Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මුස්ලිම් ප්‍රජාව අතුගා දැමීමට සිදුකෙරෙන චීනයේ නවතම මොළ ශෝධනය

ලෝකයේ නොයෙකුත් රටවල් යුධ හා දේශපාලන සිරකරුවන් මාධ්‍යයට වසන් කරමින් ඉතා රහසිගත ව හා සුක්ෂම ලෙස රඳවා තිබෙනවා. මේ සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය උසුලන්නේ විශාල ප්‍රසිද්ධියක්. ඔවුන් ලෝකය පුරා රහසිගත සිර කඳවුරු පවත්වාගෙන යමින් ඒ තුළ නොයෙකුත් ආකාරයේ දේශපාලන හා යුධ සිරකරුවන් රඳවා තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට හා අනෙකුත් ලෝක මානව හිමිකම් සංවිධානවල ඇස්වලට වැලි ගසමින්.

චීනයේ බටහිර ෂින්ජෑන් (Xinjiang) පළාතේ වසර ගණනාවක් තිස්සේ පැරණි පාසලක පවත්වාගෙන යන ගොඩනැඟිලි සංකීර්ණයක් කෙරෙහි පසු මාසයේ දී ලෝක ජන මාධ්‍යයේ අවධානය ඉතා තියුණු ලෙස යොමු වුණා.

මානව හිමිකම් සංවිධාන විසින් පවසන්නේ ඉස්ලාම් ධර්මය අදහන බොහෝ දෙනෙක් මෙම කඳවුරු වෙත රැගෙන එන අතර, එහි දී ඔවුන්ගේ කොමියුනිස්ට් පක්ෂයට අවශ්‍ය ලෙස ඔවුන්ගේ ආකල්ප හා සිතුම් පැතුම් වෙනස් කිරීමට උත්සාහ කරන බව යි. නමුත් චීන රජය පවසන්නේ ත්‍රස්තවාදයට හා ආගමික අන්තවාදයට එරෙහිව අධ්‍යාපනය ලබා දෙන වෘත්තීය පාසලක් බව යි. චීනය විසින් රැගෙන යන මේ ඉස්ලාම් විරෝධී ක්‍රියා පිළිවෙළ මේ වන විට ලෝකයේ ම අවධානයට යොමු වී තිබෙනවා. BBC මාධ්‍යය මඟින් මේ පිළිබඳ ව බොහෝ තොරතුරු ප්‍රමාණයක් පසුගිය මාසයේ දී ලොවට හෙළි කරනවා.

පළමුවරට අනාවරණය වීම

2015 වසරේ ඩබන්චන්ග් හි චන්ද්‍රිකා ඡායාරූපයක් (BBC)

ෂින්ජෑන් ප්‍රදේශයේ ඇති රහස් සිර කඳවුර පිළිබඳ ව පළමුවරට අනාවරණය වන්නේ ගිය වසරේ දී යි. පසු ව 2018 වසරේ අප්‍රේල් මාසයේ දී එම ප්‍රදේශයේ චන්ද්‍රිකා ඡායාරූප හා 2015 වසරේ ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප එකිනෙක සැසඳීමෙන් මුඩු බිමෙක ඉදිකරන ලද නව ගොඩනැඟිලි සංකීර්ණයක් හඳුනාගැනීමට හැකියාව ලැබෙනවා.

භූමියේ කි. මී. 2ක් දුරට මතුපිට ඉදිකිරීමක් සිදුකර තිබූ අතර, ඊට අමතර ව මුර කුලුනු 16ක් ඉදි වී තිබෙනවා. එහි අවම වශයෙන් 11,000ක් පමණ පිරිසක් රැඳවිය හැකි බවත්, උපරිමය 130,000ක් බවත් නිමානය කර තිබෙනවා.

ෂින්ජෑන් ප්‍රදේශයේ ඩබන්චන්ග් (Dabancheng) නම් කුඩා නගරය ආශ්‍රිත ව මෙම කඳවුරු සමූහය පිහිටා ඇති අතර, පළාතේ ප්‍රධාන නගරය වන උරම්කි (Urumqi) හි ගුවන්තොටුපොළේ සිට මේ කරා යාමට සාමන්‍යයෙන් ගත වෙන්නේ පැයක කාලයක්.

2018 වසරේ මෙම කඳවුරු යනු කුමක්දැ යි යන්න සොයා බැලීමට BBC මාධ්‍ය කණ්ඩායම්, අලුයම ගුවන් තොටුපොළේ සිට ඩබන්චන්ග් දක්වා ගමන් කළත් ඒ දිනකම ඔවුන් පසුපස නිළ ඇඳුමෙන් හා සිවිල් ඇඳුමෙන් සැරසුණු හමුදා හා පොලිස් නිලධාරීන් රැගත් වාහන 5ක් පමණ ගමන් කළ අතර ම, ඔවුන්ට මේවා නිරීක්ෂණය කිරීමට යාම හිතූ තරම් පහසු වෙන්නේ නෑ.

ඔවුන්ගේ වාහනය නිරන්තර පොලිස් අවධානයට ලක් වෙන අතර, කැමරා ගොඩනැඟිලි දෙසට එල්ල කිරීමෙන් වළකින ලෙස මාධ්‍ය කණ්ඩායමට පොලීසිය විසින් අණ කරනවා.

ඉස්ලාම් ආගම අදහන්නන් සිරගෙට

2018 වසරේ එම ස්ථානය ම (BBC)

මෙම පළාතේ පුරවැසියන් මාධ්‍යවේදීන් සමග කතා බහ කිරීමට එකඟ නොවූ අතර, එලෙස කතා කළ බොහෝ දෙනෙක් පිහිටුවා ඇති කඳවුරු ගැන අසන විට කෝපයෙන් පිළිතුරු දුන් බව මාධ්‍යවේදීන් විසින් සඳහන් කරනවා. බොහෝ දෙනෙක් එය හඳුන්වන්නේ පාසලක් ලෙස යි. රජයේ මාධ්‍යවලින් ද පිරිසිදු පන්තිකාමරවල ඉගෙන ගන්නා වැඩිහිටි ශිෂ්‍යයන් පිරිසකගේ රූප රාමු කිහිපයක් මුදා හැර තිබෙනවා.

ආකල්පමය වෙනස්කම් හේතුවෙන් පුද්ගලයන් දස දහසක් ප්‍රමාණයක් සඳහා පුනුරුත්ථාපන අධ්‍යාපනය ලබා දෙන බව බලධාරීන් විසින් සඳහන් කරනවා. තවත් අයෙක් සඳහන් කරන්නේ නඩු වුභාගයකින් තොරව ඉස්ලාම් ආගමිකයන් මෙහි සිර කර ඇති බව යි.

එහි දී රජයේ මාධ්‍යකට පෙනී සිටින එක් වැඩිහිටි ශිෂ්‍යයෙක් පවසන්නේ තමන්ගේ වැරදි අඩුපාඩු සීඝ්‍ර ලෙස තමන් හඳුනාගනිමින් සිටින බව යි.

ෂින්ජෑන් වැසියන්ගේ නැඟී සිටීම

ඉයූගා පුද්ගලයෙක් (BBC.com)

අතීතයේ සිට ම චීන ජාතිකයන්ගේ සංස්කෘතියෙන් වෙනස් ව බැඩ්ගෑඩ් සම්ප්‍රදායට හැදී වැඩුණු ඉස්ලාම් දහම අදහන්නන්ගෙන් පිරුණු මේ පළාත චීනයට එරෙහිව කැරලි මෙහෙය වූ පළාතක් ලෙස ඉතා ප්‍රසිද්ධ යි. මීට වසර කිහිපයකට ප්‍රථම චීනයේ වෙළඳ අපනයන අදායම ඉහළ ගියත් එය සමාන ආකාරයෙන් බෙදී නොයන බව පවසමින් මෙම පළාතේ සන්නද්ධ කණ්ඩායම් 2013 හා 2014 වසරවල දී සිවිල් වැසියන් හා හමුදා කණ්ඩායම් ඉලක්ක කරගනිමින් නොයෙකුත් ප්‍රහාර එල්ල කරනවා.

මෙම ප්‍රචණ්ඩකාරී රැල්ල මර්දනය කිරීම සඳහා චීන රජය විසින් නවීනතම තාක්ෂණය යොදාගන්නා අතර, ඉස්ලාමීය අනන්‍යතාවය සහ භාවිතය සීමා කිරීම සඳහා නව නීතින් හඳුන්වා දෙනවා. පිරිමින් දිගු රවුල් වැවීම, ගැහැනුන් විසින් හිස් ආවරණ සඳහා හිජාබය පැළඳීම, හා ඉස්ලාමික පසුබිමක් සහිත වාසගම් තැබීම වැනි දෑ සම්පූර්ණයෙන් තහනම් කරනවා.

ෂින් ජින් පින්ගේ කොමියුනිස්ට් රජය මේ ඉස්ලාම්වරුන් සම්බන්ධ ව දැඩි නීති රීති පනවා තිබු අතර, ඊට ප්‍රධානම හේතුවක් ලෙස මෙම කණ්ඩායම් සිරියානු යුද්ධය හා සම්බන්ධ වීමට කණ්ඩායම් වශයෙන් පිටත් ව ගොස් ඇති බව චීන රජය විසින් අනාවරණය කර ගැනීම යි.

ඉයූගා වැසියන්ගේ මොළ ශෝධනය

ඇතුළත දර්ශනයක් (Business Insider)

මෙම ප්‍රදේශයේ රැඳී සිටින බොහෝ ප්‍රමාණයක් වූ මුස්ලිම් ප්‍රජාව විසින් ප්‍රකාශ කරන්නේ චීන රජයට තමන්ගේ අනන්‍යතාවය මුලු ලෝකයෙන් ම තුරන් කිරීමට අවශ්‍ය වී ඇති බව යි. ඒ සඳහා පුනුරුත්ථාපන පාසල් පිහිටුවන ඔවුන් කිසිදු වරදක් සම්බන්ධයෙන් චෝදනා නොලබන වැසියන් පවා නඩු විභාගයකින් තොරව ඔවුන්ගේ වෘත්තීය පාසල් නමින් හඳුන්වන ස්ථානවල දීර්ඝ කාලයක් රඳවන බව යි.

පසුව ඔවුන්ව චීන කොමියුනිස්ට් පක්ෂයට අවශ්‍ය ආකාරයෙන් සිතන පුද්ගලයන් බවට පරිවර්තනය කරන බව BBC මාධ්‍ය සේවයට අදහස් දක්වන බොහෝ උගත් ඉයුගා වැසියන් ප්‍රකාශ කරනවා. මෙය විදෙස් රටවලට හසුනොවන ලෙස ඉතා සූක්ෂම ව කිරීමට චීන බුද්ධි අංශ සමත් ව ඇති බව ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටිනවා.

පින්තූර ගැනීමට බාධා කරන පොලිස් නිලධාරියෙක් (Update Newz)

මෙම සිර කඳවුරුවල සිට නිදහස ලැබූ ඇතැම් පුද්ගලයන් එහි දී තමන්ට ශාරීරික වේදනාවන්ට ලක්වීමට සිදු වූ බව සඳහන් කරනවා. ඔවුන්ට කොමියුනිස්ට් විෂය කරුණු අමතක වූ විට හා ශාරීරික අභ්‍යාස නිසි පරිදි කිරීමට නොහැකි වූ විට පහර දුන් බව ප්‍රකාශ කරනවා.

 

කවරයේ පින්තූරය - ABC

මූලාශ්‍රයයන්:  

bbc.co.uk හි පළවූ China hidden camps නම් ලිපිය ඇසුරෙන්

Related Articles