Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව මහා පුදුමයක් වන චීන මහා ප්‍රාකාරය

ලෝක පුදුම අතරින් එකක් වන චීනයේ පිහිටා ඇති චීන මහා ප්‍රාකාරය අතීතයේ පැවති දියුණු තාක්ෂණය හා ඉදි කිරීම් කර්මාන්තයේ වටිනා රහස් බොහොමයක් හෙළි කරයි. මෙය ලෝකයේ විශාලම හමුදා රැකවල ලෙස දැක්විය හැක. මෙය ඉදිකර ඇත්තේ මීට වසර 2000 කට පමණ පෙරය. මෙහි වටිනාකම තව තවත් තීව්‍ර කිරීමට අතීතයේ පැවති විවිධ යුද්ධ, බල අරගල, දේශපාලන හා ආර්ථික ඉතිහාසගත සිද්ධීන් හේතු විය. චීන මහා ප්‍රාකාරයේ අගය එය ගොඩනංවා ඇති ගෘහ නිර්මාණ ශිල්පය සමඟ තවත් වර්ධනය වේ. මේ නිර්මාණය තුළ විවිධ ගේට්ටු, නගර, සංඥා කණු හා ආරක්ෂක හමුදා බලකොටු දැකිය හැක. මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ චීන මහා ප්‍රාකාරය පිළිබඳ තොරතුරු ඔබට ගෙන ඒමටයි.

පිහිටීම

history.com

චීන  මහා ප්‍රාකාරය වඩාත් සමීප වන්නේ බීජිං නගරයටයි. මෙය Hushan සිට රටේ වයඹ ප්‍රදේශයේ පිහිටා ඇති jiayuguan නගරය දක්වා විහිදේ. මෙය සාමාන්‍යයෙන් රටේ උතුරට කිට්ටු නිසා උතුරු දේශ සීමාව ආරක්ෂා කිරීම සිදු කරයි. 2012 වසරේ සිදු කළ පුරා විද්‍යාත්මක සමීක්ෂණයකට අනුව මෙය අතීතයේ පළාත් 15 ක් පුරා පැතිරී තිබූ අතර වයඹ ප්‍රදේශයේ xinjiang සිට නැගෙනහිර ප්‍රදේශයේ පවතින කොරියාවේ දේශ සීමාව දක්වා විහිදී පැවත ඇත.

ගොඩනැංවූයේ කවුරුන්ද

චීන මහා ප්‍රාකාරය කරවීම රාජ වංශ ගණනාවක් විසින් සිදු කර ඇත. ක්‍රිස්තු පුර්ව 220 වන සියවසේදී චීනය එක්සත් කළ ප්‍රථම අධිරාජ්‍යයා වන Quin shi Huang විසින් රාජ්‍යයන් අතර කලින් කරන ලද බැමි ඉදි කිරීම් ඉවත් කර උතුරු දේශ සීමාව දිගේ පවතින බැමි එකතු කර li 10 000 ක (li එකක් යනු සැතපුමකින් 1/3 කි) පමණ දිගින් යුතු තාප්පයක් ඉදි කිරීම යෝජනා කරන ලදි. මෙය චීනයේ විවිධ සතුරු ආක්‍රමණ වලින් චීනය ආරක්ෂා කිරීමට ගන්නා ලද ක්‍රියාමාර්ගයකි. මෙම ඉදිකිරීම  සඳහා විශාල වශයෙන් යොදා ගන්නා ලද්දේ හමුදා සෙබළුන් හා රටේ පැවති නීතිය යටතේ වැරදිකරුවන් වූ පුද්ගලයින්ය.

chinese4kids.net

Quin shi Huang ගේ මරණයෙන් පසු මෙම තාප්පයේ වැඩි කොටසක් ජරාවාස වී කැඩී බිඳී යන ලදි. පසුව ප්‍රාන්ත පෙළපත් ගණනාවක්ම උතුරු චීනයේ බලය අල්ලාගෙන සිටියහ. මේ අතරින් වඩාත් බලවත්ම රාජ වංශය වුයේ Wei රාජ වංශයයි. මෙම රාජ වංශය චීන මහා ප්‍රාකාරය අලුත්වැඩියා කර එය නැවත දික් කරන ලදි. මොවුන් මෙහි සැතපුම් 900කට වඩා ප්‍රමාණයක් අලුත්වැඩියා කරනු ලැබූ අතර මොවුන්ගෙන් පසු පැමිණි sui රාජ වංශය විසින්ද මෙම ප්‍රාකාරය කීප විටකදීම අලුත්වැඩියා කරන ලදි.

මෙලෙස රජ පෙළපත් කීපයක් පසුකර පැමිණි චීන මහා ප්‍රාකාරය වර්තමානයේ දැකිය හැකි තත්වයෙන් ගොඩ නංවන ලද්දේ Ming රාජ වංශය විසිනි. මුල්ම ming පාලකයන්ට මෙය ගොඩ නැංවීමේ විශාල අවශ්‍යතාවයක් පැවතුණේ නැත. මෙය යළි ගොඩනැංවීම ආරම්භ වන ලද්දේ වසර 1474 දී පමණය.

වැදගත්කම

cnto.org

චීන මහා ප්‍රාකාරය චීන සංස්කෘතියේ සංකේතයක් ලෙස දැක්විය හැක. එය චීනයේ ජනයාගේ හැකියාවන් ලෝකයේ අනෙකුත් පුද්ගලයින්ට විදහා දක්වන්නක් ලෙසද හැඳින්විය හැක.  මෙය UNESCO මඟින් ලෝක උරුමයක් ලෙස නම් කරන ලද අතර 20 වන සියවස දක්වාම අභ්‍යවකාශයේ වැඩිම දුරකට පෙනුණ එකම නිර්මාණය මෙය බවට පත් විය.  චීනයට සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා මෙය බෙහෙවින් උපකාරී වේ.

මෙය සඳ මතට ගිය විට දර්ශනය වේද?

සඳ මතට ගිය විට චීන මහා ප්‍රාකාරය මිනිස් ඇසට නොපෙනේ. නමුත් සඳ මතදී පවා මෙය නුලක් ලෙස දැකිය හැකි බවට මුලින්ම ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකානු ජාතික මානව විද්‍යාඥයකු වූ රොබර්ට් රිප්ලි විසිනි. ඒ 1932 වසරේදීය. සඳ සහ පෘතුවිය අතර සැබෑ දුර කිලෝමීටර් 384,400ක් පමණ වන නිසා සඳේ සිට බලන විට චීන මහා ප්‍රාකාරය පෙනෙනවාද යන ගැටලුව මතුවේ. මිනිසා සඳට මුලින්ම පය තබා ඇත්තේ රොබර්ට් රිප්ලි මෙම ප්‍රකාශය කර වසර වසර 16කට පමණ පසුව වේ. එනම් 1949 වසරේදීය. ඒ අනුව රොබර්ට් රිප්ලි නමැති මානව විද්‍යාඥයා තම අදහස ඇස් දෙකෙන් දැක කළ ප්‍රකාශයක් නොවන බව පැහැදිලි වේ. 2003 වසරේ අභ්‍යවකාශ ගත වූ චීන ජාතික යැන් ලි වෙයි පවසන ආකාරයට අභ්‍යවකාශ ගත වී කිලෝමීටර් දෙලක්ෂයක් පමණ දුරකදී චීන මහා ප්‍රාකාරය නොපෙනී යන බවයි.

නැරඹීමට හොඳම කාලය

airpano.com

චීන මහා ප්‍රාකාරය නැරඹීම සඳහා ඇති හොඳම කාලය වන්නේ මැයි හා ඔක්තෝම්බර් මාසයේ මුල් සති කීපයයි. නමුත් මේ කාලය තුළදී මෙහි විශාල ජනතාවක් දැකිය හැකි නිසා තරමක තද බදයක් ඇති වේ. ශීත කාලය තුළදී මෙයට හිම වැටෙන නිසා ගමන් කිරීම තරමක් අපහසු වේ. මේ හේතුවෙන් මේ කාලයේදී නරඹන්නන් ප්‍රමාණය අඩු වේ. සරත් කාලය යනු චීන මහා ප්‍රාකාරය නැරඹීමට ඇති හොඳම කාලයයි.

වර්තමාන තත්වය

වර්තමානය වන විට මෙය හරහා තැන් ගණනාවකින් මහා මාර්ග ඉදි වී ඇත. මිට අමතරව සියවස් ගණනාවක සිට නොසලකා හැරිම හේතුවෙන් මෙහි ඇතැම් කොටස් ගරා වැටීමට පත් වී තිබේ. මෙහි කොටස් කීපයක් 1970 ගණන් වල අලුත්වැඩියා කළ අතර සංචාරකයින් විශාල ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමට සමත් වන Badaling කොටස අලුත්වැඩියා කර ඇත්තේ 1950 ගණන් වලයි. මෙහි නැගෙනහිර අන්තයේ ඇති නැවතුම් පළවල් හා shanhai අවට ඇති ප්‍රවේශයන් 2000 වසරේදී නැවත ගොඩනංවන ලදි.

කවරයේ පින්තුරය – iexplore.com

Related Articles