Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විනිවිද පෙනෙන අරුම පුදුම වීදුරු සත්ත්වයින්

ස්වභාව ධර්මය විසින් නිර්මාණය කරන ලද ඉතාමත් අපූරු නිර්මාණයන් ගැනයි මෙම ලිපියෙන් කතා කරන්නේ. එනම් විනිවිදව පෙනෙන සත්ත්ව විශේෂ කිහිපයක් ගැන සත්ත්ව ලෝකයෙන් වාර්තා වනවා. නමුත් මෙහි සඳහන් එක් විශේෂයක් නම් නිර්මාණය කර තිබෙන්නේ විද්‍යාඥයින් පිරිසක්  විසිනුයි.

01. වීදුරු ගෙම්බා

pinterest.com

Galss Frog නැතිනම් වීදුරු ගෙම්බා මෙලෙස විනිවිදව දැක ගත හැකි එක් සතෙක් ලෙස නම් කල හැකි වනවා. මෙම ගෙඹි විශේෂය වෙනිසියුලාවට ආවේණික වනවා. එමෙන්ම මෙම උභය ජීවියා සෙන්ට්‍රොලිනීඩේ නමැති කුලයට අයත් වනවා බවත් සඳහන් වනවා. සාමාන්‍යයෙන් මෙම වීදුරු ගෙම්බන්ගේ ස්වභාවික වර්ණය ලෙමන් පැහැයක් ගන්නා නමුත් සමහර ගෙම්බන්ගේ උදර චර්මය විනිවිද පෙනෙන අයුරින් පිහිටන බව වාර්තා වනවා. මේ හේතුවෙන් මොවුන්ගේ ශරීරයේ පිහිටියා වූ හෘදය, අක්මාව හා ආහාර මාර්ගය ආදී අවයව සම තුළින් පැහැදිලිව දැක බලා ගත හැකි වනවා.

02. බැරල් අයි( Barreleye)

emaze.com

ආලෝකයට ඉතාමත් සංවේදී මෙම අරුම පුදුම මත්ස්‍යයාගේ හිස පමණක් පාරදෘෂ්‍ය ආකාරයෙන් පිහිටා තිබීම විශේෂත්වයක්. එමෙන්ම මොහුට මෙම නම ලැබී තිබෙන්නේ  බැරල් වැනි ඇස් හිමි වීම හේතුවෙනි. මොවුන්ගේ වාසභූමි ලෙස වාර්තා වන්නේ අඩි 2000 ක් පමණ ගැඹුරු මුහුදේ ඝන කළුවරයි. බැරල් අයි හට සුවිශේෂී හැකියාවන් ගණනාවක්ම හිමි වී තිබෙනවා. එනම් බළලෙකුගේ මෙන් පිහිටා තිබෙන මෙම මත්ස්‍යයාගේ ඇස් ඕනෑම දිශාවකට කරකැවීමට හැකි බව සඳහන් වනවා. මේ හේතුවෙන් හිසට උඩින් පිහිනා යන්නා වූ ගොදුරක් පවා නිරීක්ෂණය කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. එමෙන්ම පාරදෘෂ්‍ය හිස් ආවරණයක් වැනි වූ හිස තුළ, ශරීරය අභ්‍යන්තරයේ මෙම මත්ස්‍යයාගේ ඇස් පිහිටා තිබීමද විශේෂත්වයක් ලෙස වාර්තා වනවා. ඇස් නාල වලට ඉහළින් දීප්තිමත් කොළ පැහැති කාච වැනි වූ ව්‍යුහයන් දෙකක් පිහිටා තිබෙන අතර එමඟින් ආලෝකය පෙරා හැරීමක් සිදු වන බවද සඳහන් වනවා.

03. වීදුරු පියාපත් සමනලයින් (Glasswing Butterfly)

en.wikipedia.org

වීදුරු සමනලයාගේ තිබෙන විශේෂත්වය වන්නේ පියාපත් වල ඇතැම් කොටස් විනිවිද ආකාරයෙන් පිහිටා තිබීමයි.  මෙක්සිකෝව – පැනමා අතර මධ්‍යම ඇමරිකානු කලාපයේ දී මෙම සමනල විශේෂය දැක බලා ගැනීමේ හැකියාවක් ලැබෙන අතරම මොවුන් බුරුසුපාද සමනල වර්ගයට අයත් වන්නන් බවද සඳහන් වනවා.

04. වීදුරු දැල්ලා  (Glass Squid – Teuthowenia pellucida)

lazypenguins.com

වීදුරු දැල්ලා දැක බලා ගැනීමට හැකි වන්නේ දක්ෂිණ අර්ධගෝලයේ මුහුදු කලාපවල බව දැක්වෙනවා. එමෙන්ම මොහුට තිබෙන සුවිශේෂී හැකියාවක් වන්නේ බාහිර උපාංග එනම් ඇස් හා අඬු ශරීරය තුලට අකුලා ගනිමින් වීදුරු බෝලයක් ආකාරයෙන් ගුලිවී සිටීමයි. නමුත් වීදුරු දැල්ලන් තල්මසුන් හා මෝරුන් ආදී මත්ස්‍ය විශේෂ වල ගොදුරක් බවට පත් වන බවද දැක්වෙනවා.

05. සීබ්‍රා මාළුවා (Zebrafish)

sciencedaily.com

සීබ්‍රා මාළුවා නමින් හැඳින්වෙන මෙම මත්ස්‍යයා නම් විද්‍යාඥයින් විසින් නිර්මාණය කරන ලද්දක්. ඒ 2008 වසරේදී පමණ බව සඳහන්. එනම් විනිවිද පෙනෙන ආකාරයට ජාන වෙනස් කොට නිර්මාණය කරන ලද්දක් වනවා. මේ ආකාරයට නිර්මාණය කිරීම මඟින් බලාපොරොත්තු වී තිබෙන්නේ නොයෙකුත් ලෙඩ රෝග මගින්, එනම් විශේෂයෙන්ම පිළිකා වැනි තත්ත්වයන් යටතේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වෙනස් වන්නා වූ ආකාරය සජීවීව නිරීක්ෂණය කිරීම බව සඳහන් වනවා. එමෙන්ම මෙමඟින් පර්යේෂකයින්ට පිලිකා ගෙඩි වැනි අවස්ථාවකදී ඒවායේ පැතිරීම සජීවීව අධ්‍යයනය කල හැකි බවද දැක්වෙනවා.

06. කිඹුල් මාළුවා (crocodile icefish – Channichthyidae)

scientificamerican.com

ඇන්ටාර්ටිකාව ආශ්‍රිතව හා දකුණු ඇමරිකාවට පහලින් වූ ශීතාධික මුහුදු තීරයේ දී දැක ගත හැකි මෙම සත්වයා දුටු සැණින් හැඟී යන්නේ කිඹුලෙක් සහ මාළුවෙක්ගේ දෙමුහුම් විශේෂයක් ආකාරයෙනුයි. එමෙන්ම මොහුගේ තිබෙන තවත් විශේෂත්වයක් වන්නේ රුධිරයද සම්පුර්ණයෙන්ම අවර්ණ වීමයි. ඒ සඳහා හේතුව ලෙස දැක්වෙන්නේ රුධිරයේ හිමොග්ලොබීන් හෝ රතු රුධිරාණු නොමැති බව ලෙසද සඳහන් වනවා.

07. වීදුරු ඉස්සා (Transparent Amphipod – Phronima)

pinterest.com

මොහු අයත් වන්නේ මුහුදු ඉස්සා නමැති කාණ්ඩයට බව වාර්තා වනවා. ඇතුළත පිටත කිසිදු වෙනසකින් තොරව මුළු ශරීරයම පෙනෙන වීදුරු ඉස්සා නම් ස්වාභාදම් මෑණියන්ගේ විශ්මිත නිමවුමක් වනවා. මේ ආකාරයට විනිවිද පෙනෙන අයුරින් සිරුර සැකසී තිබෙන්නේ සතුරන්ගෙන් සැඟවී සිටීමට බව දැක්වෙනවා. එමෙන්ම උතුරු අත්ලන්තික් ප්‍රදේශයේ ගැඹුරු මුහුදේදී  සිදු කරන ලද  පර්යේෂණ වලදී මෙම ආකාරයේ පාරදෘෂ්‍ය සත්ත්ව විශේෂ කිහිපයක්ම සොයා ගැනීමට පර්යේෂක කණ්ඩායමට හැකි වූ බව සඳහන් වනවා.

08. පිලව් කූනිස්සා (Transparent Larval Shrimp)

paradoxoff.com

විනිවිද පෙනෙන ජල්ලි මත්ස්‍යයෙක් ස්වභාවයකින් යුක්ත වුනත් මෙම සත්වයා කුනිස්සෙක් බවයි සැලකෙන්නේ. එමෙන්ම මොහු දක්නට ලැබී තිබෙන්නේ හවායි අසල මුහුදු තීරයෙන් බවද දැක්වෙනවා.

09. Transparent Salp

dhuno.com

Salp යනුවෙන් හැඳින්වෙන මෙම සත්වයා ජල්ලි මාලූ )jellyfish) ආකාරයේ ජිවත් වන සත්වයෙක්. මොහු ආහාරයට ගනු ලබන්නේ කුඩා ජලජ පැළෑටි ආදිය වනවා. එමෙන්ම සේද රෙද්දක් මෙන් විනිවිද පෙනෙන බැවින් යුක්ත මෙම සත්වයාද ස්වභාදහමේ අපූරු නිර්මාණයක් වනවා. Salp සත්වයින් සාමන්‍යයෙන් සෙන්ටිමීටර් 1-10 අතර ප්‍රමාණයක් ගන්නා බවත් දැක්වෙනවා. එමෙන්ම මොවුන්ගේ සිරුරේ හැඩය දිගැටි – බැරල් හැඩයකින් යුක්ත වන බවත් සඳහන් වනවා.

10. ජෙලි මත්ස්‍යයින් (Transparent Jellyfish)

lovethesepics.com

මුහුදු ජීවීන් අතර සුවිශේෂී සත්ව විශේෂයක් ලෙස නිඩේරියා වංශයට ජෙලිෆිෂ් මත්ස්‍යයන්ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක් බව දැක්වෙනවා. මෙලෙස මොවුන්ට සුවිශේෂී බවක් හිමි වීමට එක් හේතුවක් වන්නේ බොහෝවිට විනිවිද පෙනීමේ හැකියාවයි. නමුත් මෙසේ පාරදෘශ්‍ය වීම හේතුවෙන් මෙම සත්ව විශේෂ පියෙවි ඇසින් දැක බලා ගැනීම ටිකක් අපහසු කටයුත්තක්.

කවරයේ පින්තුරය: rli-photography.com

Related Articles