Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව විශාලතම මගී නැව්

ලොව පුරා මගීන් ප්‍රවාහනය කිරීමේදී නෞකා වලටද විශේෂ තැනක් හිමි වෙනවා. මේ එවැනි දැවැන්ත මගී නැව් කිහිපයක් ගෙන තොරතුරුයි.

01. Harmony of the Seas

ytimg.com

ලොව දැනට ඇති විශාලතම මගී නෞකාව ලෙස සැලකෙන මෙම නෞකාව දිගින් මීටර 361.12ක් වෙනවා. බහාමාස් හී ලියාපදිංචි කර තිබෙන මෙම නෞකාව කැබින් 2,747කින් යුතු වන අතර මගීන් 6,780ක් රැගෙන යාමේ හැකියාවක් පවතිනවා. මෙම නැවේ සේවකයන් 2,100ක් සේවය කරනවා. මෙම නෞකාවේ මුළු බර ටොන් 226,963ක්. මෙම නෞකාවේ යන ඔබට වර්ග 340ක වයින් හා වර්ග 40ක පමණ බීර වර්ග රස​ බැලීම කල හැකියි. එමෙන්ම මෙම නෞකාවේ දිනකට ජලය ලීටර මිලියන 1.8ක් පමණ භාවිතා වන බවත් වාර්ථා වෙනවා. 2015 දී මේ නෞකාව නිර්මාණය වෙනුවෙන් වැයවී ඇති මුදල ඇමරිකානු ඩොලර් බිලියන 1.35ක්.

02. Allure of the Seas

ava7.com

මෙම නෞකාව වර්ෂ 2010දී දියත් කරනු ලැබුවා. මගීන් 5400 – 6400ත් ප්‍රමාණයක් රැගෙන යා හැකි මෙම නෞකාව බරින් ටොන් 225,282ක් වෙනවා. මෙහි මුළු කාර්ය මණ්ඩලය 2,150ක්. එමෙන්ම මෙම නෞකාවේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙනුවෙන් නිර්මාණය වුනු කැබින් 46ක් පවතිනවා. කුඩා ගොල්ෆ් පිටියක්, ජල උද්‍යානයක් හා පිහිනුම් තටාක 6කින් මෙම නෞකාව සමන්විත වෙනවා. මෙම නෞකාවත් ලියාපදිංචි කර ඇත්තේ බහමාස් රටේයි. එමෙන්ම මෙහි ඇති කැබින් ගණන 2,745ක් වෙනවා. කාණ්ඩ 37ක කාමර මෙම නෞකාවේ ඇතුලත් වන අතර මෙම නෞකාව වෙනුවෙන් වැය වී ඇති මුදල ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක් වනවා. Harmony of the Seas නෞකාවට​ වඩා මෙය සෙන්ටිමීටර 12ක් දිගින් අඩු වෙනවා.

03. Oasis of the Seas

ytimg.com

මෙම නෞකාව Allure of the Seas නෞකාවේ නිවුන් සහෝදරිය වෙනවා. මෙම නෞකාව නිවුන් නෞකාවට වඩා දිගින් අඩු වන්නේ මිලිමීටර් 5ක් පමණයි. මෙය ටොන් 225,282ක බරකින් යුතු වෙනවා. මෙහි මගීන් 5,400ක් පමණ ප්‍රවාහනය කල හැකියි. මෙය ෆින්ලන්තයේ STX Europe නම් සමාගම විසින් නිර්මාණය කර තිබුණා. මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය ලෙස 2,196ක් සේවය කරනවා. මෙම නෞකාව තුල සැතපුම් 3,300ක විදුලි කේබල් අනතර් ගත වෙනවා. එමෙන්ම දිනපතා රාත්තල් 110,231ක අයිස් මෙහි තුල නිෂ්පාදනය වෙනවා. මෙම නෞකාවේ ප්‍රධාන උද්‍යානය තුල ගස් 12,500ක් තිබෙනවා. එමෙන්ම ලොව නෞකා තුල ඇති ගැඹුරුම පිහිනුම් තටාකයන් ගෙන් එකක් මෙහි ඇති අතර “AquaTheater pool” නම් එහි උපරිම ගැඹුර අඩි 17.9ක් වෙනවා.

04. MSC Meraviglia

ytimg.com

මෙම නෞකාව මගී ප්‍රවාහනය ආරම්භ කරන ලද්දේ 2017 වසරේදීයි. බරින් මෙම නෞකාව ටොන් 171,598ක්. මෙහි වරකට ගෙන යා හැකි උපරිම මගීන් ප්‍රමාණය 4,500ක් වෙනවා. මෙම නෞකාව දිගින් අඩි 1000කට ආසන්නයි. මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 42ක් වන අතර නෞකාවේ කාර්ය මණ්ඩලය 1,536ක් වෙනවා. මෙම නෞකාවේ හිමිකාරිත්වය හා පරිපාලනය කරනු ලබන්නේ  MSC Cruises නම් සමාගමයි.  Chantiers de l’Atlantique නම් නැව් තටාකාංගනයෙදී මෙහි නිර්මාණ කටයුතු සිදු ව තිබෙනවා.

05. Quantum of the Seas

ooyala.com

මෙම නෞකාව මීටර 348ක දිගකින් යුතුයි. නාවික කාර්ය මණ්ඩලය 1,500 සිටින මෙම නෞකාවේ කාමර 2,090ක් තිබෙනවා. මෙම නෞකාව ජර්මනියේ Meyer Werft නාවික තටාකාංගනයේ නිර්මාණය කර තිබෙනවා. මෙහි සංචාරකයන් 4,905ක් රැගෙන යාමේ හැකියාවක් පවතිනවා. මෙම නෞකාව සතුව පවතින විශේෂිත අංගයක් ලෙස “Virtual Balcony” හඳුන්වා දීමේ හැකියි. එය අඟල් 80ක HD තිරයක් වන අතර එය මගින් අභ්‍යන්තර කාමර ( මුහුද නොපෙනන කාමර) වල සිටින සංචාරකයන්ට මුහුදේ ආශ්වාදය ඒ අයුරෙන්ම ලබා දීමට කටයුතු කර තිබෙනවා. රූප රාමු පමණක් නොව මේ තුල ඔබට මුහුදේ ශබ්ද වලට ද ඇහුම්කන් දීමේ හැකියාවක් පවතිනවා.

ඔබ දන්නා තවත් මෙවැනි මගී නැව් ගෙන තොරතුරු අපිත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා.

කවරය -cntraveler.com

Related Articles