Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔත්තු බලන Pegasus වෛරසය ශ්‍රීලංකාවේ?

නිතර දෙවේලේ අන්තර්ජාලයේ සැරිසරන ඔබත් මමත් වගේ ම අද වෙද්දී ඕනෑම ප්‍රධාන මාධ්‍යයක වුවත් අතිශය ප්‍රබල ව  කතා බහට ලක්වෙන මාතෘකාවක් බවට මේ භයානක Pegasus Spyware වැඩසටහන හඳුන්වන්න පුළුවන්. වරක් ඔබේ දුරකථනයට ඇතුළු වූ පසු ඔබේ සියලු ම දත්ත වගේ ම ඔබේ කැමරා, මයික්‍රෆෝනය වැනි උපාංග පවා ක්‍රියාත්මක කර ඔබ ගැන ඔත්තු බලන්නට මේ වැඩසටහනට හැකියාව තිබෙනවා. 

මේ වන විටත් මේ මෘදුකාංගය භාවිතයෙන් තම විරුද්ධවාදීන් ගැන ඉත්තු බැලීම පිළිබඳව රටවල් 10කට  පමණ චෝදනා එල්ල වී තිබෙනවා. ඒ අතරට අසල්වැසි ඉන්දියාවත් අයත්. මෙලෙස චෝදනා ලැබූ අනෙක් රාජ්‍යයන් වන්නේ  රුවන්ඩාව, හන්ගේරියාව, අසර්බයිජානය, කසකස්ථානය, සෞදි අරාබිය, බහරේන්, එක්සත් අරාබි එමීර්, මෙක්සිකෝව සහ මොරොක්කෝවයි. Pegasus මගින් ඔත්තු බැලූ බවට හඳුනා ගත දුරකථන අංක ලැයිස්තුවක් අන්තර්ජාලයට නිකුත් වීම සමඟ ම මේ පුවත ලෝකය ම කලඹන්නට සමත් වුණා. 

Pegasusමගින් ඔත්තු බැලු බවට හඳුනා ගන්නන් ගේ ප්‍රමාණය දිනෙන් දින ඉහළට-bbc.com 

Pegasus Spyware එක පිළිබඳ විශාල ම කතාබහ ආරම්භ වෙන්නේ 2019 වසරේදී පමණයි. ඒ Pegasus භාවිතයෙන් සිදු කළ ප්‍රහාරයකින් WhatsApp හැක් කිරීමක් වාර්තා වීමක් සමඟ යි. මේ කරුණු අනාවරණයත්, මාධ්‍යවේදීයකු ගේ ගැටලුකාරී මරණයක් සමගත් Pegasus Spyware එකේ නම ඈඳුනා. මේ ලිපිය හරහා කතා බහා වෙන්නේ සැකෙවින් වර්තමාන තත්ත්වය සහ මේ Spyware එක හරහා ලාංකික අපට ඇති බලපෑමයි. 

කලාවේ ආනුභාවය ලත්  ශ්වේත අශ්වයා Pegasus 

Pegasus නාමය අද වෙන විට කුප්‍රකට තත්වයට පත්ව තිබුණත් මෙය මුලින් ම හමුවන්නේ ග්‍රීක මිත්‍යා කතාන්දර තුළයි. මෙඩුසා ගේ ලෙයින් උපන් Pegasus නමැති පියාපත් සහිත අශ්වයා ග්‍රීක මිත්‍යා කතාන්දර සාහිත්‍යය තුළ විශාල ලෙස ජනාදරයට පත්වූ සත්වයෙක්. අහසේ කුර ගසමින් වේගයෙන් පියාපත් සලා යාමට ඇති හැකියාව සහ මිනිසුන්ට අනර්ඝ කලාවන් බිහි කිරීමට අවශ්‍ය මායාමය හැකියාවන් ලබා දෙන සත්වයකු ලෙස Pegasus ධවල හඳුන්වනවා. Pegasus Constellation (තාරකා මණ්ඩලය) මේ අපුර්ව සත්වයා වෙත කරන ගෞරවයක් ලෙස නම් කරන ලද්දක් ලෙසයි සැලකෙන්නේ. 

පෙගසස් ධවල අශ්වයා ගැන වැඩි විස්තර 

ශ්‍රී ලංකාවේ තත්වය කුමක් ද?

මෙතෙක් මෙම වැඩසටහන අනිසි ලෙස භාවිත කරමින් ලංකාවේ සමාජ ක්‍රියාකාරීන්, දේශපාලකයන්, මාධ්‍යවේදීන් හෝ සිවිල් වැසියන් පිළිබඳ ඔත්තු බැලීමක් ගැන වාර්තා නොවෙන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල Dailymirror වෙත අදහස් දක්වමින් කියා සිටියා. නමුත් මේ තාක්ෂණයේ දියුණුව සමඟ ම එවැන්නක් සිදු වීමේ සම්භාවිතාව බැහැර කළ නොහැකි බවත් ඔහු ප්‍රකාශ කළා. කෙසේ වෙතත් මෙම තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රීලංකා රජය අවධානයෙන් පසුවන බවත්, දැනටමත් තත්ත්වය පිළිබඳ ව අදියර ගණනාවකින් වැඩිදුර සාකච්ඡා  සිදුවෙන බවත් ඇමතිවරයා සඳහන් කළා. 

Pegasus දුරකථනයට එන්නේ කොහොමද? ගන්නේ මොනවද? – france24.com

තිත්ත ඇත්ත 

ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂණය තවමත් තිබෙන්නේ අනෙක් රටවල්වලට සාපේක්ෂ ව ගල් යුගයේ බව ශ්‍රී ලාංකිකයන් ලෙස ඔබටත් මටත් අකමැත්තෙන් වුව ද පිළිගන්නට වෙන කාරණයක්. ඉහත මෙම මෘදුකාංගය අනිසි ලෙස භාවිත කළ බවට චෝදනා ලද බොහොමයක් රාජ්‍ය අතරට ශ්‍රී ලංකාවත් එක වීමට විශාල ඉඩක් තිබෙන බව සමහර විට ඔබට මට හැඟෙන්නේ එනිසාවෙන් වන්නට පුළුවන්. ඔබ දන්නවා ඇතිනේ වසරක් පාසා ශ්‍රී ලංකාවේ රාජ්‍ය වෙබ් අඩවි වෙත එල්ලවන සයිබර් ප්‍රහාර ගැන. කිහිප විටක ම ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුළත් මේ පිලිබඳ විශාල ලෙස කතාබහට ලක්වුණා ඔබට මතක ඇති. පසුගිය රජයන් කිහිපයකට ම මෙවැනි spyware මෘදුකාංග භාවිතයෙන් ඔත්තු බැලීමත් රාජ්‍ය විරෝධීන්, මාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකාරීන් මැඬලන්නට ක්‍රියාකිරීමත් පිළිබඳව චෝදනා එල්ල වුණා. ඒ කිසිවක් නිසි ආකාර ව ඔප්පු කිරීමට චෝදනා එල්ල කළ පාර්ශවයන් කටයුතු කර නැහැ. 

මෙලෙස Pegasus spyware එක මගින් අනිසි ලෙස ඔත්තු බැලුවන්ගේ නාම ලේඛනයට එක් වූ නවතම රාජ්‍ය නායකයා වන්නේ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්.  මේ වන විටත් මෙම සිදුවීම පිළිබඳ ව පරීක්ෂණ කිහිපයක් ම එරටින් අරඹා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම spyware එක ප්‍රංශ ජනාධිපති සහ ඔහුගේ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් පිලිබඳ ඔත්තු බැලීම සඳහා මෙහෙය වූ බවට චෝදනා එල්ල වෙන්නේ මොරොක්කෝ ඔත්තු සේවයටයි. ඒවගේ ම වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු ගේ දුරකථනය මාරු කිරීමටත් ඔහු කටයුතු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල  – sundayobserver.lk 

අමෙරිකාවට Pegasus විශේෂ සැලකිලි 

+1 ජාත්‍යන්තර ඇමතුම් කේතය ඇති අමෙරිකා දුරකථනවල Pegasus ඔස්සේ ඔත්තු බැලිය නොහැකි ලෙස එම මෘදුකාංගය කේතනය කර ඇති බව NSO සමාගම පැවසුවත් එය ඉතා පහසුවෙන් අවශ්‍ය ලෙස වෙනස් කර නැවත කේතනය කල හැකි බවත් අවශ්‍ය නම් ඒ ඔස්සේ අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ අයි ෆෝනය ද හැක් කළ හැකි බව සුප්‍රකට එඩ්වර්ඩ් ස්නෝඩන් ප්‍රකාශ කර තිබුණා. Spyware නිෂ්පාදනය කිරීම සිදු නොවිය යුතු දෙයක් ලෙසත්, NSO සමාගම මෙලෙස Spyware වැනි අනිටු මෘදුකාංග නිපදවන එක සමාගමක් බවත් ඔහු The Guardian වෙත අදහස් දක්වමින් ප්‍රකාක කර තිබුණා.

මේ හා සබැඳි ලිපි ගණනාවක් අපි පෙර ඔබ වෙත ගෙන ආවා. ඒවාටත් පහතින් පිවිසිය හැකියි.

ජංගම දුරකථනවලින් දත්ත පැහැර ගන්නා Pegasus

WhatsAppවල මේ hacks ගැන ඔබ දන්නවා ද?

Spyware ගැන දැනගන්න ආරක්ෂා වෙන්න කියවන්න.

කවරය - consoltech.com 

මූලාශ්‍රයයන් 

Bbc.com 

Aljazeera.com 

Dailymirror.lk 

Newsfirst.lk 

Elearning.lk 

Parliament.lk 

Colombogazette.com 

Serendibpuwath.com 

Related Articles