Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව විශාලතම ලුණු ආකර 5

ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා භාවිතයට ගන්නා ලුණු හම්බන්තොට වැනි ප්‍රදේශයන් හි ඇති ලේවාවල, මුහුදු ජලය, සුර්ය රශ්මිය උපයෝගී කරගෙන වාෂ්ප කර සාදන ලද ලුණු වෙනවා. කෙසේ නමුත්, ලොව සමහර රටවල වැඩිමනක්ම භාවිතා කෙරෙන්නේ ආකරවලින් ලබාගන්නා ලුණු යි. මෙම ආකර සමහරක් ඉතා විශාල යි.

සිෆ්ටෝ ලුණු ආකරය- කැනඩාව

roadstories.ca

කැනඩාවේ සිෆ්ටෝ ලුණු ආකරය ලොව විශාලතම ලුණු ආකරය ලෙස හඳුනාගෙන තිබෙනවා. මෙය පිහිටා ඇත්තේ ඔන්ටාරියෝ හි යි. මෙය හ්‍යුරන් විලෙහි පතුලට යටින්, භූමි මට්ටමේ සිට අඩි 1800ක් ගැඹුරින් පිහිටා තිබෙනවා. මෙහි ඇති ලුණු මීට වසර මිලියන 400කට පමණ පෙර පංච මහා විල් පිහිටා ඇති නිම්නයේ එකල පිහිටි සාගරයකින් ප්‍රතිඵල වන්නට ඇති බවට මත පළ වී තිබෙනවා. මෙම ආකරයෙහි නිෂ්පාදන කටයුතු ආරම්භ වී ඇත්තේ 1959 වසරේ දී යි. මින් කැණෙන ලුණුවලින් බහුතරය භාවිතා වන්නේ කැනඩාව හා අමෙරිකාවේ ශීත ඍතුවේ දී එක්කාසු වන හිම හා අයිස් දිය කරලීමට යි.

ඛෙව්රා ලුණු ආකරය- පාකිස්ථානය

flickr.com

මෙම ලුණු ආකරයට ඉතා දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. මෙය සොයාගෙන ඇත්තේ ක්‍රි.පූ 326 දී පමණ මහා ඇලෙක්සැන්ඩර් විසින්යැ යි සැලකෙනවා. ඛෙව්රා ලුණු ආකරය වර්තමානය වන විට සැලකෙන්නේ ලොව දෙවනුවට විශාලතම ලුණු ආකරය ලෙස යි. මෙමඟින් වසරකට ලුණු ටොන් 325,000ක් පමණ නිපදවෙනවා. ලුණු ටොන් මිලියන 220ක් පමණ ප්‍රමාණයක් මින් ඉවතට ගත හැකි මට්ටමක ඇති බවට ගණන් බලා තිබෙනවා. කෙසේනමුත්, මෙහි අඩංගු සම්පූර්ණ ලුණු ප්‍රමාණය ටොන් බිලියන 7කට ආසන්න බවට සැලකෙනවා. මෙම ආකරය පිහිටා ඇත්තේ භූමි මට්ටමින් අඩි 748ක් ගැඹුරෙනුයි.

ප්‍රහොවා ලුණු ආකරය- රුමේනියාව

romaniatourstore.com

ප්‍රහොවා ලුණු ආකරය සැලකෙන්නේ යුරෝපයෙහි ඇති විශාලතම ලුණු ආකරය ලෙස යි. මේ වන මින් නිපදවෙන ලුණු සාමාන්‍ය භාවිතය සඳහා ගැනෙන්නේ නැති අතර, බහුල වශයෙන් යොදා ගැනෙන්නේ වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ කටයුතු සඳහා යි. මෙම ආකරය ආශ්‍රිතව ලුණු කඳු ගොඩගැසී තිබෙන අතර, මින් සමහරක් මීටර 55ක් තරම් උස් වෙනවා.

අටකාමා ලුණු ආකර- චිලී

Getty Images

චිලියේ පිහිටා ඇති මෙම ලුණු ස්ථරය උස් කඳු හා යමහල්වලින් වට වී තිබෙනවා. මෙමඟින් වැඩිමනක්ම උකහාගන්නේ ලිතියම් හා බෝරෝන් ලවණ යි. ලිතියම් ජංගම දුරකථන බැටරි වැනි දේ නිපදවීම සඳහා භාවිතා කෙරෙනවා. මෙය සැලකෙන්නේ ලොව විශාලතම මෙන්ම වඩාත් සංශුද්ධ ලිතියම් ප්‍රභවය ලෙස යි.

වීලිස්කා ලුණු ආකරය- පෝලන්තය

inyourpocket.com

පෝලන්තයේ වීලිස්කා ලුණු ආකරය ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙන අතර, පෝලන්තයේ ජාතික වස්තුවක් ලෙස සැලකෙනවා. මෙය වර්තමනය වන විට ක්‍රියාකාරී මට්ටමේ නොමැති අතර, සංචාරක ස්ථානයක් ලෙස ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා. මයොසීන යුගයේ හෙවත් මීට වසර මිලියන 13.6කට පෙර මෙහි ඇති ලුණු නිපදවී තිබෙන බවට සැලකෙන අතර, ඒවා ළා අළු පැහැයෙන් යුක්ත යි. මේ ආකරය 12 වන සියවසේ දී හඳුනාගෙන ඇති අතර, 13 වන සියවසේ සිට 1996 වසර දක්වා දීර්ඝ කාලයක් ක්‍රියාකාරී මට්ටමෙහි පැවතී තිබෙනවා.

කවරයේ පින්තූරය- seekrakow.com

Related Articles