Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොවටම ආදර්ශයක් සපයන චීනයේ පරිසර හිතකාමී අවතාර් නිම්නය

චීනයේ පිහිටා තිබෙන අවතාර් අඩවිය ලෝකයටම තිලිණ කරන්නේ ඉතාමත් සුවිශාල ආදර්ශයකි. මෙම ලිපිය මඟින් මෙහි අන්තර්ගත වන පරිසර හිතකාමී ක්‍රියාවන්, skywalk නමැති වීදුරු පාලමේ සුවිශේෂිතා, මීටර් 131ක පමණ උසකින් පිහිටා තිබෙන ගල් ගුහාව සම්බන්ධයෙන් මෙන්ම මෙම නිම්නයේ පිහිටා තිබෙන ලොව ලස්සනම ගම්මානය ලෙස ප්‍රසිද්ධියට පත් ෆෙන්හුආන් නමැති ගම්මානය ගැනත් දැන ගැනීමේ හැකියාවක් තිබෙනවා.

පිහිටීම හා පරිසර හිතකාමී ක්‍රියාවන්

ජැන්ග්ජියාජේ (Zhangjiajie) නැතිනම් අවතාර් කඳු පන්තිය ජැන්ග්ජියාජේ නමැති වනෝද්‍යානයේ වයඹ කොටසට වන්නට පිහිටා තිබෙනවා. එමෙන්ම චීනයේ හුනාන් ප්‍රාන්තයේ චන්හාහා නමැති නුවර සිට කිලෝමීටර් 350ක් පමණ දුරකින් මෙය පිහිටා  අතර යුනෙස්කෝ සංවිධානය මඟින් ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙනවා. මේ වන විට මිලියන හතලික පමණ පිරිසක් මෙහි අසිරිය විඳ ගෙන තිබෙනවා. මෙම කඳු පන්ති අතර දුර ප්‍රමාණය පුදුම සහගත වන අතරම, ඇතැම් අවස්ථා වලදී මෙම උද්‍යානයේ කොටස් අතර සම්බන්ධයක් නැතුවාක් මෙනි. නමුත් මෙම සෑම කොටසකම පාහේ ඔවුනටම ආවේණික වූ සරල බවක් උසුලනවා. ගල් කුළුණු විවිධ උස් වලින් යුක්ත වන අතරම ගංගා, ආරුක්කු, පාලම් ආදියෙන් යුක්ත වනවා.

මෙහි පවත්වාගෙන යනු ලබන පරිසර හිතකාමී ක්‍රියාවන් අගය කල යුතු තත්වයේ තිබෙනවා. එනම් මෙම නිම්නයේ පොලිතීන් භාවිතය සම්පුර්ණයෙන්ම තහනම් කර තිබීම විශේෂත්වයකි. මීට අමතරව මෝටර් බයිසිකල් හා මෝටර් රථ මඟින් කලාපයේ සැරි සැරීමට අවසර ලබා දීමක් සිදු කරන්නේ නැහැ. එමෙන්ම මේ සීතලට හිම මිදෙන අතරම, උණුසුමට ප්‍රසාරණය වීමක් සිදු වනවා. ඒ අනුව  නැවත නැවත මෙම සිදුවීම සිදුවීමෙන් ශාක වර්ග රෝපණය වීමක් සිදු වන අතරම එමඟින් ගල් කණු වලින් යුත් පරිසරයක් ඇති වී තිබෙනවා.

කඳු පන්තිය සම්බධයෙන් තිබෙන විවිධ මතවාද හා ස්කයිවෝක් (Skywalk) වීදුරු පාලම

hellogiggles.com

ස්වදේශිකයන්ට අනුව මෙම කන්ද කිසියම් ආකාරයකින් ස්වර්ගයට සම්බන්ධ වීමක් සිදු වනවා. එමෙන්ම මෙහි ආශ්චර්යමත් බලයක් ද තිබෙනවා. විසිවන ශතවර්ෂයේදී පමණ මීටර් 1500ක පමණ උසකින් යුත් දිය ඇල්ලකින් විශාල ජල ප්‍රමාණයක් හතර වතාවක් පමණ ඇද හැලුන අතරම මෙලෙස විනාඩි 15ක් පමණ ජලය ඇද වැටීම සිදුව තිබෙනවා. එමෙන්ම ඇතැම් වටිනා සම්පත් කන්ද තුළ තබා තිබෙන බවටද කටකතා පැතිරී තිබෙන බවද සඳහන් වනවා.

එමෙන්ම ස්කයිවෝක් (Skywalk) නමැති වීදුරු පාලම මීටර් 1400ක් පමණ උසකින් පිහිටා තිබෙනවා. ඒ අනුව මෙම මේ මතින් ගමන් කරන විට විදුරු වලට සිදු වන හානිය වැළැක්වීමට එහි ගමන් කරන්නන් මේස් පළඳිනවා. පාලම මීටර් දෙකක් පමණ පළලකින් යුක්ත වන අතරම මෙහි තිබෙන උස හා සුන්දරත්වය හේතුවෙන්  ගමන් කරන විට අහස මත සිටිනවා යනුවෙන් හැඟෙනවා. මෙම පාලමට ස්කයිවෝක් යන නම ලබා දී ඇත්තේ ද එම හේතුව නිසයි.

ගල් ගුහාවේ විසිතුරු

stunningplaces.com

කඳු පන්තියෙන් කිසිවකු වටිනා සම්පතක් සොයා නොගත්තද, මෙම කඳුකරයේ තිබෙන අනෙක් නිධන් වස්තුව ලෙස දැක්වෙන්නේ “ ස්වර්ගයේ දොරටුව” යන විශාල ගුහාවයි. මෙහි ගල් ගුහාව මීටර් 131.5 ක් පමණ උසකින් යුක්ත වන අතරම, මීටර් 57ක් පමණ පළලකින් හා මීටර් 60 ක් පමණ දිග ලෝකයේ විශාලතම ලෙන් වලින් එකක් ලෙස දැක්වෙනවා. එමෙන්ම මේ සඳහා ගල් පඩි 999 ක් පමණ තරණය කිරීම අවශ්‍ය වනවා. එමෙන්ම මෙම ගල් පඩි වල පිහිටීම ගැන දක්වන්නේ නම් එය විශාල ගල් කුහරයකට යන ප්‍රවේශයක් බඳු වනවා.

එමෙන්ම විනාඩි දෙකකින් පමණ මීටර් 360ක පමණ උසකට යා හැකි මකරුන් සිය දෙනාගේ විදුලි සෝපානය යනුවෙන් හඳුන්වන විදුලි සෝපානයත් මෙහි පිහිටා තිබෙනවා. මෙයට පුද්ගලයින් 48ක් පමණ රැගෙන යා හැකි වනවා. එමෙන්ම කිලෝමීටර් 15ක් පමණ දුරකට විහිදෙන හුණුගල් වලින් නිර්මාණය වී තිබෙන ස්වභාවික ගුහාවන් ලෙස චුලින්ග්යුඅන් නමැති ප්‍රදේශයේ පිහිටි ගුහාවන් දැක්විය හැකි වනවා. මෙමඟින් පරිසරයට වර්ණවත් ආලෝක එක් කිරීමට සමත් වී තිබෙනවා. මේවා විවිධ හැඩයන්ගේ හා තෙත් ගුහාවන්ගෙන් යුක්ත වීමද තවත් විශේෂත්වයක් වනවා.

ෆෙන්හුආන් – ලොව ලස්සනම ගම්මානය

cnto.org

හුනාන් ප්‍රාන්තයේ බස්නාහිර මායිමේ මෙම ගම්මානය පිහිටා තිබෙනවා. එමෙන්ම ගම්මානය චින් (Qing) නමැති රාජ වංශය විසින් ඉදි කර තිබෙනවා. පැරණි නගරයක් වන මෙය චීනයේ ඉතාම ලස්සන නගරය ලෙස ප්‍රශංසා හිමි කර ගෙන තිබෙනවා. මෙම නගරය කඳු පන්ති වලින් වට වී තිබෙන අතර ටියෝජිංග් (Tuojiang) නමැති ගංගාව අසල පිහිටා තිබෙනවා. එමෙන්ම අන්තර්ජාල ලිපි වල වාර්තා වන අන්දමට මෙහි තවමත් සම්ප්‍රදායික ලක්ෂණ රැඳී පවතිනවා.

මෙම ගම්මානයේ ජනගහනයෙන් අඩකට වඩා මියාඕ (Miao),  ටුජිආ (Tujia) යන සුළුතර ජන කොටස් වන​ අතරම වසර 300කට පසුව පවා නගරයේ තවමත් එහි මුල් පෙනුමෙන් වැඩි කොටසක් තබා ගෙන සිටිම විශේෂත්වයකි. නගරය සතුව පුරාණ වීදි 20කට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙනවා. මෙහි ගම් වැසියන් ධිවර කර්මාන්තයේ යෙදෙන බව සඳහන් වනවා. එමෙන්ම පණ තිබෙන කුඩා මත්ස්‍යයන් භාවිතා කරමින් සකස් කර ගත් ආහාර මොවුන්ගේ ජනප්‍රියතම ආහාරය වනවා.

“Avatar” ඉංග්‍රීසි චිත්‍රපටය

thatsmags.com

ජේමිස් කැමරන්ගේ අධ්‍යක්ෂණයක් වූ මෙම චිත්‍රපටිය ත්‍රිමාණ තාක්ෂණයෙන් යුක්තව නිර්මාණය වූ හොලිවුඩ් චිත්‍රපටියකි. එහි දැක්වෙන කඳු සඳහා පාදක කරගෙන ඇත්තේ ජැන්ග්ජියාජේ සහ ඊට සමාන කඳු පන්තීන් කිහිපයකි.

ඒ අනුව පරිසරයට ඇලුම් කරන පුද්ගලයන් හට සංචාරය කිරීමට අවතාර් කඳු නිම්නය ඉතාමත් සුවිශේෂී ස්ථානයක් වන අතරම මේ මඟින් මොවුන් සපයන ආදර්ශමත් වැඩපිළිවෙලද අගය කල යුතු මෙන්ම අනුගමනය කල යුත්තක් වනවා.

කවරයේ පින්තූරය: pinterest.co.uk

Related Articles