Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව වඩාත්ම වැදගත් තෙත්බිම් 5ක්

තෙත්බිම් කියන්නෙ, ලෝකයේ පැවැත්මට විශාල රුකුලක් දෙන එක්තරා අංගයක්. ලොව පුරා තැනින් තැන, විවිධ ප්‍රමාණවලින් තෙත් බිම් ව්‍යාප්තව පවතිනවා. මින් සමහරක් ජෛව විවිධත්වය, ජල චක්‍රයේ පැවැත්ම වැනි හේතු ගණනාවක් නිසා ඉතාම වැදගත්යැ යි විද්‍යාඥයින් හා අනෙකුත් බලධාරීන් විසින් නම් කොට තිබෙනවා. මේ අප ඔබ වෙත ගෙන එන්නේ, ඒ අතරින් ඉදිරියෙන්ම තිබෙන තෙත්බිම් 5ක් ගැන තොරතුරු යි.

පැන්ටනාල්

Lucas Leuzinger / Shutterstock

පැන්ටනාල් සැලකෙන්නේ ලොව විශාලතම තෙත්බිම ලෙස යි. මෙහි විශාලත්වය වර්ග කිලෝමීටර 187,818ක් වෙනවා. මෙහි භූමියෙන් වැඩි කොටසක් බ්‍රසීලයට අයත් වන අතර, සෙසු කොටස් බොලිවියාවට හා පැරගුවේ රාජ්‍යයට අයත් වෙනවා. මෙම තෙත්බිමෙහි ඉතා ඉහළ ජෛව විවිධත්වයක් ඇති අතර, මේ ආශ්‍රිතව කැපබාරා සතුන් හා ලතින් ඇමෙරිකාවට සීමා වූ යකරේ කේමන් නම් කිඹුලන් විශාල වශයෙන් දැකගත හැකියි. මීට අමතරව මෙහි වඳ වී යාමේ තර්ජනයට ලක් වී ඇති යෝධ ඔටර් සතුන් ද ජීවත් වෙනවා. මේ ආශ්‍රිතව ඇති තද වන වැස්ම තුළ ජගුවර් වැනි සතුන් ද ජීවත් වෙනවා.

සුන්දර්බන්

Yousuf Thushar/ Getty Images

සුන්දර්බන් නම් වගුරුබිම් පිහිටා ඇත්තේ බංග්ලාදේශයේ හා ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රදේශයේ යි. විශේෂයෙන් මේවා හමුවන්නේ ගංගා නම් නදිය තදාසන්නව යි. වර්ග කිලෝමීටර 1400ක ප්‍රදේශයක් වසාගෙන පැතිරී ඇති මේ තෙත්බිම් ආශ්‍රිතව ඇති වනාන්තරවල බෙංගාල කොටින්, මුවන් හා වල් ඌරන් වැනි සතුන් ජීවත් වෙනවා. මීට අමතරව කිඹුලන් ද මෙහි දැකගත හැකි යි.

ඔකවැංගෝ ඩෙල්ටාව

saasawubona.com

හෙක්ටයාර මිලියන 2ක භූමියක් වසාගෙන පිහිටා ඇති බොට්ස්වානාවේ ඔකවැංගෝ ඩෙල්ටාවත් ඉතා සුවිශේෂී ලක්ෂණ දරන තෙත් බිමක් වෙනවා. විශේෂම කාරණයක් වන්නේ, මෙම ඩෙල්ටාව නිර්මාණය කරන ඔකවැංගෝ ගංගාව සැබවින්ම අවසන් වන්නේ කලහාරී කාන්තාරයේ නිම්නයකින් විනා මුහුදක් අභිමුඛයේ නොවීම යි. මෙලෙස කලහාරී කාන්තාරයට පැමිණෙන එහි ජලකඳෙන් විශාල ප්‍රතිශතයක් අධික වාෂ්පීභවනය නිසා වාෂ්ප වී යන අතර, සෙසු කොටස එහි ඩෙල්ටාව වටා තෙත්බිමක් නිර්මාණය කරනවා. මෙම කොටස ආශ්‍රිතව ඇති වන වැස්මෙහි අප්‍රිකානු අලින්, හිපපොටේමස් සතුන්, ජිරාෆ්, කිඹුලන්, සිංහයින්, චීටා, රයිනෝසිරස් හා සිබ්‍රාවන් වැනි සත්ත්ව විශේෂ ජීවත් වෙනවා. මොවුන් වැඩි දෙනා ග්‍රීෂ්ම කාලයෙහි ඈත පෙදෙස්වලට ආහාර සොයා සංක්‍රමණය වන අතර, ශිශිරයේ දී නැවත මෙහි පැමිණෙනවා.

එවර්ග්ලේඩ්ස්

earthtrekkers.com

ඇමෙරිකා එක්සත් ජනපදයේ, ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පිහිටා ඇති වර්ග කිලෝමීටර 10,000ක් පමණ භූමි වපසරියක පැතිරුණු එවර්ග්ලේඩ්ස් තෙත් බිම් ද ඉහල ජෛවවිවිධත්වයකට උරුමකම් කියනවා. මෙහි පක්ෂී විශේෂ  20කට වඩා වැඩි ප්‍රමාණයක් ජීවත් වන අතර, තවත් ජීවී විශේෂ සිය ගණනකට වාසස්ථාන සපයනවා. මෙහි ආහාර දාමයන්ගේ ඉහළින්ම සිටින්නේ බුරුම පිඹුරා හා ඇමෙරිකානු කිඹුලා යි.

කේරල කලපු

irisholidays.com

කේරලයේ සමුද්‍රාසන්නව දාමයක් ලෙස පිහිටා ඇති මේ කළපු හා ජලාශ ආශ්‍රිතව ද විවිධාකාරයේ සතුන් හා ශාක විශේෂ ජීවත් වෙනවා. අරාබි මුහුද හා සම්බන්ධ වූ කිවුල් දිය කළපු ආශ්‍රිතව, ඒවාටම සම්බන්ධ වූ විශාල මිරිදිය ජලාශ 5ක් ඇති අතර, මේවාට කුඩා හා විශාල ගංගා 38කින් පමණ ජලය ලැබෙනවා. මේවා ආශ්‍රිතව කකුළුවන්, ගෙම්බන් හා ඉබ්බන් වැනි සතුන් සිය වාසභූමි සකස් කරගෙන තිබෙනවා. මේ ආශ්‍රිතව සංචාරක කරමාන්තය ද දියුණු මට්ටමකින් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් මේ ආශ්‍රිතව බෝට්ටු මත ඉදිකරන ලද කුඩා ‘පාවෙන හෝටල්’, ජනප්‍රිය අංගයක් බවට පත් වී තිබෙනවා.

කවරයේ පින්තූරය- discoverafrica.com

Related Articles