙය නිර්මාණය කර තිබුණේ 2004 වර්ෂයේ දීයි.

  1. Guinness

Guinness නම් වෙළද සන්නාමය වෙනුවෙන් 2007 නිර්මාණය කරන ලද  “Good things happen to those who wait,” නම් වැකිය අන්තර්ගත වූ වෙළඳ දැන්වීම නිර්මාණය වෙනුවෙන් වැයවී තිබූ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 16ක්. Guinness බීර සමාගම තම 80වන සංවත්සරය සැමරීම වෙනුවෙන් මෙම වෙළද දැන්වීම නිර්මාණය කර තිබුණා. මෙම වෙළද දැන්වීමේ එකදු ජනප්‍රිය පුද්ගලයෙකුවත් නෑ. නමුත් මෙහි සංකල්පය හා එය නිර්මාණය කිරීම වෙනුවෙන් විශාල වියදමක් දැරීමට සිදුව තිබෙනවා. මෙම නිර්මාණය සිදුකර තිබෙන්නේ ආර්ජන්‍ටිනාවෙයි. ආර්ජන්ටිනාව ආශ්‍රිත ගම්මානයක් සම්පූර්ණයෙන්ම මෙයට යොදාගෙන තිබුණා. පොත් 10000ක්,  කාර් 6ක්, ටයර් 400ක්, කණ්නාඩි 75ක්, ආදී ගමක දැකිය හැකි බොහෝමයක් දේවල් මෙම නිර්මාණයන්ට අන්තර්ගතයි. මෙය වෙනුවෙන් දාදු (domino) 6000ක් පමණ භාවිතා කර තිබුණා. මෙය අධ්‍යක්ෂණය කර තිබුණේ  Nicolai Fuglsig නම් අධ්‍යක්‍ෂවරයායි. මෙය 2007 වසරේ නිර්මාණය වුණා.

  1. ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ගේ ජනාධිපතිවරණ දැන්වීම – 2004

ඔබ දන්නවා ද  2012 ඇමරිකානු ජනාධිපතිවරණය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.6ක් වියදම් වූ බව? කෙසේ නමුත්, සෑම ජනාධිපතිවරණයක් වෙනුවෙන්ම අපේක්ෂකයන් ඔවුන්ගේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ඩොලර් මිලියන සිය ගණනක් වැය කරනවා. නමුත් 2004 වසරේ ජෝර්ජ් බුෂ් ජනාධිපතිවරයා එක දැන්වීමක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 14.2ක් වියදම් කලා. මෙම දැන්වීමේ 9/11 ප්‍රහාරයෙන් තම මව මියගිය Ashley Faulkner නම් දරුවා පෙනී සිටිනවා. මෙම දැන්වීම නිර්මාණය වී තිබුණේ ජනාධිපතිවරයා විසින් එක් එක් ඇමරිකානුවාගේ ආරක්ෂාව කෙරෙහි කෙතරම් තැකීමක් කරනවාද යන්න පෙන්නුම් කිරීමටයි. මෙම දැන්වීම ඉතාමත් හොදින් අපේක්ෂිත ඉලක්ක අත්පත් කරගෙන තිබුණා. එයට වඩාත්ම හේතූ වී තිබුණේ ඒ දරුවා ජෝර්ජ් බුෂ් ජනාධිපතිවරයා තව වරක් ජනාධිපතිවරා වීමට තමා අපේක්ෂා කරන බව ඒත්තු ගැන්වීම නිසයි.

  1. Aviva රක්ෂණ සමාගම – 2008

මෙම දැන්වීම නිර්මාණය කර තිබුණේ  Norwich Union සමාගම තම නාමය Aviva රක්ෂණ සමාගම යන නමින් නැවත පිහිටුවීම වෙනුවෙනුයි. මෙම දැන්වීමේ විශාලතම අරමුණ වී තිබුණේ සමාගමේ නව වෙනස පිළිබඳව ජනතාව දැනුවත් කිරීමයි. මෙහිදී ඔවුන් භාවිතා කර තිබුණේ තමන්ගේ වෘත්තිය සමඟ තමන්ගේ නාමය වෙනස් කර ගත් කිහිප දෙනෙකුයි. ඔවුන් අතර Bruce Willis, Alice Cooper, Ringo Star වැනි අය වුණා. ඔවුන්ගේ නාමය වෙනස් වීම මත ඔවුන් දැන් සිටින තැන ගෙන මේ හරහා ප්‍රේක්ෂකයන් දැනුවත් කර තිබුණා. මෙවැනි දැවැන්තයන් සමඟ 2008 වසරේ නිර්මාණය වුනු මෙම වෙළඳ දැන්වීම වෙනුවෙන් වැයවී තිබූ මුළු මුදල ඇමරිකානු ඩොලර් 13.4ක්.

Related Articles