Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කඩු හරඹයෙන් මූනිස්සමක් කපාහළ සමුරායිවරයා

මානව පරිණාමයේ මුල් අවධියේ පටන්ම මිනිසා සිය ආත්මාරක්ෂාව උදෙසා විවිධාකාර වූ උපක්‍රමයන් අනුගමනය කළා. මෙයට ආයුධ භාවිතය, අතින් පයින් පහරදීමේ ක්‍රමයන් ආදිය ඇතුළත් වුණා. එකී උපක්‍රමයන් කාලයත් සමග දියුණු වීමේ ප්‍රතිඵලයක් විදියට සටන් කලාවන් ලෝකයට දායාද වෙනවා. 

ලෝකයට විශේෂ සටන් කලාවන් දායාද කළ රාජ්‍යයක් ලෙස ප්‍රසිද්ධියක් උසුලන රටක් තමයි ජපානය. ජපානයේ කෙන්ඩෝ, ජූඩෝ, කියුඩා්, යබුසමේ, අයිකිඩෝ, කරාතේ, සූමෝ, කෝයු යන සටන් කලාවන් ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලනවා. ඒ අතරින් කරාතේ සටන් කලාව ලංකාව තුළ පවා විශාල ප්‍රසිද්ධියක් උසුලන, බොහෝ දෙනෙකු හදාරන සටන් කලාවක්. ජපානයේ සටන් කලාව හා සම්බන්ධිතව විශේෂයෙන් කියැවෙන නාමයක් ‘සමුරායි’ කියන්නේ.

කඩු ශිල්පීය දක්ෂතා පෙන්නුම් කරමින් (Hitek)

සමුරායිවරු

ලොවට විශිෂ්ඨ සටන් ක්‍රමවේදයක් දායාද කළ ජපානයේ සමුරායිවරු ගැන අපි කවුරුත් අසා තිබෙනවා. සමුරායි යන නම ඇසූ පමණින් අපේ සිහියට නැගෙන්නේ බටවලින් සැකසූ, ගැලවී නොවැටීමට මුහුණ වටා දැමිය හැකි පටියකින් යුතු රවුම් ‍තොප්පියක් පැළඳගෙන, කඩුවක් අතැතිව, සටනට සූදානම් වූ ශරීරයකින් යුක්තව සිටින, කළු පැහැති දිග ලෝගුවකින් සැරසුණ නිර්භීත සහ භයංකර දෑසක් හිමි මිනිසෙක්. අපේ මනසට නැගෙන පින්තූරයේ සිටින සමුරායිවරයා ඇතැම්විට සිටින්නේ සිය මුව ආවරණය කරගෙන. අපට දිස්වන්නේ, කිසිසේත් පරාජය වීමට සූදානමක් නොමැති ඔහු‍ගේ දෑස් පමණ යි.

සමුරායිවරුන්ගේ ඉතිහාසය පිළිබඳව සලකා බැලීමේ දී පෙනී යන කාරණයක් වන්නේ අති දක්ෂ සටන් බලඇණියක් මෙකී නාමයෙන් හැඳින්වූ බව යි. සමුරායිවරුන්ගේ ආරම්භය සනිටුහන් වන්නේ ජපානයේ පූර්ව නූතන යුගයේ දී. ඔවුන් ඉහළ නිලයක සමාජ පැළැන්තියක් බවට ඊඩෝ යුගයේ දී පත්වනවා. සමුරායිවරුන්ට ආයුධ ගණනාවක් හසුරුවා සටන් කිරීමේ ප්‍රවීණත්වය පැවතියා. දුනු, ඊතල, හෙල්ල, තුවක්කු හැසිරවීමෙහි අතිදක්ෂයන් වූ ඔවුන්ගේ ප්‍රධානතම ආයුධය සහ සංකේතය වූයේ කඩුව යි. 12 වන සියවසේ සිට 1868 වර්ෂය පමණ දක්වා සමුරායිවරුන්ගේ නාමය වඩාත් ප්‍රචලිතව පැවතියා.

සමුරායිවරුන්ට ආචාර ධර්මයන් පැවතියා. ඔවුන් ජීවත්විය යුතු වූයේ එකී ආචාර ධර්මයන් ප්‍රකාරව යි. ඔවුන් යුධ ශිල්පියෙකුගේ ආචාර් ධර්මයන් සංග්‍රහයට අනුව ජීවත්විය යුතු වුණා. ස්වයං විනය, ගරුත්වය, ආචාර ධර්මයන්ට අනුකූල චර්යාව, විශ්වාසවන්තභාවය ඔවුන් විසින් පිරිය යුතු ජීවන ගුණාංගයන් වුණා. 

දක්ෂතා දකිවමින් (NextShark)

සමුරායි පරපුරට නව පුරුකක්

කවර ගණයේ සටන් ශිල්පියෙකුව වුවත් බියට පත් කරවාලිය හැකි ආකාරයේ බලයක් මූණිස්සමකට පවතිනවා. මුහුණට මුහුණ සටන කිරීම අවසන් වී, දුර සිට සටන් කිරීමේ තාක්ෂණය ආරම්භවීමත් සමග තුවක්කුවක බලය වැඩි වී, මුහුණට මුහුණ සිදු කරන සටන්වල අගය ක්ෂය වී ගියා. මූණිස්සමකට අභියෝග කළ හැකි ආකාරයේ කිසිදු ජ‍ගතෙක් මිහිපිට සිටියේ නැහැ. කෙතරම් දක්ෂ සටන් ශිල්පියෙකුව වුවත් එක් මූණිස්සමකින් සදහටම නිහඬ කරවීමට හැකියාව ලැබුණා. ඉසාඕ මාචි බිහිවන තුරු, මූණිස්සමක වේගයට ද අභියෝග කළ හැකි මිනිසෙකු මිහිපිට සිටින බවට කිසිවෙකුත් විශ්වාස කළේ නැහැ. 

වර්ෂ 1973 අගෝස්තු මස 20 වන දින මෙලොව එළිය දකින මාචි, සටන් පුහුණුවීම් ආරම්භ කරන්‍‍‍නේ වයස අවුරුදු පහක් තරම් ඉතා කුඩා අවධියේ දී යි. ඔහු වඩාත් ප්‍රියතාවක් දැක්වූයේ කඩු ශිල්පයට සහ දුනු ශිල්පයට. කඩු ශිල්පයේත් ඔහු ප්‍රවීණත්වය වර්ධනය කරන ලද්දේ දිග කඩුව භාවිතයෙන් සටන් කිරීමට. ඔහු සිය ශිල්පයන්හි කෙතරම් ප්‍රවීණත්වයට පත් වූයේ ද යත්, ලෝක වාර්තා ගණනාවක් පිහිටුවීමේ හැකියාව ඔහුට උදා වුණා. 

ඉසාඕ මාචි පිහිටුවන ලද ලෝක වාර්තා

වේගවත් කඩු පහර එල්ල කරමින් (Vial Beast-)

කඩු පහරකින් සිදු කරන ලද ලොව වේගවත්ම ටෙනිස් බෝල කැපීම, ලොව වේගවත්ම බීබී වර්ගයේ උණ්ඩ කැපීම, විනාඩි තුනක් ඇතුළත පිදුරු කළාල වැඩිම ගණනාවක් කපා හෙලීම, එක් පිදුරු කළාලයකට එල්ල කරන ලද වැඩිම කඩු කැපුම් ප්‍රහාර ගණන, ලොව වේගවත්ම කඩු පහර දහස යනාදී ගිනස් වාර්තා ගණනාවකටම ඉසාඕ මාචි හිමිකම් කියනවා.

ගිනස් වෙබ් අඩවියට අදහස් දක්වමින් ඉසාඕ මාචි ප්‍රකාශකර සිටින්නේ, ලොව පුරා ප්‍රසිද්ධියට පත්වීමටත්, ඉතිහාසගතවීමටත් ඇති වඩාත්ම සාර්ථක ක්‍රමය වන්නේ ගිනස් වාර්තා පිහිටුවීම බව යි. එමඟින් තමන්ගේ උරුමය සුරක්ෂිත වන බව ඔහු ප්‍රකාශ කර සිටිනවා.

ලොව පුරා ප්‍රසිද්ධියට පත්වීම.

ඉසාඕ මාචි මේ වන විට ජපානයේ සිටින විශිෂ්ඨ ගණයේ සටන් ගුරුවරයෙක්. සිසුන්ට සටන් පුහුණු කළ පසු ඉතිරි වන කාලයේ දී ඔහු, තමන් තැබීමට අපේක්ෂිත ගිනස් වාර්තා සඳහා පුහුණුවීම් සිදු කරනු ලබනවා. ඊට අමතරව සටන් තාක්ෂණයන් සහ ශිල්පීය ක්‍රමවේදයන් පුනරූපණය වන ආකාරයේ වීඩියෝ පට අන්තර්ජාලයට එක් කරන යූ ටියුබ් නාලිකාවක් ද ඉසාඕ මාචි සතු යි. මීට අමතරව තමන්ට ලැබෙන ආරාධනාවන් පරිදි දේශීය මෙන්ම අන්තර්ජාතික මට්ටමේ රූපවාහිනී වැඩසටහන්වලට ද සම්බන්ධ වෙමින් එකී වැඩසටහන්වල දී ද සජීවීව සිය දක්ෂතා ඉදිරිපත් කිරීමටත් ඉසාඕ මාචි ප්‍රිය කරනවා.

මූණිස්සමක් කපා හරිමින් (WikiGrewal)

ඇමරිකා එක්සත් ජනපදයේ  විකාශය වූ Stan Lee’s Superhumans වාර්තාමය වැඩසටහන් මාලාවේ 2010 විකාශය වූ වැඩසටහනක දී ඉසාඕ මාචි බීබී තුවක්කුවකින් (වායු තුවක්කු වර්ගයක්) පිටවූ මූණිස්සමක් කපා වෙන් කරනවා. තවමත් තරුණ වියෙහි පසුවන  මාචි, සිය නාමය සමුරායිවරුන්ගේ නම් ලැයිස්තුවෙහි ඉහළටම ගෙන යමින් නව ගිනස් වාර්තා තැබීම සඳහා අඛණ්ඩව පුහුණුවීම්වල නිරත වෙනවා. ඔහු තම හැකියාවන් පිළිබඳ විස්වාස කිරීමටත්, ඒවා වර්ධනය කරගැනීමටත් සමස්ත මානව වර්ගයාටම ආදර්ශයක් සපයනවා.

 

කවරයේ පින්තූරය (Japan-A-Radio).jpg

මූලාශ්‍රයයන්:

  • Video: Japanese Martial Arts Maste Attempts Katana Wold Recod, guinnessworldrecords.com 
  • MEET ISAO MACHII: KATANA (AND GUINNESS WORLD RECORD) MASTER, blog.awma.com

  • Sensei Isao Machii, id.pinterest.com
  • Isao Machii Is An Unbelievable Super Human With Superpowers, stillunfold.com 

  •      Samurai, japan-guide.com 

Related Articles