Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව විශාලතම දූපත් 5

ලෝකයේ දූපත් සිය දහස් ගණනක් පිහිටා තිබෙනවා. මින් සමහරක් වර්ග අඩි කිහිපයක් තරම් කුඩා වෙද්දී තවත් සමහරක් වර්ග කිලෝමීටර දහස් ගණනක් විශාල යි. මින් සමහරක් ස්වාධීන රාජ්‍යයන් පවා වෙනවා. මේ සටහන ලොව විශාලතම දූපත් 5 පිළිබඳව යි.

ග්‍රීන්ලන්තය

Flickr

ග්‍රීන්ලන්තය සැලකෙන්නේ ලොව විශාලතම දූපත ලෙස යි. එය වර්ග කිලෝමීටර 2,166,086ක විශාලත්වයකින් යුක්ත යි. මෙය උතුරු ඇමෙරිකා මහාද්වීපයට ආසන්නයෙන් පිහිටා තිබුණත් අයත් වන්නේ ඩෙන්මාර්ක් රාජ්‍යයට යි.

ග්‍රීන්ලන්තයේ භූමි ප්‍රමාණයෙන් බහුතර කොටසක් ආක්ටික් වෘත්තය තුළ පිහිටා තිබීම නිසා එහි පවතින්නේ වැඩි කොටම මිනිස් වාසයට නුසුදුසු ශීතල කාලගුණයක්. මෙහි දකුණට වන්නට සමුද්‍රාසන්නව ජනාවාස පිහිටා ඇති අතර ජීවත් වන ජනගහනය 56,000ක් පමණ වෙනවා.

නිව් ගිනියා

GenDeschenes/iStock/Getty Images

ඕස්ට්‍රේලියා මහාද්වීපයට උතුරින් පිහිටා ඇති නව ගිනියාව ලොව දෙවනුවට විශාලතම දිවයින යි. මෙහි විශාලත්වය වර්ග කිලෝමීටර 786,000ක්. ගිණිකොනදිග ආසියාවට අයත් මේ දූපතේ එක් අර්ධයක් ඉන්දුනීසියාවට අයත් අතර, අනෙක් අර්ධයේ පවතින්නේ පැපුවා නව ගිනියා රාජ්‍යය යි.

නව ගිනියා දූපත තුල මිලියන 7.5කට ආසන්න ජනකායක් ජීවත් වන අතර, ඉන් පැපුවා නව ගිනියාව තුළ ජීවත් වන්නේ තුන් ලක්ෂයකට මඳක් වැඩි ජනකායක් පමණ යි. මින් සැලකිය යුතු පිරිසක් ස්වදේශික ගෝත්‍රික ජනයා වෙනවා.

බෝර්නියෝ

borneoproject.org

ගිණිකොන දිග ආසියාවේ පිහිටි බෝර්නියෝ දූපත ලොව තෙවනුවට විශාලතම දූපත යි. මෙය වර්ග කිලෝමීටර 743,3301ක විශාලත්වයකින් යුක්ත යි. මෙම දූපත තුල මිලියන 18ක පමණ ජනකායක් ජීවත් වෙනවා.

බෝර්නියෝ දූපත රටවල් 3කට අයත් වෙනවා. මින් එක් කොටසක් මලයාසියාවට අයත් වන අතර භූමියෙන් තුන්කාලක් පමණ අයත් වන්නේ ඉන්දුනීසියාවට යි. ඉතා කුඩා රාජ්‍යයක් වන බෲනායි රාජ්‍යය සම්පූර්ණයෙන් මෙහි පිහිටා තිබෙන අතර එයට බෝර්නියෝ භූමියෙන් අයත් වන්නේ 1%ක් පමණ යි. මෙය සොබා සෞන්දර්යයෙන් ගහන දූපතක් වෙනවා.

මැඩස්කරය

GARDEL Bertrand/ hemis.fr/ Getty Images

අප්‍රිකා මහාද්වීපයේ නැගෙනහිර වෙරළතීරයට නැගෙනහිරින් පිහිටා ඇති මැඩගස්කරයේ විශාලත්වය වර්ග කිලෝමීටර 578,041ක්. මෙය ස්වාධීන රාජ්‍යයක් වන අතර මිලියන 25ක පමණ ජනකායක් වාසය කරනවා.

මැඩගස්කරයත් ජෛව විවිධත්වයෙන් ඉතා පොහොසත් රාජ්‍යයක්. මෙහි ඒකදේශික සත්ත්ව හා ශාක විශේෂයන් රාශියක් හමුවෙනවා.

බැෆින් දූපත

wildfoottravel.com

ලොව 5 වනුවට විශාලතම දූපත වන බැෆින් දූපත වර්ග කිලෝමීටර 507,451ක විශාලත්වයකින් යුක්ත වෙනවා. කෙසේ නමුත් මෙහි වෙසෙන්නේ 10,000කට මඳක් වැඩි ජනකායක් පමණ යි. මෙහි ජීවත්වන බහුතරය එස්කිමෝවරුන් වන අතර, දූපතෙහි ශීතල දේශගුණයක් පවතිනවා.

බැෆින් දූපත අයත් වන්නේ කැනඩාවට යි.

කවරයේ පින්තූරය- borneo-hotels.com

Related Articles