Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව මාරාන්තිකම කෘමීන් 5 දෙනෙක්

01. Bullet Ant

Emmanuel Bigi /anura.it

Bullet Ant නම් කුහුඹු විශේෂය ලොව විශාලතම කුහුඹු විශේෂය ලෙස හැඳින්වෙනවා. ඔවුන් වැඩිපුරම දක්නට ලැබෙන්නේ නිකරගුවාවේ හා පැරගුවේ හි වැසි වනාන්තර වලයි. ඔවුන් වඩාත් ප්‍රචලිත දෂ්ඨනයෙන් පසු දැනෙන ඉතාම දැඩි වේදනාව නිසායි. මොවුන්ගේ දෂ්ඨනය යමෙකුට වෙඩි පහරක් වැදුනාක් මෙන් දැනෙනවා. එය මීමැසි හෝ බඹර දෂ්ඨනයකට වඩා තිස් ගුණයක් පමණ වේදනාකාරී බව පැවසෙනවා.

මොවුන් අඟලක් පමණ දිගින් යුතු වන අතර ‘පැය 24 කුහුඹුවන්’ ලෙස ද ප්‍රාදේශීයව හැඳින්වෙනවා. එයට හේතුව දෂ්ඨ කල පසු වේදනාව පැය 24 ක් පමණ පැවතීමයි. මොවුන් කුහුඹු ජනපද සාදාගෙන ජීවත් වන අතර එක් ජනපදයක කුහුඹුවන් සිය ගණනක් ජීවත් වනවා. මොවුන් සිය ජනපද ගස් පාමුල සාදන අතර විලෝපිකයෙකු හමුවේ ඔවුන් විකර්ෂණය කිරීමට අප්‍රසන්න ගන්ධයක්ද නිකුත් කරනවා. ගන්ධයෙන් සතුරා පසු නොබැස්සහොත් එකට එක්කාසු වී පහර දීමට ඔවුන් පැකිළෙන්නේ නැහැ.

02. මැක්කන්

K. Walker, Museum Victoria/  Creative Commons Attribution 3.0 Australia License

මිනිසුන්, පක්ෂීන්, උරගයන් හා ගෘහාශ්‍රිත මෙන්ම වනයේ වෙසෙන සතුන්ගේත් බාහිර පරපෝෂිතයන් ලෙස කටය්තු කරමින් ඔවුන්ගේ රුධිරය උරා බොන මැක්කන් බොහෝ කොටම කසන සුළු ලප වැනි දෑ සමෙහි ප්‍රතිඵල කරනවා. මැක්කන්ගේ චූෂකය පෑනක තුඩක් තරම වන අතර ඉතා ඉක්මණින් වර්ගයා බෝ කිරීම සිදු කරනවා. ගැහැණු මැක්කෙක් සිය ජීවිත කාලය තුළදී සාමාන්‍යයෙන් බිත්තර 2000ක් පමණ දමනවා.

හඳුනාගත් මැක්කන් වර්ග 2000ක් පමණ ලොව ජීවත් වනවා. තරුණ මැක්කෙකුට තමන්ගේ බර මෙන් 15 ගුණයක් බරැති රුධිරය එක විට පානය කළ හැකියි. සාමාන්‍යයෙන් මිනිසෙකුගේ නම් මැක්කන් ඉණ පෙදෙස, දණහිස්, හා වැලමිටි වැනි ප්‍රදේශ වඩා ප්‍රිය කරනවා. මේ දෂ්ඨන මිනිස් සමෙහි රතු පැහැ ලප ඉතිරි කරන අතර පසුව ඒවා කැසීමේදී තුවාල වීම හා ආසාදනය වීම සිදු වී වෙනත් මාරාන්තික ලෙඩ රෝගද සෑදිය හැකියි.

03. ගිණි කුහුඹුවන්

Youtube.com

ලොව පුරා ගිණි කුහුඹු විශේෂ 285ක් පමණ හමු වනවා. මොවුන්ගේ විශේෂත්වය වන්නේ කුපිත වූ විට හෝ ඔවුන්ගේ එදිනෙදා කර්තව්‍යයන්ට බාධා පැමිණුනු විට ඔවුන් සිය ප්‍රතිවාදියා හෝ සතුරාට දිගින් දිගටම දෂ්ඨ කිරීමයි. Bullet Ant විශේෂය මෙන්ම මොවුන්ගේ දෂ්ඨනයත් ඉතාම වේදනාකාරියි. මොවුන් සපා කෑ විට සමෙහි ඇතිවන සුදු පැහැ සැරවමය කොටස සති ගණනක් පවතිනවා. මොවුන්ගේ විෂ නිසා සමෙහි සමහර ආසාදන ඇති වෙනවා. සාමාන්‍යයෙන් ගිණි කුහුඹුවන් පහර දෙන්නේ සිය ගණනක් පමණ එකට එකතු වීමෙනුයි. ගිණි කුහුඹු විෂ විවිධ අසාත්මිකතා වලටත් හේතු වෙනවා.

04. යෝධ ජපන් බඹරා

thesouthafrican.com

යෝධ ජපන් බඹරා ලොව විශාලතම බඹර වර්ගය ලෙස හැඳින්වෙනවා. මොවුන් දිගින් අඟල් 2ක් පමණ වන තෙක් වැඩෙනවා. වසරකට සාමන්‍යයෙන් මොවුන් දෂ්ඨනයෙන් සිදු වන මරණ 40ක් පමණ වාර්තා වෙනවා. මොවුන්ගේ විෂ නිසා දෂ්ඨනයකින් පසු අසාත්මිකතා ප්‍රතික්‍රියා ඇති වන අතර අවට පටක සුළු කාලයකින් දියකර දමනවා. මොවුන් කණ්ඩායමකගේ සපා කෑමට ලක් වීම මරණය පවා පහසුවෙන් ගෙන දෙනවා.

යෝධ ජපන් බඹරුන් ඉතාම ආක්‍රමණශීලී හා නිර්භීත කෘමි විශේෂයක් ලෙස හැඳින්වෙනවා. මොවුන්ගේ ජනාවාසයක් 700 දෙනෙක් ගෙන් පමණ සමන්විත වෙනවා. මොවුන් ප්‍රධාන වශයෙන් මී මැස්සන් ආහාරයට ගෙන ජීවත් වන අතර මිනිත්තුවකට මී මැස්සන් 40ක් පමණ ආහාරයට ගැනීමට මොවුන් සමත්.

05. මදුරුවන්

apr.org

මදුරුවන් ලොව මාරාන්තිකම කෘමි විශේෂය ලෙස හැඳින්වෙනවා.  සිය සිරුරෙන් උත්පාදනය වන මාරාන්තික විෂක් නැතිමුත් විවිධ මාරාන්තික රෝගාබාධ වලට වාහකයා වෙමින් ලොව පුරා වාර්ෂිකව මරණ මිලියනයක් පමණ සිදු කිරීමට මොවුන් සමත්. විශේෂයෙන් මැලේරියාව නිස සෑම තත්පර 30 කටම වතාවක් ලොව කොතැනක හෝ දරුවකු මිය යන බව හා වාර්ෂිකව මිලියන 500 ක පමණ ජනතාවකට මැලේරියාව වැලඳෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ගණන් බලා තිබෙනවා. මීට අමතරව මොවුන් විසින් පතුරවන ඩෙංගු ද මාරාන්තික රෝගයක්.

කවරයේ පින්තූරය – lazerhorse.org

මූලාශ්‍ර

themysteriousworld.com

Related Articles