Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව වැඩිම නිෂ්පාදනය සහිත දියමන්ති පතල් 5ක්

දියමන්ති සැලකෙන්නේ ලොව වඩාත් මිලෙන් අධික ද්‍රව්‍යයක් ලෙස යි. එහි සුවිශේෂී ගුණ සහ දුර්ලභ බව මෙම අධික මිලට හේතු වී තිබෙනවා. දියමන්ති හමුවන්නේ ලොව ස්ථාන අතලොස්සකින් පමණයි. මින් සමහරක් ස්ථානවලින් සුලභව ඒවා හමුවනවා. මේ සටහන ලොව වැඩිම වාර්ෂික දියමන්ති නිෂ්පාදනයක් සහිත පතල් 5 පිළිබඳව යි.

ඔරපා පතල 

mining-technology.com

ඔරපා පතල සැලක්කෙන්නේ ලොව විශාලතම විවෘත විවරයක් සහිත දියමන්ති පතල ලෙස යි. නැගෙනහිර බොට්ස්වානාවේ පිහිටා ඇති මෙය 1971 වසරේ දී සිය නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබෙනවා. මෙහි සේවයේ නියුතු සේවකයින් ගේ ගණන 2,800කට අධික යි.

වර්තමානය වන විට මෙහි භූමි මට්ටමේ සිට මීටර 250ක උපරිම ගැඹුරකින් කැණීම් කටයුතු සිදුවෙනවා. 2026 වන විට මීටර 450ක ගැඹුරකට කැණීම් කටයුතු සිදුකිරීමට එහි අයිතිකරුවන් බලාපොරොත්තු වෙනවා. මෙහි පෘෂ්ඨීය වර්ගඵලය වර්ග කිලෝමීටර 118 ක් වෙනවා.

මෙහි දියමන්ති සහිත පස් පිරිපහදු කිරීමේ හැකියාව වාර්ෂිකව මෙට්‍රික් ටොන් මිලියන 14.8 යි.

කැටොකා දියමන්ති පතල  

Sociedade Mineira de Catoca Lda

ඇන්ගෝලාවේ ලුන්ඩා සුල් ප්‍රදේශයේ පිහිටා ඇති මෙය ද පිටත විවෘත විවරයක් සහිත දියමන්ති පතලක් වෙනවා. මෙහි දියමන්ති සැපයුම වසර තිහක කාලයක් තුළ ක්ෂීණ වී යනු ඇතැ යි අපේක්ෂිත අතර, එය 2038 වසරේ දී වසා දැමීමට නියමිත යි. මෙය සිය නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇත්තේ 1997 වසරේ දී යි. එවකට එහි දියමන්ති සැපයුම වසරකට මෙට්‍රික් ටොන් 4ක අගයක් ගත්තා.

මෙහි දියමන්ති සහිත පස් පිරිපහදු කිරීමේ හැකියාව වාර්ෂිකව මෙට්‍රික් ටොන් මිලියන 12.4 යි.

ජ්වනෙන්ග් පතල 

businesslive.co.za

දකුණු බොට්ස්වානාවේ ක්ගලගාඩි දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මේ පතල සැලකෙන්නේ ලොව වඩාත් වටිනාම දියමන්ති පතල ලෙස යි. මෙහි ආරම්භය 1972 වසරේ දී සිදු වූ අතර ඉන් වසර 10කට පමණ පසු වර්තමානයේ පවතින තරම් පුළුල්ව එහි කැණීම් කටයුතු ආරම්භ වුණා.

2019 වසරේදී මෙම පතල තවත් පුළුල් වූ අතර, එය 2035 වසර දක්වා ඵලදායී තත්ත්වයේ පවතිනු ඇති බවට අපේක්ෂිත යි. වර්තමානය වන විට මීටර 650ක ගැඹුරක් දක්වා කැණීම් කටයුතු සිදුවෙනවා.

මෙහි දියමන්ති සහිත පස් පිරිපහදු කිරීමේ හැකියාව වාර්ෂිකව මෙට්‍රික් ටොන් මිලියන 9.4 යි.

යුබෙලියෙනායා පතල 

අල්රෝසා සමාගමට අයත් දියමන්ති පතල්- news.internetstones.com

අල්රෝසා සමාගමට අයත් මේ සුවිශාල දියමන්ති පතල ද ඉවතට විවෘත වූ එකක් වෙනවා. මෙය පිහිටා ඇත්තේ සයිබීරියාවේ සඛා පෙදෙසෙහි යි.

1989 වසරේ නිෂ්පාදනය ආරම්භ කරන ලද මෙම පතලෙන් 2017 වසරේ දී පමණක් කැරට් මිලියන 10.16ක දියමන්ති සොයාගෙන තිබුණා. පෘෂ්ඨීය වර්ගඵලය සැලකීමේ දී මෙය ලොව විශාලතම දියමන්ති පතල් කිහිපය අතුරින් එකක් වෙනවා. මෙය 2032 වසර වන තුරු ඵලදායී තත්ත්වයේ පවතිනු ඇතැ යි අපේක්ෂිත යි.

මෙහි දියමන්ති සහිත පස් පිරිපහදු කිරීමේ හැකියාව වාර්ෂිකව මෙට්‍රික් ටොන් මිලියන 7 යි.

ලෙට්සෙන්ග් පතල 

gemdiamonds.com

සම්පූර්ණයෙන් ගොඩබිමින් වට වූ රාජ්‍යයක් වන ලෙසොතෝවේ පිහිටි මේ පතල ලොව පස්වනුවට විශාලතම දියමන්ති ආකරය ලෙස සැලකෙනවා. මෙය විශාල දියමන්තිවලට සුප්‍රසිද්ධ යි. කැරට් 910ක් බර ලෙසතෝ ලෙජන්ඩ් හා කැරට් 493ක බරකින් යුක්ත ලෙට්සෙන්ග් ලෙගසි යන දියමන්ති ද්විත්වයම හමුවූයේ මේ පතලෙනු යි. එමෙන්ම මේ පතලෙන් ඉහළ තත්ත්වයෙන් යුක්ත නිල් හා රෝස පැහැති දියමන්ති හමුවනවා. ආදායම් ඉපැයීම අතින් මේ පතලට හිමිවන්නේ ලොව 15 වන ස්ථානය යි.

මෙහි දියමන්ති සහිත පස් පිරිපහදු කිරීමේ හැකියාව වාර්ෂිකව මෙට්‍රික් ටොන් මිලියන 6.7 යි.

කවරයේ පින්තූරය- masterinvestor.co.uk

Related Articles