Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ක්‍රීඩා උත්සව ඉලක්ක කර එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර 4ක්

01. බොස්ටන් මැරතන් බෝම්බය

theipinionsjournal.com

2013 අප්‍රේල් 15 වෙනිදා මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවුණා. ඒ ලොව පැරණිතම වාර්ෂික මැරතන් තරඟය වන බොස්ටන් මැරතන් තරඟයේ 117 වන තරඟය අතරතුරයි. 2013 වසරේදී මෙම තරඟය ආරම්භ වුනේ බටහිර බොස්ටන් හී හොප්කින්ටොන් හිදීයි. මෙයට 23,000ක පමණ තරඟකරුවන් ප්‍රමාණයක් සභාගී වී තිබුණා. මෙහි පළමු බෝම්බය පුපුරා ගියේ දහවල් 2.49ට පමණයි. දෙවන බෝම්බය ඉන් තත්පර 8-12ත් අතර කාලයකදී පුපුරා ගොස් තිබුණු අතර එම බෝම්බ දෙක අතර යාර 50-100ක පමණ පරතරයක් තිබී තිබුණා. මෙම බෝම්බ ප්‍රහාරය නිසා 3 දෙනකුට දිවි අහිමි වුණා. තවත් 260ක් පමණ තුවාල ලබා තිබුණා. ප්‍රහාරයෙන් දින දෙකකට පමණ පසුව FBI විසින් මෙම ප්‍රහාරයට සැක කරන පුද්ගලයන් දෙදෙනෙකුගේ පින්තූර මුදා හැර තිබුණා. ඔවුන් දෙදෙනාම සහෝදරයන් බව පසුව සොයා ගැනුණු අතර ඉන් එක අයෙකු වයස 26ක හා අනෙකා වයස අවුරුදු 19ක් පමණ වුණා.

02. ශ්‍රී ලංකා කණ්ඩායමට ලාහෝර් නුවරදී එල්ල වුනු ප්‍රහාරය

බස් රථයේ වීදුරුව හරහා එල්ල වී තිබූ උණ්ඩයක්  (dawn.com)

මෙම ප්‍රහාරය සලකනු ලබන්නේ 1972 මියුනිච් ඔලිම්පික් තරඟයේදී ඊශ්‍රායල කණ්ඩායමට පසු ජාත්‍යන්තර කණ්ඩායමක් ඉලක්ක කර එල්ල කරන ලද දරුණුම ප්‍රහාරය ලෙසයි. මෙම ප්‍රහාරය පකිස්ථානයේ ගඩාෆි ක්‍රීඩාංගනය අසලදී එල්ල වී තිබුණා. ඒ 2009 මාර්තු 3 වෙනිදායි. ඒ 2009 දී පකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර පැවති දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනයේදීයි. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැගත් බස් රථය ඉලක්ක කර එල්ල වූ මෙම ප්‍රහාරයට RPG පවා යොදාගෙන තිබුණා. නමුත් ප්‍රහාරය අවස්ථාවේ ශ්‍රී ලංකා කණ්ඩායම රැගත් බස් රථයේ රියදුරාගේ දක්ෂතාව නිසා සිදුවීමට ගිය විශාල විනාශයක් වැලකි තිබුණා. මෙම ප්‍රහාරයෙන් 7 දෙනෙකු මියගිය අතර එයට පොලිස් නිලධාරීන් 6 දෙනෙකුත් ඒ අතර වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයන් ද ඇතුළුව මෙම ප්‍රහාරයෙන් 20 දෙනෙකු පමණ තුවාල ලබා තිබුණා. මෙම ප්‍රහාරයෙන් පසුව එරට ක්‍රීඩා තරඟ වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහන් ක්‍රියාත්මක වූ නමුත් විදේශ කණ්ඩායම් පකිස්ථානයේ තරඟ සංචාර ප්‍රතික්ෂේප කර තිබුණා.

නමුත් නැවතත් වසර 8කට පසුව ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්ථානයේ තරඟයකට පසුගිය දා සභාගි වූ අතර එය පකිස්ථාන ජනතාව ඉමහත් ලෙස අගය කොට තිබුණා.

03. 2008 සිංහල – හින්දු අලුත් අවුරුදු උළෙල අලලා සංවිධානය වූ මැරතන් තරඟයට එල්ල වුනු LTTE ප්‍රහාරය

(www.slnewsonline.net)

මෙම ප්‍රහාරය හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා එල්ල කර ගනිමින් එතුමා සහභාගී වූ මැරතන් තරඟයකට එල්ල වුනේ ගම්පහා වැලිවේරිය ප්‍රදේශයේ දීයි. ඒ 2008 අප්‍රේල් 06 වෙනිදා උදෑසනයි. මෙම ප්‍රහාරයෙන් 12 දෙනෙකු මියගිය අතර 50 දෙනෙකු පමණ තුවාල ලබා තිබුණා. මෙයින් අමාත්‍යවරයා ද මියගිය අතර මියගිය අනෙක් අය අතර මළල ක්‍රීඩා පුහුණුකරුවකු වන ලක්ශ්මන් ද අල්විස් හා ඔලිම්පික් මැරතන් ධාවන ශූර කේ.ඒ කරුණාරත්න ද වුණා.

මෙම ප්‍රහාරය LTTE මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවට පසුව සොයා ගැනුනා. නමුත් ක්‍රීඩා තරගයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස මෙයත් ඉතිහාසයට එක් වුණා.

04. 1972 මියුනිච් ඔලිම්පික් ප්‍රහාරය

(timesofisrael.com)

මෙම ප්‍රහාරය එල්ල වන්නේ ඊශ්‍රායලය නියෝජනය කරමින් ඔලිම්පික් උළෙලට සහභාගි වූ කණ්ඩායම ඉලක්ක කර ගෙනයි. සියලු ආරක්ෂක උපක්‍රම ව්‍යාර්ථ කරමින්, “කළු සැප්තැම්බර්” නම් පලස්තීන ත්‍රස්ත කණ්ඩායම ඊශ්‍රායල කණ්ඩායම රැදී සිටි ස්ථානයට ඇතුළු වන්නේ 1972 සැප්තැම්බර් 5 වෙනිදා උදෑසන හතරට පමණයි. ඔවුන් මෙම ස්ථානයේ දී ක්‍රීඩකයන් දෙදෙනෙකු ඝාතනය කරන අතර තවත් 9 දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගන්නවා. ඊශ්‍රායල් බන්ධනාගාර වල සිටින අරාබි සිරකරුවන් 234 දෙනා උදෑසන 9 වීමට පෙර නිදහස් කළ යුතු වීම ඔවුන්ගේ පළමු නියෝගය වුණා. නමුත් එය අසාර්ථක වූ තැන ත්‍රස්තයන්ගේ දෙවන ඉල්ලීම වූ  ප්‍රාණ ඇපකරුවන් සමඟ තමන් කැමති අරාබි රටකට යෑමට ගුවන් යානයක් සැපයිය යුතු ය යන්නයි. එම කොන්දේසිය ඉටු කිරීමට ජර්මනියට කැමැත්ත පල කරන්නේ ප්‍රාණ ඇපකරුවන් මියුනික් ගුවන් තොටුපලේදී ගලවා ගැනීමේ සැලසුමක් සකස් කරමිනුයි. නමුත් එය අසාර්ථක වන අතර සියලුම ප්‍රාණ ඇපකරුවන් ගුවන් තොටේ දී වූ ප්‍රහාරයකින් මිය යනවා. නමුත් පසුව ඊශ්‍රායල බුද්ධි අංශය විසින් කල “Wrath of God (දේව කෝපය)”  නිහඬ මෙහෙයුම මගින් ක්‍රීඩකයන් ඝාතනය කළ “කළු සැප්තැම්බර්” කල්ලියේ සාමාජිකයන් සියල්ලම මරා දැමූනා.

Cover – cbsnews1.cbsistatic.com

Related Articles