Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

චීනයේ ජනගහනය පාලන ප්‍රතිපත්තියේ විකාශය

චීනය කියන්නේ ලෝක ජනගහනය​ට විශාලම දායකත්වය දක්වන රට. නමුත් චීනය සැලකෙන්නේ තමන්ගේ ජනගහනය​ පාලනය අදාලවන විශාල නීති රාමුවක් සහිත රටක් ලෙසයි. මේ අපි ඔබට කියන්න යන්නේ චීනයේ ජනගහනය​ පාලනය වන ආකාරය ගැනයි. 2019 වසර වනවිට මේ ප්‍රතිපත්තිය අවසාන වනු ඇති. මේ ඒ විශාල කරුණු ප්‍රමාණයක සංක්ෂිප්ත සටහනක්.

මීට හේතු වූ කරුණු

ජනගහන​ පාලනය පිළිබඳව තීරණයක් ගැනීමට චීනයට බලපෑ විශාලතම හේතුව වුණේ, මාඕ සේතුං විසින් ගෙන යන ලද ජනගහනය​ පිළිබඳව වූ ලිහිල් ප්‍රතිපත්තියේ වූ පසු බලපෑමයි. මාඕට අනුව ලෝකයේ තිබෙන වඩාත් වැදගත්ම දෙය මිනිසුන් වුණා. ඔහු 1949 පාලනයට පත් වීම සමග ඔහුගේ පාලන කාලයේ කෙටි කාලයක් තුල චීන ජනගහනය​ දෙගුණයක් බවට පත් වුණා. ඔහුගේ දැක්ම අනුව ජනගහනය​ පාලනය ධනපති පන්තිය විසින් රටක් අඩාල කොට එය අනතුරට පත් කිරීම වෙනුවෙන් ගෙනගිය උපක්‍රමයක්. තවද ඔහු විසින් ජනගහන වර්ධන රැල්ලක් චීනය තුල ආරම්භ කරන්නේ ඔහුගේ ආරක්ෂණ ප්‍රතිපත්ති වලට සහයක් ලෙසයි. නමුත් මාඕ තමන්ගේ අභිමතාර්ථයන් වලට අනුගත නොවන අය ඝාතනය කිරීමද දිගින් දිගටම සිදුකර තිබුණා. කාලය වේගයෙන් ගෙවී යනවිට ජනගහනය​ ඉහල යෑම චීනයට විශාල වගකීමක් බවට පත් වුණා.

1956 වසරේ මේ ඉහළ යන ජනගහනය පාලනය කිරම වෙනුවෙන් එක් වසරක ශක්තිමත් වැඩපිළිවලක් චීනය තුල ක්‍රියාත්මක වුනා. ඒ තුලින් යම් බලපෑමක් උපත් පාලනය කිරීම වෙනුවෙන් සිදු වුණා. නමුත් එය එතරම් ම බලපෑමක් වූ එකක් නෙමෙයි. ඉන්පසුව චීනයේ මහා ඉදිරිපිම්මෙන් පසුව ජනගහනය​ ඉහල යාම චීන ආර්ථිකය සංවර්ධනයට විශාල බලපෑමක් ලෙස චීනය විසින් හඳුනාගනු ලබනවා. 1960 ගණන් වල මුල් කාලයේ ඔවුන් විසින් දරුවන් බිහිකිරීම නතර කිරීම ප්‍රවර්ධනයට වඩා, වැඩි වයසෙන් විවාහ වීම ප්‍රවර්ධනය කරනු ලබනවා. එමෙන්ම 1964 වනවිට ඔවුන් මධ්‍යම රජය හා සමහරක් පළාත් කේන්ද්‍ර කර ගෙන උපත් පාලන කාර්යාල පිහිටුවනු ලබනවා. දෙවන ක්‍රමය වඩා සාර්ථක වෙනවා. ඒ අනුව 1963 – 66 කාලය වනවිට උපත් අගය හරි අඩකින් පමණ චීනය තුල පහළ යනවා. 1970 වනවිට මාඕ විසින් “late, long and few” යන ප්‍රතිපත්තිය ගෙන එනවා. මේ හරහා ” එක් අයෙක් හොඳයි, දෙදෙනෙක් හරි, තුන්දෙනෙක් නම් හොදටම වැඩි” ආකාරයේ උපත් පාලන ක්‍රමයක් යෝජනා වුණා.

මාඕ සේතුං –  ( staticflickr.com)

චීනයේ එක් දරු ප්‍රතිපත්තිය

1972/73 කාලය තුල ආරම්භ කරන ලද චීනයේ එක්දරු ප්‍රතිපත්තියට අදාළ අත්හදාබැලීම් හරහා ජාතික වශයෙන් උපත් පාලනයට අදාලව සැලසුම් හා සම්පත් ආයෝජනය ආරම්භ වුණා. මේ හරහා උපත් පාලනයට අදාලව රටේ සෑම මට්ටමක් ම (ග්‍රාමීය හා නගරබද ) නියෝජනය කරමින් උපත් පාලන ආයතනය නිර්මාණය වුණා. එලෙසෙම නාගරික ප්‍රදේශ වල මහජන ආරක්ෂාව පිලිබඳ මූලස්ථාන වල ඒ වෙනුවෙන්ම වෙනම ඒකකයක් ආරම්භ වුණා. එමෙන්ම ග්‍රාමීය ප්‍රදේශ වලද ඒ වෙනුවෙන් සැලසුම් ක්‍රියාත්මක වුණා. 1973 වනවිට මාඕ විසින් මේ ව්‍යාපෘතිය වෙනුවෙන් පෞද්ගලිකවම විශේෂ මැදිහත්වීමක් කර​,නායකත්වය ලබා දුන්නා. මාඕගේ මරණයෙන් වසර තුනකට පසුව එනම් 1979 වසරේදී චීනයේ ජනගහණය පාලනය වෙනුවෙන් එක්දරු ප්‍රතිපත්තිය හඳුන්වාදීම සිදු වුණා. මේ හරහා මිනිසුන්ගේ ජිවන තත්ත්වය ඉහළ යාම හා සීමිත සම්පත් කෙරෙහි තිබූ අවධානම පහළ වැටීම සිදු වේ යයි බලාපොරොත්තු වුණා. එමෙන්ම මේ ප්‍රතිපත්තිය හරහා පාලනය වූ උපත් සංඛ්‍යාව මිලියන 400කට ආසන්න වන අතර එමෙන්ම චීන වර්තමාන ජනගහනය​ මේ ආකාරයට පවත්වා ගැනීම වෙනුවෙන් එය විශාල සේවාවක් කර තිබෙනවා.

මේ හරහා එක පවුලකට එක දරුවෙක් යන ක්‍රමය ක්‍රියාත්මක වුනා. එමෙන්ම ග්‍රාමීය ප්‍රදේශ වල පළමු දරුවා ගැහැණු දරුවෙකුව හෝ විශේෂ අවශ්‍යතාවයන් සහිතව උපත ලැබුවහොත් ඔවුන්ට තව දරුවෙකු තම පවුලට එකතු කර ගැනීමේ අවස්ථාව ලැබුණා.

එමෙන්ම ඒ ප්‍රතිපත්තිය හරහා එක් දරු සහතිකය නමින් සහතිකයක් ද නිකුත් කෙරුණා පමණක් නොව, එක් දරු පවුල් වෙනුවෙන් විශේෂ මුදල් ත්‍යාග ද පිරි නැමුණා. එමෙන්ම දිගු කාලීන මාතෘත්ව නිවාඩු, දරු සුරැකුම් ක්‍රමද මේ හරහා ක්‍රියාත්මක වුණා. නමුත් චීනයේ ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රිතව ජනගහනයෙන් 60%ක් වාසය කරනු ලැබූ නිසා මේ ව්‍යාපෘතියේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය එය මත රැඳී පැවතුනා.

එමෙන්ම මේ ව්‍යාපෘතිය ව්‍යාප්ත කිරීම වෙනුවෙන් පෝස්ටර් වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. එය මුළු චීනය පුරාම ක්‍රියාත්මක වුනා. එම පෝස්ටර් වල තේමාවන් අතර “චීනයට පවුල් සැලසුම් අවශ්‍යයි” පෝස්ටරය වුනා. එහි දී ගැහුණු ළමයෙකු සමඟ අභිමානවත්ව සිටින පවුලකට කොමියුනිස්ට් නිලධාරින් ප්‍රශංසා කරන ආකාරයේ පින්තුරයක් වුණා.

එමෙන්ම “පසු කාලීන විවාහයන් හා දරු උපත් ඉතා යෝග්‍යයි” යන්න ඉන් තවත් එකක කියවුණු අතර එයට සුදු පැහැති කොණ්ඩයක් සහිත කාන්තාවක් දරුවෙකු සමඟ සිටින පින්තූරයක් යොදාගෙන තිබුණා.

එමෙන්ම “අඩු ළමුන් ප්‍රමාණයක්, හොඳ​ ජිවිතයක්” වැනි වදන් ද ඒ අතර වුණා. තවද ග්‍රාමීය ප්‍රදේශ වල “අඩු ළමුන් ප්‍රමාණයක් – හොඳ​ ජිවිතයක්” හා “ස්ථිර පවුල් සැලසුමක් හරහා හොද අනාගතයක් නිර්මාණය කර ගන්න” වැනි වාක්‍ය මාර්ග දෙපස බිත්තිවල පින්තාරු කර තිබුණා. ඒවා අතර තිබූ අශික්ෂිත වදන් වූ “අඩු ළමුන් ප්‍රමාණයක් – වැඩිපුර ඌරන් ප්‍රමාණයක්’ , “තව එක දරුවෙකු යනු තව එක් සොහොනක්” හා ” ඔබ වැඩිපුර තවත් ළමයෙකුට උපත දුන්න හොත් – ඔබේ පවුල කම්මුතුයි” වැනි වාක්‍ය 2007 අගෝස්ත්තු මාසය වනවිට තහනම් කෙරුනේ ග්‍රාමීය ජනතාව ඒ පිළිබඳව දැක්වූ නොරිස්සුම් ස්වාහාවය නිසයි.

මෙම වැඩසටහනේ පෝස්ටරයක් – (haikudeck.com)

මේ ව්‍යාපෘතියේ බලපෑම

මේ ව්‍යාපෘතිය හරහා චීනයේ ජනගහනයේ පැහැදිලි අඩුවීමක් පෙන්නුම් කරනු ලැබුවා. එය පැහැදිලිවම නගරබද ප්‍රදේශ වල පෙන්නුම් කර තිබුණා. නමුත් පිටිසර පළාත් වලින් දත්ත නිවැරිදිව ලබා ගැනීමේ තිබූ ප්‍රශ්නයක් නිසා එය එම ප්‍රදේශවල කෙසේ සිදු වූවා ද යන්න නිවැරිදිව ගණනය කරන්නට නොහැකි වුනා. 1970 වනවිට චීනයේ එක කාන්තාවකට ළමුන් ප්‍රමාණය 6ක් (5.8)ක් පමණ වුනා. 1970 – 80 අතර කාලයේ ඉතාම පැහැදිලි උපත් අඩුවීම පෙන්නුම් කල අතර එම අගය 1000 කට 44ක් වූ එම අගය 1000කට 18ක් දක්වා අඩු වීමක් පෙන්නුම් කරනු ලැබුවා. ජනවිකාශ​ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ චීනයට ගැලපෙන එම අගය 1000කට 16.7ක්, එනම් පවුලකට 1.7ක් වැනි අගයක් ගත යුතු බවයි.

එමෙන්ම මේ හරහා චීනයේ දුප්පත් බව අවම කොට, අති විශාල සංවර්ධනයකට හේතුකාරකයක් නිර්මාණය කරා. එමෙන්ම මේ හරහා චීනයේ ජනගහනය පාලනය කලා සේම ඒ හරහා චීනයේ ජනගහනය වර්ධනය ද හැකිලුනු බවටද චෝදනා ලැබුණා.

එමෙන්ම මේ චීනයේ නගරබදව දරුවෙකු සිටීමේ පිරිවැය හා වියදම් ඉහළ ගොස් තිබුණා. තවද සාමන්‍ය ප්‍රසූතියකට​ අදාලව ලැබෙන ප්‍රතිලාභ අඩුවීම නිසා විවාහක යුවල විසින් බොහෝවිට දරුවන් පිළිබඳ​ බලාපොරොත්තු අතහැර තිබුණා.

businessinsider.com

මේ ක්‍රමය හරහා චීන රජය ගණනය කල තවත් දෙයක් වුනේ පළමු දරු අනුපාතයි. උපදින දරුවන් ගණනෙන් පළමු දරුවා ගණනය කිරීම මේ හරහා සිදු වුණා. සිචුආන් ප්‍රාන්තයේ චෙන්ග්ඩු හී පළමු දරු අනුපාතය 97%ක් වුනා. මෙවැනි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වන කාලයක මේ ගණනය තරමක් විහිළුවක් සේ දැනෙන්නටත් පුළුවන්.

මෙම ව්‍යාපෘතිය 1970 අග භාගයේ සිට 1980 මුල් කාලය දක්වා විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වුණා. ඒ අතර “එක යුවලක් – ළමුන් දෙදෙනෙක්” , “එක යුවලක් – වඩා හොදයි එක් දරුවෙක්”, “එක යුවලකට එක ළමයෙක් පමණයි” සිට  “එක යුවලක් – එක දරුවෙක්” දක්වා යන තැනට පෙළ ගැසුනා. 1988 වසරේ එක දරු ප්‍රතිපත්තිය තරමක් නම්‍යශීලි වුණා. ඒ අනුව අප ඉහත සඳහන් කල ග්‍රාමීය ප්‍රදේශ වල ගැහැණු හා විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට අදාල කටයුතු ක්‍රියාත්මක වුනා.

චීන එක්දරු ප්‍රතිපත්තියේ සංරචක දෙකක් අඩංගුව තිබුණා. ඒ හරහා චීනය තුල ජනගහනය පාලනය කිරීම හා ජනගහනයේ ගුණාත්මක බව ඉහළ නැංවීම අරමුණු වුණා.

1970 ට වඩා 1988 වනවිට මිලියන 200කින් චීනයේ උපත් පහළ බැස්සා. ඒ හරහා චීනය තුල ඉතුරුව තිබූ මුදල ඇමරිකානු ඩොලර් බිලියන 802ක් බව සඳහන් වනවා.

මේ ව්‍යාපෘතිය හරහා චීනයේ ජන සංයුතියේ විශාල අසමතුලිත බවක් නිර්මාණය කරනු ලැබුවා. එයට ප්‍රධානම හේතුව වුනේ බොහොමයක් උපත ලැබූ තනි දරුවන් ගැහැණු ළමුන් වීමයි. 1978 වසරේ චීනයේ පාසල් හා විශ්ව විද්‍යාල ආශ්‍රිතව සිටි ගැහැණු ළමුන් ප්‍රතිශතය 24.2%ක්. නමුත් 2009 වනවිට එම අගය 47%ක් තරම් අගයක් ගනු ලැබුවා. වසර 30ක ජනගහණ පාලන ප්‍රතිපත්ති වල ප්‍රතිපල 2012 වනවිට චීනයට දැනෙන්න ගත්තා. ඒ අනුව පළමුවරට 2012 චීනයේ වැඩකරන වයසේ ජනගහනය හැකිලුනා. එමෙන්ම වැඩිහිටි ජනගහනය ද ඉහළ ගියා. චීනය රටක් ලෙස දියුණු වුවාට වඩා වේගයෙන් වයසට යනු ඇතැයි ද සැලකෙනවා.

චීනයේ ගැහැණු ළමුන් ප්‍රතිශතය ඉහළ අගයක් ගන්නවා (wordpress.com)

අවසානය

2016 ජනවාරි 01 වෙනිදා නැවතවරක් චීනයේ 35 වසරක ජනගහන පාලන ප්‍රතිපත්තිය වෙනස් වුනා. ඒ අනුව ඔවුන්ට දරුවන් දෙදෙනකු හදා ගැනීමේ අවස්ථාව ලැබෙනවා. මේ ප්‍රතිපත්තිය නතර කිරීම වසර 3කදි පියවරයන් 3කින් සිදු වුණා. එය 2013 මාර්තු මාසයෙදී ආරම්භ වුනා. ඔවුන් 2013 නොවැම්බර් මාසයේ ජාතික ජනගහන හා පවුල් සැලසුම් කොමිසම හා එරට සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ සම්බන්ධ කර නව ජාතික සෞඛ්‍ය හා පවුල් පාලන කොමිසමක් ආරම්භ කරනු ලැබුවා.

ytimg.com

දෙවැනි පියවර ලෙස මවට හෝ පියාට වෙනත් සහෝදර සහෝදරියන් නැතිනම් එවැනි පවුල්වලට තවත් දරුවෙකු ලබා ගැනීමේ අවස්ථාව ලැබුණා. මෙයට අදාලව පවුල් මිලියන 11ක් ගණනය කර තිබුණා. නමුත් 2015 වසර අග වන විටත් එයට අදාළව අයදුම්පත් ඉදිරිපත් කර තිබුනේ ඒ පවුල් වලින් 15.4%ක් හෙවත් මිලියන 1.69ක් පමණයි. මේ හේතුව නිසා තුන්වන පියවර ලෙස 2015 ඔක්තෝම්බර් මාසයේ ගත් තීරණයකට අනුව 2016 වසරේ සිට පවුලකට දරුවන් 2නෙක් එකතු කරගැනීමේ අවස්ථාව ලැබුණා. තවද පෙර තිබූ දරුවන් ප්‍රසූත කිරීමට පෙර රජයෙන් අවසර ගැනීමද මේ හරහා නතර වූ අතර දරුවන් ඉපදීමෙන් පසුව කරන ලියාපදිංචිය පමණක් ප්‍රමාණවත් වුනා.

තවද මේ වෙනවිට 2019 වසරේ නව ප්‍රතිපත්තියක් හරහා දරු උපත් පාලන සීමා අහෝසි කිරීමටද චීනය සැලසුම් කරමින් සිටිනවා. මෙම වැඩසටහන 2019 අග භාගයේ ආරම්භ වනු ඇති.

කවරය – huffpost.com

Related Articles