Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව වඩාත් සක්‍රීය යමහල් 5ක්

ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකුට යමහල්, එසේත් නැතිනම් සාමාන්‍ය ව්‍යවහාරයේ හැඳින්වෙන ‘ගිනි කඳු’ ආගන්තුක යි. ඒ මෙරට තුළ ගිනි කඳු හෝ පැහැදිලිව හඳුනාගත හැකි යමහල් ද්වාර කිසිවක් පිහිටා නැති නිසා යි.

ලෝකයේ සමහර පෙදෙස්වල යමහල් ක්‍රියාකාරීත්වය ඉතා අධික යි. තවත් සමහර පෙදෙස්වල යමහල් තිබුණත් ඒවා පවතින්නේ අක්‍රීය තත්ත්වයේ යි. පාඨක ඔබේ දැනුම තර කරනු වස් වර්තමානය වන විට ලොව වඩාත් සක්‍රීය යමහල් 5ක් පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන එන්නට අපි අදහස් කළා.

එයියාෆියාත්ලායොකුල් යමහල – අයිස්ලන්තය

hiticeland.com

ශීතල අයිස්ලන්තයේ පිහිටා ඇති මේ යමහලේ කල්දේරාව අයිස් වැස්මකින් වැසී තිබෙනවා. මෙහි උස මුහුදු මට්ටමේ සිට මීටර 1,666ක් වන අතර, අවසන් වරට විදාරණය වූයේ 2010 වසරේ දී යි. එහිදී නැගුණු දුම්වලාව උතුරු හා බටහිර යුරෝපය කරා ද පැතිරී ගිය අතර තදාසන්න රටවල් 20ක ගුවන් කටයුතුවලට ද කෙටිකාලීන බාධා පැමිණුනා.

විසූවියස් යමහල- ඉතාලිය

mylittleadventure.com

ඉතාලියේ නේපල්ස් නුවරට කි.මී 9ක් පමණ දුරකින් පිහිටා ඇති විසූවියස් යමහල ද ලොව වඩාත් සක්‍රීය යමහලක්. මේ වටා විශාල ජනකායක් වෙසෙනවා. මේ හේතුව නිසාම මෙය ලොව වඩාත් ජීවිත විනාශයක් සිදු කළ යමහලක් ද වෙනවා. මෙය අවසාන වතාවට විදාරණය වී ඇත්තේ 1944 වසරේ දී වන අතර, වඩාත් සුප්‍රසිද්ධ විදාරණය සිදුවී ඇත්තේ ක්‍රි.ව 79 දී යි. එහිදී නැගුණු ලාවාවලින් හර්ක්‍යුලේනියම් හා පොම්පෙයි යන නගර සම්පූර්ණයෙන්ම විනාශ වුණා.

මෙරාපි යමහල – ඉන්දුනීසියාව

independent.co.uk

මෙරාපි යමහල පිහිටා ඇත්තේ මධ්‍යම ජාවා හා ඉන්දුනීසියාව අතර දේශසීමාවේ යි. මෙය ඉන්දුනීසියා භූමියේ පිහිටා ඇති වඩාත් සක්‍රීය යමහල වන අතර 1548 වසරේ පටන් නිතරම පාහේ විදාරණය වී තිබෙනවා. මෙම යමහල ආශ්‍රිතවත් ජනාවාස බොහොමයක් ව්‍යාප්ත වී තිබෙනවා.

න්යිරැන්ගොන්ගෝ කන්ද – කොංගෝ ජනරජය

Youtube

මෙය කොංගෝවේ විරුංගා ජාතික උද්‍යානයේ පිහිටා ඇති සක්‍රිය යමහලක්. මෙහි යමහල් ද්වාරය කිලෝමීටර 2ක පමණ විෂ්කම්භයකින් යුක්ත වන අතර, එය නිතරම පාහේ ලාවාවලින් පිරී පවතිනවා. මෙය උපරිම ධාරිතාවයෙන් යුක්ත වූ විට වර්තමානයේ ලොව පවතින් වැඩිම ධාරිතාවය සහිත ලාවා විල ලෙස සැලකෙනවා. මෙය අප්‍රිකාව තුළ සිදු වූ වඩාත් විනාශකාරී මෙන්ම කතාබහට ලක් වූ යමහල් විදාරණ රැසකටම වගකිව යුතු වෙනවා.

මෞනා ලෝආ – හවායි

edu.glogster.com

මෙය හවායි දූපත්වල දැකගත හැකි යමහල් 5න් එකක් වන අතර, පරිමාව හා වර්ගඵලය සැලකීමේ දී ලොව විශාලතම යමහල වෙනවා. ‘මෞනා ලෝආ’ යන හවායි වදනෙහි අරුත වන්නේ ‘දිගු කන්ද’ යන්න යි. මේ යමහලෙන් නිකුත් වන ලාවාවල ඝණත්වය සාපේක්ෂව අඩු අතර, විදාරණයන් ද එතරම් විනාශකාරී වන්නේ නැහැ. නිතරම පාහේ විදාරණය වන මෙයින් නිකුත් වන ලාවා එහි ආනතිය අඩු බෑවුම් ඔස්සේ ගලා විත් සාගරය හා මුසු වෙනවා.

කවරයේ පින්තූරය- Getty Images

Related Articles