Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව වටා තිබෙන විශේෂ වනෝද්‍යාන

01. සාගර්මාතා ජාතික වනෝද්‍යානය – ලොව උසම වනෝද්‍යානය

hartimages.com

මෙම වනෝද්‍යානය පිහිටා තිබෙන්නේ එවරස්ට් කන්ද ආශ්‍රිතවයි. නේපාල ජාතිකයන් එවරස්ට් කන්ද හඳුන්වනු ලබන්නේ සාගර්මාතා කියලයි. එහි අරුත දෙවිවරුන්ගේ මාතාව යන්නයි. වනෝද්‍යානය පිහිටුවා තිබෙන්නේ වර්ෂ 1976 දී පමණ. විශාලත්වය වර්ග සැතපුම් 470ක් පමණ වන අතරම මුහුදු මට්ටමේ සිට අඩි 9184 ක් පමණ ඉහළින් පිහිටා තිබෙනවා. ෆේසාලේ යනුවෙන් හඳුන්වන ස්ථානය ආසන්නයේදී වනෝද්‍යානයට පිවිසිය හැකි බව සඳහන් වනවා. බර්ච්, ජුනිපර් (කේතුධර), සහ රොඩොඩෙන්ඩ‍්‍රන් (මහා රත්මල් වැනි) යනුවෙන් හඳුන්වන ශාක වර්ග මෙහි පහළ කොටසේදී දැක ගත හැකි වනවා. කස්තුරි මුවා, හිමාලයානු එළුවා, කඳුකර එළුවා, කුඩා පැන්ඩා විශේෂ ආදී සතුන් වගේම 118කට අධික පක්ෂ විශේෂද මෙහි වාසය කරනවා. එමෙන්ම ඉහළ කඳුකරයේ ජිවත් වන ජන කොට්ඨාසයක් ලෙස ෂර්පා මිනිසුන් දක්වන්නට පුළුවන්.

02. කෲගර් ජාතික වනෝද්‍යානය – ගංගා හයකින් සමන්විත වීම

vincentmounier.com

ලොව විශාලතම වනෝද්‍යාන දහයෙන් එකක් මෙන්ම අප්‍රිකාවේ පැරණිතම වනෝද්‍යානයක් ලෙස මෙම වනෝද්‍යානය හඳුන්වන්නට පුළුවන්. මෙම වනෝද්‍යානය ස්ථාපිත කිරීම සඳහා පෝල් කෲගර් විශාල උත්සහයක් ගනු ලැබුවා. ඔහු දකුණු අප්‍රිකානු රජයේ හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම 1899- 1902 අතර කාලයේ ඉංග්‍රීසින්ට එරෙහිව සිදු කළ බෝයර් යුද්ධයේ සෙන්පතියෙකු ද වනවා. මෙම ප්‍රදේශය අතීතයේ Tsonga නමැති මිනිසුන්ගේ වාසස්ථානයක්. 1926 දී පමණ ස්ථාපිත කළ වනෝද්‍යානය වර්ග කිලෝමීටර් 19485 කින් පමණ සමන්විත වනවා. මෙම වනෝද්‍යානයේ තිබෙන සුවිශේෂී තාවය වන්නේ වසර පුරාම ගලා යන ගංගා හයකින් යුක්ත වීමයි. Sabie, Olifants, Crocodile, Letaba, Luvuvhu, Limpopo යනුවෙන් එම ගංගාවන් දැක්විය හැකියි. ක්ෂීරපායි සත්ත්ව විශේෂ 140 කුත්, පක්ෂි විශේෂ 450 කුත්, මත්ස්‍ය විශේෂ 40 කුත්, උභය ජීවී විශේෂ 33 කුත්, උරග විශේෂ 114 කුත් වනෝද්‍යානය වාසස්ථානය කර ගෙන තිබෙනවා.  වාර්ෂිකව පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය මිලියන 6 කට අධික වීමද විශේෂත්වයක් වනවා.

03. ජිම් කෝබට් වනෝද්‍යානය – ඉන්දියාවේ පැරණිම වනෝද්‍යානය

commons.wikimedia.org

උත්තරාන්ත‍්‍රල් ප‍්‍රාන්තයේ නයිනතාල් නගරයට නුදුරින් ඉන්දියාවේ පැරණිතම වනෝද්‍යානය පිහිටා තිබෙනවා. මෙය ආරම්භ වී තිබෙන්නේ වර්ෂ 1936 අගෝස්තු 8 වන දිනයි. නමුත් මෙය මුලින්ම නම් කරනු ලැබ තිබෙන්නේ එම ප්‍රාන්ත වල ආණ්ඩුකාරවරයා වූ සර් මැල්කම් හේලිගේ නමිනුයි. ඒ මෙය පිහිටුවා තිබෙන්නේ ඉන්දියාවේ එක්සත් ප්‍රාන්ත පනත යටතේ නිසායි. අනතුරුව 1952 වසරේදී මෙය රාම ගංගා ජාතික වනෝද්‍යානය ලෙස නම් කරනු ලැබුවේ රාමගංගා නදියේ දිගෙන් වැඩි කොටසක් මෙහි පිහිටා තිබීම හේතුවෙනි. නමුත් 1957 වසරේදී ඉංග්‍රීසි ජාතික දඩයක්කරු ජිම් කෝබට් සිහිපත් කරීමට වර්තමාන නම් යොදනු ලැබුවා. වර්ග කිලෝමීටර් 521 ක් පමණ විශාල වන මෙහි විශේෂ 600කට අධික පක්ෂීන් මෙන්ම කොටියා, චීටා, ගෝනා ආදී සතුන්ද වනවා. එමෙන්ම ව්‍යාඝ‍්‍රයින් සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියද මෙහි සිදුවන විශේෂ කටයුත්තක් වනවා.

04. යෙලෝස්ටෝන් ජාතික උද්‍යානය – ලොව ප්‍රථම ජාතික උද්‍යානය

travel.aarp.org

උතුරු ඇමරිකාවේ පිහිටා තිබෙන මෙම වනෝද්‍යානය ලොව ප්‍රථම ජාතික වනෝද්‍යානය වනවා. මෙහි විශාලත්වය අක්කර 2,219,789 ක් පමණ වන බව සඳහන් වනවා. මෙහි වාසය කරන සත්ත්ව විශේෂ ගැන සලකා බැලීමේදී හිම වලසුන් විශේෂ 2ක්, ක්ෂීරපායි සතුන් වර්ග 67ක්, පක්ෂීන් 322ක්, මත්ස්‍ය විශේෂ 16ක් ආදී ලෙස වනවා. එමෙන්ම ඒක දේශික ශාක ඇතුළු ශාක විශේෂද විශාල ප්‍රමාණයක් මෙහි පිහිටා තිබෙනවා

05. පැන්ටනල් මාටෝග්රෝසන්ස් ජාතික උද්‍යනය ලෝකයේ විශාලම තෙත් පරිසර පද්ධතිය

fodors.com

බ්‍රසීලයේ පිහිටා තිබෙන මෙය ලොව විශාලතම තෙත් පරිසර පද්ධතිය මෙන්ම දෙවන විශාලතම පරිසර පද්ධතියද වනවා. ඉතාමත් සොඳුරු දසුන් මවන පක්ෂීන් විශේෂ 656ක් පමණ මෙහි දී දැක බලා ගැනීමේ හැකියාව තිබෙනවා. එමෙන්ම ශාක විශේෂ 3500ක්, මත්ස්‍ය විශේෂ 325ක්, ක්ෂීරපායින් 159ක් ආදී සත්ත්ව විශේෂද මෙහි වාසය කරනු ලබනවා.

කවරයේ පින්තූරය: travel.aarp.org

Related Articles