Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව දස දෙස ලුහුඬින්

ගෙවුණු සතියේ ලොව දසදෙසින් වාර්තා වූ විදෙස් පුවත් අතරිනි කිහිපයකි මේ.

සුඩානයේ පැරාමිලිටරි කණ්ඩායමක් පැය 72ක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරයි

සුඩානයේ පැරාමිලිටරි කණ්ඩායමක් වන Rapid Support Forces (RSF) ප්‍රකාශ කර ඇත්තේ කාර්ටූම් අගනුවර හමුදාව සමඟ දිගින් දිගටම දරුණු සටන් පැවතිය ද එය ඉක්මනින් සටන් විරාමයක් ආරම්භ කරන බවයි.

කාශ්මීර කැරලිකරුවන්ගේ ප්‍රහාරයකින් ඉන්දීය සෙබළුන් පස් දෙනෙක් ජීවිතක්ෂයට 

මතභේදයට තුඩු දී ඇති ඉන්දීය පාලිත කාශ්මීරයේ කැරලිකරුවන්, හමුදා ට්‍රක් රථයකට වෙඩි තබා පුපුරණ ද්‍රව්‍ය ප්‍රහාරයක් එල්ල කර සොල්දාදුවන් පස් දෙනකු ඝාතනය කර ඇති බව ඉන්දීය හමුදාව පවසයි.

     නාඳුනන ප්‍රහාරකයන් එල්ල කළ “අත්බෝම්බ හේතුවෙන්” වාහනය ගිනිගෙන ඇති බව හමුදාව ප්‍රකාශ කළේය.

    ට්විටර් මුදල් නොගෙවන පරිශීලකයන්ගේ ගිනුම්වලින් නිල් පිරික්සුම් සලකුණ ඉවත් කරයි

    මාස ගණනක ප්‍රමාදයකින් පසුව, Twitter එහි Twitter Blue සඳහා ලාස්තු ගෙවා ලියාපදිංචි වී නොමැති සත්‍යාපිත පරිශීලකයන්ගේ ගිනුම්වලින් නිල් පිරික්සුම් සලකුණ ඉවත් කිරීමට පටන් ගෙන ඇත.

      Elon Musk නිල් පිරික්සුම් සලකුණ සඳහා ඩොලර් 8 මාසික ගාස්තුවක් මෙන්ම තවත් විශේෂාංග ගණනාවක් හඳුන්වා දුන්නේ ය.

      වරදට එරෙහි ව කොංග්‍රස් නායකයාගේ අභියාචනය ඉන්දීය අධිකරණය ප්‍රතික්ෂේප කරයි

      සාපරාධී අපහාස නඩුවක වරදකරු කිරීම වලක්වන ලෙස ඉල්ලා ඉන්දීය කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි කළ අභියාචනය ඉන්දීය අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

        සියලු නීතිමය අභියාචනා අවසන් කරන තුරු ඔහු අත්අඩංගුවට නොගනු ඇත.

        රුසියානු යුද ගුවන් යානයක් අහම්බෙන් තමන්ගේ ම නගරයකට බෝම්බ දමයි

        මොස්කව්හි ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ රුසියානු ප්‍රහාරක ජෙට් යානයක් යුක්රේන දේශසීමා ආසන්නයේ බෙල්ගොරොඩ් නගරයට අහම්බෙන් බෝම්බ හෙළා ඇති බවයි.

          පිපිරීමෙන් නගර මධ්‍යයේ මීටර් 20ක පමණ පළල විශාල ආවාටයක් සෑදී ඇත.එයින් කාන්තාවන් දෙදෙනෙක් තුවාල ලබා ඇති අතර ගොඩනැඟිලි රැසකට හානි සිදුව ඇත. 

          සමාරම්භක පරීක්ෂණ පියාසැරියකට ගුවන් ගත කළ SpaceX හි Starship රොකට්ටුව ගුවනේදී පුපුරයි

          SpaceX’s Starship, මෙතෙක් නිපදවා ඇති බලවත් ම රොකට්ටුව, දකුණු ටෙක්සාස් හි ගුවන් ගත කිරීමේ වේදිකාවකින් ගුවන් ගත කළ නමුත් උඩු ගුවනේ දී පුපුරා ගියේය.

            එල්නිනෝ නැවත පැමිණීමත් සමඟ 2023 දී ලෝකය වාර්තාගත උෂ්ණත්වයකට මුහුණ දිය හැකියි

            දේශගුණික විපර්යාස සහ එල්නිනෝ කාලගුණ සංසිද්ධියෙහි අපේක්ෂිත ප්‍රකෘතිය හේතුවෙන් 2023 හෝ 2024 දී ලෝකයට නව සාමාන්‍ය උෂ්ණත්ව වාර්තාවක් බිඳ දැමිය හැකි බව කාලගුණ විද්‍යාඥයෝ පවසති.

            සුඩානයේ පැරාමිලිටරි කණ්ඩායමක් වන Rapid Support Forces (RSF) ප්‍රකාශ කර ඇත්තේ කාර්ටූම් අගනුවර හමුදාව සමඟ දිගින් දිගටම දරුණු සටන් පැවතිය ද එය ඉක්මනින් සටන් විරාමයක් ආරම්භ කරන බවයි.

            Related Articles